මට ඔය පොඩි කාලේ ඉදන් තිබ්බ හැකියාවක් තමා හැකරැල්ලෝ, පනුවෝ, ගෙම්බෝ , ඒ වගේම කැරපොත්තෝ කියන්නේ කිසි ගේමක් නැතුව අතේ තියන් වත්ත වටේට සංචාරයක් දාන්න පුළුවන් සත්තු ටිකක් ඒත් මේ කිව්ව සත්තු අතරින් එපාම කරපු සතා තමා කැරපොත්තා.
ඔව් අපි අද කතා කරමු අතේ ගෑවුනාම වස ගඳක් එන ජරා කැරපොතු වස්තුව ගැන
ඉස්සර අපේ ගෙදර බාතෲම් එකේ ජනේලයක් වෙනුවට පොඩි කවුලු තියලා තමා බාතෲම් එක හදලා තිබ්බේ හැමදාම බාතෲම් එකට ගියොත් ශරිර කෘති ඉෂ්ඨ සිද්ද කර ගන්න වගේ එක සිප්පි කෑල්ලක් සයිස් කැරපොත්තෙක් හරි එනවා ...
ඔන්න ඔය දවස් වල මට මාරම උවමනාවක් තිබ්බා කැරපොතු සංහතියම නැති කරලා දාන්න, එක්කෝ උබලා එක්කෝ මම, ඕකුන් මා එක්ක මාර ඇරියස් එකක් තිබ්බේ ඒ දවස් වල , ඒ නිසාම දවසක් මම තීරනයේ කලා "එක්කෝ උබ , එක්කෝ මම" මිෂන් එක කරන්න
ඒ දවස් වල කැරපොත්තන්ට ගහන ස්ප්‍රේ එහෙම ආපු කාලේ "මෝටින්" හරි "බේගෝන් " හරි කඩෙන් අරන් ඇවිත් දරමඩුවෙන් පටන් අරන් වත්ත කෙලාවර තුත්තිරි යායට එනකම් ස්ප්‍රේ කරලා ටික වෙලාවකින් ඔය එන්නේ බල්ටි ද දා කැරපොත්තෝ ට්‍රම්ප් අප්පච්චි වගේ කැරපොතු ජනපද හොය හොය ස්ප්‍රේ ගැහැව්වේ , රංජන් බොසා සිංහල ෆිල්ම් වල fight කරනවා වගේ තමා එදා සෑහෙන්න කැරපොතු ප්‍රහාරයක් දියත් කරලා එදා අන්තීමෙට ඒ කනපිට හැරුන හැම කැරපොත්තෙක්ම අභාවප්‍රාප්ත උනා. කරන්න දෙයක් නැ වීරයෝ දිනනවා දුෂ්ඨයෝ පරදිනවා!
එදා වැටිලා වෙරි වෙලා හිටිය කැරපොත්තෙක් කිව්වේ මෙහෙම
අඩේ අඩේ අඩේ.... ( මන් පාටියකට යන්න නෙවේ යකෝ ඉන්න මුල්ලෙන් එලියට ආවේ උබලගේ හැසිරීම බලන්න- මීට පර්ෆියුම් වැදිච්ච කැරපොත්තා)😂😂

No comments:
Post a Comment
හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!