ගිය සතිය පුරාවට අපේ රටේ මිනිස්සුන්ට වෙච්ච දේවල් වලට පිටරටක ඉදන් හුල්ලන්න වෙන එක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හැගීමක්... ලංකාවෙන් ඈතක ඉදන් අවතැන් වෙච්ච අයට උදව් කරන්න මුල්‍යම ආදාර දුන්නට ශ්‍රමයෙන් මොකුත් කරන්න බැරි වෙච්ච එක ගැන මොකක්දෝ මුසල හැඟීමක් හිත මෝදු වෙලා තිබුනේ...ගිය ටිකේ උදේ ඇහැරිච්ච ගමන් කලේ නිව්ස් ෆීඩ් බලනවට වඩා ෆේස්බුක් එකෙන් දැන් මොකද වෙන්නේ කියලා හොයපු එක .....
හිතට වැදිච්ච ටික මෙහෙම ලියන්න හිතුවා.....
අරණායක පස් කන්ද නාය යද්දි යට උනේ අපේම උන් ,පහුවෙනිදා ආමි එකෙන් වැස්ස නොබලා ගොඩ ගත්ත මැටි පාට මළකඳන් (දරැවෝ වැඩිහිටි බඩදරැ අම්මා )ඇහැ තෙත් කරේ ජාති බේද නැතුව , දරැ ගැබ පරිස්සම් කරන්න කුසට අත තියන් මියැදුන අම්මා දකිද්දි ඇස් රතු කරන් මතක් වුනේ ටික කාලෙකට කලින් මම ලියපු ලතින් භාෂාවෙන් දෙවන පිරිහිම හෙවත් පොම්පේ නගරය මේ ලිපියේ තිබ්බ ලෝ දිය ගලද්දි තමන්ගේ කුසේ දරැ ගැබ බේර ගන්න මුනින් වැටිලා ඉන්න අම්මා ලෝ දියට ගල් වෙච්ච සිද්ධිය...
අපේම උන්ගේ කුස ගින්න,පිපාසය ඇතුළු මුලික අවශ්‍යතා සපුරන්න කඩවත මාලති අක්කා පුළුවන් විදිහට ප්ලාස්ටික් බෝතල් එකතු කරන් පිරිසිදුවට ලිං වතුර පුරවලා ලෑස්තී කරද්දි.... තව වුන් වතුර එකතු කරද්දී.... කොළඹ ෆාර්ෂාන් ඩිමෝ බට්ටෙක් අරන් ආදාර එකතු කරා..මාතර මැක්කු මල්ලී වතුරේ බැහැන් මනුස්සකම කරේ තියන් ජිවිත මහා ගොඩක් ගොඩට ගෙනාවේ උපන් දිනේට මනුස්සකමේ කේක් ගෙඩිය රස විදිමින්....ඒ අතර බෝට්ටු සැපයු අයත් හිටියා.... බත් පාර්සල් 50 ඉදන් 1000 වෙනකම් දුන්න අය ඉද්දී... ඇදුම් එකතු කරන්නත් කට්ටියක් අමතක කලේ නෑ...ගයාන්ලා ඉතාලි ඉදන් උදව් හොයද්දි රසිකලා විශ්වලා සුපර් මාකට් හිස් කලා ආදාර එකතු කරන්න ........නලින් අයියගේ පොඩි යෝජනාවකට කෝච්චියේ එන අයට බත් පැකට් එකක් වැඩියෙන් ගේන්න කියලා ඉල්ලුවම අතේ තියෙන බත් එක හරි දීලා යන්න අපේ රටේ උන් කොටසක් දෙපාරක් හිතුවේ නෑ ඉතින් බත් පැකට් වලින් ස්ටේශමේ බංකූ පිරෙව්වා ඒ එක්කම් අවතැන් වෙච්ච ගොඩක් අයගේ බඩ පුරවන්න පුළුවන් වුනා....කොටිකාවත්තේ ගෙදර උඩු මහලේ ඉවානයා පවුලේ අය,අසල්වැසී කීප දෙනෙක් එක්ක කොටු වෙලා කිව්වම බස්සී,සින්දු ඇනෝලා,චෙෆාකී,(මතක නම් ,තව අය හිටියා) උදව් ඉල්ලුවා.... බස්සි ළමයි වෙනුවෙන් අතහිත පටන් අරන් අකුරැ ඇහිදින්න යෝධ පිම්මක් තියද්දි හතර වටේ දන්න නොදන්න උන් එකට එකතු වෙලා සහයෝගේ දුන්නා, සමහරැ ගං වතුර ආදාර අරන් ගියේ කිඹුල්ලු ලගින වතුරෙන්.....,සිරිපාලලා,ශිවාලා අබ්දුල්ලා,ඇන්ටනීලා එනිනෙකාට උදව් කර ගත්තා... කතා කරලා අපිව බේරගන්න කියන්න බැරි... අපිට බඩගිනී කියන්න බැරි සුනඛයෝ,බළලුන් බේර ගන්නත් තවත් කොටසක් අමතක කලේ නෑ.... වෛද්‍ය සහය ලබා දෙන්නත් දොස්තර මහත්තයෙක් දෙපාරක් හිතුවේ නැති දසුනක් බුකියේ දකින්නට ලැබුනා...බේහෙත් හොයලා දුන්න අය,තව වෛද්‍යවරැත් හිටියා....මේ පහු ගිය සතියට දැක්ක බොහොම අපුරැ මනුස්සකම් ටිකක් තව මේ අතර නොකිය වෙච්ච අයත් එමට ඉන්නවා කියලා දන්නවා ඒ අයට අපි ස්තූතීවන්ත වෙන්න ඕනා.... පිං දෙන්න ඕනේ.... මොකද ? මම හිතන්නේ තිස්තුන් කෝටියක් දෙවිවරැන්ගෙන් බොහෝමයක් දෘශ්‍යමානව ලංකාවේ ඉන්නවා එහෙම ටික දෙනෙක් ඔය උඩ ඉන්නේ කියලා බය නැතුව මම කියනවා... ඒ අතර බොර දියේ මාළු බාපු හැතිකරේ නැතුවමත් නෙවේ උන්ටත් සොබා දවසක දඩුවම් දෙයි...(දේස+පාලුවන් ගැන කතා නොකරමි කව්රැ හරි ඌනපුර්ණය කරනු ඇතැයි සිතමි) නාලාකා වලින් කල සහයද අමතක නොකරමු..
ඒ අතර නොකියම බැරි දේවල් දෙකක් තියෙනවා ,ගොං පෝස්ටුවක් ලියු රටේ අනාගතය කරට ගන්න ඉන්න මී හරකෙක් හා අසරණ වෙච්ච අයට ආදාර ඉල්ලන පෝස්ට් ඇතුලේ ගස් බලු කමන්ට් දැම්ම මී හරකෙකුත් දැක්කා...මතක් උනේ මෙච්චරයි "වන සියුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" කියලා විතරයි....
ඉතින්,
හෙට දවසේ කරන්නට ඉතිරි බොහෝමයක් දේ උන් වෙනුවෙන් ඉටු කරන්නට එකතු වී අත් වැල් බැද ගමු !!!!
මගෙ රටේ මිනිස්සු ගැන මේ තරමෙ ආදරයක් මට දැනිල නෑ කවදාවත්.
ReplyDeleteමටත් නංගී
Deleteඅපූරුයි ශානුවා!
ReplyDeleteතැන්ක් යු !!
Deleteඑහෙම තමා කිඹුලී අපි ලාංකිකයොනෙ.
ReplyDeleteලංකාව අන්න ඒකයි අනික් රට වල මිනිස්සුන්ට වඩා වෙනස්
Deletehttp://amagesihinasappuwa.blogspot.com/2016/05/blog-post_22.html?m=1
ReplyDeleteපුළුවන් නම් ගිහින් කියවලා උදව්වක් කළ හැකි අයව දැනුවත් කරන්න..
කිඹුලි සත්තලන් :*
මට පුළුවන් හැම දෙයක්ම කලා සත්තලම් ;)
Deleteනෙදකින්... අර වගේ සත්තු හැම තැනම ඉන්නවා බන්.
ReplyDeleteඅනේද කියන්නේ .. දැන් බොලා ලියන් නැතෙයි
Deleteඇත්තට අපේ මිනිස්සු ගැන ආඩම්බරයි....අහසෙ දෙයියො නෑ ජාති ජාති....
ReplyDeleteකරදරයකදී,ආපදාවකදී,විනාසයකදී ෆන් ගැනීම ආතල් ගැනීම සැපගැනීම ඉල්ලිම හා සෙවීම....අපේ සංකෘතියත් සදාචාරයත් මනුස්සකමත් එක්ක නොගැලපෙන දෙයක් කියලයි අපේ ගොඩක් දෙනෙකුගෙ අදහස හා විශ්වාසය....හැමෝම දුක් වෙන්ඩ ඕනෙ අඬන්ඩ ඕනෙ වැලපෙන්ඩ ඕනෙ...හිනාවෙන්ඩ බෑ....ඔන්න ඔතනයි අපි ඉන්නෙ...හැයි එහෙම සිටීම තුලින් බිඳ වැටෙන්නෙ අපේම ශක්තිය නේද අක්කෙ?මම ගියා කඳවුට්‍රකට එහෙ පොඩි එවුන් සෑහෙන්ඩ හිටිය...උන් සෑහෙන්ඩ අඬනව...බුස්කට් දෙනව කිරි දෙනව උන් නෙවෙයි අඬ එක නවත්තන්නෙ....මම අරන් ගියා උන්ට සෙල්ලම් බඩු ටිකක්..අප්පට උඩු ඒව දුන්න වෙලේ ඉඳන් අඬන්නෙත් නෑ මොකුත් නෑ...හරි සතුටින් සෙල්ලන් කරා....දන්සලක් තමන් දෙනවනන් දෙන්ඩ ඕනෙ...කාටවත් බල කරන්ඩ බෑ ඒක දෙන්ඩ එපා ඒ ටික අවතැන් වූවන්ට දෙන්ඩ කියල...ඒක ඇත්තටම වැඩක් නැති දෙයක්....හැබැයි ඒ වගේම කාටවත් බෑ දන්සල් නෑ කියල පුක උඩ දාගෙන කෑගහන්ඩ...මොකද දීම නොදිම උන්ගෙ කැමැත්ත.....අරජංජි පොරට මොකටද දන්නෑ ඇඳපුව....
කාටම හරි කරදරයක් වුනාම සංවේදී වෙන්න බැරි මිනිස්සුත් ඉන්නවා මල්ලී..හැක් ඒක ඒ මනුස්සයගෙන් තමා අහන්න ඕනේ ;)
Deleteපුලුවන් විදිහට කරමු !!!!!!
ReplyDeleteඅනිවා
Deleteඉතින් කවදාවත් නොදුටුව දෙයියන්ටවත් කරන්න බැරි වෙච්ච රටේ එකමුතුව සොබා හරි අපුරැවට එක්සේසත් කලා....ජාතී,ආගම්,කුල වත්පොහොසත්කම් ඔක්කොම ගං වතුරට යට වෙලා මිය යද්දී මනුස්සකම ගොඩට ආවේ මහා අපුරැවට කියලා අපි හැබැහින් දැක්කා...ඒත් ගංවතුර බහිනවා.....ඒ එක්කම මනුස්සකමත් බැහැලා යයි කියලයි මට බය...
ReplyDeleteමටත් බයයි . ඒත් ආඩම්බරයි මේ දක්වා අපේ මිනිස්සු කරපු හැමදේම ගැන.....
ඇත්තමයි මෙතු අපේ උන් මාර සංවේදී ඒ අතර හෝතඹුවොත් නැතුවම නෙවේ
Deleteලාංකිකයෝ ගැන අමුතුවෙන් කියන්න ඕනද.
ReplyDeleteහැබැයි පැත්තක ඉදලා කාලකණ්නි දේශපාලුවෝ ඉස්සරහට ළකුණු දාගන්න ගියාම තමයි මනුස්සකම් දෙපිටින් යන්නේ.
අපේ ඕන පක්ෂයකින් වැඩකට ගෑවුනොත් එතන අසුචී ගොඩක් වෙන්න ගත වෙන්නේ බොහොම ටික වෙලාවයි බං
Deleteගං වතුරෙන් ලංකාවේ මිනිස්සුන්ගේ එකමුතුව වගේම හෙළුවත් පෙනුණා...
ReplyDeleteඅන්න ඒක නම් මසුරන් කතාව
Deleteකළ නොකළ බොහෝ දේ අතරේ කළ නොකළ බොහෝ අය අතරේ මිනිස්සුන්ට හිතන්න ලියපු මේ වචන ඔබට මග හැරුණු ශ්‍රමයේ වටිනාකම ට වටිනා කමක් එකතු කරනවා. හිතට දැනෙන්න කථා කරන්න ලියන්න හැමෝටම බෑ ඔබට වගේ
ReplyDeleteබොහොමත් ස්තූතී ... කල හැකි දේ කලා බුද්ධී ඒ ගැන සියුම් සතුටක් හිතේ තියෙනවා
Delete