Tuesday, April 15, 2014

50.හිනා වෙන්නේ හිනා නොවි බැරි කමට



          "හිනා වෙන්නේ හිනා නොවි බැරි කමට" අසංක ප්රියමන්තගේ ඔය සින්දුව,ලග තිබුන රෙකෝඩ් බාර් එකකින් පසුබිම් ගායනය දෙද්දි මගේ ජිවිතයම වෙලා තිබුන ඔයාගේ ආදරේ අන්තීම වතාවට අත ඇරිලා  බස් එකක් එනකම් හෝල්ට් එකට වෙලා ඉද්දි......අඬන්න බලන් හිටපු මගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ උනා.....කටක් ඇරලා පාරේ අඬන්න බැරි කමට.....ලේන්සුව අතින් අරන් කණ්නාඩි කුට්ටම ඇතුලෙන් නලියලා ,නලියලා වැටෙන කඳුළු පිහා ගත්තට.....රුධිර පට්ටිකා නැති එකෙක්ගේ තුවාලෙකින් ලේ ගලාගෙන යනවා වගේ මේ ඇස් දෙකට උනන කඳුළු නතර කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ.....එක දිගට මේ ඇහෙන් කඳුළු වැටෙන්න ගත්තා....මගේ නහය රෝසපාට ජම්බු ගෙඩියක් වෙලා ඇති මන් අඬද්දි එහෙම වෙනවා,ඕන කෙනෙක්ට දැන් මන් අඬලා කියලා කියන්න පුලුවන් තරමට ඇස් රතු වෙලා ඇති කියලා හිත හිත ඉන්නකොට 
 ටිකකින් ආව බස් එකට නැගගෙන ..ලගම තිබුන සීට් එකක වාඩි උනත් එක්කම කොන්දොස්තර ටිකට් එක දෙන්න,යන දිහාව ඇහැව්වා. උගුර පාදගෙන යන දිහාව කිව්වත්...සල්ලි දෙන්න තරම් සිහියක් තිබුනේ නෑ...ටිකකින් කොන්දොස්තර ....රු.7 කියලා බෙරිහන් දුන්නයින්...පන්ති පොත් අතර තිබුන රු.10 නෝට්ටුව දික් කරා මිසක් ඉතුරු ගන්න සිහියක් තිබුනේත් නෑ..හුලන් පාර එන ජනේලේ දිහා බලන් මන් ආයෙත් ලොකු කල්පනාවකට වැටුනා...මන් මගේ හිතත් එක්ක කතා කරා......මෙච්චර ආදරේ කරපු එයා මාව අත ඇරපු කාරණාව මන් මගෙන් ඇහැව්වා..ඒත් එකට උත්තරයක් මන් ලග නෑ..එයාව මතක් කරන හැම සැරේම හිත කඩන් වැටිලා දන්නෙම නැතිව ආයෙත් ඇස් කෙවෙන්න ගන්නවා....කඳුළු වැටෙද්දි මන් ආයෙත් ලේන්සුව ඇස් වලට ලන් කරනවා....ටිකකින් මට ආයෙත් හැම රූපයක්ම බොද වෙලා පෙනෙන්න ගන්නවා ආයෙත් ඇස් දෙකට කඳුලු ඇවිත්......බස් එක පුරාම මිනිස්සු මන් දිහා බැලුවේ හරියට ඇදුම් කෑල්ලක් නැතිව බස් එකේ යන කෙල්ලෙක් විදිහට සමහර මිනිස්සු කුටු කුටු ගාන සද්දේ මට ඇහුනත් එදත් අද වගේම ලෝකේ මිනිස්සුන්ගේ කියුම්,කෙරුම් වලට මගේ හිත සැලුනේ නැති උනාට ඔයා නිසා මගේ හිත කුඩු පට්ටම් වෙලා තිබුනේ හොදටම........

********************************************************************************************
               මොකද පුතේ අද වේලාසනින්,පන්ති නැද්ද?

       ඔය වචන ටික ඇහෙද්දි මම ගෙදර ඇවිත්,ඒත් මගේ මතකයක් නෑ මන් ගෙදරට ගොඩ උනේ කොහොමද කියලා.....පාරේ ආවේ කොහොමද කියලවත් මට අදටත් මතකයක් නෑ.....මන් කලබල උන පාරට කිව්වේ  ඔළුව කැක්කුම නිසා හවස පන්තියට හිටියේ නෑ කියලා......හෙමින් සැරේ කාමරයට රින්ගලා  පොත් ටික මේසේ උඩින් තියලා ....තුවායත් අරන් අම්මා ඔළුව රදේ එක්ක නා ගන්න එපා කියන්න ,කියන්න බාත් රූම් එකට රිංගුවේ නා ගන්නවට වඩා කෑ ගහලා අඬන්න ඕන නිසා......බේසම වතුර ටැප් එක යටින් තියලා ෂවර් එකට ඔලුව ඇල්ලුවේ.....අඬන සද්දේ කාටත් ඇහෙන් නැතුව ඉන්න......මන් ඇඬුවා ...හිතේ දුක හේදිලා යනකම් වරුවක් විතර ඇඬුවා....ඒ කොච්චර ඇඬුවත් බාත් රූම් එකෙන් එලියට එද්දි ....රාජධානියක් වට කරගෙන පහර දෙන  හොරු වගේ,දුක උඩ පැන පැන මේ හිත කොල්ල කෑවා......දවල්ට නොකාම ඔහොම්ම ඇදට වැටුනේ...දරා ගන්න බැරි මහා ඔලුවේ කැක්කුමක් එක්ක....නින්ද නොගියට ඇස් දෙක තද කරන් මන් හිතුවේ ඔයා ගැන,,,,අපි ගැන...අපේ ආදරේ ගැන....ඒ ආදරේට වැදුනු ඇස්වහ කටවහ ගැන.............ඔයා වෙනස් වෙලා.......ගොඩක්.......මේ හිතට දරන්න බැරි තරමට.....පුංචි,පුංචි දේවල් වලටත් මේ හිත අඬන  බව දැන දැන ඔයා ලොකු දුකක් මේ හිතට දීලා .....මාව අයින් කරලා...... ඉස්සර  මන් කාපු යෝගට් හැන්ද පවා සාක්කුවේ දාගෙන ගෙදර ගෙනියපු,මන් කා එක්ක හරි කතා කරනවා දැකලා ...ලෝබ කම් කරපු ඔයා අද මාව මිනිස්සු ගොඩක් එක්ක අඬන්න තනියම දාලා යන්න ගිහින්.....ඉතින් කොහොමද මේ හිත දරා ගන්නේ........... මට ආදරේ කරන්න මහා ලොකු ගොඩක් හිටියේ නෑ...ඔයා දන්නවා....කොච්චර රන්ඬු උනත් පහු වෙනිදා දුවන් ඇවිල්ලා ඔය අතේ එල්ලෙන්න තරම් මේ හිත කඩන් වැටෙනවා කියල...එහෙම මට,අහස පොලොව උහුලන්න බැරි දුකක් දීලා යන්න තරම් ඇයි දෙයියනේ ඔච්චර නපුරු උනේ.......මේ හිතේ ඔයාට තිබ්බ ආදරේ  හිර කරන් ඔයාට නොපෙන්නුව බව ඇත්ත,,,එහෙම වෙන්න හේතු තිබුනා.....ඔයා දන්නවා........මේ වෙන්වීමට හේතුව මගේ ආදරේ අඩුවෙන්  ඔයා දැක්ක නිසා නම් .......මන් පැරදුනේ එතන නම්....... මේ හිතේ තියෙන ආදරේ මට ඔයාට පෙන්නන්න බැරි උනාට දුකයි....මාව අත අරින්න හේතුව ඔයාගේ අම්ම නෙවේ.....මන් ඒක හොදටම දන්නවා..........මේ ඇස් දෙක වහ ගන්න කලින් එකම එක පාරක් කියන්න...මෙහෙම හේතුවක් නැතුව දාලා යන්න උනේ ඇයි කියල........එතකොටවත් මේ හිත හදා ගන්න පුළුවන් වෙයි.

          ඔහොම හිත,හිත ගෙවිච්ච දින,සති එකතු වෙලා මන් මානසික ලෙඩෙක් ගානට ඇදන් වැටිලා.....ගෙදර මිනිස්සු ඉස්සරහ කියන්න දෙයක් නැතුව මුණ හන්ගන් කාමරේට වෙලා කොච්චර හිටියද?දකින දකින උන් මොකද කියලා අහද්දි ඉස්කෝලේ යෑමත් එපාම වෙලා ගියා...........ඔයත් එක්කම අනාගතේ බලන්න හිටපු විභාග ඔක්කොම හෝදගෙන ගිහින් ඉවරටම ඉවර උනා......ඔයා නැතිව මට මොනා තිබුනත් හෙට දවස මට මලගෙයක් වගේ  වෙන බව දැනුනේ නැත්තේ ඇයි?....දෙයියනේ.........ඔයාට මතකද ඔයා නංගිගේ කොටහළු උත්සවයට ගමේ ගිය දවස් ටිකට මට හොදටම උණ ගැනුනා,එහෙම වෙච්ච මට ඔයා තරම් හිත හයියක් නෑ කියලා.....ඔයාට අමතක වෙලා ගියා කියද්දි .....මේ හිත හදා ගන්නේ කොහොමද....?කියල දීලා ගියා නම්....කියලා හිතුනු වාර අනන්තයි.

      ඒත්  කොච්චර හිත හදා ගන්න හිතුවත් මගේ හිත හදා ගන්න බැරි උනා ...කියන්න කෙනෙක්,හිත හදන්න කෙනෙක්....නැතුව ඇඳ උඩක ලෙඩෙක් ගානට මන් වැටිලා......කිසිම හැගීමක් දැනීමක් නැති මළ මිනියක් ගානටත් මේ ජීවිතේ නාස්ති වෙලා තියෙද්දි මට මන් ගැනම දැනුන අප්රසන්න හැගීම,මට මම'ම අනුකම්පා හිතෙන ඒ හැගීම නිසාම ජීවිතේට ආයුබෝවන් කියන්න හිත හදා ගන්න උනා.......ඒත් සැනසීමේ මැරෙන්නවත් දෙන්නේ නැතිව මාව ජිවත් කරන්න හදන ගෙදර අයගේ මහන්සිය ඉස්සරහා මන් පරාද උනා... ,,,,,ඒත් මට ඔයා නැතුව හෙටක් ගැන හිතන්න බැරි බව කටක් ඇරලා කාටත් කියන්න බැරි එකම හේතුව ඔයා මාව අත ඇරලා ගිය එක මිසක්....ඔයාගේ ජාතියවත්,ජම්මේවත් නෙවේ....අපේ කොච්චර නොගැලපීම් ඉස්සරහ උනත් ඔයාගේ ආදරේ තිබුනා නම් දෙපාරක් නොහිත මේ කෙල්ල ඔයා එක්ක පාරට බහින්න හරි හිතන් හිටියේ........ඒත් ඔයා මට කෝල් කරද්දී.......රොබෝ ජිවිතයකට මන් අත වනලා අන්තීම වෙඩින් කාඩ් එකත් බෙදලා ඉවරයි....ඒත් ඔයා මගේ ඇස් ඉස්සරහට එදා ආවා නම් සත්තයි ඒ ඔක්කොටම පයින් ගහලා මන් ඔයා එක්ක එනවා,එත් ඔයා නිකම්ම නිකම් දුක් උනා විතරයි.......ඔයා මලක් වගේ ආදරේ කරපු මේ කෙල්ල වෙන එකෙක්ගේ පුජාසනයක පිදෙන්න නියම වෙලා... ගොඩක් දෙනෙක්ගේ සිත සුව පිණිස.....නැගතකින්  උදා වෙලා වැටුන  කසාදේ කියන විලන්ගුවත් එක්ක.........වෙන කෙනෙක්ගේ වෙලා මැරි මැරි ඉපදෙනවා...ඔය හිතට වෛර බඳිනවාට වඩා මේ හිත පාරන් මැරෙනකම් දුක් විදින එකත් සැපක්.........කියලා හිතලා ලොකු දුරක් ඇවිත් මන්.........
               කොච්චර රිදෙන හිතක් එක්ක උනත් කාලයත් එක්ක මන් ලෝකයට පේන්න හිනා වෙනවා.....වෙන කරන්න දෙයක් නෑ........චුටි ආදරයක් ඉස්සරහ උනත් මහා ලොකුවට හිතින් කඩන් වැටෙන තරමට මන් හිතින් දුර්වල,අසරණ වෙලා රත්තරනේ දැන්.......මට මන් ගැනම දුකයි.... ඒත් ඒ වෙලාවට ලොකූ හුස්මක් අරන් හිත හදා ගන්න බලනවා.......මට මගේ ලෝකේ ඔයත් එක්ක හදන්න බැරි උනත් ගොඩක් දෙනෙක්ගේ ලෝක  හදන්න මන් හේතුවක් වෙලා මේ හිත,ඇල්පෙනෙති තුඩක් තරම් සතුටක් විදිනවා.......
************************************************************************************
        ඔයා මට දුන්න නම ශානු........තාම පරිස්සමින් පාවිච්චි  කරනවා මන්....ගෙදර අය ඇරෙන්න ගොඩක් දෙනෙක් මට ඒ නමින් කතා කරනවා....මාව අදුනනවා.... සතුටුයි මට........ හැමදේම මතකයක් විතරයි.....ඒ මතකයේ මන් ජීවත් වෙනවා.....දෙවියන් ගැන මන් විශ්වාසය අත ඇරියේ ඔයා මගෙන් වෙන්වුන මොහොතෙමයි..බය වෙන්න එපා....මේ මුණවත් බලන්න අකමැති කිව්ව ඔයා ඉස්සරහට අද වෙනකම්  නාව මේ කෙල්ලගේ හුළගවත්  ඔයාගේ ලස්සන ලෝකෙට වදින්න ඉඩක් තියන්නේ නෑ......ඔයාගේ අලුත් ජිවිතේ එක්ක පරිස්සමින් ඉන්න........ බුදුසරනයි!

 දවසක ඔයා මේ හැමදේම කියවයි.....
ඒත් එතකොට වැඩක් නැති වෙයි...........
සමහර විට මාත් නැති වෙයි......
දුක නොහිත ඉන්න එදාට......
ආත්මයක්,ආත්මයක් ගානේ ......
මේ ආදරේ ඔයාගෙම නොවුනත්....
පේන දුරකින් හරි ඉඳි....

_______________ශානු_______________

ප.ලි.....
(අද 50 වෙනි ලිපිය ලිව්වා...අවංකව සතුටුයි.....එකේ පන්තියේ ලියන ලිපි වලින් පටන් අරන් ටිකක් ලියන විදිහ මන් වෙනස් කරලා කියලා .....දැන් ලිපි,පළමු ලිපි කියවද්දි මටම හිතෙනවා.......බ්ලොග ලියන්න පටන් ගත්තේ සිදු අක්කගේ ලෝකයේ කොනක අහම්බෙන් බුකියේ තිබිලා කියවලා....ඉතින් එයාට ස්තූති කියන්න ඕනා...මට පලවෙනි කොමන්ටුව දැම්ම නිෂ් නංගා ඔයා අද බ්ලොග් නොලියුවත් ඔයාවත් ආදරෙන් මතක් කරනවා....... ඒ විතරක් නෙවේ මුණක්වත් නොදැක කොමන්ට් වලින් කතා කරපු හැමෝටම ස්තූතී...... ඒ අතරින් පතර දැන අදුන ගත්ත  වලි කාපර්ලා බස්සි,කළු සහ සුදු, ඉවාන් පවුලුෂා  ඔය තුන්දෙනාගේ ලෙන්ගතු කම හැමදාම මා එක්ක තියෙයි කියලා හිතෙනවා........ මගේ මල්ලී දිනේෂ්(ඉදිකට්ටා),මට මල්ලි කෙනෙක් නැති උනාට චුට්ට වෙද්දි මන් ගැන හොයලා බලපු උඹේ සහෝදර කම මට ගොඩක් වටිනවා.....


විශේෂ ස්තූතිය  එයාට,මෙච්චර දුර ලියන්න පුළුවන් උනේ එයා නිසා....කිසිම බාදාවක් නැතුව අද වෙනකම් මගේ ලට්ට පට්ට තොග පිටින් නිදහසේ සිත් පරිදි ලිව්වට නෝක්කඩු උනේ නැති එයාට ..........මම එයා නිසා වාසනාවන්තයි කියනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ....

පාටි නම් නෑ...
සුදු ඇදන් හෙට හවසට එන්න 
මල් ටිකක් අරන් 
පන්සල් යන්...
පල්ලි යන්...
කෝවිල් යන්.......
එහෙනම්.....සුබ දවසක් මන් ගියා....

ප.ලි.ප. :D මේ කතාව මගේ කතාවක්ද කියලා අහන්න එපා...ඔයාට කියවද්දි හිතුනේ මගේ කතාවක් කියලා නම් ඔයා හරි.....ඔයාට හිතුනේ මේක නිර්මාණය කරපු කතාවක් කියලා නම් ඒත් ඔයා හරි.......මේක වෙන කෙනෙකුගේ කතාවක් කියලා හිතුනා නම් ඒත් ඔයා හරි.......කොහොම උනත් මේ හැම දෙයක්ම මේ ඇස් දෙකෙන් දැකපු කතාවක එකතුවක්........

28 comments:

  1. අනේ මන්ද පිස්සු හැදෙනවා බන් අක්කෝ. නිර්මාණයෙ කෙලවරක මගෙ ජීවිතෙන් කොටසකුත් මම දැකපු නිසා ඇත්තටම වචනත් අමතක උනා. මම හිතන්නෙ මේ නිර්මාණයෙ තැන් තැන්වල තව ගොඩක් අයගෙ ජීවිත කතාවල පිටු හැංගිලා ඇති.

    50ට සුභපැතුම් හදවතින්ම!!!

    ReplyDelete
    Replies
    1. 12 ඉදන් හවස 4 වෙනකම් ලිව්වා....අනේ මන්දා බස්සියා....ඔහොමත් කතා තීනවනේ.....බොහොම ස්තූති පැතුමට

      Delete
  2. දිගටම කියවගෙන යද්දී හිත ගල් ගැහුනා වගේ උනා..
    මේ පොස්ට් එක ඇතුලේ මං අත්විදපු පොස්ට් එකක් දාන්න හිතං හිදපු කොටසකුත් තියෙනවා..
    සුදු ඇඳන් එන්නම්..
    මල් ටිකක් අරන්..
    පන්සල් යන්න..
    පල්ලි යන්න..
    කෝවිල් යන්න..


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. 50 වැනි පොස්ට් එකට සුභපැතුම්.....

      Delete
    2. එලස්...අනේ සාදු එකෙක් හරි පන්සල්,පල්ලි,කෝවිල් යන්න ඉන්නවා......පැතුමට තුති

      Delete
  3. මම ඔය අහම්බෙං සුපර්මෑන් ඉස්කෝලෙ යන කාලෙ කරපුව ගැන tv series එකක් බැලුව. එ්කෙ එක තැනක එයාගෙ තාත්ත කියනව

    "Lessons we learn from pain, are the ones that make us the strongest!"

    මටත් ඔ්ක එකපාරටම තේරුනේ නෑ! ටිකක් ටියුබ් ලයිට් උනා!

    //ප.ලි.ප. :D මේ කතාව මගේ කතාවක්ද කියලා අහන්න එපා...ඔයාට කියවද්දි හිතුනේ මගේ කතාව%#$%$^%^%$&^*&^*&^*(&(*(*()

    මම මීට කලිං දවසක මෙහෙම අැහුව මතකයි....... මම හිත රිදෙන මොනාහරි අැහුවනං සොරි වෙන්න ඔ්න!

    ReplyDelete
    Replies
    1. "Lessons we learn from pain, are the ones that make us the strongest!"මේ ටික නම් හරි වටී අලි මලේ....අනේ නෑ පිස්සුවක් ඇතෑ තරහක් තියා ගන්න .....මන් ඒ කෑල්ල දැම්මේ ඔව්,නෑ,බෑ කියන්න බැලි නිසා

      Delete
  4. කතාව හිතට සමීප නිසා ගොඩක් දැනෙනවා,කොහොම වුනත් මට හිතෙන්නෙම මේ ඔබේ අත්දැකීමක් කියලයි.
    50 ට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. පැතුමට ස්තූතී මාමේ

      Delete
  5. කතාව හුඟක් හිතට දැනුනා... ආදරය අපේ ජීවිත වල නොහිතන වෙනස්කම් කරනවා. ඒ නිසාම වෙන්න ඇති අපි ආදරේට මේ තරම් ආදරේ කරන්නේ ...

    50 වැනි පොස්ට් එකටත් බ්ලොග් පි‍ටු අතරේ දිගු ගමනක් යන්නත් හදවතින්ම සුබ පතනවා !

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒ නිසාම තමා අපි ආදරේට මේ තරම් ආදරේ....පැතුමට ස්තූතී

      Delete
  6. "හිනා වෙන්නේ හිනා නොවි බැරි කමට"

    මටත් ඔහොම කාලයක් තිබ්බා නේද කියලා මතක් වුනා.. අපි හැමෝගෙම ජීවිත වල අස්සක හිර වෙච්ච මොකක්ම හරි දෙයක් තියෙනවා නේද කියලා හිතුනා..

    අඩේ 50කුත් ලිවුවද.. එල එල.. හෙහ්, මට බයික් එකේ නැගලා එන්න පුළුවන් දුරක වගේ හිටියනම් අක්කේ උඹ දන්නේ නෑ මම කොහොම ඇනයක් වෙනවද කියලා ඉතින්..

    ඔය ප.ලි කෑල්ලට මම ඒකාලේ දැම්ම මගේ වචනේ තමයි " මෙය නිර්මාණයක් පමණි...... නොවේ.." කියලා.. හෙහ්.. අන්න ඒක දාන්න එතකොට ලේසි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හැමෝටම ලියවිච්ච කතා තොයෙනවා...ගොඩක් අය මොකුත් නොවුනා වගේ හන්ගන් ඉන්නවා...ඒත් අපු වක්‍රව හරි ලියනවා ඔන්න ඔතන තමා වෙනස......

      අනේ ඔව් ලග පාතක හිටියා නම් මන් හදන කෑම ටෙස් කරන්න බොලාවයි,මස්සිනාවයි දෙන්නවම මන් යුස් කරනවා හිකිස්........

      අන්න ඒකත් නියම අදහස ....

      Delete
  7. හ්ම්ම්.......... තවත් කතාවක්.........කාගෙ කතාවක් වුනත් සිතට තදින් වැදුන........
    50ට සුභ පැතුමන් මගෙන්..........

    ReplyDelete
    Replies
    1. එලස්..හිතට දැනුනා නම් එච්චරයි කෙන්ජී අයියා....පැතුමට තුති

      Delete
  8. හැමෝගෙම ජීවිත වල අඩු වැඩිව ඔය වගේ කතාවක් තියෙනව ශානු අක්කෙ...
    හැම කෙනාටම හිනා වෙන්න බෑ වගේම හැම කෙනාම අඩන්නෙත් නෑ.....
    ඒ වගෙම තමා හිත හදාගෙන ජීවිතේට මූන දෙන්නෙත් පොඩ්ඩ දෙනයි

    50 වෙනි පෝස් ටුවට මගෙන් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මොන අමාරු කම් තිබුනත් ජීවිතේ ගලපගෙන ජීවත් වෙන්න ඕනා කියලයි මම නම් දැන් හිතන්නේ....ස්තූති පැතුමට

      Delete
  9. කියන්න වචන නෑ ශානුවො… ඇත්තමයි මුළු කතාවම නොවුනත් කතාවෙ එක පැත්තක් මටත් පුදුමාකාර විදියට සමීපයි. ඒ මොන පැත්තද කි‍යලා කියන්න යන්නෑ මම. ඒක හින්දම ගොඩක් හිතට දැනුනා. සාර්ථකයි ශානුවො… නියමයි.

    50ට බොක්කෙන්ම සුබ පැතුම්……!!! ඔය 50අගට තව බිංදු කිහිපයක් ඉක්මනින්ම එකතු කර ගැනීමට හැකි වේවා.………!!!!

    ReplyDelete
    Replies
    1. හැමෝටම එක වගේ නොවුනත් පොඩි හරි සමාන කම් තියෙන කඳුළු කතා තියෙනවා......ම්....

      පැතුමට ස්තූති ප්‍රියෝ

      Delete
  10. මේක ඔයාගේ කතාවක් වෙන්න ඇති... නැත්නම් මෙච්චර දුක හිතෙන විදිහට ලියන්ඩ බෑනේ..

    සුබ පැතුම් ලිපි පනහටම !!! තව ලොකු දුරක් යන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. දුක හිතුනද ඔන්න ඔහේ හිනා වෙලා හිටින් මධු අයියේ....
      පැතුමට ස්තූති

      Delete
  11. හිනා වෙන්නේ හිනා නොවී බැරි කමට....
    අපේ හිනාවල් තියෙන්නේ මූණේ විතරයි බං..

    ReplyDelete
    Replies
    1. මුණේ හරි හිනාව තියෙන එක වැදගත්...මොකද ඒ හිනාව නිසා ගොඩක් දෙනෙක් සතුටු වෙනවා...නේද

      Delete
  12. දුක හිතෙන කතාවක්..

    ReplyDelete
  13. දිංක චිකා.... අර නම මරු.... ;) වැඩේ කියන්නේ ඒ නම පට්ටෙට ගැලපෙන එක. හි හි...
    කතාව..... ඒක නේද හ්ම්ම් ගිය දෙවල් ගියා... ඉස්සරහා ගැන හිතලා හිනා නොවි බැරි කමට නෙමෙයි හදවතින්ම සතුටු වෙලා හිනා වෙන්න අක්කෝ :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ අපි නමක් රෙජිස්ටර් කලොත් හරියටම ගැලපෙනවා......

      හදවතින් හිනා වෙන්න ලොකු උත්සහයක නංගෝ ඉන්නේ බැරි වෙන එකක් නෑ

      Delete
  14. hadawathata danena hageem...mata mage adareta kiyanna thiyenneth oya tikama thmi....

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!