Sunday, June 30, 2013

13.රෑ සමනල් රැගුම



උන්නේ මහන්සියට අළුයම කාරය නවතා  ගෝල්ෆේසියේ                                   නින්දේ
තට්ටු කරපු සද්දය ටක් ටක්  ගා නින්දද                                                                බින්දේ
දුටුවෙමි  ලදක් ලිප්ස්ටික් ගා කාරය අසලින්  උන්, මා මන                                     බැන්දේ
ඇසුවෙ ලිෆ්ට් එකක්ය ගෙදරට ඇයගේ, කොටුවේ                                                 මැද්දේ

     

                  හිරි කඩලා  අඩ නින්දෙන් සිහි                                   කැදවුයේ
                   නගින්න මිස් කියා සුක්කානම කොටුවට                   කැරකුයේ
                  නොදිටිමි ලද සගයා පසු පස සිටීයේ වැතරි                 සිටියේ
                  ඇදලා ගත්තේ ඇය බෑගයකින් අරවා,මේවා මම          දිටියේ





 දහඩිය දමා එලොවත් පොල් පෙනුනා  වාගේ වැඞකි මට                 වුයේ
මට නම් ඇය මගේ ලොකු න0ගි මෙන්                                          වුයේ
හොද ගති ගුණ ඇති මනසක් මට                                                   වුයේ
එබැවින් තිරිසන් ගති නැත                                                            වුයේ

                           
                            
                                සගයා වෙරි මතින් දිගටම  නින්දේ                         උන්නේ
                               ඇය වෙනුවෙන් ඇයගේ මිල මට                            දුන්නේ
                               අකමැති වු මම මෙලෙසින් බස                               දුන්නේ
                               නුඹට නෙමෙයි ආත්මයට, නුඹ මිල                         දුන්නේ



කොටුව වෙතට කාරය මම තවමත්                                    පැදවුයේ
සමනළිය නෙත්  පියාන ඉකි බිද, නෙත් යුග                       හැඩවුයේ
සමාවෙන්න යැයි ඇය මා                                                 ඇමතුයේ
ඇගේ  කතාවයි මුව ඇයගේ හෙලි                                     කරවුයේ

                   

                         ගම්බද ඉදන් රැකියාවක් සොයමින් නගරෙට පේ             වුයේ
                        ටික කලෙකින් සන්නාලියක්,කටුනායක පුර ඇය            වුයේ
                        දෙමවුපියන්,න0ගි,මල්ලි වෙනුවෙන් දිගටම පේ              වුයේ
                         මෙලසින් ටික දිනකින් ඇ අත මිට සරු                           වුයේ



හමුදා  බැරියරයක අයියෙක් න0ගිට දවසක් ලියුමක්                                දුන්නේ
න0ගි ලියුම කියවා අයියට හිත                                                               දුන්නේ
ටික කලකින් අයියට න0ගි. ආත්මය                                                       දුන්නේ
අයියා න0ගිට තනියට කලලෙක ප්‍රාණියෙකුත්                                        දුන්නේ

                 

                       දැන ගත් කල දරු ගැබකින් ඇය සතු යැයි                        අයියා
                      න0ගිව මග හැර ගියේ ලෙස්සා ආදා මෙන්                       අයියා
                      අමාරුවෙන්  න0ගි මුණ ගැසුනත්                                    අයියා
                      කලලය නැති කර දමන්නැයි උපදෙස් දුන්නේ                  අයියා


 කගවේනෙකු මෙන් කාලය ගෙවි යන්නට                              වුයේ
ගමට යන්නටත්  ඈ ලැජ්ජා                                                     වුයේ
අන්තීමෙදි හිත මිතුරන් අත,හිත දෙන්නට                                වුයේ
උදුවප් මසක ලස්සන කොලු පැටවෙකු ඇය හට බිහි                 වුයේ


                         සන්නාලිය ඉපැයු මුදලුත් ඈ හට මදි                                         වුයේ
                        ටික කලකින් දන්න කියන  උන්ගේ අවලම් හිත් හමු                  වුයේ
                        කිරි සුවදම පිරිනු ගෙදරත් සමනල් රැගුමන්                                වුයේ
                         අත මිට සරු වි මෙලෙසින් ඇ රෑ සමනල් රැගුමට හුරු                වුයේ

                     

රෑ සමනළියන් ඉගිලෙයි කොලොම්පුරේ ගේ කරගෙන             උන්ගේ
දුටුවෙමි රතදර සිරියා දුක් නැති නෙත්                                      උන්ගේ
බලමින් හිදි දැලක් දමන්නට තනිකඩ,දරු පවුල් හිමි                 උන්ගේ
හිතුවට දැන් මම දන්නෙමි වැරදුන තැන්,දිවියේ බර                  උන්ගේ

14 comments:

  1. එක වැරැද්දක් නිසා ජිවිතයම වරද්දාගෙන!

    ReplyDelete
    Replies
    1. ගැණු අසරන උනාම ඔලුව පාවිච්චි නොකර ජීවත් උනොත් ජීවිතේ වරදින්න වැඩි කාලයක් යන්නේ නෑ

      Delete
  2. හොද නිර්මාණයක් .

    ReplyDelete
  3. මේ වගේ කියවන හැමෝගෙම වගේ කතාවේ බොහෝ වෙලාවට වැරදුනු තැන පෙම්වතා. ඔච්චර ඕවා පත්තරේ යනවා, හැමෝම දන්නවා ඒත් මොකට අහුවෙනවද මන්ද. එක පාරක් යන්න කලින් හිතුවනම් හරිනේ !

    ReplyDelete
    Replies
    1. "ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්තනයි" ඔය ටික තෙරුම් ගත්ත නම් මේ වගේ ගෑනු හිත් ඉපදෙන්නේ නැත. ස්තූති!

      Delete
  4. කොටුවේ උන්නං චාටර් ඈ...! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොටුවේ අය විතරක් නෙවෙයි මල්ලි ඔය රස්සාවට අත්මෙම විකුණන හැමෝම චාටර් :)
      ජය වේවා!

      Delete
  5. හැමෝම කියන පොදු කතාවක් තමයි ඕක..... අනේ මංදා.... ඕව ඇත්තම හේතුද අනුකම්පාව ලබාගන්න කියන ඒවද කියලා...


    (බිංදුව අවුල්නේ 0)

    ReplyDelete
    Replies
    1. ඔය රැගුමේ යෙදෙන බොහෝ දෙනා පිරිමියෙක්ගෙන් මුල් අවදියේ රැවටුන අය .....සමහර කතා ඇත්ත වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
      (ම්ම්...... 0 අප්සෙට් )
      ආවාට කියෙව්වාට ස්තූති

      Delete
  6. පත්තර වල ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා මේවගේ දේවල්.මගේ යාළුවා හරි අපූරුවට මේ නිර්මාණය කරල තියෙනව..

    ReplyDelete
  7. ලස්සනයි අක්කේ '

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!