රටක් ඇත ,නම සිරිලකය
රජෙක් ඇත හිටියේ ඔහු නමටය
රාජ ශ්‍රිය පෙන්නා මහජන මුදලට විද්දේය
සිරිලකේ දැන් ඇති සිරියක් නැතුවාය
ගව මඩුවක් ඇත වතුර තටාකයක් මැද පිහිටා
හොද,හොද රට හරක් ඇත එහි ආසන මත හිදවා
වැඩකට නැත මුන්ගේ ගොං ප්ලෑන් මිස
රට වැසියන් අවධානමේ මේ ගොං චුං දැක
වතුර නැතුව ජල විදුලිය විසන්ධිය
නොරොච්චෝලේ ඇටවු කෙහෙල් මලේ මුදලුත් වතුරේය
මහජන මුදල් වලටම කෑදර වී උන් නිකමෝය
විදුලි දේවිට කල හැකි ඉට්ටක් දැන් නැතුවාද?
අසරණ මිනිසුන්ගේ බත් පතටම වැට් බර දුන් ගොට්ටෝය
රග්බි,රේස් තබමින් ජය පැන් බිව්වෝය
හාල් මැස්සා වැට් බරටම ගඳ ගැසුවේය
අවුඩි,රේස් කාර් වැට් නිදහස් වී මෙරටට වැඩියේය
නියගය කිය ,කියා ටීවි චැනල් තලු මැරුවේය
වැව් සුද්දය ගම් වල කරනට පෙල ගැසුනේය
අසරණයන්ගේ ශ්‍රම ශක්තිය සුරා කෑවෝය
තුන්දහේ සලාකෙට අසරණයෝ දහඩිය හෙලුවෝය
ආදියේ අපි පරංගි පරදා මෙරටට නිදහස හිමි කෙරුවේය
රට එක්සේසත් කර රට ගොඩ නැගුමට උර දුන්නේය
වහල්කමින් මිදිලා නිදහස් සුව වින්දෝය
දුකට කරුණ රටේ උන්ට,දුබලයාට වහලුන් වන්නට සිදු විමය
මුහුදු හතෙන් එහා ඉදන් සිංහල ලේ රත් වන්නේ
කවියක් ලියා කල හැකි දෙයක් නැති බව මා දන්නේ
කල හැකි දෙයක් නැති කල මේ ලෙස කෙටුවේ
අපිට තියෙන කැක්කුම ඇයි?රට ඇතුලේ උන් හට නැත්තේ
කට කැපුවත්,අත කැපුවත් කිවයුතුදේ ලිය යුතුවේ
සිගිති චුං නවතා බලධාරින්ගේ ඇස් ඇරියන්නේ
අසරණ මිනිසුන්ගේ කඳුළු වල බර දැනියන්නේ
පුටුවට පොර නොකා රටට සෙතක් කරනට බලපන්නේ
තිස්තුන්කෝටියක් දෙවිවරු ඇතැයි සිතනා ලක් වැසියෙනි අනේ
එක දෙවි කෙනෙකුට නොහැකිද මේ අවනඩු ටික විසදන්න අනේ
පඩුපුල් ආසනේ රත්වි නැතිද කියා සිතේ අනේ
සක්‍ර දෙවියොත් රජ සමගින් ජය පැන් බොනවාද සැකයි අනේ...
දෙවිවරුනට කල හැක්කක් නොමැත ඉතින්
එකතු වෙයන් ලක්මවකගේ දරුවෝ ලෙසින්
බැඳපන් පවුරු හිකනැලයන්ගේ උරහිස් උඩින්
අනාගතේ වෙනුවෙන්වත් හරි තීරණ දැන්වත් ගනිව් නිතින්
____ශානු_____
මන් එක බොලව්....!
ReplyDeleteඔයගැන කොපමණත් කිව්වත් පලක් නැති....'
Deleteබීරී අලින්හට වීණා වයනු වැනි...'
නෑ මචන් නිමෝ අන්ධ,ගොළු, බීරි මී හරක්ට වීණා වයනු වැනී කියලා නිවැරදි විය යුතුයි
Deleteහොඳ වෙලාවට ඔබතුමී ලංකාවේ නැත්තේ... :)
ReplyDeleteහෙහ්...හෙහ්...ලංකාවේ හිටියත් ලියමි....සුදු වෑන් එද්දි මධු අයියලැහේ හරි හැංගෙන්න බැරියෑ
Deleteමොලේ නැති ඇත්තන්
ReplyDeleteයවා ගාලකට හරක්
කලේ අමන කම්
නොවේද අපි...
බැදගත්තේ බේරේ අපිමය
දැන් ගහන්නේ වෙන වුන්ය
ගහන සැර වැඩි වෙන හන්දා හැමදා
බෙරෙත් නෑ පළුවකුත් නෑ..
නැටුම් නම් එමට ඇති නැටූ...
ඒ වුණත් සමහරුන්ට පොලව ඇදලූ...
අපූරු කවිය... ඒත් අක්කේ මේව බලල හැදෙන්න ඕන උං නෙවී... ජහමනය කියල ඈයො...
ජයවේවා
මහජනයා හැදෙන්නේ නෑ මල්ලි මලාට....මහජනයා ජන්දේ කාලෙට ප්‍රෝග්‍රෑම් කරන්න අර කට්ටිය යස අගේට දන්නවා නොවෑ....
Deleteකොච්චර මොලේ තියෙන එකෙක් උනත් අන්ට ගියාම උගේ මොලේ නැති වෙනවනේ..
ReplyDeleteහනේ හපොයි....
ජ ය වේ වා !!!!
ආයෙත් අහලා....සහතික ඇත්ත
Deleteශානු.....තව පට්ටියකට කට්ටිය හොයනවා ඌව පැත්තේ. ඒකටත් අම්බ මීහරක් ටිකක් දක්කමු....
ReplyDeleteඑහෙනම් අරූ අයියා දක්කමු,දක්කමු ජක් පිට මක් කියලා ;)
Deleteඔය විල මැද බංගලාවෙ ඉන්න මී හරක් ටික අයින් කරල වැඩකට ඇති මිනිස්සු ටිකක් එනකං මේ රට හදන්න බෑ අප්ප..
ReplyDeleteකොහොමත් මුන්ව හදන්නවත්,මුන් හැදෙන්නෙවත් නැති වෙයි සංචාරක....සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteඈ ඒගමන උඹ දේශපාලනේ පටන් ගත්තද ..
ReplyDeleteඅහු වෙයන් උඹ කලින් පොස්ටුවට අපිට මඩ ගැහුවට . මට ඔය පොඩ්ඩක් වැදුනට කමක් නෑ බං බස්සිට නැතිවෙන්නම දීලා තියෙන්නේ .. (Y)
ආ උබ ආවද??
Deleteආන් රට්ටු කතා හදනවා උබට... උබ අරෙහෙ ගියාලු, මෙහෙ ගියාලු, අරම උනාලු,මෙම උනාලු... හයියෝ සල්ලි.....!!
ඔව් ඇයි බං සුදු අයියේ උඹ වගේ රෙස්ලින් පොරක් ඉද්දි මන් බය වෙන්න ඕනද දේශපාලනයට බහින්න
Deleteහෙහ් හෙහ් ඒකනේ මරු නේ වැඩේ....
@නිමෝ ඒ මොන කුණුහරුපයක්ද බොල....කොහොමද දැන් ඉවානයට වෙලා තියෙන්නේ.....
අනේ මන්දා බං අන්තිමට බැලුවාම මුං ව ඔය තැන් වලට යවපු අපි හරක්
ReplyDeleteහරක් නෙමේ රෙහානි අපි මීහරක්...
Deleteනෑ..නෑ අනේ අපි අලි මෝඩ ගොං මී හරක්
Deleteසහතික ඇත්ත... කොහොම වුනත් පද වැල් ටික නම් අපූරුයි..
ReplyDeleteස්තූති තුශා
Deleteමේවා ගැන කියලා වැඩක් නෑ.. වෙන දෙයක් ලියහං..
ReplyDeleteඑසේය උතුමාණනි
Deleteඕවා පාලකයන්ට පේන්නෙ ඇහෙන්නෙ නෑ අක්කෝ
ReplyDeleteඔව් බන් මටත් හිතුනා අපේ කාලේ පාලකයන්ව පුනුරුත්තාපනයට යැව්වා නම් හරි කියලා
Deleteමෙහෙමනේ.. කොච්චර කියෙව්වත් ගානට ගිහිං ඒ උත්තමයන්ටම කතිරේ ගහලා එනවනේ අපේ උන්ද ලා
ReplyDeleteඒකනම් හරියට හරි නාඩි..
Deleteඅනේද කියන්නේ...
Delete