Sunday, October 25, 2015

73.සිංහල ලියන දෙමළ කොල්ලා



                  මාස කිහිපයකට පෙර රෝහලක වැඩ කරන මගේ යාළුවෙක් මාර්ගෙන් මට හරි අපුරු කොලු ගැටයෙක් මුණගැහුනා...මේ පුතාගේ නම සුසන්ත..මගේ යාළුවා විතරක් නෙවේ රෝහලේ ගොඩක් අය මේ පුතාට කරුණාව ,ආදරය දැක්වුවා...උපතින් ද්‍රවිඩ උනත් සිංහල අකුරු ලියන්න තමා මෙයාගේ වැඩි උනන්දුවක් තිබ්බේ ඉතින් හැමෝම මෙයාට සිංහල අකුරු කියලා දුන්නා..මේ පුතාට අවුරුදු 13ක් උනාට දෙමළ භාෂාව බැහෑ..සිංහල කතා කරන්න,ටිකක් ලියන්න පුළුවන්කමක් තිබුනත් ඉස්කෝලේ යන්න ඒ වෙනකොට බැරි අබාධයකින් මේ පුතා පෙළුනා..
පුතා ලියන අකුරැ

                                දවසක්  මගේ යාළුවයි මමයි වටේ පිටේ විස්තර කතා කර,කර ඉද්දී යාළුවා මට ඒ පුතා ඇන්ද චිත්‍රයක් වයිබරෙන් එව්වා මට ඒ චිත්‍රය දැකලා හරි පුදුම හිතුනා... ඒ දරුවට ඉගෙනීමට දක්ෂකමක් වගේම චිත්‍ර අදින්න උනන්දුවක් තියෙන බව පෙනුන නිසාම මම මගේ යාළුවට කිව්වා අපි සුසන්තට පාට පෙට්ටියකුයි,චිත්‍ර පොත් ටිකකුයි අරන් දෙමු තව ඕන කරන මොනා හරි තිබුනොත් අරන් දෙමු කියලා...මට මතක විදිහට ඒ ජූනී මාසේ මුල වෙච්ච සිද්ධියක්.....


පුතාගේ  
චිත්‍රයක්
                ටික දවසක් යද්දි මට ඕන උනා මේ පුතාගේ ජීවිත කතාව දැන ගන්න ඉතින් මට ලංකාවට යන්න බැරි එකේ මගේ යාළුවා මාර්ගෙන් මට සුසන්ත පුතාගේ විස්තර දැන ගන්න පුළුවන් උනා... සුසන්ත උපතින් ඇවිදින්න බැරි දරුවෙක්... මේ පුතා ඉපදෙද්දිම අම්මා සුසන්තව දාලා වෙන කෙනෙක් එක්ක ජීවිතේ පටන් ගන්න ගිහින් සුසන්තගේ තාත්තා කසාදයක් කරගෙන... සුසන්ත ලොකු වෙන අතර තුර කුඩ අම්මා සුසන්තට මල්ලියෙක් ගෙනැවිත්(හැබැයි සුසන්තට කුඩ අම්මා ගෙදරදි කොහොම සලකනවද කියන්න අපි දන්නේ නෑ ඒත් රෝහලට බලන්න එන්නේ කුඩ අම්මයි,
මල්ලී ,ආච්චිලු)ඔහොම ඉද්දි කුඩ අම්මා ආයෙමත් මාස කිහිපයක දරු ගැබක් කුසේ දරන් ඉන්න කාල වකවානුවක සුසන්තගේ තාත්තා ආරව්ලකදි පිහි ඇනුමකින්  සදහටම සුසන්තලගෙන් සමු අරන්.... මේ කතාව අහලා ඉවරවෙද්දි හිතට දැනුනේ සුසන්ත වෙනුවෙන් යමක් කල යුතුමයි කියලයි....
                             ඒ අනුව මේ පුතාගේ ජීවිතේ එක අඩියක් හරි ඉස්සරහට යන්න අත්වැලක් වෙන්න හිතුන නිසාම මම මගේ යාළුවට කිව්ව අපි සුසන්තගේ උප්පැන්නේ ඉල්ලගෙන එකවුන්ට් එකක් අරිමු කියලා...යාළුවා ටික දවසකින්
සුසන්තට ජිවිතේ ඉදිරියට යන්න,ඉගෙන ගන්න පාසැලකට යවන්න ලැස්ති වෙන බවත් ඊට අවශය්‍ය රෝද පුටුව ලැබෙන තුරු රෝහලේ නැවති ඉන්න බවටත් ඔත්තුවක් දුන්නායින්...මට ඕන උනා පුතාගේ පාසැලට අවශ්‍ය‍ය කලමනණා ටික අරන් දෙන්න...ඊට පස්සේ මම යාළුවාට කිව්වා සුසන්ත පුතාට ආස කරන දෙයක් තියේ නම් අරන් දෙමු කියලා...මේ කොල්ලා ඉල්ලපු දේවල් ඇහැව්වොත් පුදුම හිතෙයි...

"මිස් මට උණුසුම් බෝතලයක් තිබුනොත් හොදයි,උණුවතුර අරන් ඕන වෙලාවට තේ හදාගෙන බොන්න පුළුවන්"

"මිස්,මට තේ ගොට්ටක් තිබුනත් හොදයි"

මිස් ,මට අව්වේ යනකොට කැප් එකක් තිබුනොත් හොදයි(ඒ වෙනකොට කැප් එකකට ආසවෙන් හිටියත් කැප් එකක් තිබිලා නෑ)

ඊට දවස් දෙක තුනකට පස්සේ මගේ යාළුවා හොයන් ආව සුසන්ත මෙහෙම කිව්වලු

"මිස් ,අර ලිස්ට් එකට කිරි පැකට් එකක් දා ගන්න බැරිද?"කියලා..

            දරුවන් මොන තරම් නම් අහිංසකද නැති බැරිකම් ඉස්සරහ කොයි තරම් අසරණද කියලා මට හිතුනා...
                 මේ කතාවේ හොදම හරිය දැන් .....මගේ යාළුවා...අපි දැන අදුන ගත්තේ කළු සුදු ලියන ඇන්ටී නිසා...අපේ යාළුකම විශ්වාසෙත් එක්ක ගොඩ නැගිලා අවුරුද්ද සම්පුර්ණ වෙන්න මාස 5ක් තියෙද්දි නොදන්න කෙනෙක්ගේ එකවුන්ට එකට මුදල් දානවා කියන අවදානමක් මට නොහැනුනේ ඇයගේ අව්‍යාජකමක් සියලු කටයුතු වලදී පිළිබිඹු උන නිසා වෙන්න ඇති...
                          මමයි,යාළුවයි වයිබරයෙන් සම්බන්ද වෙලා  පොත් කඩ පීරුවා,බෑග් කඩ පීරුවා,කැප් කඩ පීරුවා මගේ යාළුවගේ මහන්සියේ ප්‍රථිඵලයක් විදිහට අපි එක දෙයක් හැරෙන්න අනික් හැම දේම අර ගත්තා..ඉතිරි මුදලට අපි පැම්පස් පැකට් එකකුත් ගත්තා... මේ පුතාගේ ආබාධය අනුව පැම්පස් අවශ්‍යයි...ඔව් ඒ
නොගත්තේ සපත්තු දෙකක්...රෝහලෙන් විශේෂ සපත්තු දෙකක් පිළියෙල කරල දේවි කියලා මගේ යාළුවා කිව්වා ඇරත් ඒ දරුවට සපත්තු දාන්න අපහසු වෙයි කියල අපි හිතුවා...ඒත් විශේෂ සපත්තු කුට්ටමක් මිලදි ගන්න ඕන කරන මුදල දෙන්න මම හිතා ගත්තා....
                   අපි විශේෂ දවසක මේ පුතාට ගත්ත දේවල් දෙන්න පුන පුනා බලන් හිටියා ඔව් ඒ දවස උදා උනා... ඒ මගේ 28 වෙනි උපන් දිනය දවස.... හරියටම ජූලී 24 උදෙන්ම මගේ යාළුවා ,කූවාටස් එකේ අල්ලපු කාමරේ අක්කත් එක්ක එකතු වෙලා පොත් බෑග් එකයි අනිත් දේවලුයි ගිහින් දීලා.... එදා මම උදේ ඇස් අරිනකොට මගේ ජීවිතේ ගෙවෙන ලස්සනම උපන්දින තෑග්ග හම්බෙලා තිබුනා...මේ පුතා මට උපන්දින සුබ පැතුමක් හදලා...මට උදෙන්ම විශ්කලා...ස්තූති කලා....කාගේ හරි ඇස් පාදනවට වඩා සතුටක් කොහෙද මේ ලෝකේ තියෙන්නේ......"පුතේ ඔයාට හොදට චිත්‍ර අඳින්න පුළුවන් ,හොදට අඳින්න,ඉගෙන ගන්න...ඕන දෙයක් තියේ නම් x මිස්ට කියන්න" කියලා කවදාවත් නොලබපු සතුටක් උණුහුමට පපුවට එකතු කරන්...ඒ දවස නිම කලා....



පුතා අලුත් කැප් එක දාගෙන





පුතා සතුටින් අලුත් පොත් බෑග් එක්ක
                   



ඒ පුතා දුන්න උපන්දින පැතුම

                   ඊට දවස් ගානකට පස්සේ කොල්ලා අසනීප වෙලා බඩේ අජීරනයක් හැදිලා... වැසිකිලි යන්න කොල්ලට දැනීමක් තිබ්බත් සාමාන්‍ය මිනිස්සු තරමට දරා ගැනිමේ හැකියාවක් නෑ .... ඒදා අපි දුන්න පැම්පස් කොල්ලට ප්‍රයෝජනවත් වෙලා.....
       කොල්ලට ඩොක්ට කෙනෙක්ගේ යාළුවෙක් රෝද පුටුව දීලා.... ඉස්කෝලේ යන ඇදුම් එහෙමත් ලැබිලා....දැන් කොල්ලා අලුත් පොත් පැන්සල් එක්ක අකුරු කරනවා.... ල


       දන්නවද ? එක රැපියලකින් ලෝකේ වෙනස් කරන්න පුළුවන් "මුදලට සතුට ගන්න බැරි උනාට ,මුදලින් සතුට උපයන්න පුළුවන් බව නැවත වතාවක් තහවුරැ කර ගත්තා....යාළුවගේ නම නොලිව්වේ ඒක එයාගේ ඉල්ලීමක් නිසා.... ඇය උපයා දුන් සතුටට ස්තූති නොකියාම බැහැ...
     උඹට ස්තූති!!!


25 comments:

  1. මට කියන්න දෙයක් නෑ ශානු...උඹල දෙන්න ගැනම මම දන්නවා...ඇත්තෙන්ම ආඩම්බරයි....මගෙ යාලුවො වෙච්ච එක ගැන උඹලා....

    ReplyDelete
  2. මට කියන්න දෙයක් නෑ ශානු...උඹල දෙන්න ගැනම මම දන්නවා...ඇත්තෙන්ම ආඩම්බරයි....මගෙ යාලුවො වෙච්ච එක ගැන උඹලා....

    ReplyDelete
    Replies
    1. ආඩම්බර වැඩිකමට කමන්ට් දෙකාාාායි.... ස්තූතී සුදු ඇන්ටි අක්කා

      Delete
  3. බොහොම හොඳ වැඩක්, ඔබට ජයවේවා....

    ReplyDelete
    Replies
    1. අගය කිරිමට තුතී... ජය!

      Delete
  4. සුන්දර ක්‍රියාවක්..

    ReplyDelete
  5. මේ වගේ හිතක් තිබීම ගැන සතුටුයි. ඔයාට මේ වගේ වැඩ තවත් කරන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. පැතුමට ස්තූතී මල්ලී

      Delete
  6. කියන්න වචන නෑ ශානු . ඒ මනුස්සකම වෙනුවෙන් ඔබ දෙපළටම මගේ ආචාරය !

    ReplyDelete
    Replies
    1. මෙතූ ස්තූතී... මගේ යාළුවා නැත්නම් මට මේ දේවල් කරගන්න වෙන්නේ නෑ

      Delete
  7. අන්න ඒකටයි හැබෑ මනුස්සකම කියන්නෙ. කවුරු මොනා මොන දේ කීවත්. නැද්ද ශානු අක්කා..
    උඹට වරදින්නෙ නෑ.. ජයෙන් ජයමවෙවා

    ReplyDelete
    Replies
    1. ස්තූති මලේ.... මට පුළුවන් දෙයක් උපරිමෙන් කරනවා මල්ලී උඔටත් ජය!

      Delete
  8. මේවා නම් මේ ආත්මයේදීම ඵල දෙන පුණ්‍යකර්ම.

    ReplyDelete
    Replies
    1. එහෙමයි විචාරක මාමේ ඒත් මේ දේවල් වල පින නම් මිය ගිය සියළු ඇත්තන්ටයි ... ජිවත් වෙලා ඉන්න දෙමව්පියන්ටයි... ලැබෙනවා නම් කැමතී

      Delete
  9. මෙන්න මේ වගේ තව කෙනෙක්ගේ දුකේදි,විපතෙදි,අවශ්‍යතාවයකදි සංවේදි වීමටයි,අපිට පුලුවන් තරමින් ඒ අයට උපකාර කිරීමයි තමයි සැබැ මනුස්සකම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් මනෝ මල්ලී

      Delete
  10. ලෝකෙට අණබෙර ගහලා කරන මහා දානමය කටයුතු වලට වඩා මේ වගේ දේවල් සෑහෙන්න වටිනවා.. මේක තමා ඇත්තම මනුස්සකම. මම ගුරුවරයෙක් හැටියට කියන්නේ, ළමයෙක්ට (හරි කාට හරි) ඉගෙනගන්න උදවු කරලා, එයාගේ සාර්ථකත්වය දකින එක තරම් සතුටක් තවත් නෑ. පෞද්ගලික අත්දැකීමක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලී... දාන වලට කේටරින් දෙන වෙලේ මමයි,අයියයි හැමදාම කරේ සතියකට කන්න අඩුම-කුඩුම හදපු පෙට්ටි 5 පවුල් 5කට දුන්න එක.... ඒ මුණු වල වැටෙන හිනාවත් ඇති මල්ලී හිතේ සතුටට

      Delete
  11. ඇත්තන්ම වටිනා ක්‍රියාවක් සුදු නංගි

    ReplyDelete
    Replies
    1. ස්තූතී සුදු අයියා

      Delete
  12. Replies
    1. මෙන්න අලි මල්ලී :)

      Delete
  13. කතාව කියවලා රූප බලද්දි ඇහැට කඳුලක් ඉනුවා. සල්ලි නෙමෙයි මිනිස්සු හම්බකිරීමයි වටින්නෙ. උඹ ඒ අතින් ඉදිරියෙන්ම ඉන්නවා. පින් වැඩක් අක්කේ!

    ReplyDelete
    Replies
    1. කොල්ලා දක්ෂයා.... මගේ හිතට පුදුම සතුටක් මේ කොල්ල වෙනුවෙන් යමක් කරන්න පුලුවන් උන එක...ස්තූතී නංගි

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!