මගේ හිත නිතර දෙවේලේ ඉව අල්ලන්නේ අතීතයට ඒ මගේ අතීතයේ දුක්බර වගේම සුන්දර මතක සටහන් ගොන්නක් තියෙන නිසා.....සුදු කැන්වස් සපත්තු කූට්ටමකට සුදු වෙන්න හුණු ගලක් අතුල්ලපු කාලේ ඉදන් සැහැල්ලු ජීවිතයක් මට තිබුනා...මගේ මතකය හැටියට මට සපත්තු කුට්ටමක් තිවුනේ නෑ ඉස්කෝලේ දැම්මේ රබර් සෙරප්පු දෙකක් මගේ අක්කට තමා එකටම කැන්වස් සපත්තු කුට්ටමක් ගෙනත් දුන්නේ මම ඒ සපත්තු කුට්ටමට කොච්චර ආසා කලත් මට කවදාවත් ගමේ ඉස්කෝලේ යද්දි සපත්තු දාන්න බැරි උනා.....අක්කා සුදු මේස් දාලා උජාරුවට සපත්තු දාගෙන අල්ලපු ගමේ ඉස්කෝලෙට යද්දි මරනෙට,මගුලට දාපු මගේ රබර් සෙරප්පු දෙක මගේ තනියට මා එක්ක ඉස්කෝලේ ගියා......සමහර දවස් වලට කැටිමෙන් අයිස් චොක් එකක් කන්න රුපියල් 1.25 ගෙදරින් ඉල්ලන් යන්නේ බොහොම අමාරුවෙන්,මගේ මතකය හරි නම් ප්‍රේමදාස මහත්තයගේ කාලේ දුන්න කූපන් එක ලැබෙනකම් ඉන්නවා අම්මා එක්ක සමුපකාරේ ගිහින් බඩු ගන්න.....ඕකේ හොදම හරිය තමා සමුපකාරයෙන් ගන්න උණු උණු පුන්නක්කු කෑලි අම්මට හොරෙන් කන එක....හම්මෙ අම්මා දැක්කම අපිට බනින තරම් කියලා වැඩක් නෑ.....අපිට පාණ්ඩුවලු ඒ කාලේ සමහර විට අපිට පාණ්ඩුව තියෙන්නත් ඇති කියලා දැන් හිතෙනවා....;) ඔයවගේ කොච්චර අමාරුකම් තිබ්බත් අපිට ඉගෙන ගන්න අවශය හැමදෙයක්ම අම්මයි,තාත්තයි වෙලාවට දුන්නා........ඒ මහන්සිය ,එයාලගේ කැපකිරිම් අක්කා නම් වතුරේ ඇරියේ නෑ ...ඒත් එයාලා බලාපොරොත්තු උන තරම් දෙයක් මට කරන්න බැරි උනා....නමුත් මනුස්සකමේ පාඩමේදි මම කාටත් වඩා ඉස්සරහින් ඉන්න බව නම් අම්මා නිතර දෙවෝලේ කියනවා.එතකොට නම් හිතට අහිංසක ආඩම්බර කමක් දැනෙනවා..
********
ඉස්සර ඉස්කෝලේ නිවාඩුවට අංගම්පිටි අම්මලාගේ මහගෙදර දිහා යනවා. සෙනසුරාදා ,ඉරිදා අපි එහේ ඉන්නවා...අපේ අම්මලාගේ පවුලේ ගෑණු අයම 7 දෙනෙක් අම්මා පවුලේ 5 වෙනියා ඒත් අම්මගේ ලොකුම අක්කට ඇරෙන්න අනිත් ඔක්කෝමල්ලට අපි පුච්චි කියලා කතා කරන්නේ .අම්මගේ අන්තීම නංගි,ලොකු මහම්මලයි සීයලාගේ ගෙදර ඉන්නේ එයාට ළමයි දෙන්නයි.. ඒ අක්කයි,අයියයි අම්මගේ 4 වෙනි අක්කගේ,දුවයි. 2 අක්කගේ,පුතයි.මමයි,අපේ අක්කයි අර පුච්චි තමා සෙල්ලමට වැටෙන්නේ....... අම්මලාගේ මහා ගෙදර සීයා ඇති කලා එළදෙනෙක් ඒ නිසා එහේ ඉද්දි උදේට එළකිරි වරදින්නේ නෑ...තව එහේ එළුවෝ දෙතුන්දෙනෙක් ,තාරාවෝ,කුකුල්ලු,කළුකොම් ජෝඩුවක්(මුන් ලගට ගිහින්. උන්ගේ සද්දේ දැම්මම පස්සෙන් එලවගෙන එනෝ අපි ඉතින් එකම රන් එක )හාවෝ,ඌරෝ,ඉබ්බෝ එහෙමත් එහේ ඇති කලා......මගේ මතකේ හැටියට කිරි සුදූ හාවෝ හිටියේ උන්ට මම කෑම දාලත් තියෙනවා...ඔය එළුවෝන්ව අත ගෑවම වස ගදයි,හරක් අත ගෑවමත් එමම තමා අමුතු කුයිලයක් එන්නේ හම්මෙ කියලා වැඩක් නෑ... ඉබ්බෝ හිටියේ ලිද ලග ටැංකියක...උන්ට මන් ඉස්සර බයයි ඒ නිසා වැඩියේ ඒ පැත්තේ යන්නේ නෑ........
එහේ ගියාම අපි සෙල්ලම් කරන්න යන්නේ අල්ලපු වත්තට ඒක හෙන ලොකු පොල් වත්තක් අපි ඒ වත්ත බර්ටී වත්ත (අයිතිකාරයගේ නමින් තමා )හැදුන්නුවේ. ඒ වත්තට පය ගැහැව්ව හැමපාරම මගේ විසේ වැඩි කමට ඇදුම පුරා තුත්තිරි,කැහැබිලියා කකුලක ගාගෙනම තමා එන්නේ,ඉතිම් ලොකු අම්මා,හරි සීයා හරි මගේ කකුලට පොල්තෙල් ගානවා හම්මේ ඔය කැහඹිලියා වලට කසන කැසිල්ල තමා කැසිල්ල ....සීයා අපි සෙට් එකවම ලිද ලග කලිසම් කොට පිටින් පොලිමට තියලා හවසට ඇග හෝදවනවා සීයා අපි එහෙට මෙහෙට වතුර සීතලට යද්දි "හා....හා...එක විදිහට හිටපල්ලකෝ ළමයිනේ " කියනවා මට අද වගේ මතකයි. ඔය ලිඳ හරි ගැඹුරුයිලු පරණ තාලේ ලිඳක්,ලිඳ ඇතුලේ පොඩි පොඩි ගස්,වතුර හෙන ගැඹුරේ තියෙන්නේ ඒ නිසාම අපි ළමයි කාටවත් ඔය ලිඳෙන් වතුර අදින්න තහනම්....ඉස්සර සීයා කියනවා ඔය ලිඳේ රන් ආදෙක් ඉන්නවලු කියලා ... ඔය ලිඳ කවදාවත් ඉහලා පිරිසිදු කරන්න බෑලු වතුර වේගෙන් උනනවලු...ඒත් වතුර වීදුරු කැටේ වගේ පැහැදිලි....ඔය ලිඳට අඩි දහයක් දුරින් පුවක් ගස් දෙකක් තිවුනා ඵලදාව හොදටම තිබුන ඔය ගස් දෙක පාමුල ලොකු මැටි මුට්ටියක වතුර දාලා වැටෙන පුවක් ඔය මුට්ටියට දාලා තිවුනා....මගේ මතකය හරි නම් ඒ මඩ පුවක් හදන හැටි වෙන්නෝනා ...අපි සීයට බුලත් කොටන්න පුවක් ගන්නේ ඔය මුට්ටියෙන් හම්මේ ඒකේ ගඳත් එළුවන්ගේ ගඳට දෙවෙනි නෑ....
*************
ඇගසෝදගෙන ඉවර වෙද්දි යාන්තමට කළුවර වැටිගෙන එනවා..හතර වටේම ලාම්පු එක එක පත්තු කරලා තියලා ලොකු අම්මා අපි පොඩි සෙට් එකට කෑම බෙදනවා අපි රෑ ඇදුම් දාගෙන පැදුරක් හෙම එලලා දුම් දාගෙන එන බත් පිගානට කෙල හලාගෙන ඉන්නවා...බත් එක ආව ගමන් මීයට පිම්බා වගේ බත් වල රස බලන්නෙත් කවුද එකටම ඔක්කොම බත් කන්නේ කියලා ඔට්ටුවට එකෙන් මේකෙන් හැමෝම එක බත් ඇටයක් ඉතුරු නොවෙන්න කනවා ....කට්ට කරවල අල දාලා උයලා,කොස් මැල්ලුම් නාඩු හාල් බත් හම්මේ කන්න ඇහැක් බඩ පැලෙනකම් ඔය කාලා ඉවර උනාම මන් ආසම දේ තමා කලගෙඩිය වහලා තියෙන පොල්කටු කෝප්පෙන් වතුර එකක් නමන් බොන්න ඔය පොල් කට්ට ලස්සනට සුද්ද කරලා කෝප්පෙකටත් වඩා මට සිලුටුවට හදන්න තරම් මගේ සීයා දක්ෂ වඩුවෙක්....අපේ තාත්තා සීයලාගේ එහේ ගියාම මට තහනම් කරන එකම දේ තමා පොල් කට්ටට වතුර නමන් බොන එක..ඒත් ඉතින් මන් අහන එකෙක් යෑ........සමහර දාට කලගෙඩියෙන් වතුර නමන්න ගිහින් පොල්කටු කොප්පේ උතුරද්දි කලගෙඩිය පෙරලිලා වතුර හැලිලත් තියෙනවා ලොකු අම්මා බැන්නත් සීයා කවදාවත් අපිට බනිනවා මතකයක් නෑ...සීයා ලොකු අම්මට වඩා අපිට ආදරේ කරා....
ඔන්න පොඩි සෙට් එක නිදන වාරේ අපි ඔක්කෝමල්ලා සාලේ දිගට පැදුරු දාලා හොල්මන් කතා කිය කිය පෝලිමට තමා නිදන්නේ හම්මෙ හොල්මන් කතා වලට බයම එකී මම අනික මට පැදුරේ නිදනවා නම් කොට්ට ඕනා වටේටම නැත්තම් නින්ද යන්නේ නෑ...රෑට වටේ තියෙන කොට්ට උදේට එක එකා තුරුල් කරන් ඉන්නවා...මම තමා එකටම නිදන එකී..මම අවු.12 වෙනකම් තිබ්බ අතිශය නරකම පුරුද්ද තමා නිදි පැදුරෙම "අම්මේ කිරි "කිව්වම අම්මා කිරි එක ලගට ගෙනත් දෙන්න ඕනා නැත්තම් නිදි පැදුරෙම අඩනවා ... සීයලාගේ ගෙදරත් එහෙම නොවුනම නොවේ.....ඒත් උදේට පොඩි සෙට් එකත් එක්ක නැගිටිද්දි එහෙම කිරි මතක් වෙන්නේ නෑ........නැගිටලා කිරි බොන්න කලින් සැට් එක ලිප ගාවට ගිහින් ලොකු අම්මා නිවලා තියෙන අගුරු කෑලි අරන් දත් මදින්න ලිඳ ලගට දුවනවා ඒ වෙනකොට සීයා වතුර බේසමකට පුරවලා තියෙනවා....අපි සැට් එක හිටු කියලා අඟුරු වලින් දත් මැදලා සමහර වෙලාවට පොල් ගස් වල අඟුරු කෑලි වලින් බලි රූප හිටන් අදිනවා....(අඟුරු වලින් දත් මදින එකට අපේ තාත්තා අකමැති සීයලාගේ ගෙදර යන්න කලින් කියලම ගිහින් දාන්නේ.... අපිට දත් බුරුසු,දත් බෙහෙත් ඇදුම් බෑග් එකේ දාලා තිබුනත් අපි අඟුරු කැල්ලට ආසයි) පසුකාලීනව අපිට ගෝපාල් පැකට් එකකින් දත් මදින්න පුළුවන් උනා සීයලාගේ ගෙදරදි අපි දත් මැද්දට වඩා නම් කලේ ගෝපාල් වල මින්ට් රසට ගෝපාල් කාපු එක ...........(පාණ්ඩුවේ ලක්ෂන ඈ)
උදේට සීයා හීල් බත් කද්දි අපි පාන් එක්ක කොච්චි මිරිස් සම්බෝල හරි ලුණු මිරිස් හරි එක්ක හුස් හාස් ගගා කනවා.... (අපි එක්ක හිටිය අම්මගේ බාලම නංගිට ඔය ලුණු මිරිස වතුර වගේ රසට හදන්න පුළුවන් හම්මෙ පාන් රාත්තලක් හරි හෙමිට කන්න පුළුවන් එච්චරට රසයි) එක්කෝ ගෙදර ඉන්දවපු මයියොක්කා,නැත්තම් බතල,පොල් එක්ක රස බලනවා.ඊට පස්සේ බර්ටී වත්තේ සෙල්ලම් කරන්න යනවා ......ආයේ දවල්ට කන්න එනවා...කාලා කරලා අනීදා ,ලාවුළු ව්ගේ පලතුරක් කන්න ලැබෙනවා ...සමහර දවස් වලට සීයා වැල වරකා ගහෙන් පැණි බේරෙන වැල වරකා ගෙඩියක් බාලා මදුලු ගලවද්දි අපි පොරකාගෙන මදුලු ගිලදානවා. වැල වරකා මදුලු කොච්චර හැපුවත් මම ගිලින්න හදන ගොඩක් වෙලාවට මදුල පිටින් උගුර හරහා එක පාර බඩට යනවා......හවස් වෙලා මිරිස් ගල ලග තිබුනු ලොවි ගහා....ලොවි කඩලා ලුණුයි,මිරිසුයි එක්ක ගලේ තියලා තලද්දි කොච්චර ඇදුම් වල කහට පැල්ලම් හිටියද කියලා මතකයක් නැති තරම්..... කොච්චර ලොවි කන්න එපා කිව්වත් මම නම් ලොවි කනවා....ඒ විතරක් නෙවේ ආක්කට ලොවි තලල දෙනවා..ඇදුම් වල පැල්ලම් දැකලා අම්මා හැමදාම අහනවා "පුතා ඔයා අදත් ලොවි කෑවා නේද ආයෙත් සීයලාගේ දිහා අරින් නෑ "කියලා ඒත් ඉතින් අම්මා ආයෙත් ඊලග සතියේ සීයලාගේ ගෙදර ගිහින් දානවා....අක්කා කෙසේ වෙතත් මම නම් එපා කියන ඔක්කොම දේවල් කරනවා.ඒ නිසාම අද මට මේ දේවල් සුන්දර මතක සටහන් විදිහට ලියන්න පුළුවන් උනා.
*************************************************************************************************************************
මේ හැමදේම මතක පොතේ අකුරක් නෑර සටහන් වෙලා තිවුනත් අම්මගේ මහ ගෙදර ඒ තිබ්බ කල එළිය,තේජස දැන් නෑ සීයා නැති උනායින් හැමදේම වෙනස් වෙලා.ලොකු අම්මයි,අම්මගේ දෙවෙනි අක්කයි තමා දැන් එහේ ඉන්නේ ගිය පාර ලංකාවට ආව වෙලේ මම එහේ යද්දි සීයගේ මතකයන් අවදිකලේ අම්මලා උපදින්නත් කලින් සීයා හැදුව තවමත් ක්ෂය නොවි තිබෙන ගෙදර මහා දොරත්,සාලයේ කැබිනෙට්ටු කෑල්ලත් විතරයි.කාලයත් එක්කම නෑදෑකමුත් ඈත් වෙලා අපේ පොඩි සෙට් එක ලොකු වෙලා සමහරු විවාහ වෙලා ....මායි,අක්කයි, මහම්මගේ පුතයි රටවල් වල අනිත් අය ලංකාවේ මම කොහොම හරි ඉස්සර බැඳිම් තියා ගෙන හිටියත් ඒ මිනිස්සු හිතන පතන විදිහ ඉස්සර වගේ නෑ....... වෙරළු ගෙඩියක් උනත් බෙදන් කන්න තරම් බැඳිමක් තිබ්බ, එකෙක්ට හරි පිට එකෙක් අත ඉස්සුවොත් රොත්තගෙම ලේ කෝප වෙන ඒ පුංචි කාලෙට යන්න තිබ්බා නම් කියලා හිතෙනවා...ඒත් හැම දෙයක්ම වෙනස් වෙලා. අකමැත්තෙන් හරි ඔය බැඳිම් වලින් මේ මාස කිහිපයෙදි වෙච්ච දේවල් එක්ක මම අයින් වෙන්න හිතුවා. අතීතය සුන්දර මතක සටහන් ගොන්නක් මගේ හදවතේ ගැඹුරේ පරිස්සමට නිධන් ගත කරලා ඉවරයි ..."තවමත් උන් ඔක්කොමල්ලටම මම පණ ඇරලා ආදරේ කරන බව උන්ට දවසක තේරුම් යයි එතෙක් නවතිමි........
_____ ශානු______
සුන්දර මතක සටහනක් මැද අසුන්දර හිත රිද්දන කතාවක්...
ReplyDeleteඇත්තට ඕකට වෙන්න ඇති ක්යන්නෙ අපි බොක්කෙන් අපිට බොලොක්කෙන් කියල...
ඔයා කියනව වගේ හුගක් මිනිස්සු බැදීම් වලින් ඈත් වෙන්නමයි බලන්නෙ... ඒ කරල මූනිච්චාවට හිනා වෙන්න නං හරි දස්සයි...
මඩ පුවක් කියද්දි මතක් වුනේ...
විට කන හැමෝම කියන දෙයක් තමා මඩපුවක් වලින් විට කනකොට රහයිකියන එක...
ඇත්ත වෙන්න ඇති ඒකෙ මහ අමුතු කික් එකක් තියෙන්නෙ
හ්ම්ම් මාත් ඔය මඩ පුවක් රස කතාව අහලා තියෙනවා මල්ලි බුලත් හපන්නෝ රස දන්නෝ
Deleteඅප්පේ සුදු නංගිට බ්ලොග් එකක් තියෙන බව මතක් වෙලා තියෙන්නේ.
ReplyDeleteමචං ශානුවා ...
මම උඹට පොඩි යෝජනාවක් කරන්නම්, මම අරූගේ අඩවියේ කියෙවට පස්සේ තමුන්ගේ චරිතාපදානය මේ තරම් සාර්ථකව ලියපු තැනක් දැක්කමයි , එනිසා සරින් සැරේ යලට මහට මේක ලියන්න එපා , පිළිවෙලකට දිගට යන කතාවක් ලියපන් අරූගේ අඩවිය වගේ.
අනික කාන්තාවකගේ ඒ වගේ ජීවන ඇත දැකීමක් ලියපු තැනක් මෑතකදී දැක්කේ නෑ. මේක පිලිවෙලකා ලියපං , උඹ ලියන රටාවත් එක්ක මේක ලියන්න පුළුවන් අඬන්න
ඒ යෝජනාව මා එකහෙලා ස්ථීර කරමි.
Deleteලියහන් ශානුවො එකෙන්ම. (y)
ඔව් බන් මාත් අත්දෙකම උස්සලා යෝජනා කරනව ඒක. දිගට ලියපන් අක්කියා... මේ මතක හරි රහයි.
Deleteසුදු අයියා දැන්නම් දිගටම ලියනවා...අෙන් මන් එච්චර හිතලා ලිව්ෙව් නෑ..දැන් මාස 2ක් නොලිව්ව හින්දා මට සිංහල අමතක ෙවලා වෙග් කියලා හිතුනා ලියන් යද්දි අනිවා ෙම් විදිහට ලියන් යන්න උත්සහ කරන්නම්,..චාරිකා ,ඉතිහාස පාඩමත් ඉස්සරහට ඇදන් යන්න ඕනා, ප්‍රියා ,බස්සියා මන් සුදු අයියෙග් වචෙන් හිස මුදුනි පිලිගන්නවා..ඉස්සරහට ලියන් යන්නම් ඔයාලෙග් වචන මට හයියක් :)
Deleteකිඹුලි කතාව රහට අරං ඇවිත් අන්තිමට හිත සිදෙව්වනේ....
ReplyDeleteඉවාන් කියන දේට මාත් එකඟයිලු ...
කොහෙද අම්මේ බොලා ගොහින් හිටියේ කිඹුලි :'(
Deleteබොට බ්ලොග මතක් වෙන්නෙත් අවාරෙට නෙහෙ… :)
ReplyDeleteසිරාවටම ලියලා තියෙන රටාවට අපිවත් ඒ අතීතෙට ගියා වගේ දැනෙනවා.
තැන්කූ බන්...මාස දෙකයි නොලියා හිටියේ ආයේ වෙලාවට කලාවට ලියනෝ
Delete//පාන් එක්ක කොච්චි මිරිස් සම්බෝල හරි ලුණු මිරිස් හරි එක්ක හුස් හාස් ගගා කනවා.... (අපි එක්ක හිටිය අම්මගේ බාලම නංගිට ඔය ලුණු මිරිස වතුර වගේ රසට හදන්න පුළුවන් හම්මෙ පාන් රාත්තලක් හරි හෙමිට කන්න පුළුවන් එච්චරට රසයි) එක්කෝ ගෙදර ඉන්දවපු මයියොක්කා,නැත්තම් බතල,පොල් එක්ක රස බලනවා.ඊට පස්සේ බර්ටී වත්තේ සෙල්ලම් කරන්න යනවා ......ආයේ දවල්ට කන්න එනවා...කාලා කරලා අනීදා ,ලාවුළු ව්ගේ පලතුරක් කන්න ලැබෙනවා ...සමහර දවස් වලට සීයා වැල වරකා ගහෙන් පැණි බේරෙන වැල වරකා ගෙඩියක් බාලා මදුලු ගලවද්දි අපි පොරකාගෙන මදුලු ගිලදානවා. වැල වරකා මදුලු කොච්චර හැපුවත් මම ගිලින්න හදන ගොඩක් වෙලාවට මදුල පිටින් උගුර හරහා එක පාර බඩට යනවා......හවස් වෙලා මිරිස් ගල ලග තිබුනු ලොවි ගහා....ලොවි කඩලා ලුණුයි,මිරිසුයි එක්ක //
ReplyDeleteහා අපි මේ ටික කියෝලා ඉදිරියටත් හිතාගන්ඩ ඕනෙද පොඩි කාලෙ උඹට පාණ්ඩුව කියල? :O
හිකිස්,අනේ එපා බන් පොඩි කාලේ නෙවේ දැන් තමා හොදටමපාණ්ඩුව...මම එන කාලෙක ත්‍රිපෝෂ අරන් තියපම් හාද
Deleteඇත්තටම ශානු...වැඩිහිටි මමත් ඔයාගේ කතාවත් එක්ක මිහිරක් ලැබුවා. ගෝපාල්,පැරකුම්බා, දන්තමුක්ත දත්කුඩු මතක්වුනා..ඉස්සෙල්ලාම ටූත්පේස්ට් එකකින් දත් මැද්දේ Forhan's toothpasteවලින්.ඒක තැඹිලි පාටට හුරුයි, බ්‍රෂ් එක Tek .
ReplyDeleteඅර ඉවාන්ලාගේ යෝජණාව ගැන හිතලා බලන්න.
සතුටුයි.,අරූගේ බොලොග් රෝල වෙත පහසුවෙන් පිවිසෙන මගක් කියන්න හැකිනම් අගේ ඔබේ ලිපි බොහෝමයක් මට අතප ුවෙලා ,.ඉවාන් අයියලාගේ යෝජනාවට කැමති මන් දිගටම ලියන්න හිතුවා
Deleteඅම්මෝ එක සීරුවටම කියෝගන ගියා.බොහොම රසයි අවාරෙට අඹ වැටෙන්නා වගේ ලියන ඒකයි වැරැද්ද.දිගටම ලියන්න.
ReplyDeleteස්තූතී හැලප මාමේ ඔයා ලියනතරම් නම් රා නෑ මට මේ කතාව ලියන් යහ්දි ඔබ තුමාගේ කතන්දර වල රස මතක් උනා පහුගිය මාස දෙක ලියන්න අතපසු උනා දැන්නම් දිගටම ලියනවා
DeleteI Got Hypnotized!
ReplyDeleteAha really ...thank u ali malli
Deleteකවුද බං මේ.. අළුත් බ්ලොග් එකක්ද??
ReplyDeleteඔව් අලුත් එකක් ටමා ඇයි මුකූ පල යන්න ඉදිකට්ටා
Deleteහරිම සුන්දර මතකයන් ගොඩක් ලස්සනට ලියලා ... // කට්ට කරවල අල දාලා උයලා,කොස් මැල්ලුම් නාඩු හාල් බත්// මගේත් ආසම කෑමක්...
ReplyDeleteඔව් තුශා මගෙත් ආසම කෑම කියද්දිත් කෙල උනනවා....
Deleteමුන්ට කෑම ගැන නොලියම බෑනේ ඇත්තට. අරෙහෙ එක්කෙනෙක් ලෙමන් පෆ් එකක් ගැන ලියලා...ඇඬේනවා. මට මුලින් පොඩ්ඩක් විතර පැටලුනා...බලාගෙන යද්දී මෙයා ලොකු අම්මා කියන්නේ ආත්තම්මට නේ.
ReplyDeleteඇයි සයුරියා අපිට ඉතින් ඔය කෑම මතක් කරලා අඩන්න තමා තියෙන්නේ අනේ.....හම්මෙ ලෙමන්පෆ් ගැන ලිව්වේ අපේ ඉදිකටු දිනේෂ් මලය නොවෑ....ඔව් අපි ලොකු අම්මා කිව්වේ අම්මගේ අම්මට.....සමහරු ලොකු අම්මා කියන්නේ අම්මගේ ලොකු අක්කටනේද?
Deleteහිහ් ඉදිකටු? පව් අප්පා... :D
Deleteඔව් ඔව් අම්මගේ අක්කා ලොකු අම්මා..අම්මගේ නංගි පුංචි අම්මා. ඒ විදියට තමා අපි කියන්නේ.