Monday, December 2, 2013

31.මගේ හිත හා තෙවෙනි ඇස

කැමරාවක් එල්ලගෙන  ලෝකේ වටේ සවාරි යන්න,ඒ සවාරි මුලු ජීවිත කාලයටම මතක තියා ගන්න,හිත බැදුනු පිත්තුරු තොගයක්  කැමරාවේ සටහන් කර ගන්න මට පොඩි කාලේ ඉදන් තිබුනේ හෙනම පිස්සුවක් ඒ පිස්සුව අදටත්  තියෙනවා,ඉතින් මගේ පිස්සු අහිංසක  ආසාව නිසාම කැමරාවට අසු කර ගත්ත පින්තූරු තොගයෙන් කිහිපයක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා,මම කැමරා ශිල්පියෙක් නෙවේ.එත් ඔයාලා හැමෝම මේ පින්තුරු රස විදි කියලා හිතනවා...........


අයිස්ද මන්දා
                                                                                      


උදෑස


ගිනි කන්දක දුමාර
                                                    


බලාපොරොත්තු
                                                   

දුප්පත් බව හා පොහොසත් බව
                                                                        

කටුක බවේ සුන්දරත්වය 
                                                             

නිදහස සහ ගිනි පෙට්ටි ගෙවල්
                                                                    

අවසන් ගමන් ගිය පොෂ් මාලුවා
                                                       

කොල්සියම් සිහිනය
                                                                    

අදුරු ජිවිතේ එළිය නැමති බලාපොරොත්තුව
                                                             

නවීකරණය වු රෝමන් සොල්දාදුවා
                                                                     

විශිෂ්ඨත්වය 
                                                                    

ආලෝකයේ සිටියදි අවදානය අහිමි විම
                                                                     

විශ්වාසය හා බලාපොරොත්තුව
                                                                                    

සීමාව


කොන්ක්රීට් වනන්තරේ සුන්දරත්වය
                                                                 

වහලෙක කතාව
                                                                      

              නගරයේ උදෑසන ආරම්භය
                                                                  

නායකත්වය හා කණ්ඩායම් හැගිම


හිමිදිරි හිරු එළිය හා මී දුම මවන රටා


කෘතිම පරිසරය හා සුන්දර ජීවිත
                                                      
අම්මාගේ උණුහුම
                                                       

කිඹුලෙකුට දුන් හාදුව
                                                       

සංවේදි කමේ උපරිමය
                                                                     

කැපි පෙනිම
                                                            

දේදුනු නගරය
                                                                   

මොර සූරන වැස්ස
                                                                   

සෙල්ලම් කාර් 
                                                                    

අගුලු දැමු නගරය
                                                                    

රාත්රි නගර සෝබනී
                                                                     

හෙවනැල්ල සමග එක්ව රටා මැවිම


          බැස යන හිරු හා ඩිංගි බෝට්ටු 


                                                  


හිතේ හයිය හා මරන බිය :)
                                                           


පින්ක් පැන්දර්(pink panther)
                                                              



ලොලි පොෆ් රස
                                                                 

රළු හිතක  බැදි සුන්දරත්වය
                                                                   



සැදැ සමය හා ළදරු හිත
                                                               


තනි වීම හා සුන්දරත්වය
                                                                             

දහ අට වංගුව
                                                                  

පිංතාලිය
                                                                    

දුෂ්කර හිතේ ඇදි සුන්දරත්වය
                                                               

හිරු නැගිම
                                                                        

රැකවරණය හා මිත්රත්වය
                                                                                  

කටු ගහ හා රස ඵල
                                                                   

ආපසු හැරි බලමි

හිත බැදි සිතුවම
                                                                                 
නොදකින මුහුදු  තීර ලොව
                                                                   
මම හා මගේ හදවත
                                                                    
ප.ලි.
(යම් යම් අකුරු වල වැරදි වලට හේතුව මා විසින් බාවිතා කරන මෘදුකාංගයේ දෝෂයක් බව දන්වා සිටිමි.)

44 comments:

  1. ආලෝකයේ සිටියදි අවදානය අහිමි විම....... මෙන්න මේකනං වැදුන. මගෙ අැහැට නං ඔය ඔක්කොම ලස්සනයි

    ReplyDelete
  2. රටවල් කීයක පිංතූර තියෙනවද ශානු,ඔන්න ඔක්කොම බැලුවා හොඳයි.

    ReplyDelete
    Replies
    1. රටවල් 4 ක මාමේ.(ඉතාලියේයි,ඉතාලියට අයිතිම දුපතක,ලංකවේ,ස්විඩනයේ,පින්ලන්තයේ මුහුදේ) ස්තූති

      Delete
  3. හරිම ශෝක් ශානු... ලස්සන පින්තූර ටිකක්..

    පින්තූර වල තේමාවනුත් හොඳට ගැලපෙනවා ...

    මම කැමතිම පින්තූර ...
    ආපසු හැරි බලමි
    දුෂ්කර හිතේ ඇදි සුන්දරත්වය
    රළු හිතක බැදි සුන්දරත්වය

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ වගේ කොමට් දකිද්දි,ඔය ෆොටෝ තුනම මට අහම්බෙන් වැදුන ඒවා හිතලා ,මතලා ගත්ත ඒවා නෙමේ ඒත් නිවි සැනසිල්ලේ ගත්ත ෆොටෝ බලද්දි හැම ෆොටෝ එකකටම ආවේනික කථාවක් මගේ හිතේ මැවුනා ඒ අනුව තමා තේමා ටික සෙට් උනේ තුශා

      Delete
  4. හරිම ලක්ෂණ කතාවක්..බොහොම වැදගත් පිංතූර ටිකක්..

    ReplyDelete
  5. මේක දැක්කම මතක් වුනේ.. මට මගේ නොවෙන මගේම තෙවනි ඇහැක් කාලෙකට කලින් තිබුනා කියලා.. හෙහ්.. කැමරාව අරං කොහේවත් ගියේම නෑ.. ෆොටෝ ටික ලස්සනයි අක්කෝ.. ආවම අපෙත් ලස්සන ඒවා ගනීවිනේ.. ;)

    ReplyDelete
    Replies
    1. තෙවෙනි ඇහැට මොකද උනේ දුවිලි පිහදාලා අරන් ආයෙත් තෙවෙනි ඇහැ එක්ක වැඩ පටන් ගන්න.මන් නම් ගමන් නොගියත් කෑමක් හදන වෙලාවට හරි ෆොටෝ කෑල්ලක් ගහ ගන්නවා.හි....හි...හි...,ඊ මැදලා,පවුඩර් නාලා එන්න ලස්සනම ලස්සන ෆොටෝ ටිකක් අනිවා ගමු,හී....හිහිහි.....

      Delete
  6. ශානු ඇත්තටම හොද කැමරා ශිල්පිනියක්.
    අර දුප්පත් බව හා පොහොසත් බව කියන ෆොටෝ එක ගොඩක් හිතට වැදුනා. ඔක්කොම ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙම හිතුවත් මට සතුටුයි,ඔය ෆොටෝ එක ගත්තේ කොහෙද කියලා දන්නවද ? නවලෝක රෝහලේදී ගිය අවුරුද්දේ අගෝස්තු....අපේ අම්මගේ ඔපරේෂන් එකකට මන් ලංකාවට ආව වෙලේ.අම්මට සිහිය එනකම් ඇහැරිලා හිටිය මම බැල්කනියට වෙලා කරපු එකම දේ තමා ඔය අද ෆොටෝ එකක් වෙලා ඔයා දකින්නේ....හිතා ගන්න පුළුවන්නේ පිස්සුවේ තරම

      Delete
  7. පින්තූර ඔක්කොම වගේ ම ඒවායේ තේමාවනුත් හුඟක් ලස්සණ යි, ශානු අක්කේ. ඒ අතරින් මම ආස ම ඒවා තමයි,
    1. ආලෝකයේ සිටිය දී අවදානය අහිමි වීම
    2. සංවේදීකමේ උපරිමය
    3. රාත්‍රී නගර සෝබනී

    ReplyDelete
    Replies
    1. 1.කවුරුත් අවදානයක් නැති දේවල් ගැන මම හෙනම ලයික්, ඔය රෝමයේ පොඩි රවුමක් ගහපු වෙලේ මගේ ඇහැ ගැටුනු ලයිට් කනුවක්
      2. ඔය ස්විඩනයේ "ස්කන්සන්" එකේ සංවේදි මියෝ ජාතියක්,ෆ්ලැශ් එක නැතිව තමා ෆොටෝ ගන්න කියලා තියෙන්නේ.
      3. මම ජිවත් වෙන නගරය තමා ඔය තියෙන්නේ හප්පේ ඇත්තටම නගර සෝබනිම තමා......

      Delete
  8. ශානූ... පොටෝ ටිකනම් පට්ට පදිරි... කියල වැඩක් නෑ... ඇඩෙනව.....

    ReplyDelete
  9. ඇත්තටම නියම පිංතූර ටික..යාළුවා,මම පොඩි අදහසක් දෙන්නම්..ඔහොම ගන්න පිංතූර තරඟ වලට ඉදිරිපත් කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. නරක නෑ මචී දෙන්නකෝ ඉතින් හෙල්ප් එකක් ඉදගෙන

      Delete
  10. ලස්සණ යි ලස්සණ යි. මට නම් හරි ම කම්මැලි වැඩක් ඕක.

    ReplyDelete
    Replies
    1. තැන්කියු...තැන්කියු......හපොයි මෙයත් අපේ අයියගේ බෝට්ටුවේ කෙනෙක්නේ ;)

      Delete
  11. ලස්සන පින්තූර ටිකක්... කිඹුලෙකුට දුන් හාදුව වෙනුවට කිඹුල් හාදුව කියලා මාතෘකාව දැම්මා නං ගති !
    ඔයා ඉන්නේ ඉතාලියේ ද ?

    ReplyDelete
    Replies
    1. ඉතා + ලිය
      ගොඩක් ගැහැනු !

      ගෑනුන්ටම ගිය රට :)

      Delete
    2. ඔව් ඔව් ..ඉතා +ලියෙක් තමා මමත් හි...හි...හි....දැන්නම් ගෑණුන්ට ගිය රට නෙමේ,ලංකාවේ උන්ට ගිය රට හී......හි.හි...

      Delete
  12. ශානු ආන්ටි මේවා ඔයාමද ගත්තේ ආන්ටි...?

    ReplyDelete
    Replies
    1. ඔව් අංකල් ඇයි අවුල්ද? අංකල් හෙක්...

      Delete
  13. මාත් හොද කැමරාවක් ගන්න ඕනේ අක්කේ ,, මෙහෙ හරි ගණන් අප්පා ,, මාත් ෆෝන් එකෙන් කරන එකම දේ ෆොටෝ ගහන එක තමයි ,ඔයාගේ ෆොටෝ ටික හරිම ලස්සනයි අක්කේ ,,

    ReplyDelete
    Replies
    1. හෑ... ශානුට අක්කේ කියන්නේ... මේ ඊටත් පොඩි කෙල්ලෙක්ද ? :O

      Delete
    2. ඔව් ඇයි :(

      Delete
    3. අවුලක් නෑ... පොඩි උන තරමට හොඳා... දුක් වෙන්ඩ එපා.. :)

      Delete
    4. @අපුර්වි ඔමයියේ කැමරාවක් අර ගන්න ඔය ෆොටෝ කෑලි වැදගත් වෙන්නේ දැන් නෙමේ අපේ සැදැ සමය කාලෙදි.....ඔය කාලෙදි බල බලවත් ඉන්න පුලුවන්නේ....
      @මධුරංග ඈ බොලේ ගෑණු පරාදයි හි...හි....හී...

      Delete
    5. ශානු :
      අනෙ..හ්.. පලයං යන්ඩ ! :)

      Delete
    6. එහෙමද ආසා?හාකෝ ...හී...හීහී....හී....හුහු....හු....හු...

      Delete
  14. මට නං ලස්සන පලවෙනිම එක !!

    ReplyDelete
    Replies
    1. හැබෑට...හැබෑට .... ඔය කොක්ටේල් එකක් හොදේ පොඩි ළමයින්ට ඕවා හොද නෑ.පත්තර මල්ලිත් ඉදලා ඉදලා ලස්සනයි කිව්ව ෆොටෝ එක

      Delete
  15. ඔය පිස්සුව..ඔයාට සමනලීට වගේ මටහ් තියේ..
    ඔක්කොම ලස්සනයි...ඔයා ඒවාට දීලා තිබුණ අරුත් නිසා තවත් සුන්දරව දැක්කා..

    ReplyDelete
    Replies
    1. හෑ....මන් වගේ තවත් පික්ෂු පුසෝ දෙන්නෙක් ඉන්නවා ඇසීමත් සතුටක් රෙහානියෝ...ස්තූති

      Delete
  16. ම්ම් ලස්සනයි. අර ගිනි කන්ද කොහේ එකක්ද

    ReplyDelete
    Replies
    1. විසුවියස් ගිනි කන්දේ රෙඩ් සෝන් එරියා එකට අයත් මුඩු බිමක තමා ඔය ස්ථානය තියෙන්නේ පොස්සෝලි සොල් ෆතාරා තමා එකේ නම,නාපොලි තියෙන්නේ

      Delete
  17. හරිම අපුරුයි ශානු අක්කේ.. :)

    ReplyDelete
  18. නියමයි ශානු මේ සේරම ඔයා ගත්ත පින්තුරද ?ලස්සනට බ්ලොග් එක හදලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් වජිර අයියේ..ස්තූතී

      Delete
  19. Harima lassanai..mtat thiyenawa me wagemaheenayak.

    ReplyDelete
    Replies
    1. හීනේ සැබෑ කර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!