Saturday, August 9, 2014

63.ලතින් භාෂාවෙන් දෙවන පිරිහීම හෙවත් පොම්පේ නගරය


           මේ දවස් ටිකේම වැඩ කරන තැනින් මුහුදු ඇවිත් ඉන්න නිසා දවල් කාලෙදි වැඩ තිබුනත් රෑට එහෙමට කරන්න වැඩක් නෑ හැබැයි ඉතින් මම පාවිච්චි කරන දුරකථන සම්බන්දතාවයට  සිග්නලුත් නෑ.ෆේස්බුක් ,වයිබර් නැති නිසා  රෑට කරන්නේ හිතෙන දෙයක් ලියලා notes  වල සේව් කරලා සිග්නල් ලැබුන ගමන් බ්ලොගි ගත කරන එක.....ඉතින් මන් හිතුවා මාස දෙකකට කලින් ගිය පොම්පේ නගර සංචාරේ ගැන බාගෙට ලියපු ලිපියක් සම්පුර්ණ කරලා ඔයාල එක්ක බෙදා ගන්න.

       පොම්පේ කියද්දි හුළන් පොම්පේ මතක් වෙනවා නේද?;)
              පොම්පේ කියන්නේ නගරයක්. පොම්පේ කියන නම ගත්තොත් ලතින් භාෂාවෙන් හඳුන්වන ආකාරයට  "දෙවන පිරිහීම" යි.Thoedor Kraus  ,අනුව පොම්පේ කියන වචනයේ මූලය ප්‍රකාශයට අදාල වෙන්නේ  ඔස්කන්(oscan) භාෂාවට අනුව පහ(5) යන ඉලක්කම හදුන්වන වචනයයි. 

        පොම්පේ නගරය නාපෝලියට නුදුරින් පිහිටි කම්පානියා(campania) ප්‍රදේශයේ ලෝ දිය ගැල්මකින් වැලලී ගිය කොටසක් විදිහට හදුන්වන්න පුළුවන්.ඒ වගේම වෙසුවියස් ගිනි කන්ද(Mount Vesuvius) වේගයෙන් පිපිරී යාම නිසා පොම්පේ නගරයේ 4mත් 6mත්(13-20අඩි) අතර ප්‍රමාණයක් ගිනිකඳු අළු වලින් වැළලීලා විනාශ වෙලා තිඹිලා තියෙනවා ඒ ක්‍රි.ව. 79යේ  අගෝස්තු මසක 24 වන දිනකදී. පොම්පේ නගරය වසර 1700කටත් වඩා වැඩි කාලයක් මිනිස් ඇසෙන් වහන්ව පොළොවට වැලලිලා නැති වෙලා තමා තිබිලා තියෙන්නේ.1748 පටන් ගත් කැනීම් වලින් නැවත පොම්පේ නගරය මතු කර ගන්න සමත් වෙලා තියෙනවා. ඒ කැනිම් වලින් පස්සේ පොම්පේ නගරය ගැන ඉතාමත් විශේෂවුත් වැදගත් වුත් තොරතුරු රාශියක් හෙළි වෙන්න පටන් ගන්නවා.

         භූගෝල විද්‍යාවට අනුව ගරා වැටුන පොම්පේ නගරය පිහිටලා තියෙන්නේ  ඛණ්ඩාංක 40° 45°ණ් 14°29'10°E ලෙසයි.  වෙසුවියස් ගිනිකන්දේ ඉදලා  8kmක් දුරින් තමා පොම්පේ නගරය පිහිටලා තියෙන්නේ. පොම්පේ නගරය කම්පානියා නම් කලාපයේ අක්කර 163ක විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරනවා. 

           ක්‍රි.ව. 1වන සියවස වන විට  වෙසුවියස් කන්ද අසළ පිහිටි තවත් එක් විශාල නගරයක් විදිහට මේ පොම්පේ නගරය හදුන්වලා තියෙනවා. මෙම කළාපයේ කෘෂිකාර්මික කටයුතු වලින් සැළකිය යුතු ජනගහනයක් ජීවත් වෙනවා. අවාසනාවන්ත ලෙස ක්‍රි.ව. 79දී වු පිපිරීමට මේ හැමෝටම පාහේ  මුහුණ දිලා තියෙනවා.  වෙසුවියස් වෙතින් ගලපු  ලෝ දිය ගඟ 10kmක් දක්වා පැතිරීම නිසා නිවෙස් වල ආරක්ෂාකාරීව හිටිය මිනිසුන්ගේ පවා ජිවිත අහිමි වෙලා තියෙනවා. 2010 අවුරුද්දෙදි කරන ලද පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙන්නේ අවම 259°C යටතේ වෙසුවියස් කන්ද පිපිරීමට  ලක් වුන නිසා ජීවිත බොහෝමයක් බිලිවුන බවයි.

        මේ අතර පොම්පේ නගරය වසර 250කට අධික කාලයේ පටන් ඉතාලියට පැමිණෙන විදේශිකයන් අතර ජනප්‍රිය වු ප්‍රදේශයෙකි. වසරකට මිලියන2.6ක විදේශිකයන් මෙය නැරඹීමට පැමිනේ. මෙය ඉතාලියේ දැනට පවතින අති විශාලතම සංචාරක කලාපය ලෙස නම් කරලා තියෙනවා. මෙහි විශාල කොටසක් වන Vesuvius National Park, UNESCO සංවිධානය විසින් World Heritage Sit එකක් ලෙස 1977දි ප්‍රකාශයට පත් කරනවා.

රයිට් විකීපීඩියා එකේ තියෙන්නේ ඔහොම විස්තරයක්......

         පොම්පේ නගරය එක්ක වෙලි තියෙන මිථයා කතා එකතුවක් තියෙනවා...ඔය ඉදලා හිටලා මන් බලා ගන්න ආච්චි එක්ක කතා බහකට වැටුනම තමා මේ දේවල් අහ ගත්තේ ඒවා හරිම රසමුසු කතා.....ඔය පොම්පේ නගරය කියන්නේ  වැරදි විදිහට ලිංගිකව හැසුරුනු ජරග්‍රහණයක් හිටිය නගරයක්ලු මේ නගරයේ මිනිස්සු සුනඛයින්,බළලුන් හා අශ්වයන් වැනි සතුන් සමග ලිංගිකව එකතු වෙලා තියෙනවලු...ඒ වගේම ඔය අපි දන්න හර්කියුලිස්,සීනා වගේ ජන කතා වල ඉන්න මිනිස් හිස උරුම අශ්ව මිනිස්සුන් මේ නගරයේ ආරම්භක උපත ලැබු බවට විශ්වාසයකුත් තියෙනවා.... ඒ වගේම පිරිමි අයගේ ලිංග්‍රේන්දය වාසනාවේ සංකේතයක් ලෙස මේ නගරයේ මිනිස්සු පිළි ගන්නවා...ඝන වෙච්ච ලෝ දිය කැබලි වලින් හදන විසිතුරු භාණ්ඩ අතර මේ ලිංග්‍රේන්ද  ප්‍රධාන තැනක් උසුලනවා. :p
                  වයින් වලින් මත් වුන මිනිසුන්ගේ,අසෝබන හැසිරිම් නිසා වෙසුවියස් අධිපති දෙවියන්ගේ කෝපය පිට කිරිමක් වශයෙන් ඔය ලෝ දිය පොම්පේ නගරය වෙත මුදා හැරලා තියෙන බවට මිථයා විශ්වාසයක් පැරණි මිනිසුන් අතර තියෙනවලු ..එවකට නැව් මගින් වෙරළට ඇවිත් පොම්පේ නගරයේ කුඩාරම්ලාගෙන හිටිය කතෝලික නැවියෙක් දෙව්මව්ගේ සුරුවමක් තියලා යාච්ඤා කරලා තියෙනවා ලෝ දිය අදාල කුඩාරම් වලින් ඔබ්බට නතර කලහොත් ඔහු විසින් දෙව්මැදුරක් එතැන නිර්මාණය කරනවා කියලා....එහි ප්‍රතිඵලයක් විදිහට අදාල කූඩාරම් වලට ඔබ්බෙන් ලෝදිය පහර ඝනීබවනය  වෙලා...නාවිකයාගේ පොරොන්දුව මත පොම්පේ නගරයේ ඉතා ප්‍රචිලිත දෙව්මැදුරක් නිර්මාරණ කරලා තිබෙනවා....දෙව්මැදුරට ඇතුල්විමේ දොරටුවට වම් පස ඇති කුඩා කටුගෙයි නාවිකයාගේ පැමිනිම පිළිබද පුර්ණ විස්තරයක් හා ඔහුගේ නැව පිළිබඳ දැන ගන්නට,බලා ගන්නට පුළුවන් කමක් තියෙනවා...ඉතාමත් අගනා අවස්ථාව ලෙස හදුන්නන්න පුළුවන් වනුගේ විදුලි සෝපානමක් මගින් සීනු කූඩුවේ මුදුනට  යෑමට හැකි වීම හා එහිදි මුහුදේ පිහිටිම, පොම්පේ නගරයේ නටබුන් හා වෙසුවියස් පිහිටිම ඕනෑම කෙනෙකුට සරළව මනාව අවබෝධ කර ගන්නට හැකි වීමය.

ප.ලි. පොම්පේ නගරයේ පස ඉතාමත් සරුසාර බැවින් දෙහි සහා දොඩම් අදාල කාල වලදි ඉහළ ඵලදාවක් ලබා දෙයි එමෙන්ම "ලෙමන් චෙල්ලෝ" නැමති මදයසාරද මෙහි ඉතාමත් ප්‍රචලිතය.. පොම්පේ නගරය නැරඹිමට පැමිණෙන සංචාරකයින් බොහෝ දෙනා මතක සටහන් විදිහට "ලෙමන් චෙල්ලෝ" බෝතලයක් රැගෙන යාම කාටත් රහසක් නොවන කරුණකි...එමෙන්ම ලෝදිය ඝන වි විවිධ වර්ණ වලින් යුත් පාෂාණ වර්ගද මෙහි විකිණිමට ඇත ...එමෙන්ම විවිද පාෂාණ කොටස් වලින් තනන ලද විසිතුරු භාණ්ඩ විදේශිකයින්ගේ මෙන්ම දේශිකයන්ගේ මන ඇද බැද තබා ගනි...පහත රූපයේ ඇත්තේ එවැනි භාණ්ඩය...(ඉතාමත් විමසිල්ලෙන් බලන්න)


          








(1)



(2)


(3)

(4)



(5)

මේ මව දුටු මා විසින් ඒ වෙලේ ඇමුණු අකුරු පෙලක්

දරුවෙකු කුස හොවාගෙන ....
විලිරුදාවක් නොලඳ ඇය.....
ලෝ දිය ගලා ආ නුවරින් .....
නූපන් කළලයට.........
උපන් ආදරෙන් ........
බිම හොවාගෙන .........
රැක ගන්නට වෙර දැරූ .....
අප්‍රමාණ සෙනෙහස.......
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම....
අම්මා නම් උතුම් නාමයෙන් ......
පිදුම් ලද උතුම් ගැහැණියයි.....
මගේ හදවතේ හැමදාම නුඹ........

_____ශානු______

(6)



(1)ලෝදිය පහරට යට වු සුනඛයෙකු
(2) (3) (4)කැනීම් වලින් සොයා ගන්න ලද මැටි බඳුන් සුරක්ෂිතව ප්‍රදර්ශනය කරන අයුරු
(5) ගැබිනි මවක් තම දරුවා රැක ගැනිමට මුනින් වැටි සිටියදි ලෝ දිය පහරට අසු වු අයුරු
(6) ලෝදියට අසු වු නිදා සිටි මිනිසුන්

ප.ලි.ලෙමන් චෙල්ලෝ "ලිමොන් චෙල්ලෝ" ලෙස නිවැරදි විය යුතුය.



35 comments:

  1. නොදන්නා කරුණු බොහෝමයක්....
    /ගැබිනි මවක් තම දරුවා රැක ගැනිමට මුනින් වැටි සිටියදි ලෝ දිය පහරට අසු වු අයුරු/
    මේ සිද්දිය සිත සසල කලා, තවත් මෙවැනී කෙතරම් දෙනා ලෝ දිය පහරට යටවන්නට ඇද්ද...
    ස්තුතියි ලියමනට

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ පුළුවන් නම් ගුගල් දෙයියගෙන් සර්ච් කරලා බලන්න,තව සරපයි මිනිස්සු විවිධ දේවල් ලෝදිය පහරට අසු උනා කියලා සදහන් කරලා ඇති...ඔය අම්මාගේ පින්තූරය මගේ හිතත් සසල කරා

      Delete
  2. අන්න නියම සංචාරක සටහනක් සුදු නංගි . පට්ට . උඹ නිකම් ජැක්සන් ඇන්තනිගේ ලොකු අම්මා වගේ . මට මටහ්ක් වුනේ සලන්හන්තේ ...
    ඔය "ලෙමන් චෙල්ලෝ" බොන හැටි අහගන්න් ඕනේ නම් පත්තර මල්ලිගෙන් අහගනින් .ඌ තරං ඕක බොන හැටි ගැන දන්නා එකෙක්වත් නෑ . බොරු නම් අහලා බලපන් ..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මට හම්බෙලා ඕකෙ ස්පිරිට් බෝතලයක් ගෙදර හදපු එකක් වැඩ කරපු තැනකින්.ලේබලේකුත් නැ ගෙදර හදපුවනේ…ලිමොන්චෙල්ලො නෙමේ බං කසිප්පු වගේ එකක් . සුදු පාටයි..බිංදු ගානක් වතුරට දාලලු බොන්නෙ කෑම දිරවන්න.මං දන්නවැයි පෙරේතකමට එකක් ගැහුවා කට කපලා තනිකරම බැටරි ඇසිඩ් වගේ…
      මුළු දවසක් බුදියෑවා !!!!!!!

      Delete
    2. බඩේලිය යෑම නවත් වන්න කියාපු ඔසුව

      Delete
    3. බඩඑලිය නෙවෙයි මං හිතුව මැරුණ කියල. :D
      පුදුම සැරක් බං.

      Delete
    4. අනේ දුප් යන්න ගෙම්බා..උඹ දන්නවනේ මන් මේ කවර් කලේ රෝම පුරාණේ කොටසක් සුදු අයියා...

      @ පත්තරයා හෑ උඹෙත් පෙරේතකමනේ...මාළුවා නහින්නේ කට නිසා කිව්වට උඹ නහින්නේ අරක්කු නිසා ඔව්

      Delete
  3. නියම විස්තරයක් නෙහ්..

    ReplyDelete
  4. ශානු....ලිපියේ මොනවා තිබුනත් මම අල්ලගන්නේ කන බොන තැනකින්. ඔය ලිමොන්චෙල්ලො ඉස්සර අපේ හෝටලයක තිබුනා. ආෆ්ටර් ඩිනර් ඩ්‍රින්ක් එකක්. එහෙමත් නැත්නම් Liqueur එකක්. ඒක තමයි හරි වචනය. ඕක ගන්නවා ගොඩාක් වෙලාවට desserts හදන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ මේ ආෆ්ට ඩ්‍රින්ක් එකක් තමා...ආහා ඇත්තද රසකැවිලි හදන බව නම් දැනන් හිටියේ නෑ

      Delete
  5. මම ත් අහල තියෙනවා පොම්පේ වල හිටපු ජනතාව ලිංග වන්දනාව කළ අය බව. තරුණියන් ලිංගික වහල් සේවයට යොදාගත් තැනක් හැටියට පොම්පේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. සතුන් ලවා ඔවුන් දූෂණයට ලක් කිරීම පොම්පේ හි ධනවතුන් ගේ විනෝද ක්‍රීඩාවක් ලු. කෙ තරම් කාමභෝගී ජීවිතයක් ගත කළත් අන්තිමට ඔවුන් ලක් වී ඇති ඉරණම බලන විට එය දෙවියෙකු කෙ සේ වෙතත් ස්වභාවධර්මයෙන් ම ලැබුණු දඬුවමක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ලැම්බා ස්වභාවධර්මයෙන් ලැබුන දඩුවමක් කියලයි මාත් හිතන්නේ

      Delete
  6. පොම්පෙ විස්තර අඩු කරලා ලිමොන්චෙල්ලො ගැන තව ටිකක් ලීවානං තමා මං කැමති :D ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අනේ යකූ ඊලග පාර කටුකම්බී සීන් එකක් ලියන්නම් හිකිස්

      Delete
  7. ඔබේ බ්ලොග් එක අපේ සින්ඩියටත් ඇතුල් කරන්න ලින්ක් එක අපට එවන්න. මෙන්න අපේ බ්ලොග්දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූති ඇතුල් කරා

      Delete
  8. අඩෙ අප්පා නියම විස්තරයක්නෙ. නොදැන හිටපු ගොඩක් දේවල් දැන ගත්තා බං. ස්තූතියි.

    අර පස් වෙනි ෆොටෝ එක දකිත්දි නම් පපුව පත්තු වෙනවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී බං..ඔව් ඒ පින්තූරේ හැබැහින් දැක්කම මාත් අවුල් උනා

      Delete
  9. මේ බ්ලොග් සෙට් එක එකතු වෙලා සංචාරක සටහන් මොකක් හරි පටන් ගමුද?

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩියා අපි පටන් ගමු..

      Delete
  10. පස්වෙනි පින්තූරෙන් පස්සෙ මම කියන්න හිතන් ආපු ඒවා අමතක උනා අක්කියා.... :/

    ඔයාගෙ සංචාරක ලිපි පට්ටයිනේ...

    ReplyDelete
    Replies
    1. පට්ට තැන්ක්ස් බස්සියා

      Delete
  11. සාමාන්යෙන් ගිණි කදු ආශ්‍රිත පොලව ඉතාම සාරවත්,ඒ එක්කම ඒවගේ වැඩේන එලවලු පලතුරු ගුනයෙන් ඉහලයි

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ගැන නම් අහලා තියෙනවා

      Delete
  12. පින්තූර ටිකත් එක්ක විස්තරේ හුඟක් වටිනවා..

    5 වෙනි පින්තූරෙට ඇමුණු අකුරු පෙල හරිම සංවේදීව දැනුනා ..

    ReplyDelete
  13. නියම විස්තරේ ශානු...

    ReplyDelete
    Replies
    1. ස්තූති ශෙහාන් සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට

      Delete
  14. උඹ වෙන රස්තියාදුවක ගියා මදිවට මේවා ලියලා මගේ කේන්තිය තව අවුස්සන්නේ නැතුව ඉදහං..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් සොරි කෝටියයි...

      Delete
  15. පට්ට ඈ...පොම්පේ අවට පස සරු සාර වෙන්නෙ මං හිතන්නෙ යමහලෙන් ගලාගිය ද්‍රව්‍යයන් නිසා...
    මට මතක විදියට ගිනිකදු ආශ්‍රිත පස ඉතාමකත් සරුසාරයි...
    ඊට හේතුව ගිනිකදුවලින් ගලාඑන ලාවා සහ අනෙකුතු අවහේශ ද්‍රව්‍ය
    අපුරු විස්තරයක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මාත් ඔය සීන් එක අහලා තියෙනවා.ස්තූති ඈ

      Delete
  16. සොදොම් සහ ගොමෝරා වලට වෙච්ච දේමයි නේද පොම්පෙයි වලටත් උනේ ?

    ReplyDelete
  17. මදු කියන්නේ හෙබ්බ්‍රව් බයිබලේ කතාව වෙන්ට ඕනා

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!