Tuesday, October 29, 2013

22.සද දෙස නෙත් අයා සිටින පුංචි පිරිමි දරුවා



                                                      
                                                            
 ගොඩක් කාලයක් හිතේ තිබුනු පෝස්ටුවක් අද ලියන්න හිතුවා.2011 දී මගේ ස්විඩන් සංචාරයේ  සිත් ගත් එක මුර්තියක් තමා අයන් බෝයි මුර්තිය. ස්විඩන් නගරයේ බොහෝමයක් මා දුටු මුර්ති ලෝහයෙන් නිම කර තිබුනත් මා දුටු ඉතාමත් කුඩා වුත්,හුරුබුහුටි වුත් මේ මුර්තිය ජාන්පෝනික්ය(ස්විඩන් බසින්)හෙවත් "අයර්න් බොයි"  එසේත්  නැත්නම් සද දෙස නෙත් අයා සිටින පුංචි පිරිමි දරුවා නමින් හදුන්වන අතර මෙම පුංචි සිහිවටන මූර්ති කැටයම ස්විඩන් ජාතික ලීසා එරික්සන් නම් මූර්ති ශිල්පිනිය අතින් 1954 වර්ෂයේ දි නිම කරන ලදී.නමුත් මෙම මූර්තිය වාසස්ථාන ගත කොට ඇත්තේ  1967 දී ස්ටොක් හොම් හි ගැමිලස්ටන්  පරණ නගරයේය.සෙන්ටිමිටර් 5.9 ක උසකින් යුත් මෙම නිර්මාණය තනිකර ලෝහ වලින් නිම කර ඇත. එමෙන්ම පොළොව මට්ටමේ සිට උඩට තැනු සමචතුරස්රාකාර හැඩයකින් යුත් ලෝහ ස්තරයක එක මුල්ලක පිහිටන ලෙස කණු හතරක ආධාරයෙන් නැවත උඩට තැනු සෘජුකෝණාස්ර හැඩයෙන් යුත් පැතලි ස්ථරයක සද දෙස නෙත් අයා සිටින පුංචි පිරිමි දරුවාගේ රූපය අඹා ඇත.
                                    

            ෆිනිෂ් පල්ලියට පිටුපසින් පිහිටා ඇති ඉතාමත් නිස්කලංක පරිසරයක ස්ථාන ගත කර ඇති මෙම පුංචි කැටයමට මිටර් කිහිපයක් නුදුරින් ස්ටොක්හෝම් රජ මාළිගාවද පිහිටා ඇත.එම නිසා මාළිගය බැලිමට එන සංචාරකයින් නොවරදවා මෙම කැටයම නැරඹිමට ද අමතක කරන්නේ නැත.එමෙන්ම මෙම ස්ථානය තුල තිබෙන්නා වු හුදකලා බවත්,නිස්කලංක බවත් නිසා බොහෝ සංචාරකයින්  ගිමන් හැරිමට මෙම ස්ථානයේ මදක් නවති.
                                   




          මෙම  සද දෙස බලා සිටින පුංචි පිරිමි දරුවාගේ ලෝහයමය කැටයම වාසනාවේ සංකේතයක් ලෙස ද,මෙහි මායාකාර බලයක් ඇතැයිද ස්වීඩන් ජාතිකයන් විශ්වාස කරන අතර  පිරිමි දරුවාගේ පාද අසල මාරු කාසි ,ටොෆි , සීත සෘතුවේදි තොප්පියක්,සළුවක් පිළිගන්වා තමන්ගේ ප්රාර්ථනා පතන්නට ද මෙම දරුවාගේ හිස අත ගා ප්රාර්ථනා කිරිමටද මෙහි පැමිණෙන සියළු දෙනා අමතක කරන්නේ නැත.




  ස්වීඩන් ජාතිකයන් විශ්වාස කරන පරිදි  .....

              *මෙම  මුර්තිය වටා තුන් වරක් කැරකුන හොත් නැවත වතාවක් ස්වීඩනයට ඉක්මනින් පැමිණිමට හැකිවන බවත්,

              *මුර්තියේ කුඩා දරුවාගේ හිස තුන් වරක් අත ගා,තුන් වරක් එකම ප්රාර්ථනාව කලහොත් අවුරුද්දක් ඇතුලත එම ප්රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන බවත්,

              *මුර්තියට  මාරු කාසි,ටොෆි ,ඇදුම් පිළි ගැන්නුවොත් ඉතාම ඉක්මනින් තමන්ගේ පවුලේ උදවිය සමග හොද දවසක් ගත කරන්න පුලුවන් වන බවත්ය.


                                                 

21 comments:

  1. මරු නේ... යන්න ඕන ඕක බලන්න.....

    ReplyDelete
    Replies
    1. යන්න ...යන්න මේ හරිම ලස්සන තැනක්

      Delete
  2. නරකම නෑ වගේ... හොරෙන් පැනල තුන් පාරක් වටේ ගියා නං ගොඩ...

    ReplyDelete
    Replies
    1. හි...හි...හි... ඔන්න නියම අදහස... :)

      Delete
  3. මාර විශ්වාස තමා ඒවත්!

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත දිලිනි එක එක මිනිස්සුන්ගේ එක එක විශ්වාස තමා ඉතින්....

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ශානු .. යන්න ඕනේ දවසක ... "එදිනෙදා ජීවිතය | Trance".

      Delete

    2. ගමන ගැන විස්තරයක් දැන ගන්න ඕන උනොත් මගෙන් අහන්න මන් දන්න තැන් ටික කියන්නම් බලන්න පටන් ගන්න ඕන

      Delete
  5. ශානු...මේක කියවනකොටත් හරිම නිස්කලංක ගතියක් හිතට දැණුනා. ශීත කාලයට හිස් වැසුමක් පැලඳවීම සුන්දර සිතුවිල්ලක් නේද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති,හිස් වැසුමක් පැලදව්ම සුන්දර සිතුවිල්ලක් මෙන්ම අමුතු අද්දැකීමක්

      Delete
  6. ගමන ගැන විස්තර ලිව්වා මදිද මන්දා.ඇත්තටම සුන්දර අත්දැකිමක්.මෙවැනි දේ දකින්න මා තුලත් මහා ලෝභ කමක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලිව්ව නම් මදි තමා නමුත් මූර්තිය පිලිබද අවශය තොරතුරු ටික නම් ලියවුනා කියලා හිතනවා...මටත් අලුත් දේ දකින්න සංචාරයේ යෙදෙන්න නම් පුදුම ආසාවක් තියෙන්නේ

      Delete
  7. ඇත්තටම ශානු අක්කේ මේක කියවන්න පටන් ගද්දිම මගේ හිතට දැනුනේ මාර දුකක්.මොකද ඔයා ස්වීඩන් සංචාරය ගැන කියනකොට හරියට ලංකාවෙවත් සංචාරය නොකරපු අපි කවද පිටරට දේවල් හැබැහින් දකින්නද..අක්කා වගේ අය දාන ලිපි වලින් ට්වි වලින් බැලුවොත් මිසක්..

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා මල්ලි, ලංකාවේ කොච්චර තැන් තියෙනවද ඇවිදින්න.......මමත් ලංකවේ ඒ හැටි ඇවිදලා නෑ...අඩුම තරමේ මන් ලංකාවේ කොච්චියෙවත් ගිහින් නෑ ඒ අතින් මට දුකයි මන් ලංකාවේ නෑ කියලා .....අපි හැමෝටම විවිධ අද්දැකීම් තමා ජිවිත කාලයේදි හම්බෙන්නේ.... ඒ නිසා හිත හදා ගමු :)

      Delete
  8. ශානු බොහොම කලාත්මක හිතක් තියෙන කෙනෙක් නේද? පින්තුරෙන් හරි ඒ රහ විඳින්න සලස්සපු එකට බොහොමත් ස්තුතියි...

    ReplyDelete
  9. ඔන්න තවත් විශ්වාස ගැන ලියලා,පුදුමත් හිතෙනවා...ස්තුතියි මේවා අපිටත් බලන්න සැලැස්සුවට ශානු

    ReplyDelete
    Replies
    1. මන් ඔය පුංචි දේවල් ගොඩක් ආසාවෙන් ඔයාලා වෙනුවෙන් ලියන්නේ....

      Delete
  10. මරු නියම විස්තරයක් නෙ උස . වර්ෂය . ශිල්පියා . රට සියල්ල ඇතුලත් අන්ග සම්පුර්ණ තොරතුරු ටික මූර්ති හා කැටයම් කලාව හදාරන්නෙක්ට හුගක් වැදගත් වේවි
    ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. හොද නැද්ද නිවාඩු පාඩුවේ මේ රටේ රවුමක් දැම්මොත්

      ස්තුතියි .

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!