Saturday, March 9, 2013

08.මව්පිය වරම් ලැබ නේක දුක් විද ......

මව් වරම් ලැබ නේක දුක් විද
මේ ලොවට බිහි කර
නිදා නොනිදා නේක ආදර පිරි හදින් මා හැදු වැදු
මා සදාදර මෑණියනි..................
පිය වරම් ලැබ නේක දුක් විද
ලේ දහඩිය වගුරුවා මා කුස පුරවා උස් මහත් කර
සැමදා සැපෙන් පිරි දිවියක් උදා කර දෙන්නට වෙහෙස වු
මා සදාදර පියාණෙනි...................
නාස් පුඩු වෙතින් ගිලිහෙන
හුස්ම වාරයක් පාසා
මා ණයගැති
ඒ උතුම් වු කරුණා ආදරයට............






1 comment:

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!