Thursday, September 5, 2013

16.ගාල්ල තියෙන්නේ නුවර එළියේද?

              මම,නලීන් සහ චුටි පුතාත්, අපි ලංකාවට යෑමට පෙර සිටම ප්ලෑන් කරේ නුවර එළිය යෑමටය.ඒ මන්දයත් ඒ වන විට අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් නුවර එළිය ගොස් නොතිබු බැවිනි.මටත් නලීන්ටත් තිබුනේ සති දෙකක නිවාඩු කාලයක් පමණක් වු බැවින් අපි එ දවස් 14ට කරන වැඩ හිතාගෙන ලංකාවට පය තිබ්බත් සමහර වැඩ නියමිත දිනට කර ගැනිමට නොහැකි වුනි. දවස් 14 නිවාඩුවට එක සෙනසුරාදාවක් හා ඉරිදාවක් උදා වුනි.මේ දවස් 2ක නුවර එළියේ යෑමට වෙන්කර තිබුනත් මගේ අසනීප තත්වය නිසා යෑමට නොහැකි වුනි.සදුදා මට තරමක් හොද වු බැවින් මමත්,නලීනුත්,චුටි පුතාත් ගාලු කොටුව බලලා බ්ලොග් ලියන නලින් අයියා දාපු මාදු ඔය ගැන විස්තරේ නිසා ඒ පැත්තෙත් ගිහින් එමුයි කියා අපි කතා කර ගත්තෙමු.
            අගහරුවාදා දින පාන්දර 4.30 ඇහැරුනු නලීනුත් මාත් ඇදපැලද චුටි පුතා එන තුරු සිටියෙමු.චුටි පුතාගේ පැමිණිමත් සමග අපි විසින් ලැස්ති කර තිබු වතුර බෝතල්ද නිකමට ගගක් සෙට් උනොත් නාන්න ඕනා කියා සිතු නලීනුත් මාත් වැඩිපුර ඇදුම් ඔබා ගත් බෑගයද කාරයේ ඩිකියට දමා අම්මාට යන්නම් කියා ඒමට සැරසෙද්දි අම්මා විසින් උදේ පාන්දරින් සාදන ලද තෝස පාර්සලයක්ද අපට ලැබුනි.කාරයට නැගුනු පසු චුටි පුතා පැවසුයේ ඔහු දවස් 2 කට ඇදුම් ගත් බවය.දැන් අපි ගමනේය.අපේ ගෙදර සිට හලාවත,කොළඹ හා කුරුණෑගල හමුවන තුංමන් හන්දියට ඇත්තේ කිලෝ මිටරයක දුරක් බැවින් සිත දෙගිඩියාවෙන් කොහෙද යන්නේ කියා නැවත සිතිමට විය.ගාල්ල ගාල්ල කිව්වාට තුන් දෙනාගෙම හිත නුවර එළි යෑමටය. තුංමන් හන්දියේදි නුවර  එළිය ගමන ස්ථිර විය.චුටි පුතා විසින් කුරුණෑගල පාරට  කාරය හරවන ලදී.
                        මා පිටුපස සීටියේ සුවසේ හිද ගුගල් රාජයාගෙන් පාරවල් සොයන ලදි.එකටම බලන්න තියෙන්නේ මොනවද කියල හිතද්දි මගේ හිතට එක විට ආවේ හරිෂණ මලයා නොහොත් රජාගේ පනාවිටිය අම්බලම පෝස්ට් එකය.මම  අම්බලමේ විස්තර කියන ගමන් ගුගල් රාජයාගෙන් පනාවිටියට පාර සොයන ලදි තව පැය බාගයකින් පනාවිටිය යන්න තියන නිසා පොඩි බයිලා පාරක් අපි දාගෙන සිට මිනිත්තු 20 කින් මැප බැලුවේය.මැපේ හැටියට අපි අම්බලමට හැරෙන පාර පහු කර ගොස්ය. පාර ඇසිමට උදේ7.30 පාරේ බලු බල්ලෙක් නැත. යන්තමින් කාරය හැරවිමට නතර කල තැන ගෙදරක දත කට මදින අයියා කෙනෙක් දුටු චුටි පුතාත් නලිනුත් පනාවිටිය අම්බලමට යන පාර විමසුවේය

චුටි පුතා: පනාවිටිය අම්බලම කොයි හරියේද අයියේ
අයියා: අයියෝ මල්ලි ඔයාලා පහු කරන් ඇවිත් නේ
චුටි පුතා: ෂැක්..... ඇත්තද?

අයියා: ආපහු ඔය කන්ද බහිනවා එක්ක දකුණු අත පැත්තේ තියන මෝටර් සමාගම ලගින් හැරිලා යන්න.......... ඇයි මල්ලි මොකක්ද විශේෂත්වය.

නලීන්:නෑ අපි මේ බලන්න කියලා.
  
   මට පිටිපස්සේ සිටියේ සිට් මැරෙන්ඩ හිනාය

මම: හිතුවද දන්නේ නෑ ඔයාලා සරණාගතයෝ කියලා.....හි....හී.හි.....හි

 චුටි පුතා: ඇයි යකෝ අම්බලම අහද්දි මු විශේෂත්වය අහන්නේ .... අපි ගිහින් තියෙනවැ ඕක ගැන කියන්න...ආච්චිගේ රෙද්ද
          
                    චුටි පුතා  නැවත ආපස්සට යැමට කාරය හරවන ගමන් කියන ලදී
   

        කන්ද බහිනවාත් සමග පනාවිටිය අම්බලමට හැරෙන පාරට කාරය හරවා අපි දිගටම ගියෝය.ඒ වන විටත් අම්බලමක් අපි තුන් දෙනා සජීවි ඇසින්  දැක නොතිබුනී.එදා පෝය දිනයක් නිසා බණ ටේපයක් දමා තිබු පන්සලට එහා පැත්තෙන් අපි අම්බලම දුටුවෙමු.කාරයෙන් බැස ගත් අපි අම්බලමේ කැටයම් රස විදින්නත්  ෆොටෝ ගසන්නත් අමතක නොකලෙමු.විනාඩි20 කින් පසු අපි කුරුණෑගල බලා පිටත් වුනි. උදේ 9 යට  අපිට බඩිගිනි වු බැවින්  අම්මා දුන් තෝස ගිල දැමු අතර ටික වේලාවකින් හම්බුන පේස්ටි ෂොප් එකෙන් පේස්ටි,රෝල්ස් හා ක්රීම් සොඩා ගත් අපි කාරය නතර කිරිමට හෙවනක් සෙව්වෙමු.ලස්සන ගස් තියෙන පොට් එකක නතර වුන අපි උදේ ආහරය ගෙන  නොයෙක් මොන්ගල් කතා වලින් ඉල ඇදෙන්න හිනා වෙවි ඇතුගල්පුරට  පැමිණියේය.

             ඊලග ගමන ඇතාගල බැලිම වුවත් මැපාට අපිත් සමග හිද  මොන්ගල් වි ඇති බැවින්  ඇතාගලට යන මග නොපෙන්නු හෙයින් අපි කුරුණෑගල පොලිසිය ඉදිරියේ සිටි පොලිස් මාමා කෙනෙකුගෙන් ඇතාගලට යන පාර අසා දැන ගත්තෙමු.ටික වේලාවකින් අපි ඇතාගල මුදුනේය.කාරය පල්ලමක නැවතු චුටිපුතා රෝද 4ට ගල් හිර කලේ රඹයාගේ  වෑන් එක වගේ හෙලට යයි කියා බයටය.(රඹයාගේ සිද්දිය මෙසේය : රඹයා යනු මගේ චු කෙලියේ සිට ඉන්නා බුදු පිට් යෙහෙලියකගේ  තාත්තාගේ කඩේ නමය.මගේ හස්බන් එහෙමත් ඔය ගමේ නිසා එයාලා අංකල්ට රඹයා කිවෝය. රඹයාගේ ගෙය  පාර මට්ටමේ සිට  උසය ඉතින් දවසක් අංකල් හැන්ඩ් බේරේක් නොගහා වෑන් එක තියල ගිහින් වාහනේ කොළඹ හලාවත ප්රධාන පාරට ඇදිලා ගිහින් කුඩේ කුඩු වෙලාය. බයික් එකෙන් ආපු මනුස්සයෙක් විතරක් හැප්පිලාය. ඕකයි කතාව) හරි ආයෙත් අපේ කතාව......පාර දෙපැත්තේ වදුරන්ට කතා කර කර අපි ඇතාගල බුදු රුව බලා ටිකක් එහෙට මෙහෙට ගොස්  ෆොටෝ එකතු කර ගනිමින් ලගම තිබු අපවත් වෙච්ච හාමුදුරු නමක් සිටි බාවනා  කල පන්සලටද ගොස් ඇවිදිනවාත් සමග ගෙදරින් පළමු කෝල් එක ආවේය.අපි එතෙක්  ගාල්ල ගමන නතර කර නුවර එළිය යන බවක් කෝල් කර කියා නොතිබුනි.ඉතින් අපි ඇතාගල ඉන්න කියද්දි එයාල හිතුවේ අපි බොරු කියනා බවය.කට්ටියම ඇහැව්වේ :ගාල්ල තියෙන්නේ නුවර එළියේද කියාය.... කොච්චර කිව්වත් පිළි නොගන්නා බැවින් අපේ පැහැදිලි කිරිමේ උත්සහය නතර කර  කෝල් එකට සමු දි හිනා වෙවි  පල්ලම් බැස්සේය.
          ඊලග නැවතුම  වුයේ නුවර දළදා මාලිගාවය.අපි ගුගලයට විවේකයදි සුපුරුදු බයිලා ගැසිමේ යෙදුනු අතර පැයකින් මැප බලන්නට විය නුවර පාරට හැරෙන වංගුව මග හැර කිලෝ මිටර්10 පැමිණ හමාරය.ලගම තිබු ත්රිවිල් රථ ගාලක නතර  කල අපි  නුවර  යන්නේ මේ පැත්තෙන්ද අහද්දි එ මිනිස්සු ඔලුවට අත ගහගෙන කිව්ව අපි පාර අච්චර දුරක් පහු කර ආ බවය .නමුත් ඔහුන් අපිට නුවරට ඇතුල් වෙන කෙටි පාරක්ද කිවේය. එ පාර වැටි තිබුනේ වේල්ලක් උඩින්ය. කොහොම  නමුත් ගුගලයට නොන්ඩි දමමින් නලීන්ගෙන් මටත් චුටි පුතාටත් බැනුම් කෝටියක්ය.(එ විහිලුවටය) අපි ඉතින්  වැරද්ද වහන්න , නුවර පාරෙන් හැරෙව්වා නම්  මෙහෙම ලස්සන වේල්ලක් උඩින් යන්න ලැබෙන් නෑනේ කියා.අපේ නොසැලකිලිමත් කම වහ ගත්තෙමු. දැන් අපි ඉන්නේ නුවර වැව් රවුම පාරේ  දිගේ යන ගමන්ය .පාර දෙපැත්තේ  මිනිස්සු අසුන්ගෙන  සිටින්නේ හවස පෙරහැර බැලිමටය.හමුදාවේ අයියලද දානය බෙදනවා අපි දුටු වේමු. වැව් රවුම දිගේ ටික දුරක් ගොස් මාළිගාවට යන ගමනින් අපිට නුවර එළියට ලගා විමට ප්රමාද වන නිසාත් චූටි පුතා නුවර එළියේ කදු පල්ලම් වල වාහනය පදවන පළමු වතාව නිසාත් මීදුම පාත් වුවහොත් ගමන අවදානම් වන බැවින්  ඉදිරියෙන් හමු වු  පොලිස් මාමාගෙන් නුවර එළියට යන පාර අසා දැන ගත් අපි නුවර එළියට පිට වුනෙමු.

      නුවර එළිය පාර දිගේ තිබුන සුට්ටි සුට්ටි දිය ඇලි ලග නතර වෙමින් ෆොටෝ එකතු කල අපි රම්බොඩ ඇල්ල පේන මානයේ පාර අයිනට වෙන්න නතර වුනි, එතන තිබුන බැම්මක ඉදගෙන  චැටක් දමාගෙන ටිකක් ගිමන් හැර නැවත පිටත් වුනී.මෙදා පාර නතර වුනේ නුවර එළිය ටවුමේ වාහන පාක් එකේය.වේලාව හවස 3 පසුවිය.දැන් ඇත්තේ නවාතැනට පොට් එකක් සෙවිමය නැවත ගුගල් රාජයාගේ පිහිට පැතු අපිට රු.1500/= කට පොට් එකක් පළමු සෙවිල්ලෙන් දිස් වුනි.කෝල් කර එන විදිහ අහ ගත්ත අපි කීමා රූම්ස්  සොයා ගියෙමු.පොට් එක බැලු මටත් චූටි පුතාටත් පොට් එක සෙට් නැත.අපි නැවතත් පාරේ අයිනක කාරය  නවතා ගුගල් ගෙන් සහය පැතුවේය.නියම පොට් එකක් සෙට් වුනි එනම් ගෙගරි වැව පෙනෙන මානයේ කදු ගැටිත්තක පිහිටා තිබු සකුරා ගෙස්ට් හවුස්  එකය.ගානද සාදාරනය උණු වතුරද සමග රු.3500\= කියු කාමරය රු.3000\=කින් ලබාදිමට රිසිප්ෂන් එකේ මහතා කැමති උනි. අපි අඩු වියදමකින් ෂෙප් වන්නට සිතුවේ අපි ගාල්ල යැමට බොහෝම අඩු මුදලක් ගෙනැවිත් තිබු නිසාය.මෙදා සැරේනම් තැන අපිට හිතට ඇල්ලුවේය.කීමාගේ කාමර මෙන් සකුරා කාමර ගුප්ත අදුරු ගතියකින් නැත කීමාගේ මෙන් හදුන් කූරු සුවදද නැත.ගෙස්ට් බුක් එකේ අයි.ඩි. නම්බර දමා ඇඩ්වාන්ස් එකක් තබා සීත වැඩි නිසා තුන්දෙනාට ජැකට් කෑලි තුනක් ගැනිමට ගියෝය.ජැකට් කෑලිත් දමා ගත් අපි ෆූඩ් සිටියෙන් සබන්,දත් බෙහෙත්,බුරුසු හා වතුර කෑන් එකක්ද මිලදී ගෙන කාරයේ දමා ගියේ ගෙගරි වැව කිට්ටුවටය.එහි පැමිණි සංචාරකයින් අශ්වයෝ පදිනවා බලා සිට ටික වේලාවකින් රෑට කන්නට තැනක් සොයා ගොස් දවල්ටත් එක්කම අනුබව කොට සකුරා වෙත ආවේය.

          එකටම නැමට ගියේ මමය උණු වතුර ආවේ චු දානවාට වඩා සුට්ටක් වේගයෙන්ය මොක උනත් ඒ සීත හැටියට එහෙමවත් වතුර අපු එක ලොකු දෙයක්.3න් දෙනාම කතා කර කරම නින්දට වැටුනා නම් දුක නැත. මන් අසරණි අයියා,මලෝගේ කොටන් ඉරිල්ල වන් ගෙරවිල්ලට මැදිවි පාන්දර ජාමේ නිදා ගතිමි.උදේ එල්ලාර්ම් එකට ඇහැරුන අපි  6.30 වන විට උදේ කෑම ගෙන අඹේවෙල යන්නට පිටත් වුනි.නුවර එළියෙන් හැරි යන  පාර සවුත්තුය,මීදුමද  පාත්ව තිබු නිසා අව්දානම්ය කියා සිතු අපි නැවත  බදුල්ල පාරට පැමිණ හග්ගල පාර්ක් එකට ගියෙමු.පාර්ක් එකෙත් පිස්සු නැටුව අපි.ගස් ජාති,මල් ජාති කපල් ජාති නෑ...නෑ.. වැරදුනා මන් කිව්වේ ගෙඩි ජාති නිරික්ෂනය කර යන විට මැද පොකුණ පිහිටි ස්ථානයේදි අතුගාමින් හිටි වයසක අංකල් කෙනෙක්ව චූටි පුතා කතාවට  අල්ල ගත්තේය.

චුටි පුතා: අංකල් මේ හරියේ දිය ඇලි තියෙනවද?

 අංකල්: ම්.ම්..  නෑ මහත්තය 

චුටි පුතා: එතකොට රාවනා ඇල්ල මේ හරියෙද

 අංකල්: එහෙම නම් දන්නේ නෑ මහත්තය හැබැයි මහත්තයල පහු කරන් ආපු කෝවිල ලග දිය කඩිත්තක් තියනව ඒ කාලේ සීතා කුමාරි නාද්දි රාවනා කුමාරය හොරෙන් හොරෙන් බලපු  තැන තමා ඒ කෝවිල හදල තියෙන්නේ 
චුටි පුතා: ඈ... ඇත්තද.
කින්ඩි හිනාවකින් චුටි පුතා අප වෙතට එන්නට හැරුනි.
                 
      මාත් නලීනුත් හිනාව තද කරගෙන   අංකල් මාරු වෙනකම් ඉද හිනාව නිදහස් කලෙමු.පාර්ක් එකෙන් එලියට එනකම් අපිට  අංකල්ගේ සීන්  එක අමතක නොවුනී.
                        දැන් ඇත්තේ අඹේවෙල බැලිමට පමණි නැවතත් අපි බදුල්ල පාර දිගේ ගොස් අඹේවෙල  කියා ලියා තිබු පාර දිගේ කන්දක් නැග්ගේය. පැය එකහා මාරකින් පසුව  අපි හයිලන්ඩ් එක ඉදිරියට  පැමිණියෙමු.අපේ කාලය හොද  නැති කමට හයිලන්ඩ් එක නැරඹිම තහනම් කර ඇත.අනේ ඉතින් එතන තිබුන පොඩි කැන්ටින් කෑල්ලෙන් යොගට් එකකින් සප්පායන් වි නිව්සිලන්ඩ් ෆාම් එක නැරඹිමට ගියේය.ඒ පැත්ත  නම් ඇත්තටම නිව්සිලන්ඩ් වගේමය.ටිකට් ගෙන ඇතුලු වු අපි එළදෙනුන් බැලිමටද කිරි ලබා ගන්න මැෂින් බැලිමටද ගියෝය. ගද ඉවසිමට නොහැකි තැන අපි ආපසු හැරි වාහනය නවතා තිබු තැනට විත් ගෙදර ඒමට සැරසුනි.මෙදා  සැරේ අපි වෙන පාරකින් නුවර එළිය ටවුමට  ඇතුලු වුනි. ඒ අපි කලින් සවුත්තු කියා හැරුනු පාරමය නමුත් අඹේවෙල  සිට පාර කාපට් කර තිබුනද නුවර එළියට කිලෝමිටරයක් තියා පාර හදන කටයුතු කරන්නේය. කෙසේ වෙතත්  අපි ඒ පාර දිගේ තිබුන එළවලු,අලිගැට පෙර ලාබෙට කිලෝ ගනන් මිලදි ගත්තේය.දැන් ඉතින් සියල්ල බලා හමාරය ගෙදර එන්නට අපි පිටත්  වුයේය.දවල් කෑම ගත්තේ හවස 4 ට පමණ ගම්පොලින්ය.තව දුරටත් අපි ගුගල් රාජයාගේ සෙවිල්ලකින් තොරව රත්රි 11 වන විට ගෙදරට සැපත් වුයේ සුපුරුදු චයනීස් කඩෙන් බත් පැකට්  3ක් ද රැගෙනය.
           මේ ලෙසින්  තවත් සුන්දර ලංකා ගමනක සුන්දරම මතක සටහන් ගොඩාරියක් එක්ක මුහුදු හතකින් එගොඩවි ආයෙමත් සුපුරුදු ජීවිතේට හුරු වන්නට වුවද ඒ මතක සුවද තාමත් හතර වටේ සක්මන් කරන වේලාවක මේ සටහන  තබන අතර මගේ ජීවිතේ හැමදාම  සතුටින් තියන ආදර හස්බන්ඩාට මගේ හද පිරි ස්තූතිය පුද කරමි.
              චුටි පුතාටද මා සමග පැමිණ දායක වු හැම මොන්ගල් වැඩකටම  සිතූති වේවා !!!!වැඩි වැඩියෙන්  ගෑනු ළමයි ලැබේවායි පතමි!!!


ප:ලි\ චුටි පුතා යනු  මගේ මස්සිනාය නලීන්ගේ එකම මල්ලීය .ගෙදරට චුටි පුතා කියන නිසා  මාත් ගොඩක් වෙලාවට චුටි පුතා කියා ඇමතුවත් මුගේ වැඩ නම් චුටි නැත..... හි .....හි,,,හි..


21 comments:

  1. අපේ ගෙවල් ගාවත් තියෙනව පරණ අම්බලමක්.. ඕන නම් බලන්න එන්න.. :)
    කොහොමත් තමන්ගෙ පලාතෙ තියෙන දේවල් ගැන ගමේ මිනිස්සු උනාන්දු නෑනේ.... හි හි හි

    ReplyDelete
    Replies

    1. අම්බලම තියෙන පැත්ත කිව්වොත් ලබන සැරේ ලංකාවට ආවම බලන්න එන්න බැරියෑ...
      ඒක ඇත්ත ගමේ දේවල් ගමේ අයට අගේ නෑ

      Delete
  2. මුල්ම ප්‍රශ්නේ.. මේ කියන විදිහට ඉන්නේ දන්කොටුව පැත්තේද? වාරියපොළ කිට්ටුවද?

    වැදගත්ම දේ තමයි නුවර එළියේ නවතින් පොත එක. වතාවක් අපි ඔය ගුගල් ෆොටෝ වලට රැවටිලා මිද්කි කියලා බඹරකැලේ හරියේ පොත එකක නැවතුනා. එතන බුදු සීතලයි. ගානත් මයේ හිතේ 3ක් විතර උනා එක රෑකට දෙන්නටම.

    නුවර එලියට ටිකක් මෙහායින් කොත්මලේ, පුස්සැල්ලාව අතරේ ඒරියා එකක් තියෙනවා නයාපාන කියලා. එහෙ ගිය ගමනක් මතක් උනා මේක දැකලා... ඉඩ තිබ්බම ලියන්නම්...

    ReplyDelete
    Replies
    1. මුල්ම ප්‍රශ්නෙට උත්තරේ දංකොටුව කිට්ටුව ඉන්නේ....
      ඇත්ත ගුගලය හොදයි කියල පෙන්නන හැම තැනම හොදත් නෑ නරකත් නෑ නහයෙන් අඩන කට්ටියක් එක්ක ගමන ගියේ නැත්තන් පොට් එකක් හොයා ගන්න එකෙත් අමුතුම සතුටක් තියෙනවා.
      වේලාවක් ලැබුනම ලියන්න
      ජයෙන් ජය!

      Delete
    2. ඈ දන්කොටුවට කිට්ටුව කියන්නේ අපේ ගෙවල් පැත්තේ එහෙම නෙවෙයි නේ! ඒ කිව්වේ පන්නල පැත්තේ එහෙම නෙවෙයිනේ!!!

      Delete
    3. පදිංචිය හරියටම වයික්කාලේ ,,,,,,,හරිය....

      Delete
  3. ප්‍රශ්ණ..
    01.දැන් කවුද මේ රඹයා?
    02.ලංකාවට ආවම අපි දවසක සෙට් වෙමු කිව්වේ කවුද?
    03.සෙට් වෙන්න දාගත්ත දවසට කලින් දවසේ call කරල,මචො අපි නුවර එළියෙ යනගමන්..හෙට කොහොමද සෙට්වෙන්නෙ කියා ඇසුවේ කවුද??

    ReplyDelete
    Replies
    1. උත්තර
      01.උබලගේ තාත්තා
      02.මම
      03.මම උත්සහ කලේ අපි දා ගත්ත දිනේට,හවසට සෙට් වෙන්න. කව්ද? කතා කරල කිව්වේ "නංගි යන ගමන හෙමිට ගිහින් එන්න අපි වෙන දවසක හම්බෙමු කියල" හි..හි...හි.... දැන් ඉතින් මොනා කරන්නද ලබන සැරේවත් ට්‍රයි කොරමු.

      Delete
  4. චූටි පුතා චූට් පුතා කියද්දි මං හැමතැනම හෙව්වා කෝ ලොකු පුතා කියලා.. මදෑ... එක්කො පලිය මුලටම දාන්න තිබ්බ.. හි හි ...

    ඔය අර වල් රජාලා කරේ තියාගෙන හිටිය අම්බලම නේද... මේ තියෙන්නෙ ඒකා ඒකට කරපු හරිය ලියපු එක...

    රාජකීය පිස්සන්ගේ රජ ගෙදර සවාරිය - Royal Crazies Tour of Kings Palace

    ReplyDelete
    Replies
    1. හි...හි...හි.. සමහරුන්ට චූටි පුතා තමා නුවර එළිය යද්දි ඩ්‍රයිව් කලේ කියද්දි
      "ඔයාට එච්චර ලොකු පුතෙක් ඉන්නවද "කියල අහනවා.
      සමහරු ලොකු පුතා එතකොට මෙහෙද ? ඉන්නේ කියල අහනවා.
      හි...හි...හි....
      ඔව් ..ඔව් ඒ රජාලා ගිය අම්බලම තමා.....

      Delete
  5. ඕං මාත් ආවා යමු තව ට්‍රිපක්...

    ReplyDelete
    Replies
    1. යමු යමු ආයෙත් නුවර එළි නම් බැ ඕන්......

      Delete
  6. අපිත් එනෝ ඉදගෙන .. මොන වෙදිමක්ද මේ ..

    ReplyDelete
    Replies
    1. එන්න එන්න කන්න මොනා හරිත් අරන්ම එන්න

      Delete
  7. ඔව් ඔව්..මං මේ මග බලාගෙන ඉන්නේ අයෙම ලංකාවට එනකල්...දෙන්නම් කන්න..හිහිහිහි
    නංගිට call කරල එහෙම නොකිව්වනම් අද මේක ලියන්න වෙන්නෙ වෙනස් විදියකටනේ.....

    ReplyDelete
    Replies
    1. කන්න මන් එනවා හැබැයි ඔයාලගේ අම්මා අපි ඉස්කෝලේ යන කාලේ හදලා දුන්න නුල්ඩ්ස් එක.......ඔව් එදා සෙට් උනා නම් වෙනම කතාවක් මෙතන ලිය වෙන්න ගියා.

      Delete
  8. ගියා කියලා කිව්වට මම දැන්නේ දැක්කේ පෝස්ටුව!!!

    එල ආ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෝ අම්බලම මරු තැනක්......බුකියට ෆොටෝ ටික දාන්නම් ලගදිම....ස්තූති !

      Delete
  9. සිරා ට්‍රිප... එල එල... කියන්න දෙයක් නැත ,....අහන්න ආපු ප්‍රශ්නෙට උත්තර හමු උනා.... චූටි පුතා ගෙ කේස් එක...

    ReplyDelete
    Replies
    1. ගාලු කොල්ලා අපි ඊ ලග ලංකා ගමනෙදි ඔය පැත්තට එන්න බලාපොරොත්තුවක් තිබේ. චූටි පුතාගේ කේස් එක හැමොම සසල කොරලා හි...හි....හි...

      Delete
  10. දන්නා විදියට නම් අක්ක කෙනෙක් නේ.. එත් චුටි පුතා drive කර කිවුවාම මත් බැලුවේ එච්චර ලොකු පුතෙක් ඉන්න aunty කෙනෙක් ද කියලා// පස්සෙනේ දන්නේ ඇත්ත විස්තරේ.. ;)

    ඔයා වයික්කාල ද :o අපිත් wennappuwa side එක.. අම්මපා මරුනේ.. අක්කා එතකොට අපේ ස්කොලේ ද ?? මන් කිවුවේ හෝලි පැමිලි ද වෙන්නප්පුවේ.. :D

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!