Wednesday, June 26, 2019

115.නමක් නැති කතාවක්

වේලාව පාන්දර 02.00යි කවුරුත් good morning කියනකම් නෙවේ බලන් ඉන්නේ...නින්ද යන්නේ නැති නිසා....නින්ද යන්නේ නැත්තේ මොකුත් නිසා නෙවේ හවසට කන පැලෙන්න නිදන නිසා...

ජීවිතේ හරි පුදුමයි.....ඊයේ හඳ පෙනිච්ච ජැනේලේ ලගම තමා අදත්....

ෆෝන් එකේ මැසේජ් බැලුවා...


"එයා ගියදෙන් මැණිකෙ 
ඉන්න ආපු කෙනෙක් නම් මේ කියවද්දිත්  ඔහේ එක්ක ඇති. 
මෙතන මේ වෙලාවෙ එයා ඔහෙ එක්ක ඔහෙ වෙනුවෙන් නෑ කියන්නෙ එයා ඉන්න ඇවිල්ල නෑ"

මේක කොයි කාලේ ආව  එකක්ද කියලා මම ලියන් නෑ ඒත් මේක මැසේජ් එකක් හොඳම යාළුවෙක් එව්ව....

මම හිතන් යන්නේ මෙච්චරයි.....
        මිනිස්සු හම්බ කර ගන්නවා කියලා අපි හොඳ නරක මිනිස්සු දෙගොල්ලම හම්බ කර ගන්නවා...හරියට හුරුල්ලෝ අල්ලන්න දැල දැම්මම සූඩයෝ සාලයෝ ඒ දැලේම පැටලිලා එනවා වගේ..... මිනිස්සු කාලා බලලා කියන්න බෑ ආශ්‍රය කරලා බලන්නම ඕනේ.....

"එයා පොරොන්දු කඩලා ජීවිතේ  හදා ගන්නව නම්,මම දුන්න පොරොන්දු අමතක කරලා මම ඉස්සරහට යන එක වැරදිද"

ඒ මම දේවාලෙකට (ඌ යාළුවෙක් ඈ) යැව්ව මැසේජ් එකක්...

"පොරොන්දු නම් මොනාද බං,මෛත්‍රීපාලත් දුන්නේ "කිව්වා...

සේරම ඉවර උනේ එහෙම....

ආ අමතක උනා .....

ඊට කලින් තව දෙයක් 

මට කට පුරා පණ කිව්ව කටින් එයා තව කෙනෙක්ට පණ කිව්වා මේ ඇස් දෙකෙන් එහෙම දෙයක් දැක්කට පස්සෙ තමා

සේරම ඉවර උනේ.....
විශ්වාසය බිඳුනෙත් එතන.....
හිත කැඬුනෙත් එතන....

මම ඒ හැම අතීත කතාවකටම ණය ගැතී....

ඇස් පෑදුවට....

මම දැනුවත්ව වැරදි කරන් නෑ සාමාන්‍යයෙන් ....මම එයාට සමාව දීලා ලඟට ගන්න හදපු හැම වෙලේම එයා කොලේ වහලා කරපු හැම බොරුවක් ඉස්මතු උනා...මගේ විශ්වාසේ කඩලා තව කෙනෙක්ගේ විශ්වාසේ රකින්න හදනවයි කියන එක විහිළුවක්...


මේ සමාජයේ ගොඩක්ම සිද්ධාර්ථ වගේ රඟපෑවට සිද්ධාර්ත වගේ වෙන්න බෑ....යශෝදරාලා වගේ ලෝකෙට පේන්න ඇක්ට් එක දීලා පත්තිනි සළු පොරෝ ගත්තට යට සායේ තුත්තිරි හංගන්නත් බෑ...


------------------------------------------------------------------------

මම මේ මොහොතේ සතුටින්ම ඉන්න ජීවියා වෙලා ඉන්නේ ....වෙච්ච කෙරිච්ච කිසි දේකට කාටත් වෛර කරන්නේවත්,තරහ ගන්නේවත් නැති නිසා....කාලය හැමදේටම තිබ්බ නම් බැඳීම් වෙනස් කරනවා...එයාට නැති උනේ මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් මට නැති උනේ මට ඕනම වෙලේ ආදරේ කියලා ඔප්පු කරන්නවත් බැරි තමන්ගේ සතුට වෙනුවෙන් මගේ අහිංසක හීන කඩලා බිඳලා දැම්ම...මගේ හැඟිම් තුට්ටු දෙකට දාලා ජීවිතේ නැති කර ගන්න තැනට ඇඳලා දාපු...මානසික පීඩනයක් දුන්න...හිස් චරිතයක්....

අවසානයෙන් ලියමි....
     ආදරේ කරන කාලේ අවංකව එයා ආදරේ කලා...ඒත් අවස්තාව  ආවම එයාගේ ජීවිතේ හදා ගන්න එයා ගියා...මගේ ජීවිතේ පයට පෑගෙන දූවිල්ලකට දාලා... මම තාම දන්නේ නැත්තේ ඇයි එහෙම කලේ මට කියලා විතරයි...

"මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කලාම ඒ මිනිස්සුන්ගේ සුන්දරකම් ආත්මය එක්කම විනාශ වෙනවා...ඒක මතක තියාගෙන ජීවත් වෙන්න "

19 comments:

  1. “I know it is a bad thing to break a promise, but I think now that it is a worse thing to let a promise break you.”
    ― Jennifer Donnelly

    ReplyDelete
  2. ඔයා සැලෙන්නෙපා කිඹුලි. ඕව ඉතින් ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. සැලුන කාලේ ඉවරයි පූවෝ

      Delete
  3. දාල යන්නේ අපිට හැදෙන්න ඉඩදෙන්න.එච්චරයි මතෝ.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව මේ කතාව නම් මල් හතයි ඈ

      Delete
  4. කමියාගේ බ්ලොග් එකේ බලපන් මම කොටස් දෙකක් ලියලා තියිඅනවා " නමක් නැති කතාවක්"..හැබැයි උබේ කතාවට වඩා වෙනස්

    ReplyDelete
    Replies
    1. මම ඒක දැක්කේ නෑ ....යකඩෝ

      Delete
  5. ඔය මහ විප්පයෝග දුක දැනෙන්නේ එහෙම දැනුන කෙනෙක්ට.. හ්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කියලා වැඩක් නෑ අප්පා

      Delete
  6. හැම දෙයක්ම චක්‍රයක්.
    ආගන්තුක>මිතුරු>සුමිතුරු>ප්‍රේම>විවාහ>ආගන්තුක

    ReplyDelete
  7. උබලා ලියන පොස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මම උත්තර ඩියල්ලකෝ බන්

    ReplyDelete
    Replies
    1. හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න, ( කෙමෙන්ට් එක උබට ව්වටින නිසා හැකි විදිහට කෙමෙන්ට් එකක් දැම්මා ) ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,( කෙමෙන්ට්න් එකට පිලිතුරු දෙන එක කෙමෙන්ටරට වටිනවා )අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ ( උත්ත්‍ර දුන්නේ නැහැ කියලා අපෙත් අහිතක් නැහැ ) මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....( මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා. ) සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්! ( සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්! )

      Delete
    2. තරහ ගන්ට කාරි නෑ අදයි ආවේ මේ පැත්තේ:) සීතල වතුර වීදුරුවක් බොමු

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!