පොඩි උන් ඒ මේ අත දුවලා පැනලා සෙල්ලම් කරද්දී මතකය ඇදුනේ අතීතයට එතකොට මට අවුරැදු 3 යි මාව අවුරැදු දෙකක් ළදරැ පාසලේ තිබ්බා..මම තරම් ළදරැ පාසල් යන්න හොර හෙරක් තවත් හිටියේ නැතුව ඇති,අම්මා ළදරැ පාසැලේ මාව දාලා යනකොට යටි ගිරියෙන් කෑ ගහලා අඩපු හැටි අදටත් ගුරැතුමී මතක් කරන්නේ හීන් හිනාවක් මුණේ රද්දවගෙන...ඒ දවස් වල මගේ ඇඩිල්ල නවත්වන්න බැරි කමට අපේ පප්පා(අම්මගේ තාත්තා) මට පේන මානෙක් ඇන තියන් ළදරැ පාසල ඉවර වෙනකම් ඉන්නවා...
ඊට පස්සෙ මාව පුට්සයිකලේ පැඩල් එක උඩ චූටි කකුල් දෙකෙන් හිටවලා කිලෝමීටරයක් විතර දුර තල්ලු කරන් ගෙදර ගේනවා ළදරැ පාසල් යන කාලේ මම හිටියෙම පිරිම් ළමයි එක්ක ඒ දවස් වල මට හිතුනෙම මාත් අයි ආර් සී ළදරැ පාසැල් චන්ඩියෙක් කියලා හැක් ඒ තරම් නසරානී මං ;)
මේ දේවල් මතන් වුනේ මම ලංකාවට ආව පහු ගිය ටිකේ අපේ ගෙදරට ලැබුන සිගිති පොලක් තියෙන ආරාධනා පත නිසා... මමයි අම්මයි තැඹිලි වගේකුත් අරන් පුංචි අයගේ හිත් සතුටු වෙන විදිහේ ආදාරයකුත් කරලා ටීච එක්ක කතා කර,කර ඉද්දී ළදරැ පාසලේ විස්තර කිව්වා පොඩි අයට සිකුරාදා දවසට අයිස්ක්‍රීම් දෙන බව ටීච කිව්වා ඔය දේ හිතේ තියන් මායි අම්මයි ගෙදර ආවා
![]() |
යුනිෆෙේම් එක |
ගමේ ළදරු පාසලට එන්නේ බොහොම දුප්පත් ළමයි, දෙතුන් දෙනෙක් ඇරුනු කොට අනික් හැමෝම හරි අසරණ ආර්ථික අපහසුකම් වල ඉන්න ළමයි .. ලොකුවට යමක් කරන්න ලෑස්තියක් තිබුනේ නෑ මම ලංකාවට ආවෙත් හදිස්සියේ අම්මගේ අසනීප තත්වේ නිසානේ ඉතින් සිකුරාදා දවසක ළමයින්ට අයිස්ක්‍රීම් දෙන්න බාර ගත්තා...ළමයි 28ක් විතර ඉන්න ළදරැ පාසලේ එදා දවසේ හිටිය ළමයි 15කට විතර අයිස්ක්‍රීම් දුන්නා පොඩි උන් හරි ආසාවෙන් අයිස් ක්‍රීම් කෑවා ඒ කාලා ඉවර වෙලා පොඩි උන් සෙල්ලම් කරන් තැනට වෙලා ඉද්දි පොඩි කොලු පැට්ටෙක් ඇවිත්
"අම්මා ඕනේ" කිව්වා
පස්සේ ඉතින් දන්න විජ්ජා දාලා කොලු පැටියව ෂේප් කර ගත්තා ඒ කොලු පැටියගේ අම්මා මගේ එක්ක ළදරු පාසැල් ගිය කෙනෙක් ඕන් බලන්න ඉතින් ඒකෙත් හැටි...
.
තව පොඩි පිරිමි ළමයෙක් හිටියා ටීච නම් කිව්වේ ඒ ළමයා හරි දක්ෂ බවත් ශ්‍රවන දෝෂයක් නිසා කතා කරන්න බැරි බවත් ඒත් මම ලගට අරන්
"අයිස් ක්‍රීම් රසද "අහද්දී
ඔළුව හොල්ලලා ඔව් කිව්වා ....
ඒ දරැවා ඇත්තටම පව් ටීච කිව්වේ අම්මයි,තාත්තයි හැම මාසෙම ක්ලිනික් අරන් යනවලු බෙහෙත්හේත් කරන්න ..අපි ඒ දරැවට ඉක්මන් සුවය පතමු ...ලංකාවේ ඉදිය නම් යමක් කරන්න තිබ්බා ඒත් බලමු ඉදිරියට....
ඉතින් චන්ඩී බන්ඩී අතර සපත්තු කූට්ටමක්වත් නැති ළමයිනුත් නොහිටියා නෙවේ... ඒත් අපි ළදරැ පාසල් යද්දී අපි ඇන්දේ පාට ඇදුම් දැන් ළමයින්ට එක වගේ යුන්ෆෝම් තියෙන එක නම් සතුටට කාරණාවක්... අපේ කාලේ එක්ක බලද්දී ගමේ ළදරැ පාසල යම් කිසි මට්ටමක ඉදිරියෙන් තිබිමම සතුටක්....කොහොම නමුත් ඊ ලග පාර ටිකක් ලොකු යමක් කරන අදිටනින් තමා ළදරු පාසලෙන් පිට වුනේ..
![]() |
අයිස්ක්‍රීම් බෑග් |
![]() |
පොඩ්ඩෝ අයිස්ක්‍රීම් කන ගමන්. |
![]() |
එදා හිටිය පොඩ්ඩෝ ටික |
![]() |
චන්ඩි බන්ඩි සෙල්ලම් කරනවා. |
ඒ පිට වෙලා එන වෙලේ පුංචි එව්වෝ
"තෑන්ක් යු ඇන්ටී" කියලා
යටි ගිරියෙන් කෑ ගහපු හැටි ළදරැ පාසැල් පින්තූර බලද්දී කන් දෙකේ රැව්පිලි
රැව් දෙන අතර හිතට දැනෙන සතුට විස්තර කරන්න මට වචන මදී.....
![]() |
අන්තීම මොහොතේ "තැන්ක් යු "ඇන්ටි කියලා කෑ ගහන පොඩි අය |
"තැන්ක් යු "ඇන්ටි
ReplyDeleteහරිම ශෝක් ශානු...
ReplyDeleteඔයාගේ හිතට කොයි තරම් නම් සතුටක් දැනෙන්න ඇතිද කියලා අපිට මේ පින්තූර ටික බැලුවහමම හිතා ගන්න පුළුවන්...
ඇත්තටම කිබුලි අක්කේ.... මගේ හිතත් ඇදිල ගියා චුට්ටිම කාලෙට..... මම මොන්ටිසෝරි 02 කට ගියා...... ගොඩාක් මතකයන් තියෙනව.......
ReplyDeleteඒ මතකයන් අලුත් කරාට බොහෝම ස්තූතියි.....
කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. අක්ෂර වින්‍යාස වැරදි නිවැරැදි කරනවා නම් හොඳයි. ළදරැ, දරැවා, යන වචන, ළදරු, දරුවා, යනුවෙන් නිවැරැදි කරන්න. සිගිති යන්න සිඟිති ලෙස සකසන්න, යුනිෆෝම් යන වචනය නම් ලිවීමේ දෝෂයක්.
ReplyDeleteතැන්කියු ආන්ටි... ෆොටෝ දැක්කම ආසාවේ බෑ..
ReplyDeleteමම නම් කොහොමත් වැඩියෙන් කාලේ ගෙවන්නේ පොඩි එවුන් එක්කනේ.
ReplyDeleteඅපරාදේ උඹට තැන්කිවු කිඹුලි ආන්ටි කියන්න පොඩි එකෙක් හිටියේ නැද්ද?
හොද වැඩක්...
ReplyDeleteපුංචි දරුවෝ එක්ක එක මොහොතක් ගත කලත්, එයින් ලොකු සතුටක් ලැබෙනවා...එයාලගේ ප්‍රතිචාර මවා පාන දේවල් නෙවේ...ඒ නිසා වෙන්න ඕනේ පුංචි දරුවන්ව හදවතින්ම විඳින්න පුළුවන්...
ReplyDeletegood job dr
ReplyDeleteමටත් අයිස්ක්‍රීම් එකක් ලැබුනා වගේ සතුටක් දැනුනා :)
ReplyDeleteහොඳ කිඹුලි ඇන්ටී.....
ReplyDeleteසමාවෙන්න එන්න පරක්කු වුණාට හොඳේ.
ඇත්තෙන්ම නියම වැඩක්..... මේ වගේ දේකින් ලැබෙන සතුට වෙන දේකින් ගන්න බෑ....... අවංකවම.......
ReplyDeletewell done.....:):)
ReplyDelete++++++++
ReplyDelete