Wednesday, March 7, 2018
105.ඇය
නුබේ නලලත මත කඩා ඉහිරුනු කැරලි කෙස් අතර දිව ගිය ඇඟිලි තුඩු කෙස් ගසින් ගස පිරික්සා නුබ දෙතොල් අතර සිරකර ගත් ප්‍රේමයක් තිබුන බව පසක් කරමි... භාවනාවක් සේ ලැමැද හිස හොවා හදවතේ ගැඹුරතින් ඇසුන ලබ්-ඩබ් ලබ් -ඩබ් හඬ ජීවිතයට ජීවය පොවා කිරි දරුවෙක් තම මවගෙන් ජීවිතය ඉගෙන ගන්නාසේ අතැඟිලි මත අතැඟිලි සිර කොට ඉගෙන ගත් කාලයක්ද තිබුනි.....
හදවතේ ඉපදුන ප්‍රේමය මුළු රැයක් පුරා නුබේ හදවතේ ගැඹුරුතම තැන සඟවා වෙහෙසකර වූ හිමිදිරි උදයන් වලට "තේ එක නිවෙන්න කලින් බොන්න" යැයි ඇසීමත් හදවත පුරා විදුලි රැහැන් බැද විදුලිය උත්පාදනය කරන හැඟුමකි. එමෙන්ම සාරි කටුව ගැසිමටත් ඉන් පසු මා විසින් පුද කෙරු හාදු වරුසාවට නුබ ලොබ බැදු බවද දනිමි.නුබේ ලෝබකම නිසාම ප්‍රේමයේ මතක සලකුණූ තැනිමට මා ලගදී අවනත වුයේ මහා විසල් දත් විලිස්සූ සි0හයෙක්ට නතු වු මුවැත්තියක් ලෙසය.
දින,සති අවුරුදු ගෙවුනි.මා සිටින්නේ ගිමන් හරින කාලයක යැයි සිතෙමි. නුබ නිසාම ඉපදී ජීවය ලබන්නටත් පෙර මියැදෙන කවි,ලියන මේසයේ අවට ඔහේ වැටිච්ච,වැටිච්ච තැන් වලය,සමහර කවි මේසයේ කොනක පණ අදිමින් කාලය ගත කරන බව නුබ තවම නොදන්නවා ඇති.
හිමි වෙන්නෙත් නැති අහිමි වෙන්නෙත් නැති ප්‍රේමයක ජීවිතය මුදුන් මුල් ඇතුළුව කේශ මුල් විහිදමින් දිනෙන් දින අපට ,අප නැතුව බැරි තැනකට පමුණුවා ඇත...මා සිතින් සිරගතව ඉන්නා තැන සිට නුබට ඉන්නට කියන්නටද යන්නට කියන්නද බැරිය .නැවතීම සහ නික්මයෑම නුබ සතුය.ප්‍රේමයේ හයිය මා සතුය.
_ශානූ_
S H A N U
දිය ගොඩ හැම තැන සැරි සරමින්...,
කාටත් කරදරයක් නැතිව...
මඩ කාලයි මෙතනට ආවේ...
Subscribe to:
Post Comments (Atom)
ප්‍රේමයේ හය්ය මා සතුය.. ලස්සන චවන!
ReplyDeleteඒ දවස්වල කිඹුලිත් අපේ පැත්තේ ඇවිත් ගියා මතකයි. හුඟ කාලෙකින් ආයෙ ආවේ. ආ ගමන් කියවන්න ලැබුණු සටහන අපූරුයි. සංකල්ප රූප පිරුණු ලියැවිල්ලක්.
ස්තූතී වැසි... පුතාගේ වැ එක්ක ලියන්න හොර වෙලා කෝම හරි ලියන්න ඕනා ඒ පැත්තේ ආවේ නෑ තමා ගොඩ කාලෙකින්
Deleteඌප්ස්.. ඇඟිලි අගින් කෙස් සීරුවට පිරිමදින ගමන් මගේම හදවතේ ලබ් ඩබ් හඬට කන් දෙන ගමන්.... කියැවීමි....!!!
ReplyDeleteහනේ හනේ ලව්මිත්ර
Deleteතඩි වැටක්
ReplyDelete