අද සෙනසුරාදා හින්දා වෙනදට වඩා වැඩ වැඩි දවසක් ඒ අස්සේ මගේ මොබිල් එකත් අසුහාරදාහට සම්බා ටෝන් එකෙන් කෑ ගහනවා.වැඩ අතරෙම මොබිල් එක තිබුන මේසය ලගට දුවලා ගියා.හීනෙකින්වත් කෝල් කරයි කියලා හිතපු නැති නොම්බරයක්,පපුව විනාඩියකට නතර උනා වගේ.....වැඩ වැඩි දවස් වලට මම සාමානයෙන් මොබිල් එක වහලා දානවා එත් අද මොනා හිතිලද මන්දා මට මොබිල් එක වහන්න හිතුන් නෑ....ඒ එක්කම පිටට තට්ටුවක් දානවා දැනුනා,අපිත් එක්ක වැඩ කරන ඉතාලි චෙපා අහනවා. ''පිර් කේ නොන් පෙරෙන්දරේ'' .......හැ.. ඇත්ත නෙන්නම් චෙපා අහන්නේ ඇයි කෝල් එක ගන් නැත්තේ කියලා. ඒ සැනින් මොබිල් එක කනට ලන් කරලා මම කට හඩ අවදි කරනවා....
මම:-හලෝ...විකුම් කොහොමද?
විකුම්:-හොදින් ...වැඩද?
මම:-අනේ...ඔව්,කරදරයක් නැත්තම් මම තව පැයකින් කෝල් බැක් කරන්නද?මොකද අද
සෙනසුරාදා නිසා වැඩ වැඩි
විකුම්: -හරි..හරි...මම පැයකින් ගන්නම් .මට කියන්න දෙයක් තියෙනවා.මට මේ දේවල් කියන්න කවුරුත් නෑ.
මම:- ම්.... එපා..... එපා....ඔයාට සල්ලි යනවනේ මම කෝල් කරන්නම්.
විකුම්:-හරි එහෙනම් ජේසු පිහිටයි
මම:-හරි පරිස්සමින් ජේසු පිහිටයි//
දෙපාරක් පරිස්සමින් ජේසු පිහිටයි කියන එක විකුම්ගෙන් පුරුදු වෙච්ච දෙයක් ,,,,එහෙම හිතන අතරම කෝල් එක කට් කරාට මොකද ආයෙත් කෝල් කරන්න ක්රෙඩිට්වත් ඉතුරු නෑ ඒ මදිවට කෝල් එකේ හිටපු විනාඩි 5ට සින්ක් එක පිරෙන්න පිගන් ගොඩ ගැහිලා මම සින් එක ලගට ගිහින් පිගන් එකින් එක සුද්ද කරන්න පටන් ගත්තට හිත යකාගේ කම්මල වගේ විකුම් කතා කරේ ඇයි?මොකක්ද?මොනාටද? කියන ප්‍රශ්න ගොඩකට හිත යට වෙලා අතීතයට යන්න දගල්ලන හිත අතර මග නතර කරගෙන පියවි සිහියට ආවේ ......ඉහලට ඇද්ද හුස්ම පහලට දාලා ආයෙත් පිගන් හෝදන වේගය වැඩි කරගෙන වැඩ කරන්න ගත්තා,හැමෝටම මගේ වෙනස තේරුනත් මොකුත් නොවිච්ච ගානට ඉන්න මන් උත්සහ කරා.කොහොමින් කොහොම හරි පැයක් ඇතුලත වැඩ ඉවර කර ගන්න බැරි උනා පැය දෙකහා මාරකට පස්සේ විකුම් ට කොල් එකක්
ගත්තා,,2ක් ගත්තා,3ක් ගත්තා ඔහොම 20සි පාරකට වැඩියේ කෝල් කරා එත් ෆෝන් එක රින්ග්ස් යනවා විතරයි.
"වෙලා ගිය නිසා මොනා හරි හිතලද?මන් මග ඇරියා කියලවත්,මන් එහෙම කරේ නැනේ ඕනා නම් ආයේ කතා කරන් නැතැ" මගේ හිත කියනවා
------------------------------------------------------------------------
ඉරිදා උදේ පාන්දරින් මන් බ්‍රසීලයේ සම්බා ඩාන්ස් කරනවා.එන්න එන්නම සංගීත වාදනය තියුනු වෙද්දි ගැස්සිලා ඇහැරුනා බැලින් නම් මගේ මොබිල් එක ,,හදිස්සි උන පාර කෝල් එක කට් උනා.විකුම්ගෙන් කෝල් එක .අනිත් අතට නම්බරේ ඩයල් කරා රින්ග්ස් යනවා.
විකුම්:- හෙලෝ
මම:- හෙලෝ......කොහොමද?මම ඊයේ වැඩ ඉවර වෙද්දි වෙලා ගියා මන් එත් රින් කලා,ඔයා ගත්තේ නෑ
විකුම්:- ඔව් මම ඒ වෙලාවේ යාලුව්වෙක් එක්ක හිටියේ,අනික වේලාසනින් නිදා ගන්න ගියා
(මේ මොකද දෙයියනේ ....මටද කතා කරන්න ඕන උනේ ඉස්සර වගේමයි නපුරු වචන ;මම කල්පනාවකට මැදි වෙද්දි හිතුවා..........)
විකුම්:-හෙලෝ ....හෙලෝ....ඇහෙනවද?
මම:-ඔව්... ඔව් ....කියන්න
මම සුපුරුදු කට හඩ අවදි කරා
විකුම්:- මට කියන්න ඕන උනේ ......අපේ අම්මා අසනීප වෙලා ඇදට වැටුනා ,බෙහෙත් කරන්න සැහෙන්න සල්ලි ගියා,දැන් ඉඩමෙන් බාගයක් විකුණන්න යන්නේ,මගේන් අහනවා මොකද කරන්නේ කියලා.මට මොකුත් කියන්නත් බෑ,ගත්ත ණය ගෙවන්න විදිහකුත් නෑ
ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් කියලා,එයා එයාගේ හිත සැහැල්ලු කර ගද්දි...මට ඕනා උනා එයාගේ විස්තර දැන ගන්න
මම:-එහෙමද?
කියන ගමන් හිතුවා එයාගේ අම්මට කියක් හරි දාන්න,එත් ඉතින් එහෙම කරන්න තරම් මන් එයාලගේ කව්ද?ඔයා මට ඔයාගේ එඩ්ඩ්‍රස් එක එස්.එම්.එස් කරන්න ,මම ලියුමක් ලියන්නම්.
විකුම්:-හරි මන් කෝල් එක කට් කරාම දාන්නම්
මට පිස්සු හැදිලා ඉන්නේ...ඔයාට සල්ලි යනව නේද?
මම තියන්නම්
මම:-ok
දඩාස් ගාලා ෆෝන් එක තිබ්බේ මගේ ප්‍රතිචාරයවත් අහන්නෙවත් නැතුවමයි,මම හිතින් එයාව සාදාරණිකරනය කරන ගමන් ආයෙත් කොට්ටෙට ඔලුව තියා ගත්තා ඇස් දෙක වහගෙන මන් සැහෙන අතීතයට ගියා
----------------------------------------------------------------------
ඔ....ඔව්...මේ එයා,
මගේ ඒක පාර්ශික ආදරේට පස්සේ මගේ අම්මා තාත්තා තරම්ම ආදරේ කරපු කෙනා...........
හේතුවක් නැතුව මගේ ආදරේ අතර මග නතර කරලා එයාගේ අරමුණු,අම්මගේ කැමැත්ත නිසා මාව දාලා ගිය කෙනා.....
මගේ ජීවිතේ නැති කර ගන්න තරම් මගේ හිතේ සිතුවිලි ගොන්නක් ඇති කරපු කෙනා,
කිසිම හේතුවක් නොකියා මගේ හැගිම් එක්ක සෙල්ලම් කරපු කෙනා,........
අන්තිමෙට මගේ මුණවත් බලන්න අකැමැති කිව්ව කෙනා........
මේ හැම දෙයක්ම හිතේ කැකෑරෙන්න ගද්දී මටත් නොදැනිම කදුලු බිංදු කඩාගෙන හැලෙන්න ගත්තා ...මට මන් ගැනම ලැජ්ජයි.මෙච්චර හරියක් කරපු කෙනා වෙනුවෙන්නේ මන් දුක් වෙනවනේ කියලා.
මේ හැමදේම ඉවර වෙලා දැන් අවුරුදු ගානක් ගිහින් ඒත් මන් අන්තීමෙට එයාට කතා කරද්දි එයා වෙන කෙනෙක්ට ආදරේ බව දැන ගන්න ලැබුනා,හැමදේම දරාගෙන හිටියත් එයා වෙන කෙනෙක්ගේ කියලා හිත හදා ගන්න මට බැරි උනා කවදාවත් එයාට දොස් නොකිව්ව මම එදා මගේ ජීවිතේ හැමදේම නැති උනේ ඔයා නිසා කියලා චෝදනා කලා.......මාව දාලා යන්න එපා කියලා ඉකි ගහා ගහා ඇඩුවා.එත් එයාගේ රළු හිත වෙනස් කර ගන්න එයාට ඕනා උනේ නෑ
හැම දෙයක් ගැනම තරහ ගිය එයා"ආයේ කවමදාවත් මට කතා කරන්න එපා "කිව්වා.මන් ඊට පස්සේ කීප සැරයක්ම කෝල් කරත් එයා කවමදාවත් මා එක්ක කතා කරේ නෑ......එත් එච්චර මාව එපා උන කෙනා මෙහෙම හදිස්සියේම ජිවිතේට ආවම මට අදහා ගන්න බැරි උනා.....දෙයියනේ මම මේ දකින්නේ හීනයක්ද.....
-------------------------------------------------------------------------
මේ විදිහට මාසයකට වැඩියේ හැම සති අන්තයේම එයා මට කෝල් කරා ගොඩක් වෙලාවට මම එයාට කෝල් කරන්න නොදි මම කතා කරා,මට ඕනා උනා මේ සෙල්ලමේ අවසානය මොකක්ද කියලා දැන ගන්න.එයා සල්ලි ඉල්ලන්න යන බව පලවෙනි දවසෙම දැන ගෙන හිටියත් මම ඒ දේ එයාගේ කටින්ම දැන ගන්න ඕන නිසා මාසයක් තරම් දුර මේ හැමදේම අරන් ආවා අන්තිමෙට එයා මන් බලාපොරොත්තු උන විදිහටම මගෙන් සල්ලි වලින් උදව් ඉල්ලුවා.මම එකපාරටම දෙන්නම් නොකියා දවසකින් දෙකකින් එස්.එම්.එස්. එකක් දාන්න පොරොන්දු උනා.
දැන් මම මොකද කරන්නේ මටම හිතා ගන්න බෑ...හිත කියනදේ අහනවද බුද්ධියට ඉඩ දෙනවද?මගේ ජිවිතේ උත්තර හොයා ගන්න බැරි ප්‍රශ්න තියෙන ගොඩක් වෙලාවට මට උදව්වට හිටපු එකම යෙහෙලිය නිදු...පහුවෙනිදා වරුවක් නිවාඩු දාගෙන මන් නිදුගේ ගෙදර ගියා.( සමහරු හිතයි මට පිස්සු කියලා මේ විදිහට නිවාඩු දාගෙන මේ ප්‍රශ්නේ ඇදන් නාන්නේ මොකද කියලා,ඒත් අවංකව ආදරේ කරලා ඒ ආදරය කරපු කෙනා කිසිම හේතුවක් නැතුව දාලා ගියාම එක පාරක් ජිවිතේ නැති කර ගන්න උත්සහ කරපු කෙනෙක් පිටරටක තට්ට තනියම ජිවිතේ අලුතෙන් පටන් අරගෙන පරණ ආදරේ ආයෙත් අලුත් ජිවිතේදි මතු උනොත්.... ඇති වෙන තත්වය,ඒ මානසික ආතතිය ඒ වගේම ප්‍රශ්ණයක් උන කෙනෙක්ට හොදට තෙරුම් ගන්න පුළුවන් )......වෙච්ච දේවල් අකුරක් නෑර කියලා හිත නිදහස් කර ගත්තත් ඊට පස්සේ නිදුගේ බණ ටිකත් සද්ද නොකර අහන් ඉන්න උනා.
"උඹට පිස්සුද ආයේ අමාරුවේ වැටෙන්නද යන්නේ,උඹේ සල්ලි ගරා ගන්න තමා ඒකා ඔය බබා පාට් දාන්නේ"
"හරි ඉතින් මම දෙන්නම් කිව්වේ නැනේ"
"දෙන්නේ එහෙම නැ සල්ලි, කව්ද දන්නේ අම්මගේ අසනිපෙටද වෙන මොනාට හරිද කියලා ......කෙල්ලෙකුත් ඉන්නවා කියලා කිව්වා නේද? ඒකීගෙන් ඉල්ල ගන්න තිබුනානේ මෙදා පාර පිස්සු නම් නටන්න ලැස්ති වෙන්න එපා ,උඹට ඇත්තට ඉතාලියේ වෙන කොල්ලෝ නැද්ද... "
නිදු තොර තෝංචියක් නැතුව බනින්න ගත්තා.මන් ඔක්කොම දේවල් සද්ද නොකර අහගෙන හිටියා.ඒ අපේ යාළු කමේ හැටි..මගේ අම්මගේ මරනයෙන් පස්සේ ඒ තැන ගත්තේ නිදු......හැමදාම මගේ වැඩ වලට නෑ බෑ නොකියා උදව් කලේත් නිදු,ඒ නිසා මට නිදුගේ බැනුම් ඇහිල්ල අලුත් දෙයක් නෙමේ.
මගේ හිතට නිදහසක් දැනෙනකම් අපි පැය ගානක් කතා කරා ,ඊට පස්සේ රෑට එහෙම කාලා අන්තිම කොච්චිය ගන්න නිදුයි එයාගේ හස්බනුයි මාව ස්ටේෂමට ගෙනත් ඇරලුවා.එයාලට සමු දීලා මන් කෝච්චියට ගොඩ උනා.....
ජනේල අයිනට වෙන්න තිබුනු අසුනක ඉදගෙන ආයෙත් මම හිතත් එක්ක ලොකු කතාවක් පටන් ගත්තා
"හෙටට හරියට දවස් දෙකයි මැසේජ් එකක් යවන්නත් ඕනේ ....මොනදේ උනත් මාව විශ්වාස කරලනේ සල්ලි ඉල්ලුවේ කෝච්චියෙන් බහිනකම්ම හිතත් එක්ක තර්ක විතර්ක කරලා පොඩි සෙල්ලම්මක් දාන්න තීරනේ කරලා ලොකු ජයක්ග්රහණි මුනකින් මම ගෙදර ආවා...
----------------------------------------------------------------------------------------
mata padi salli labun na e nisaa oyata dhenna salli hoyaa ganna bari unaa,sorry pls call or sms 2 me g.b!t.c!
SEND
උදේ පාන්දරින් මැසේජ් කරේ එයා කෝල් වලට ආන්සර් කලේ නැති නිසා,අනික මට ඕනා උනා එයාගේ හිතේ තරම මැන ගන්න.කොටින්ම එයාගේ වෙස් මුණ ගලවන්න ඕන කමක් තිබ්බා.එයාට මගේ සල්ලි පෙන්නලා හරි දීලා හරි, එයාගේ ආදරේවත්,යාළු කමවත් ලබන්න ඕන කමක් තිබුනේ නෑ.මගේ සිතිවිල්ල උනේ මේ මැසේජ් එක බලලා හිත අවංක නම් එයා කලින් වගේ මා එක්ක කතා කරයි එහෙම උනොත් මන් එයාට උදව් කරනවා.එයා වංක නම් ආයේ කවදාවත්ම මට කතා කරන එකක් නෑ.මේ විදිහට දින,සති,මාස,අවුරුදු ගෙවිලා ගියා අදටත් මැසේජ් එකක්වත් කෝල් එකක්වත් නෑ.සල්ලි වලට මිනිස්සුන්ව වෙනස් කරනවට වඩා මිනිස්සු දාගෙන ඉන්න වෙස් මුණු ගලවන්න පුළුවන් බව ඔප්පු වෙලා ඉවරයි.
දෙසැම්බර් 10 වෙනිදට අපි මුණ ගැහිලා හරියට අවූරුදු 9යි. දැන්නම් මගේ හිතේ අබ මල් රේණුවක තරම් වත් දුකක් කියලා දෙයක් ඇත්තෙ නෑ.කාලයක් ඔයාගේ ආදරේ විසක් වෙලා මගේ හිත ලෙඩ කල බව ඇත්ත ඒත් කාලයක් ඒ ආදරේම මගේ ඇට,මස් ලේ නහර ඇතුලේ කිදා බැහැලා මගේ හිත සුවපත් කල බව මට මතකයි ඒ යහපත් මතකයට මම හැමදාම ගරු කරපු
නිසා, අවුරුදු 9යටම ඔයාට වෛර කරන්න බැරි උන මම,අදටත් ඔයාට වෛර කරන්නේ නෑ.ඔයාගේ ආදරේ අහිමි වීමත් එක්ක අවු.18ක පුංචි කෙල්ල මුහුදු 7 පැනලා ඇවිත් ජිවිතේ දිනල ඉවරයි,ආදරේ ඕනාවටත් වැඩියේ තියෙන ලෝකයක් අද මට තියනවා.ඒ ලෝකයේ ඔයා එක මතකයක් විතරයි.ඒ මතකයේ හරි ඔයා ඉන්නේ ඔයාව කවදාවත් මොනම විදිහේ හේතුවක් නිසාවත් අමතක කරන් නෑ කියලා මම අතීතයේ දුන්න පොරොන්දුවක් නිසා මිසක් වෙන කිසිම හේතුවක් නෑ
කවදා හරි දවසක්ක ඔයා මේ දේවල් කියවයි.මගේ හිත ගැන දැන ගනි ,ඔයා දුක් වේවිද සතුටු වේවිද මන් දන්නේ නෑ.....අදින් පස්සේ මගේ අකූරුවලින් ඔයාගේ නමට කිසි දෙයක් නොලිය වේවි , ඒ නිසා අවසානයට
ඔයාගේ අම්මට නිරෝගි සුවය පතනවා!
ඔයාටත් සුබ අනාගතයක්!
¶¶¶ශානු¶¶¶
ප:ලි:
සල්ලි වලට මිනිස්සුන්ව වෙනස් කරනවට වඩා මිනිස්සු බැදන් ඉන්න වෙස් මුණු ගලවන්න පුළුවන් බව අපි හැමෝටම දැන ගන්න පුලුවන් වෙච්ච මේ වගේම තවත් කතා කොතෙකුත් අද සමාජයේ දකින්න තියනවද? සමහර විට මීට වඩා වෙනස් කතාවකට ඔබ මුහුණ දී තිබෙන්නට ඇති නේද? ඉදිරියේදි මේ වගේ කතා කොතෙකුත් බිහිවේවිද? හිතන්න මේ අවස්ථාව ඔබටයි.....කවදාවත් ආදරේ කරන හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා,ඔයාට සෙල්ලමක් වෙන ඒ හැගිම් තව කෙනෙක්ගේ මුළු ජීවිතේම වෙන්න පුලුවන් බව මතක තියා ගන්න,එකිනෙකාව හොදින් දැන හැදිනගෙන ආදරය කරන්න,ආදරය කියන්නේ මුළු ජිවිතයම නොව ජිවිතයේ වර්ණවත් විශේෂ එක කොටසක් පමණක් බව මතකයේ රදවා ගන්න.
(යම් යම් අකුරු වල වැරදි වලට හේතුව මා විසින් බාවිතා කරන මෘදුකාංගයේ දෝෂයක් බව දන්වා සිටිමි.ඒ නිසා සිදුවන කියවිමේ අපහසුතාවය ගැන කණගාටු වෙමි.)
ඔව් ශානු... කිව්වත් වගේ "ආදරය කියන්නේ මුළු ජිවිතයම නොව ජිවිතයේ වර්ණවත් විශේෂ එක කොටසක් පමණක් බව මතකයේ රදවා ගන්න" කියපු කතාව හරි .. එන ඕනම විදිහකට ජීවිතයට මුහුණ දෙන එකයි වටින්නේ ... ඔයාට සුබම සුබ අනාගතයකට මම මුළු හදවතින්ම සුබ පතනවා ..
ReplyDeleteඔය කතාව මගේ ජීවිතේ එක ශිර්ෂ පාඨයක්.....සුබ පැතුමට ස්තූති තුශා
Deleteබොහොම සංවේදී කතාවක් . අවංකව ආදරේ කරන කෙනාට හැමදාම ඉතුරු වෙන්නෙ දුකද කියා හිතෙනවා . ඔයාට කවදා හරි ඔයාට ආදරේ කරන කෙනෙක් මුන ගැහෙයි ශානු . සුභ අනාගතයක් පතනවා . අහම්බෙන් දැක්ක මේ ලිපිය මගේ හිතත් සසල කලා .
ReplyDeleteමේ පැත්තට සාදරෙන් පිලිගන්නවා ගිම්හානි.....ආදරය කියන අකුරු 4 ර හැමෝටම වෙනස් වෙනස් විදිහට තමා හමුවෙන්නේ ඒ අනුව තමා දුක සතුට තීරණය වෙන්නේ.ඔයාලගේ හිතට දැනෙන්න ලියන එක තමා මගේ බලාපොරොත්තුවත් උනේ.....ස්තූති
Deleteහැම මනුස්සයාම එකවගේ නෑ.අපි අවංකව ආදරය කලාට අපිව රවටන මිනිස්සු මේ ලෝකේ වැඩියි.අනේ මන්දා උන් කෝම ඒම කරනාවද කියලා..
ReplyDeleteකියලා වැඩක් නෑ හසරැල්ලෝ...අවංක මිනිස්සුමයි හැමදාම රැවටෙන්නේ ,,එත් අන්තිමෙට රවට්ටන අය හිතින් දුක් විදිනවාමයි.
Deleteඔන්න සල්ලි ඉස්සර කරගෙන නං අහුවෙන්න එපා !
ReplyDeleteපුලුවං උදව්වක් තියෙනවා නං කරන්න. ඒත් සල්ලි දෙන එක නං නුවණට හුරු නෑ... !
මට සල්ලි නැති හින්දා මන් අහුවෙන්නේ නෑ මධුරංගයෝ....
Deleteඑහෙනං කමන් නෑ...
Deleteඒක නෙමේ බං.. ඔයි රටේ නත්තල් අසිරිය කොහොමද ? ආසයි ඒ ගැන දැක බලා ගන්ඩ.. අපේ ඉල්ලීම ඉටු කරන්ඩ බැරිද බං ? :)
මන් ඉන්න නගරයේ නත්තල් සැමරිම ලියන්න අදහසක් තියෙනවා....ඉස්සරහට බලන්ට එන්නකෝ ඔයියත්
Deleteහා
Deleteමොකක්ද ගෙම්බියේ උඹේ උලව් මෘදුකාංගය ....මොබිල් නෙවෙයි මොබයිල් , යුනිකෝඩ් නම් පාවිච්චි කරන්නේ English වලදී වගේ mobil කියලා ගහන්න එපා mobayil කියලා ගහන්න එතකොට හරි.
ReplyDeleteහෙහ්..හෙහ්... ගෙම්බෝ මෘදුකාන්ගය වෙනස් කොරන්ට විදිහක් නෑ ඇපල් ඇප්ස් වල මේ මෘදුකාන්ගය ඇරෙන්ට වෙන එකක් හොයා ගන්ට නැතෝ.....මන් මොබයිල් වචනේ හදන්නම්...තැන් +කියු වේවා!
Deleteකතාවනම් හුඟක් හැගීම්බරයි, සමහර වෙලාවට සමහර අය අපේ ජීවිතයට අනපේක්ෂිත අවස්ථාවලදී එන්නේ වාසි බලාගෙන තමයි. අපි කොච්චර සාධාරනීකරණය කරන්න හැදුවත් එක තමයි ඇත්ත.
ReplyDeleteකතාව හිතට දැනුනා නම්,අද ඩිංගක් හොදට ලියලා...ඇත්ත මිනිස්සු වාසියක් ඕන උනාම සල්ලි තියන පැත්තට බර වෙනවා වැඩි.....මම කිව්ව චරිතෙට පන පෙව්ව මම(ශානු) කවදාවත් මිනිස්සුන්ට සැවටෙන්නේ නම් නෑ අංකල්....
Deleteඉවාන් අංකල්.... හව් ආර් යු?
Deleteහාහ් හඃ හා ගණන් ගන්න එපා අරූ , මේ ශානු ආන්ටිලා වගේ වයසකඅය විහිලුවට කියන කතා නේ...:D
Deleteදන්ත විසේසඥයෝ.... ඕක හුගක් දෙනෙකුට පොදු කතාවක්. හැබැයි ශානු කරා වගේ සල්ලි වලින්ම ඒක මැනල බලපු එක හොද දෙයක්... අනිවා දැනගන්න පුළුවන් ක්‍රමයක්
ReplyDeleteමෙහේ මන් දැකපු ගොඩක් දේවල් එක්ක, අහලා තියෙන ගොඩක් කතාවල දත් ගලවන්නෝ වැඩි ඒ නිසාම ...මාත් යම් යම් අවස්ථා වල මිනිස්සුන්ගේ වෙස් මුණු ගලවන්න සල්ලි මිනුම් දණ්ඩක් කරගෙන තියෙනවා....
Deleteමටදැනෙන දේ අවංකවම කියනවා නම් "ඒ කොල්ලා මම නම් මන් කවදා හරි මේ කතාව කියෙවුවොත් ඉතාලියෙ නෙමේ මොන දීපංකරේ හිටියත් ඔයාව හොයන් ඇවිල්ලා කකුල් දෙක අල්ලලයි සමාව ගන්නෙ."
ReplyDeleteහා හා එච්චර කලබල වෙන්න එපා බං
Delete@ප්‍රියා ඔයාට දැනෙන දේ විකුම්ලා වගේ පිරිමි/ගැහැණු දෙගොල්ලන්ටම දැනුනා නම් ......ආදරය කියන සතර අක්ෂරයන්ට නව අරුතක් ඒවි නේද?
Delete@දෙශා
නෑ දේශා ප්‍රියා ඔය උදාහරණ පෙන්නලනේ ඔය තීන්නේ :)
සමාජයේ හැම ජාතියකම මිනිස්සු ඉන්න එක මතක තියා ගන්න
ReplyDeleteඉතාලියට ආවට පස්සේ මන් ඕනවටත් වඩා මීනිස්සු ගැන ඉගෙන ගෙන තියෙන්නේ .......
Deleteශානු.........ලෝකේ හැම දෙයක්ම එක පාර ඉගෙනගන්න බැහැ. ඒකට කාලය අවශ්‍යයි. කාලය කියන්නේ අත්දැකීම්. ඔබ ලෝකය තුලින් සෙමින් සෙමින් අත්දැකීම් ගොනුකරගන්නවා....ඒක තමයි වඩාත් වැදගත්. අර දේශා කියලා තියෙන්නේ දත් දොස්තරලා ගැන....ඇත්ත ගෑණු පිරිමි භේදයකින් තොර දත් ගලවන්නෝ තමයි ඉන්නේ. පරිස්සම් වෙන්න. කට්ට කාලා මේ සීතලේ හම්බකරන සල්ලි එක එක ගෙවලයින්ට පුදන්න එපා. ඔයා ඒකෙන් විනෝද වෙන්න. සල්ලි තියෙන්නේ වියදම් කරන්න.
ReplyDeleteමේ කතාව ඇත්ත කතාවක් ,හැබැයි මම කියන චරිතයට මම(ශානු) පණ පෙව්වේ පුංචි පහේ අද්දැකිමක් නිසා.......ඒ වගේම මායා ලෝකවල ටැපලිලා ඉන්න බොහෝ ගෑණු මිනිස්සුන්ට වෙස් මුහුණු ගැලවිම ගැන පොඩි ඉගියන් දෙන්න ඕනා උන නිසායි.........
Deleteකතාව කියවලා මට ඇත්තට ම දුක හිතුනා, ශානු අක්කේ. දැන් කාලේ අවංක ව ආදරේ කරන අය ඉන්නේ ටික දෙන යි. ඒත් අපි අවංක ව හිතින් ආදරේ නං කවදා හරි අපිට උරුම කෙනා ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳ කෙනෙක්ට වරදින්නේ නෑ. ඔයාට ඉස්සරහට ලස්සණ ජීවිතයක් ලැබෙයි. සමහර විට ඔයා හිතන්නේවත් නැති විදියට! ඒ නිසා ඒ ගැන විශ්වාස කරන්න :)
ReplyDeleteකතාව හිතට දැනුනා නම්, එච්චරයි මට ඕන උනේ ධාරා නංගෝ....ඇත්ත හොද කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ.....ඒක නම් මමත් පිළි ගන්නවා
Deleteකතාව බොහොම සංවේදියි ශානු,ගොඩක් හිතට වැදුනා ජීවිත ගමනෙදී හමුවන ඔවැනි අයගෙන් ඔබට ලැබෙන අත්දැකීම් ඉදිරි ජීවිතයට බොහොම වටිනව.ඔබ හොඳට ප්රශ්නය කළමනාකරණය කළා කියල මම හිතනවා.
ReplyDeleteඇත්ත අත්දැකිම් එක්ක ජිවත් වෙද්දි අපිට ජීවිතේ වැරදෙන තැන් අඩුයි,,,ඔබ තුමාගේ සිතුවිල්ල හරි..ස්තූති
Deleteසමාජයේ ඉන්නේ ගොඩක් රැවටිලි කාරයෝනේ අක්කේ.. එදාට වැඩිය අද ඔයාට හොදයි නේ.. ඒක ගැන ටිකක් හරි මමත් පෞද්ගලිකවම දැන් දන්නවනේ.. වෛර කලා කියලා අපිට ලැබෙන දෙයක් නෑ අක්කේ..
ReplyDeleteඔව් මල්ලි ඔයා හරි,,,,
Delete//ආදරය කියන්නේ මුළු ජිවිතයම නොව .................................
ReplyDeleteආදරය කියන්නේ මුළු ජිවිතයම නොව ජිවිතයේ වර්ණවත් විශේෂ එක කොටසක් පමණක් බව මතකයේ රදවා ගන්න. :)
Deleteසල්ලි හමුවේ මිනිස්සු ගොඩක් වෙනස් වෙනවා ශානු...මම පුද්ගලිකව දැකලා තියෙනවා.. වේදනාත්මක මතකයන් පවා තියෙනවා කීපයක්... නමුත් ඒ අද්දැකීම් ගැන සතුටුයි..මිනිස්සු අඳුන ගන්න තියෙන එකම ක්‍රමය මුදල් පමණයි ...
ReplyDeleteඔයාගේ පහු ගිය පෝස්ට් දෙකක් තියෙනවා කියවන්න බැරි උන..ඒ ටිකත් බලන්න ඕනේ ...
සල්ලි හින්දා මිනිස්සු ඉක්මනින් වෙනස් වෙනවා හදුන ගන්න නම් පිට රටකට පය ගහන්නම ඕනා සහන්...මුදල් වලින් හොද වගේම නරකත් කරන්න පුලුවන් ඒ වගේම මිනිස්සුන්ගේ වෙනස් වීම් මැන බලන මිණුම් දණ්ඩක් විදිහට පාවිච්චියටත් සුදුසුයි කියලයි මම හිතන්නේ:)
Deleteඒ ගැන නම් කියලා වැඩක් නෑ..
Deleteබුද්ධියට ඉඩ දී ඇති බව පේනවා...ශානු ඔය වගේ අවස්ථාවාදීන් ගැන අබ මල් රේණුවක තරම්වත් දුක්වෙන්න එපා..සතුටුවෙන්න..ඔයා එයාගෙන් ගැලවුන එක ගැන..
ReplyDeleteහිතට දැනෙන්න ලියලා තියනවා...
මම ප්‍රශ්ණ ගැන හිත හිත එක තැන පල් වෙන ජාතියේ පුද්ගලයෙක් නෙමේ රෙහානියෝ.....එහෙම උනා නම් මේ තරම් දුරක් මට සාර්ථකව එන්නත් බෑ.....කවදාවත් දැකලවත් නැති ඔයාල වගේ යාලුවෝ ගොඩක් ඉන්න එකට නම් මන් හරි ලෝබයි......ස්තූතී
Deleteසහතික ඇත්ත ශානූ.... බොරු කියන්න ඕන නෑ මට හිතට මොකද්ද මොකද්ද වගේ උනා.... මම දන්නෙ නෑ ඇත්තටම ඒයාගෙ අම්ම ලෙඩ වෙලාද කියල... නමුත් මම දන්නව අම්මල විකුණගෙන කන ලමයි......
ReplyDeleteමොලේ ඇති තීරණයක් අරගෙන ඉවරයි කියල හිතෙනවා....
ඔව් මල්ලි මේක හොද තීරණයක්....
Deleteහ්ම්ම් තීරනේ හරිදි වැරදිද කියලා කාලය විසින් තෙරුම් කරයි.. සමහර විසදුම් තියෙන්නෙ කාලය ගාව විතරයි
ReplyDeleteමේ පැත්තට සාදරෙන් පිලිගන්නවා......මල්ලී මම නම් හිතන්නේ ප්‍රශ්ණ වලට විසදුම් තියෙන්නේ අපි ලගමයි.....කාලයට ඒවා විසදෙන්න ඉඩ දුන්නොත් නිකන් කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ කියලයි
Delete