Sunday, May 8, 2016

96.මට හමු වු ප්‍රේමය



ප්‍රේමය කියන්නේ කවදාවත් අර්ථ කතනයක් දීලා ඉවර කරන්න බැරි මාතෘකාවක් නිකන් ඉන්න වෙලේ 
ප්‍රේමය ගැන හිතුනු දෑ ටිකක් ලිව්වා ඒ සේරම එක තැනක ගොනු කරා..කියවන හැමෝටම ආරාධනා කරනවා හැකි නම් අකුරැ දෙකක් මේ ඉට්ටැයිල් එකට ගලපලා අදහස් බෙදා ගන්න කියලා



හිරුට පෙම් බැඳ
පුළුස්සාගත්
ෆීනික්ස් කුරුළු තටුවකී
ප්‍රේමය........

දැවෙන කතරට 
පීපාසිත පොලොවට
වැටෙන  වැහි පොදකී
ප්‍රේමය....

පණ අදින හිතකට
කඳුළු ගඟකට
මුල පිරැව හේතුවකී
 ප්‍රේමය.....

සිනහවකට ලොබ බැද
උබ විලිස්සපු  දතකට 
හදවත පසාරු වීමකි
 ප්‍රේමය.....

දරඳඬු ගල් තලාවක වුව
බීජයක් කටෝර දුක් විඳ
මුල් ඇඳීමකී
ප්‍රේමය.....

පදනම් විරහිත කඳුළු,
දහසකුත් ඉසිළුම්,
භාවනාවක් මෙන් සියුම් දැරීමකි
ප්‍රේමය........

 කියන්නට බොහෝ දේ
ඇති තැනක
මුණිවත රැකිමකි
ප්‍රේමය...

නොලැබෙන බව
දැන දැනත්
රැක ගැනීමකි
ප්‍රේමය...

දඩබ්බරකම්
මුලින් උපුටා 
දැමීමකී
ප්‍රේමය...

කවියකට නගන්නට
බැරි හැඟීමක්
කඳුළු කැටයක් වී
නෙතගින් ගිලිහීමකි
ප්‍රේමය....



37 comments:

  1. විල් තෙරේ කිබුලී කියනවට වඩා මඩවලේ කිබුලි කියන එකේ පොඩි මෙව්වා එකක් තියනවා බ්‍රෝ

    ReplyDelete
    Replies
    1. බුකියේ මාව අනුභව කරන ගමන් මෙතැනටත් ආවද බං මම නම් වෙනස් කරයි නම තඩි ඌරා

      Delete
  2. අපූරුයි කිබුලී.. කල්පනා කළාට පද පේලියක් ගැටගහහගන්න බැරි උනා..

    ReplyDelete
  3. කෙල්ලො ගාණක් සැට්ටුණත්
    තාමත් කෙල්ලෙක් නැති එකත්
    ප්‍රේමය...
    ඕයේස්

    ReplyDelete
    Replies
    1. ඔය ලිව්වේ එකක් අනේ බං

      Delete
  4. ප්‍රේමය, අනේ මම නම් මුකුත් කියන්නේ නෑ..

    ReplyDelete
  5. යෞවන ප්‍රේමය ගැන මං අපූරුම නිර්වචනය දැක්කෙ ඇටමැස්සා පොතේ...

    //කොණ්ඩා කරලක් පිට දිගේ වක් කරගෙන පුංචි කැත කෙල්ලක් ව සිටි අවධියේ දීත් මම ඔයාට ආදරය කළෙමි.තවමත් මම ආදරය කරමි... එපමණයි ආදරණීය ප්‍රියාදරිය..
    එවිට මම ජීවත් වුවත් මිය ගියත් වාසනාවන්ත මැස්සෙක් මි.//

    ඒ යෞවන ප්‍රේමය.ගෞතම බුදුන් වහන්සේ ප්‍රමුඛ ශාස්තෘවරු ඊට වඩා පුළුල් අරුතක් ප්‍රේමයට ලබා දීලා තියෙනවා.. එකිනෙකාටගෙන් එකිනෙකාට වෙනස් වෙන සංවේදනයක්..

    ReplyDelete
    Replies
    1. ඇට මැස්සා තවම හොයා ගන්න බැරි වුනා කියවන්න ලස්සන පොතක්ලු බොහොම ස්තූති වැසි නංගී

      Delete
  6. ප්‍රේමය ලොව හැම තැනම ඇති
    සැම දෙනටම හමු වෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හද්‍රනා ගත් කිසිවකුත් නැති....

    ඔන්න ඉතින් අපි නම් දන්නේ නෑ ඔය ප්‍රේමය කියන එක ගැන

    ReplyDelete
    Replies
    1. මට ඔය සින්දුව මතක් වුනා මේ පෝස්ටුව ලියද්දී ... අන්න අන්න මනෝ කොලේ වහන්න යනවා හිකිස්

      Delete
  7. ඉවරයක් නැති
    කතා ගොන්නකින්
    කන පිරවීමකි
    ප්‍රේමය

    ReplyDelete
  8. හරිම ලස්සනයි කිබුලි. :)

    ReplyDelete
  9. //කියන්නට බොහෝ දේ
    ඇති තැනක
    මුණිවත රැකිමකි
    ප්‍රේමය...///

    ඇත්තටම ඇයි එහෙම වෙන්නේ?? :)

    ReplyDelete
    Replies
    1. මුණිවත ‍රකින්නම වෙනවා පෙම් කොරද්දි හැක්..

      Delete
  10. රිදවන බව
    දැන දැනත්
    ආදරය කිරීමයි
    ප්‍රේමය...

    ReplyDelete
  11. මාතලංගේ සංස්කුරුතිය වගේ.. එළ කිඹුලි..

    ReplyDelete
  12. ප්‍රේමයට
    මරණයක් නොමැත!!


    මට ඊට වඩා දෙයක් හිතා ගන්න බෑ...ඇත්තම ප්‍රේමය හිතේ ඇති වුනාම ඒක කවදාවත් මැරෙන්නේ නෑ..පර්මන්ට් මාකර් එකකින් ලියපු මොනාම හරි වගේ තියෙනවා...

    වෙන කෙනෙක් ඇවිත් හදා ගන්නේ හිතේ වෙනම ඉඩක්..කලින් කෙනාගේ ඉඩ එයාට ගන්න බෑ..ඕක නෙහ් ඇත්ත!

    ReplyDelete
    Replies
    1. මල්ලිගේ කතාවට නම් එකගයි.. ස්තූතී

      Delete
  13. හිත පතුලේම හිරවෙන
    කෙවි කෙවී රිදුමන් ගේන
    රිදෙන මුත් රිදුමම පතන
    අමුතුම විඳවුමකි ප්‍රේමය...

    ReplyDelete
  14. මට මතක් වෙන්නේ මේ සින්දුව

    ප්‍රේමය ලොව හැම තැනම ඇති
    හැම දෙනාටම හමු වෙලා ඇති
    එනමුදු ප්‍රේමය කීමයි කියා
    හඳුනා ගත කිසි කෙනෙකු නැති

    ReplyDelete
    Replies
    1. මනෝට වගේ බොටත් මතක් වුනේ ඔය සින්දුව එහෙනම් ;)

      Delete
  15. අයිති කර ගන්නකං අගේ ඇති..
    ලඟට ගත්තම අගයක් නැති..
    ඇතුවත් බැරි නැතුවත් බැරි මහ විකාරයකි..
    ප්‍රේමය..

    ReplyDelete
    Replies
    1. අන්න අලුත් අදහසක් වරහන් ඇතුලේ හිටු නෝනට කියන්න හිකිස්

      Delete
  16. අප්පෝ ප්‍රේමය ගැන මම කතා කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි උන්ට ඔට්ටු නෑ ;)

      Delete
  17. අහෝ ප්‍රේමේ..

    ReplyDelete
  18. නොලැබෙන බව
    දැන දැනත්
    රැක ගැනීමකි
    ප්‍රේමය...

    සුන්දර ගෙත්තමක් අක්කණ්ඩි!

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!