දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය කියන්නේ කෙටියෙන්ම කිව්වොක් මගේ පාසැල් ජීවිතේ අන්තිම කාලෙදී හිතේ දුකට බේත් දැම්ම ගායිකාවක් වගේම බොරළු ඇනෙන පය රිදවන, කවිය ඔබ කී ඇය ... සරෝජා මගේ දෝණියේ කියලා .... මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද අහලා... හුදකලා වෙච්ච පෙම්වතාණෙනි අමතපු කාලෙක... එක කුඩේ මදි වෙච්ච ආදර කතාවක් මුමුණලා....මට කඳුළු එන්න කලින් මා දමා යන්න කියලා අයැද මේ ප්‍රේමයේ සැඩ කුණාටුවක් කියලා රසික හදවත් වික්ෂිප්ත කෙරු ගායිකාවක්.... විරහ රස රසක්ම යැයි කීමට හැකී ගීත කෝකීලාවක් මා සිත හැදී ඇත් නම් ඒ ඇයයි... හිතේ දුකක් ඇති වෙද්දී සියුම් ස්වර තතු වලින් මෘදු මොලොක් ලෙස හිත පිරි මැදිය හැකි කෙනෙක් වේ නම් ඒ ඇයගේ මිහිරි හඬ මිස වෙන කිසිත් නැති.....
ඉතකින් ඇය වෙනුවෙන් මෙසේ ලියා තබමි...
ජීවිතේ අඳුරුම කාලයක් එන්නේ කරපු ගොංකම් වලට ඇරියස් කවර් කරනවා වගේ ආදරය නාමයෙන් බැට කාලා,බැට කාලා ජීවිතේ අමු තිත්ත වුනාම හැමදාම අසරණ වෙන්නේ ගෑණු හිත.... ලැජ්ජාව.... කඳුළු... කලකිරිම හැමදාම ඉතිරි වුනේ ගෑණුන්ට ඒක තුන් වෙනි පන්තියේ රටක ඉපදෙන ගෑණියෙක්ට දරන්න වෙන දරන්න අමාරුම දෙයක් සහ දරන දෙයක්
ජීවිතේ කෑලී කපා ගන්න පුළුවන් විදිහට අඳුරු වෙලා තියෙද්දී ගෑණු අපි කවදත් බයයි කලා මැදිරි එළියත් කවදා හරි අඩපණ වෙන පොඩි බැටරි කෑල්ලකට අමුණපු නිතර පරිපථ විසන්දි වෙන ලයිට් කැල්ලක් වෙන්න ඇති කියලා...
ඒ වගේම ඈතම ඈත පේන කලා මැදිරි එළි වගේ දිලි දිලී නිවෙන ප්‍රදීපාගාර එළියකට පුළුවන් අතරමන් වෙලා ඉන්න මුහුදු රුවලකට ජීවිතේ හොයාන ගොඩබිමට එන්න
පාර කියන්න..
ඔබ එළියක් දී සෙවනැල්ලක් දී
මට මා කව්දැයි කියා දුනී
හිතුවට වැඩියෙන් සුවිසල් මා දෙස
කුරා කුහුඹු මම බලා ඉමී
කවදාවත් ජීවිතේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැති වෙච්ච අඳුරක ගිලිලා මට මන් කව්ද කියලවත් හිතා ගන්න බැරි තැනක ඔහේ පාවෙද්දි මම'ම පයින් පාග පාග සෙල්ලම් කෙරුව ජීවිතේ ඇහිද ගෙන ඒ ජීවිතේ අළු දූලී ගස්සලා ඒ නිල් ඇස් වලින් සුපර් මෑන්ටත් නැති බලයක් දාලා එළියක් දීලා ජීවිතේ ජීවත් වෙන්න ආස වෙන්න.. නැති වෙච්ච ආත්මයම දෝත පුරා දීලා ජීවිතේ හිනා වෙන්න කියලා දුන්න නුඹ..........
ඔබ ළං වෙන විට හෙමින් කුඩා වී
එකවර මට මා අහිමි වුනී
ඒ මොහොතේ ඔබ මා තුළ කිමිදී
මගේ ආත්මය ඔබම වුනී
ඒ බැඳිම හිතා ගන්න බැරි තරමට දවසින ,දවස පියවරෙන් පියවර විශ්වාසය එක්ක දළුලන කොට දශම ගණන් අතීතයට මතක එකතු කරද්දි වර්තමානයේ ඉදන් අනාගතය ගැන හීන දකින්න ආස හිතෙන්න ජීවිතේ පිටු එකින් නෙක පෙරලිගෙන ගියේ නව කතාවක කතා පෙලක් වගේ...ආදරේ කරන්න කියලා දුන්නට ආදරේ කරන්න දන්නේ නැති මට ආදරේ මෙතරම් බව පෙන්නලා ආත්මයෙන් ආත්මය හොර රහසෙම හොරෙන් අරන් ගියේ මටවත් නොදැනම...ඒත් ජීවිතේ ඒ ආදරේ නාමයෙන් ආයෙත් හරි යන්න හරි වරදින්න හරි පුජා කරපු අමාරැවෙන් විසිරැනු හිතක් එකට එකතු කර ගෙන අසීමාන්තික විශ්වායෙන් රැක්ක රජෙක් සමාන නුඹ...
එක හුස්මක් ගෙන දෙකට බෙදා ගෙන
ඔබෙයි මගෙයි පණ නල රකිමි
ඔබේ සෙනෙහස හැර අන් කිසිවක් නැත
ඔබේ හදවතින් දිවි ලදිමී
ප්‍රේමයෙන් මුසපත් වීම නම් මෙයම යැයි විශ්වාස කරන්න පටන් ගත්තේ ඒ සුවිසල් හිතෙන් මේ හිත අහිංසකව රැකගෙන ආ දුර දිහා ආපහු හැරිලා බලද්දි..හුස්මක් දෙකට බෙදා ගන්න තරම් ජීවිතේට ඔය ජීවිතේ ඇලිලා කියලා දැනෙද්දි දෙකට නොබේදාම ඔය පෙනහළු
ඇතුලටම මගේ හුස්මත් දෙන්න තරම් බැඳිලා ඉන්නේ ජීවිතේ ජීවත් වෙන්න ඔය හුස්ම පිම්බ ආදරය නිසාමයි..ජීවිතේ දැන් ඉතින් ජීවත් වෙන්නෙත්,මියැදෙන්නෙත් ඔය හිතම නිසා කියලා හිතෙද්දි ඇස් කොනෙන් නොදැනිම කඳුළු පනින්නේ
ඇතුලටම මගේ හුස්මත් දෙන්න තරම් බැඳිලා ඉන්නේ ජීවිතේ ජීවත් වෙන්න ඔය හුස්ම පිම්බ ආදරය නිසාමයි..ජීවිතේ දැන් ඉතින් ජීවත් වෙන්නෙත්,මියැදෙන්නෙත් ඔය හිතම නිසා කියලා හිතෙද්දි ඇස් කොනෙන් නොදැනිම කඳුළු පනින්නේ
නුඹත් හරියට ප්‍රදීපාගාරයක් වගේ නිසාමයි හරි පාර කිව්වට හැමදාම එළියක් දුන්නට , ආත්මයේ ගිලා බැස්ස ආත්මයක් තිබ්බට...කවදාවත් අයිතී කර ගන්න බැරි නමුත් ජිවිතේ ජීවත් කරවන ඔය ආදරේ නිසාම ජීවත් වීමේ උන්මාදයෙන් කිසිදාක හැර නොයන ලෙසට ප්‍රේම කරනු මිස නුබෙන්ම දිවි ලද ජිවිතය නුබට පුදනු මිස තව
කිසිත් මට උවමනා නැති...
මෙතැනින් ගීතය රස විදින්න
මාර ප්‍රභල ගීත සංකල්පනාවක්නේ... මාව මොකද්දෝ වෙලා ගියා... නියමම නියමයි!
ReplyDeleteමේක අලුත් ගීතයක් වෙන්න ඕනේ... ස්තුතියි නිමක් නැතුව
ඊයේ තමයි සින්දුව ඇහුවේ. මම නම් කියන්නේ පදරචකයාට ලොකු අසාධාරණයක් වෙලා වගේ. සංගීතයෙන් හෝ හඬේන් අවශ්‍ය කරන සපෝට් එක ලැබිලා නැහැ කියලයි මට හිතෙන්නේ.
Deleteමේ ගීත රචනාවේ හැඟීම් ගන්න ඕනේ වෙන්නේ 'ඉකි ගසා හඬන' වගේ සින්දුවක වගේ තියෙන සංගීතයක්. ලොකු වේරියේෂන් එකක් තියෙන, විචිත්‍ර සංගීතයක් ඕනේ. කියන්නෙත් බොහොම ෆ්ලැට් විදියට. අපරාදේ අප්පා.. මම සංගීතය දන්නා කෙනෙක් නොවන හින්දා මෙහෙම කියන එක අසාධාරණ ඇති. නමුත් ගීත රචනාවේ මම හිතපු ශක්තිය හීන වෙලා දැක්කහම දුක හිතුනා.
මේ ගීතය ටිකක් පරණයි .දීපිකා මහත්මියගේ මුල් කාලේ ගැයුමක් වෙන්න ඕනා..මං හිතන්නේ මේ ගීතය රසික හදවත් වලට නොදැනිම සැගවුනේ ලිඛිතා කියන සාදාරණය ඉෂ්ඨ නොවිච්ච නිසාම වෙන්න ඇති... බොහොම ස්තූතී අදහස් වලට
Deleteමුල් කාලේ? හත්වලාමේ 'බොරළු ඇනෙන' සංගීතය පවා මීට වඩා විචිත්‍රයිනේ! එයාගේ තිබ්බ තැනට සිංදුව ලැබුනා වෙන්න පුළුවන්.
Deleteමම නම් හිතන්නේ අසාර්ථක වෙලා තියෙන්නේ සංගීතය සහ තනුව. මම ආසයි ඒ පරිකල්පන විදියට. ඒ හින්දා වෙන්න ඇති මට මේ තරම් දුක. හ්ම්ම්....
ආසියාවේ අච්චාරුවට තුන් වෙනි පන්තියේ රටක් කීම නම් වැරදියි
ReplyDeleteකටක් ඇරලා අච්චාරැව කියන්නේ කෝමෙයි දෙයියනේ... පුරවැසිභාවය මාරැ කරාමවත් බලමු ;)
Deleteසියවෙනි ලකුණ හයේ පාරකින්ම.. ජයවේවා!
ReplyDeleteපට්ට ලිරික්ස් ටික.. ඉයර් ෆෝන් එකක් ගහගෙන තනියෙම අහන්න ඕනි..
මෙයැයි ඊයේ මැච් සිහියෙන් දැම්ම කමනටුවක්ද කොහෙද?බොහොම ස්තූතී අයියා මාමේ
Deleteමැච්.. කවුද ඩෝ මැච් බලන්නේ.. අපහාස කරන්නෙපා නඩු දානවා හරිය.. "සියවෙනි පෝස්ට් එක ලෙස ඉතාමත් හොඳ ලිපියක් පලකොට තිබේ, සුභ පැතුම්!" ඔන්න අමුවෙන්ම ලියලා දැම්ම.. මැටි කිඹුලී.. හැක් ..
Deleteඅලුත් එකක් නේද? අද තමයි ඇහුවේ. කිඹුලි දැක්කෙත් කාලෙකට පස්සේ
ReplyDeleteනෑ සයුරි පරණයි ඒත් එලියට නො ආපු සින්දුවක්
Deleteවිල් තෙරේ කිඹුලියේ
ReplyDeleteසටහනේ රහ ගුණ තියේ
සියයකට බෙර හඬ වැයේ
සුභ පැතුම් මෙලෙසින් තියේ.....
ජයවේවා!!!
බොහොම ස්තූතී දුමින්ද ඒ පැත්තෙත් ගියා මං
Deleteශානු අක්කා අාය ලියනවා දකින්නත් සතුටුයි
ReplyDeleteහුඟ කාලෙකින් තමයි මාත් බ්ලොග් පැත්තේ ගොඩ වැදුනේ පරණ පුරුදු අය දැන් හුඟක් අඩුයි නෙව
ලිරික්ස් ටික නම් හිතට වැදුන සිංදුව කොහොමද බලමුකෝ
ආයෙත් එන්නං එන්නම් දිගටම එන්නයි හිතාගෙන ඉන්නේ බලමු
ජය වේවා
ස්තූතී මල්ලී ... ඔව් අලුතින් ලියන අය ගොඩක් ඉන්නවා ...දිගටම ලියන්න හිතන් ඉන්නේ ..එන්න එන්න
Deleteඅම්මෝ ආදරේ නම්.. මම කතා කරන්නේ නෑ..
ReplyDeleteඒ මොකද පොඩ්ඩෝ
Deleteඑන්න ටිකක් පරක්කු උනා .. සීයට සුබ පැතුම් කිඹුලී...
ReplyDeleteසින්දුව නම් කලින් අහලා නෑ...
බොහොම ස්තූතී තුෂා... අහලා බලන්නකොි
Deleteසීයට සුභ පැතුම්...
ReplyDeleteසිංදුව අදයි අැහැව්ෙව්....4
ස්තුත්යි..
ජ ය ෙව් වා !1