අනිත් අවුරුදු එක්ක බලද්දී මන් හොද සිතු පැතුම් එක්ක කොච්චර වෙනස් වෙලාද,කියලා හිතට දැනෙද්දි නම් සතුටුයි..ඒ විතරක් නෙවේ අවංක වගේම වංක ඈයෝ බොහෝමයක් ජීවිතේට සතුට වගේම දුකත් නොඅඩුව ගෙන ආවා...ඒ එක්කම කියන්න කැමති මිනිස්සුන්ව අදුන ගන්න හොද කෝස් එකකුත් මම මේ අවුරුද්දෙදි සම්පුර්ණ කලා ........හි..හි......
**********************************************************************
මේ අවුරුද්ද පටන් ගන්නවාත් එක්කම ලොකු පට්ටමක් හෙම ලැබුනා ඒ තමා මම හා හා පුරා කියලා හා පැංචියෙක්ගේ පුංචි(පුච්චි) උන එක ඒ සතුටත් එක්ක කියන්ට ඕනා මේ අවුරුද්දේ තමා මන් වැඩිපුරම සවාරි ගිය අවුරුද්ද....2014 නම් එහෙම වැඩියේ රවුම් ගහන්න බලාපොරොත්තුවක් නෑ...මීට වඩා වගකීම් වැඩි වේවි නව අවුරුද්දේ...........
2014 දී හැම යුවලක්ම දෙන්නා තුන්දෙනා වෙන්න හදන වෙලේ මගේ පැතුම නම් දෙන්නා හතර ,පස් දෙනා වෙන්ටයි ඕං......හි..හි....වෙන ඉතින් ලොකු බලාපොරොත්තු වෙනස් කම් නම් නෑ අපි දෙන්නගේ මේ තියෙන සැහැලු ජිවිතේ ඉහටත් උඩින්......... ලද දෙයින් කාටත් කරදරයක් නැතිව සතුටින් පොළවේ පය ගහලා වෙනදා වගේම නව වසරෙත් ජිවත් වෙන්න තමා ඉතින් හිතන් ඉන්නේ........
2013 දි මට ලැබුන ආදරණීය වස්තු දෙක තමා හා පැංචයි, කළු සහ සුදු ලියන දයාබර මිතුරුතුමි (එයාගේ හමුවිම මන් පස්සේ කියන්නම් ඒක පොස්ට් කෑල්ලකින්ම ලියන්න ඕන තරමේ මගේ ජීවිතේ වැදගත් සිද්ධියක්) ඒ වගේම මගේ හිත සසල කරපු දුක දැනුනේ 2013.12.15 ව මගේ මාමණ්ඩිගේ වියෝව දවසේදි ඒ දුක සමගම නිර්වින්දනය වෙලා තිබුනු අපේ හිත් වලට නත්තල් සැමරුමක් තිබුනේ නැති නිසා නත්තල වෙනුවෙන් ලියනවයි කිව්ව පොස්ට් එක ලියා ගන්න බැරි උන එකටත් දුකයි.....
බොහෝම දුර්වල අක්ෂර ලිවිමකින් පටන් අරන් මේ තත්වයට මගේ බ්ලොගය ඇදන් එන්න
මාව දිරිමත් කල ඔයාලා හැමෝටම පිං සිදු වෙනවා....ඒ වගේම සුපුරුදු ලෙන්ගතු කමින් නව වසරෙත් සිනහව බෙදාගමු....ඒ විතරක් නෙවේ දැනුවත්ව කාගෙවත් හිත රිද්දවා නැති නිසා නොදැනුවත්ව හිත් රිදිමක් මේ අවුරුද්දේ වෙලා ඇත් නම් සමාවෙන්ට ඕනා..........(ඉවාන් පවුලුශා මගේ හිතාදර ගෙම්බාස් අයියණ්ඩි බොට ඉහත ජේදය අදාල නැත හි...හි..හි.. )...........
2013 දී ඉගෙන ගත්ත ලොකුම පාඩම තමා
''බැටළු හම් පොරවාගෙන ඉන්න foxලාගෙන් පරිස්සම් වීමත්..... foxහම් පොරෝගෙන ඉන්න බැටළුවන් හොදින් හදුනා ගැනිමත්''
*********************************************************************************************
ඉතින්, නව අවුරුද්දේ හමුවෙන අදිටනින් ...
ඔයාලටත්,ඔයාලගේ පවුලේ සැමටත් සතුට,සෞභාගය පිරි සිරි සුබ නව වසරක් වේවා!
ප.ලි.
මන් යාලුවෙක් එක්ක පොඩි සංචාරයක් කොරලා නත්තල් සතියට ඉස්සරින් සතියේ ගෙදර ආවා....ඒ එක්කම මගේ මාමණ්ඩි අන්ත්රා විම නිසා හදිසියේ දවස් 4 කට ලංකාවට ඇවිත් යන්න උනා. ඒකයි පේන්න හිටියේ නැත්තේ මාව හොයලා බැලුව හැමෝටම ස්තූති...ඔයාලගේ මග ඇරුන පොස්ට් ටික හෙමිට බලන්නම් එතකම් තරහා වෙන්ට තහනම්.........
අක්කටයි පවුලේ හැමෝටමයි අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා හදවතින්....
ReplyDeleteස්තූති නංගෝ..ඔයාටත් එසේම වේවා!
Deleteසිදුවුන කරදරය ගැන කණගාටුයි. මම හිතාන හිටියෙ අක්කා නත්තල් සැමරුම් එක්ක බිසී වෙලා කියලයි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ..!!!
ReplyDeleteබත්තිගේ පැතුමට තුති
Deleteශානුටත් සුබම සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා මාමා
Deleteඔයාටත් සුබම සුබ නව වසරක් වේවා !
ReplyDeleteස්තූති තුශා
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි! :)
ReplyDeleteඅලි මල්ලිටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
Deleteසුභම සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteසුබ නව වසරක් වේවා නාඩියා මලේ
Deleteඉගෙන ගන්න ඕන වැදගත්ම පාඩම ඉගෙන ගත්ත එක ගැනනම් සතුටුයි අක්කේ.. මම හිතුවා පහුගිය ටිකේ නැති වෙද්දී හේතුව මොකද කියලා.. ඔය මට කියලනේ තිබුනේ.. ඒ ගැන කණගාටු වෙනවා..
ReplyDeleteමේ අවුරුද්දේ අපි සෙට් වෙමු හොදේ..
බොන් ආන්නෝ කාරෝ සොරෙල්ලා.. ;)
ඔව් මල්ලි හදිසියට මේලක්වත් දාන්න බැරි උනා......ඔයා පේන්න හිටියෙත් නෑ.............තාන්ති අගුරි පික්කොලා ෆ්රේතෙල්ලෝනේ
Deleteකිරි කළ ඉතිර සුබ වේවා නව වසර....!!
ReplyDeleteසිතුම්,පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා !වර්ෂා
Deleteහොද වැඩේ ගූගල් ක්රෝම් නැතුව ෆයර් ෆෙක්ස් පාවිච්චි කරන නිසා තම නරි කරදර කරන්නෙ..
ReplyDeleteසුබ වේවා..නිරෝගි වේවා..
හි...හි...එහෙමද....?සුබ පැතුම් සැමා
Deleteමාමාන්ඩියා ගැන විස්තරේ එක්කෙනෙක් කිව්වා.. කනාගාටුයි
ReplyDeleteඑහෙනං ෆොක්ස් සීන් නැති සුනවවේ!!
ආ ඔව් ඔව් එයාද?හරි...හරි....
Deleteසුබ නව වසරක් වේවා!දේශා
සුබ නව වසරක් වේවා අක්කෝ !!!!
ReplyDelete(අර කිවුව කෙනා ගැන කියන්න දෙයක් තියේ. චැට් කියන්නන් හරි ^_^ )
Deleteසුබ නව වසරක් වේවා!නංගෝ.....චැටේදි කියන්නකෝ
මොනා උනත් නරි කවුද කියල අදුනගත්ත නං සතුටුයි. ජීවිතේ හැම පාඩමක්ම එකපාර ඉගෙන ගන්න බෑනෙ. පුලුවං වෙලාවට ඇදගෙන නාල හරි කරගන්න දේ කරගන්න ඕන. මොකද එහෙම නැත්තං අපි දන්නෙ නෑනෙ මේව මේමෙයි මේමෙයි කියල නේහ්.
ReplyDeleteඔයාටත් වාසනාවන්ත ඔය හිතං ඉන්න හැම කැරණාවක්ම සර්ව සම්පූරණ වෙන සුභ නව වසරක් වේවා
ඇත්ත ඇත්ත ජිවිතේ වැරදෙන්න වැරදෙන්න තමා අපිට වැදගත් පාඩම් ජිවිත කාලෙදි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ....ඔයාටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
Deleteබලාපොරොත්තු එලෙසින්ම ඉටු වන
ReplyDeleteසුබම සුබ නව වසරක් වේවා ශානු.
ප්රියාටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
Deleteසුභ නව වසරක් වේවා..
ReplyDeleteරෙහානිටත් ,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
Deleteසුභ නව වරක් වේවා..
ReplyDelete.ඔයාටත් එසේම වේවා!
Deleteඅඩෝ සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා එහෙනං !
ReplyDeleteඇයි බන් මන් වගේ අහිංසකයෙකුට චන්ඩි පාට් එකෙන් සුබ පැතුම්
Delete.......ඔයාටත් එසේම වේවා අයියේ
මේ චණ්ඩි පාට් එකෙන් යෑ.. :)
Deleteනලින් අයියටත් ,පවුලේ සැමටත් සිරි සුබ නව වසරක් වේවා!
ReplyDeleteලැබුවා වූ නව වසර ශානු අක්කට සහ කොල්ල හට සියලු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැනියෙන් ඉටුරුණු, ඉක්මනට දෙන්නට එකම කැදැල්ලක උණුසුම ලැබීමට, බස්ස සහ බස්සී පැටවුන්ගෙන් පිරුණු කැදැල්ලකට හිමිකම් කීමට හැකිවන.... ඉගෙනීම් කටයුතු වලින් ඉදිරියටම යන.... සුභම සුභ නව සවරකට ආසිරි පතන්නේ...
ReplyDelete♥ගාලු සහ දෝණි ඇතුලු පවුලේ සැම....♥
ඔයාටත් දෝණිටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
Deleteඔන්න ඉස්සෙල්ලම සුභ පැතුවා අලුත් පට්ටමට...
ReplyDeleteඊට පස්සේ...
සියලු යහපත් ප්රාර්ථනාවන් ඉටුවන සුභ නව වසරක් වේවා කියලත් පැතුවා....
රන්දුටත්,පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
Deleteශානු ආන්ටිට සුබ අලුත් අවුරුද්දක් වේවා.....අපි පාලුවෙන් හිටියේ ගෙම්බි නැතුව මේ දවස් ටිකේ...බ්ලොග් පුරාවටම බක බක සද්දේ නවතිලානේ තිබ්බේ....
ReplyDeleteසිදුවුණු කරදර වලට මාගේ කණගාටුව පිළිගන්න.
එහෙනම් දැන් ආයෙමත් බක් බක ගාපන් ගෙම්බියේ
හි....හි...... අනේ යනවා යන්ඩ ගෙබි බට්ටා
Deleteසුබ නව වසරක් වේවා ඔයාට....
ReplyDeleteසුබ නව වසරක් ඔයාටත් පවුලේ සැමටත් සයුරියේ
Delete