වැඩ කරන දවස් වලට හැමදාම 6 ට විතර ඇහැරිලා අපි දෙන්නම ගොඩක් වෙලාවට උදේ කෑම එකට ගන්නවා,එයා මට කලින් 6.30 වෙද්දි ගෙදරින් යනවා.මන් ඉතින් කාපු බීපුවා අස් කරලා 7.10ට තමා ,බස් එක අරන් වැඩට යන්නේ ,අර අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ මේ බස් එකේ පිටිම පස්සේ අපේ යාලුවෝ කට්ටියක් ඉන්නවා හැමදාම ලෝකේ වෙන දේවල් ඕපදුප කියව, කියවා තමා යන්නේ ....,මන් අනිත් අය කියන කතන්දර අහන් ඉන්නවා ඇරෙන්න මගේ කට ඇරෙන්නේ බොහෝම අඩුවෙන් (බස් එකේ කතාව වෙන දවසක ලියන්නම්)හි...හි....හි...හරි දැන් ලියන්න ආපු කතාව
ඔන්න ඉතින් බස් එකෙන් බැහැලා මම තව කේබල් කෝච්චියක කන්දක් උඩට යන්න ඕනා වැඩ කරන තැනට යන්න....ඒ ගිහිල්ලා පල්ලියක් ලග තමා මන් වැඩ කරන ගෙදර තියෙන්නේ මම 8ට වැඩට ඉන්න ඕන නිසා ටිකක් වේලාසනින් ගිහින් පල්ලියට ගොඩ වෙලා යන එක මට පුරුද්දක් වෙලා තිබුනේ...පල්ලියේ පියතුමා,නිතර පල්ලියට උදව් වෙන ඈයෝ එහෙමත් මාව හොදටම අදුනනවා,ඔය හැමෝටම "සුබ උදෑසනක් " කියන එක මන් හැමදාම පුරුද්දට වගේ කරන දෙයක්.ඔය අතර පල්ලියේ ඉතාලි පියතුමා දවසක් පල්ලියට ආවා කළු ජාතික පියතුමාව හදුන්නලා දුන්නා,කාලයත් එක්කම උන්දත් ඉතින් අර සුබ පතන ගොඩේ කෙනෙක් උනා...
දවසක් මම වැඩ කරන ගෙදර ආච්චි,මමයි වත්තේ මල් වගයක් හිටව හිටව ඉද්දි ආච්චී මට ලන් වෙලා ඇහැව්ව ,
"පල්ලියේ ලැගුම් ගේ ජැනේලෙන් කව්ද කෙනෙක් මේ පැත්ත බලන් ඉන්නවා " කියල
මම වැඩ කරන තැන ඉදන් පල්ලියේ පියතුමන්ලාගේ ලැගුම් ගේ ජැනෙල් හොදින් පේනවා එත් ඉතින් මන් ඒ පැත්ත හැරිලා බැලුවත් කව්දෝ අත වනනවා පෙව්නත් පුද්ගලයා කාචෙට වැටුන් නෑ ,හි....හි..හි.... ඇයි ඉතින් මට දුර පෙනිම අවුල්නේ ඇස් හතරෙන් ලෝකය බලන මම වැඩ කරද්දි නම් ඇස් දෙකින් වැඩ කරන්නේ,මන් හිතුවා දන්න කෙනෙක් වෙන්න ඇති කියලා මාත් අත වනලා අපේ ආච්චිට කිව්වා මන් අදුනන කෙනෙක් වෙන්ට ඇති කියලා.එක එදයින් ඉවර උනා කියමුකෝ....ඊට පස්සේ දවසේ ඉදන් කලු ජාතික පියතුමා හැමදාම උදේට මාත් එක්ක කතා කරනවා.කොහොමද?ලංකාව ගැන,වැඩ ගැන අහද්දි මම කිව්වා ලංකාවේ අයට ජොබ් අඩුයි කියලා ,ඉතින් පියතුමා මගේ මොබයිල් නම්බරෙත් ඉල්ලගෙන පල්ලියට එන අය ගේ ගෙවල් වල ජොබ් තිබුනොත් දෙන්නම් කියලා කිව්වා,මාත් හා කිව්වා කාට හරි ගොඩ එන්න අත දෙන්න පුළුවන්නේ කියලා හිතලා,ඊට පස්සේ අතට අත දීලා සිපාචාර කරල සමුගත්තා,(කට්ටිය දැන් වැරදියට හිතන්න එපා ඉතාලියේ හොදට දන්න කියන ඈයෝ මේ විදිහට කම්මුලට කම්මුල තියලා සිපාචාර කරන එක සාමානය දෙයක් හොදේ...)......මායි,හබියයි රෑට කෑම කාලා දවසේ වෙච්ච දේවල් කතා කර කර පැයක් විතර කෑම මේසේ ඉදගෙන ඉන්න එක පුරුද්දට ගිය දෙයක් ඉතින් එදා හවසත් මන් පියතුමා ගැන කිය කිය ඉද්දි හබියා විහිළු කර කර කියපි
"මේ පියතුමා නම් එන පොට හොද නෑ සුදා,පල්ලියේ කානික්ක පෙට්ටිය තියෙන තැන අහ ගන්න බලන්න" කියලා,
මම ඉතින් හි...හි...හි... ගාල හිනා වෙලා හිටියා,
*****මට නම් මනුස්සයන්ගේ යටි හිත කියවන්න ඕන නෑ .....තමන් හරි නම් අනිත් උන්ට මොන බම්බුවකට බය වෙනවද අනික මන් ඔය ඕනම දෙයක් සීරියස් විදිහට ගන්න කෙනෙක් නෙමේ,හරි ඇඩ් එක ඉවරයි .දැන් කතාවට................--------->
ඔන්න අප්‍රියල් පාස්කු කාලේ මන් වැඩ ඉවර වෙද්දි ,සැහෙන්න හවස් වෙනවා ආච්චිගේ ළමයින් ඔක්කොම මෙහේ පාස්කු සමරන්න එන නිසා වෙනදට වඩා මන් කලින් වැඩට ආවා . වැඩ ඇරිලා පරක්කු වෙලා ගෙදර ගියා.ඉතින් ඒ ටිකේ මට පල්ලියේ කාවත් මුන ගැහුනෙත් නෑ,දවසක් පාන් කියා ගන්නවත් බැරි විදිහට මහන්සියේ බස් එකේ වාඩි වෙලා ගෙදර එද්දි මගේ මොබිල් එකට කෝල් එකක් ආවා, අදුනන් නැති නම්බරයක් මොනාටත් කියලා
" හලෝ"කිව්ව ගමන්
අනිත් පැත්තෙන්
"හෙලෝ හව් ආර් යු?"
කිව්වා.
"අයි ඇම් ෆයින්,තැන්ක් යු,හු ආර් යු?"
උත්තරයක් නෑ.....බලද්දි එහා පැත්තෙන් මැලේරියා උණ ගැනුන වෙව්ලන කට හඩකින් කැඩි කැඩි ඇහෙනවා
"අයි ඇම් කැස්පර්" කියනවා
ඒ එක්කම වට පිට කළුවර වෙලා බස් එකේ ලයිට් හිටන් දාන්න ගත්තා,මට කැස්පර් කිව්ව ගමන් මතක් උනේ කැස්පර් කතාවේ භුතයා ගැන ...වට පිට බැලුනේ කෝල් එකත් කට් උන නිසා,බැලින් නම් බස් එක බිම් ගෙයක් ඇතුලින් යනවා,සිග්නල් නැතුව ගිහින් තමා මොබයිල් එක කට් උනේ.....මොබයිල් එක බෑග් එකේ දා ගෙන ඊලග හෝල්ට් එකෙන් බැහැලා ගෙදර ඇවිත් බැලින් නම් ඒ නම්බර් එකෙන්ම කොල් පහක් හයක් ගත්ත මැසේජ් ඇවිත් මන් ආයේ කතා කරන්න ගියේ නෑ ...අදුනන් නැති නම්බරයක්නේ.....
ඔහොම පාස්කුත් ඉවර වෙලා..... කාලෙකින් පල්ලිය පැත්තේ යන්න බැරි උන නිසා දවසක් පල්ලියට ගොඩ වැදිලා ඔරසම් එහෙම කියලා එලියට එද්දිම කලු ජාතික පියතුමා දුවගෙන ඇවිත් කියපි ,
" හෙයි අයි ඇම් කැස්පර් "කියලා
හත් ඉලව්වේ කව්ද දන්නේ මුන්දගේ නම කැස්පර් කියලා මන් කිව්වා මන් ඔබ තුමාගේ නම දැන හිටියේ නෑ ඒ නිසයි එදා ආයෙත් කතා කරේ නැත්තේ කියලා,
"ඔබ තුමාට ජොබ් එකක් හම්බුනාද මට කතා කරේ කියලා අහද්දි කියපි මේ ටිකේ දැක්කේ නැති නිසයි කතා කලේ කියලා.(පින්වතුනි මෙතනින් එහාට මන් මේ පියතුමාට එක එක නම් වලින් අමතනවා,වැරදි වැටහිමක් නොගන්න)
එදා උදේ කතා කරපු පියතුමා හැංගිමුත්තු හැංගියෝ කතන්දර ටිකක් කිව්වේ,හවස කෑම මේසෙදි හබියට වෙච්ච දේවල් කියද්දි මට විහිළු කර කර හිනා වෙනවා,(එයයි මමයි එහෙම විහිලුවෙන් තමා ගෙදර ඉන්නේ ගනන් ගන්ට කාරි නෑ)අපේ ගෙදර කට්ටියට කියනවා මෙයාගේ අලුත් බොයි ෆෙරෙන්ඩ් පියතුමෙක්නේ ඉතින් ඔක්කොමල්ලගේ ඉරිදට බයිට් එක මම .......කැස්පර් පසු කාලීනව අපි අතර පැස්බරා උනා....ඒ දවස් වල නම් ගෙදර පැස්බරා හින්දා සිනා සාගරයයි....
ඔහොම කාලය ගෙවිගෙන ගියා,පැස්බරා ඉවරයක් නැතුව කෝල් කරන්න ගත්තා මු එන්න එන්නම ඇන පෙට්ටියක් වෙන හැඩයි ...දවසක් මන් හබියා එක්ක මේ ගැන කතා කරා හිනා වෙවි සීරියස්(අපේ ගෙදර සීරියස් දේවල් කතා කරන්නේ හිනා වෙවි ඕං...) කට වහගෙන හිටියොත් මේ දෙවල් අවුල් වෙන්ට කලියෙන් මන් හෙට උදෙන්ම පියහොරා හමුවිමට යන බව හබියාට කිව්වා,හබියානම් කැස්පරාගේ රෙදි ගලවන්නමයි ලෑස්තිය...හි...හි..හි...., මුන්දගේ හැංගි හොරා සෙල්ලම නවත්තන්න ඕන නිසා උදෙන්ම පල්ලියට ගිය මම ඔරසම් එහෙම කියලා එලියේ හිටිය මුට දෙකක් කියනවා කියලා හිතන් ආවට මොකද මට තරහා යන්නේ නෑ බොලව් තරහා එන්නෙත් නෑ.....සුපුරුදු හිනාවෙන්ම සුබ උදෑසනක් කියලා කෙලින්ම කාරණාවට බැස්සා....නෙමේ මේ මලදානේ නවත්වන්න ඕන නිසා ඉබේම කාරණාවට වැටුනා.....
මම "පියතුමා මට බොරු නේද කිව්වේ ජොබ් හොයලා දෙන්නම් ඔයාගේ යාළුවන්ට දෙන්න කියලා" මගේ නම්බරේ ඕන නිසා නේද එහෙම කරේ"
ටිකක් කට කොනෙන් හිනාවක් දැම්ම භුත කැස්+පරයා රිලැක්ස් එකේ කියපි
"අයි ලව් යු"කියලා.......නම්බරේ ඉල්ල ගත්තේ කතා කරන්න ඕන නිසා කියලා,
අම්මපා මගේ ඔලුව පල්ලියේ කණුවක ගහා ගන්න හිතුනා,.....මෙහෙම උන කෙනෙක් දන්නවා ඇති මේ වගේ අවස්ථාවකදි අදාල පුද්ගලයට හොම්බ කට සමතලා වෙන්ට දෙන්න හිතුනට හිතට කොච්චර බය හිතෙනවද කියලා, යක්කුන්ට බය නැති මම මේ භුතයට මොනාට බය වෙනවද...හෙහ්....... කියලා හිතලා
මම බැදලා කියලා දන්නවද? මම ඇහැව්වම,
කැස්+පරයා කියපි ඔව්....කියලා
මන් හිතුවා මන් ගැන දන් නැතුව දෝ මෙහෙම උනේ කියලා,එත් ඉතින් මුට නම් සමාව දෙන්න වටින් නෑ....
මු නම් පියතුමෙක් කියන්න වටින එකෙක් නෙමේ ඒ නිසාම කැස්පර් කියලා උච්ච සුවරයෙන් ආමන්ත්‍රණය දීලා"මම ඔයාට ආදරෙයි කිව්ව(හොව් හොව් මට හිතින් බනින්න එපා ඉතුරු ටිකත් කියවන්න ) හැබැයි ඒ ආදරේ මනුස්ස කමට මිසක් ඔයා එක්ක පවුල් කන්න ඕනා කියන මානසික මට්ටමේ ආදරයක් නෙමේ,ඊට පස්සේ පල්ලිය ලග තියෙන ප්‍රෙට්ටල් ෂෙඩ් එකේ මිනිහවයි,බල්ලවයි පෙන්නලා කිව්ව මන් අන්න උන් දෙන්නටත් ආදරෙයි හැබැයි මනුස්ස කමට කියලා,අනික ඔයා මන් බැදලා කියලා දැන දැන මෙහෙම හිතුන එක ගැන නම් හරිම පිලිකුල්,තල් අත්තට බොරළු දානවා වගේ ඔක්කොම එක දිගට කියලා මන් යනවා කිව්වා,මු නෑ...නෑ.....කියද්දි මන් වැඩ කරන තැනට ඉගිල්ලුනා,ඊට පස්සේ නම් පල්ලියේ පැත්ත පලාතක ගියේ නෑ...
මේ අවුරුද්දේ නම් අම්මපා ඕනාට වැඩියේ මනුස්ස කම නිසා සිරික්කිය පාන්න ගිහින් හොද හොද පාඩම් ටිකක් ඉගෙන ගත්තා ආයේ ඉතින් මෙවන් දේ නොවෙන්ට වග බලා ගන්නට පුලුවන්.....අර කව්දෝ කිව්වලු වැඩි අනුකම්පාව භුමිකම්පාව වෙනවලු ඉක්මනින් කියලා...... ඕවා ඉතින් කට කහනවට කිව්ව උපහැරන නොවේ නේ........එදායි පස්සේ මේ භුතයා මාව දැක්කම භුමිතෙල් ගහපු ගැරඩියා වගේ මාරු වෙනවා.මෙන්න මේ වගේ ගෝතයෝ හින්දා තමා අෆ්ෆා මට ආගමික ස්ථාන එපා වෙලා තියෙන්නේ... හැබැයි ඉතින් මේ නත්තලට අපි රෑ 12ට නත්තල් පුජාවට යන්නෙත් ඔය පල්ලියටම තමා බලමු භුත කැස්පර් ඉදිද කියලා:D
මම නම් කියන්නේ "කවදාවත් ප්‍රශ්ණ වලින් පැනලා යන්න එපා එතකොට ඒ ප්‍රශ්ණ තවත් අවුල් තත්වෙකට පත් වෙනවා පුලුවන් තරම් ප්‍රශ්ණයකදි සන්සුන්ව අවබෝධයෙන් ප්‍රශ්ණය විසද ගන්න බලන්න, අතක් පයක් ගලෝල විසද ගන්න බැරි ගොඩක් ප්‍රශ්ණ කතා බහා කරලා විසද ගන්න පුලුවන් "
ප:ලි:
නරියා සිංහයට කිව්ව වගන්තිය හරියටම කොමන්ට් කරපු නාඩියා මලේට මගෙන් මල් මිටක්....
උත්තරේ කෑලි ලිව්ව කට්ටියටත්,අනිත් කට්ටියටත් මගෙන් මල් පොහොට්ටුවක්.....
කොමන්ට් හැන්ගුවේ අනිත් අයට අවස්ථාවක් දෙන්ටයි,මාත් එක්ක තරහා වෙන්ට ඔට්ටු නෑ ඕං......
නරියා සිංහයට කිව්ව වගන්තිය තමා,
I O I A E A N I Q A
අයි ඕ අයි යේ ඊ ඒ එන් අයි කිව් ඒ
අපේ අප්පේ.... පැස්බරා ට ගියපු කලක්! මනුස්සයට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති කතාව කිව්වහම!
ReplyDeleteඒකනේ! අපි ඔය නරි සිංහ කතා හොඳට දන්නවා! :D
බොහොම ස්තුතියි ඈ මල් මිටට! ඒක මං තියා ගන්නම්කො පැස්බරියක් හම්බ උනොත් දෙන්න! :D
හි...හි... නාඩියත් ලේසි නෑ....හාකෝ...හාකෝ ....මල්මිට පෙම්පාට හොද පැස්බරියෙක්ටම දෙන්න හොදේ
Deleteඔයාගේ කතාව අස්සෙන් දැක්ක ඔයාගේ පවුල් ජීවිතෙත් හරිම ලස්සනයි අක්කේ ,.. මං කීවේ දැක්ක වෙලේ ඔයාගේ හබියා ඔයාට කොච්චර ගැලපෙනවද කියලා.. ඒ වගේම හැමදේම සිනහව එක්ක තියෙන එක කොච්චර හොදද ... මට පුංචි කාලේ මතක් වුණා..අම්මා තාත්තා ආදරෙන් හිටියොත් දරුවන්ට ඒක කොච්චර වටිනවද කියලා මං හොදට දනනවා,, ඒ සතුට ඔයාලා ලග හැමදාම රැදෙන්න හදවතින්ම දෙවියන්ගෙන් ඉල්ලනවා ... ඔය වගේ දේවල් මටත් වෙලා තියෙනවා .. මෙහෙ සියා පල්ලි යන එක නැවත්තුවා.. මං නිසා..ඒත් ඔය වගේ මෙහෙ සිනගෝගේ දැති කියන දැඩි ආගමික භක්තිකයෙක් මං එක්ක කතා කරන්න භාෂාවක් වත් නැතුව හස්ත මුද්රාවෙනුයි බොඩි ලැන්ග්වේජ් එකෙනුයි අනම් මනම් කියලා.. හි හි
ReplyDelete
Deleteම්..ම්.. මට මතකයි ඔයා මට කිව්වා.....ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූති නංගෝ ඔයාගේ අනාගතේ සුබ වේවා කියලා එක හිතින් පතනවා ඕං......
හැබැට හස්ත මුද්‍රාවෙන් මක්කැයි බොට ඒකා කිව්වේ :D
මේම මේම කරලා මේමත් කළා ඉදගෙන :)
Deleteමොන වෙඩින් එකක්ද මේ බොලේ.....වෙලාවක ස්කයිපි එකේ බොට මේම මේම කොලපු විදිහ පෙන්නහන් කෙල්ලේ
Delete// අතක් පයක් ගලෝල විසද ගන්න බැරි ගොඩක් ප්‍රශ්ණ කතා බහා කරලා විසද ගන්න පුලුවන්..//
ReplyDeleteඒකනම් සහතික ඇත්ත අක්කේ.. හැබැයි ඉතින් අනිත් කෙනත් කතාබහ කරන්න සූදානම් කෙනෙක් වෙන්න ඕන.. නැත්නම් ඉතින් අතපය තමයි..
එතකොට නරියා කිවුවේ අරක නේද? පවු අෆ්ෆා සිංහයා..
ඇත්ත ,කතා කරලා ප්‍රශ්ණ විසද ගන්න බැරි උන්ව නම් මට පෙන්නන්ඩ බෑ....ඒ වෙලාවට නම් අත පය ගලවන්ඩ කලින් කෘන්තක,රදනක පිහිටිම බලලා දෙන්ඩ ඕනා දත් දෙක බඩට යන්න හි...හි...හි...
Deleteඔව් ලු ...ඒමලු කිව්වේ:)
මම හිතන්නෙ ඔභ කෙලින් තීරණ ගනිපු එකෙන් ඔබත් සැමියාත් පාදිලියාත් බේරුනා. බොහෝ ගැහැනු පිරිමි ලංකාවෙදි නොකරනම දෙයක් තමයි කෙලින් තීරණ ගන්න එක. ගොඩක් අය හිතලා හිතා හැම පැත්තම බලලා මොකුත් නොකර නිකං ඉන්නවා. පපස්සෙ පස්සෙ පස්නෙ වැඩි වෙලා පොරවෙන් කපන මට්ටමට ආවම ගහමරාගන්නවා..
ReplyDeleteඅමිලගේ කතාව ඇත්ත......අවංක පොලිස්කාරයෙක්ගේ දුවෙක් උනාම කශේරුකාව කෙලින් තියන් තීරණ ගන්න සිද්ධ වෙනවා,ඉස්කෝලේ යන කාලේ ඉදන්ම ආපු පුරුද්දක්....:)
Deleteඉතින් බලපල්ලකෝ එකෙත් හැටි පැස්බරෙක් ගෙම්බියෙකුට ආදරෙයි කියලා ..:D
ReplyDeleteකොහොමවුනත් ඔයාගේ හබියා හොඳ අවබෝධයක් තියෙන කොල්ලෙක්. හැබැයි සමහර එවුන් ඉන්නවා කතාබහ කරලා ප්‍රශ්න විසඳගන්න හැදුවම උන් හිතන්නේ අපෙ දුර්වල කමට කතාබහ කරන්නේ කියලා ,එහෙම වෙලාවට අතපය ගැලෙව්වාම වැඩේ හරි.
අනේ මේ හැල ගෙම්බෝ අත පය හතර ගලෝනවා ...හරිය;)
Deleteඔව් ගෙබි යාළුවේ එයා හොද හින්දනේ මන් මෙහෙම එළිපිට නිදහසේ ලියන්නේ......
ඒයි මේ නිකන් චන්ඩියා නොවි...දිනේෂ් මලයගේ කොමන්ට් එකේ වගේ කෘන්තක,රදනක බලලා බඩට අරින්නයි තියෙන්නේ කතා කරලා ප්‍රශ්නේ විසදන්න බැරි එකාලගේ...........
හරිම වැඩේ නේද වෙලා තියෙන්නේ ...
ReplyDelete//කවදාවත් ප්‍රශ්ණ වලින් පැනලා යන්න එපා එතකොට ඒ ප්‍රශ්ණ තවත් අවුල් තත්වෙකට පත් වෙනවා පුලුවන් තරම් ප්‍රශ්ණයකදි සන්සුන්ව අවබෝධයෙන් ප්‍රශ්ණය විසද ගන්න බලන්න, අතක් පයක් ගලෝල විසද ගන්න බැරි ගොඩක් ප්‍රශ්ණ කතා බහා කරලා විසද ගන්න පුලුවන්// කියපු කතාව නම් හරියටම හරි.. විසඳගන්න බැරි හුඟක් දේවල් කතාබහ කරලා විසඳගන්න පුළුවන්...
ශානු මැරි කරලා කියලා අදයි දැනගත්තේ ... ඔන්න තුශානිගෙනුත් දෙන්නටම සුබ පැතුම්....
පුජනීය ස්ථාන වල තමා තුශා යක්කු,බුතයෝ,පෙරේතයෝ ඔක්කොම ඉන්නේ........
Deleteසුබ පැතුමට ස්තූති
වාසනාවන් වාසනාවන් ඔබ දෙදෙනටම වාසනාවන්...
ReplyDeleteවාසනාවන්,වාසනාවන්, නලීන් අයියා මේ පැත්තේ ඇවිත්.....ස්තූති
Deleteකැස්පර කිව්වම මට මතන් වෙන්නේ අර කැස්පර් කාටුන් එක.. ඕවවට වඩා සිරික්කිය දැම්මම කැස්පර් උනත් රෝන් ටොන් එකෙන් කතා කරනවා තමා.. සිංහයාට එහෙම ද කිව්වේ.. හැක්..
ReplyDeleteසිරික්කිය දාන්නේ පරම පිවිතුරු චේතනාවෙන් නම් .....බලන උන්ගේ වපරෙට මක් කොරන්නද අයියා....
Deleteසිංහයා සෑහෙන දේවල් ගොඩක් කියලා නෙ.
ReplyDeleteඇයි බන් බීලද? නරියනේ සිංහයට ටෝක් කරලා තියෙන්නේ :D
Deleteඌප්ස්.. පොඩ්ඩක් කොයිල් උනා. ගණන් ගන්ඩෙපා.. වැඩත් එක්කනේ මේවා කියවන්නේ !
Deleteකතා කරලා ඔහොම ප්‍රශ්ණ විසද ගන්න පවුල් අඩුයි ශානු. ගොඩක් තියෙන්නෙ ඔහොම උනගමන් ජීවිතේම අවුල් කර ගන්න පවුල්.
ReplyDeleteඅපෝ අපි උත්තරේ භාගෙටනෙ දීලා තියෙන්නෙ. ලැජ්ජාවෙ බෑ.
මන් ඔය වගේ ප්‍රශ්ණ පොඩි කාලේ හෙනට දැකලා තියෙනවා ප්‍රියා....ඒ නිසාම මන් පවුල් ජීවිතේ ගැන අවබෝධයෙන් ජීවත් වෙන්නේ.......
Deleteගනන් ගන්න එපා උත්සහය වටිනවනේ.....
ආගම දහමත් එපා වෙන්නෙ ඔය වගේ එවුන් ඉන්න නිසා..
ReplyDeleteඔව් අෆ්ෆා
Deleteඅක්කා මේ කතාවෙන් පේන ඔයාගෙ සෘජු තීරණ ගැනීම වගේම හබියාගේ අවබෝධයත් හරිම අපූරුයි. ඔයා මගේම ඉක්කෝලෙ අක්කා කෙනෙක් වෙච්චි එක ගැන මට තවත් ආඩම්බරයි ඕං ඈ...
ReplyDeleteබස්සියේ ඉස්කෝලේදි නම් පට්ටම (බැජ් එක ) තියන කාලේ සෘජු තීරණ ගන්ට ගිහින් වෙච්ච ඇබැද්දිත් තිවුනා ඕං....දවසක ලියන්නම්......
Deleteමේ කොමන්ටුව ආඩම්බරෙන් අපේ හබියට පෙන්නුවා...ඔන්න කියපි HFB නම් තවත් කොටි ධේනුවක් වෙන්ට ඇති කියලා...ගනන් ගන්ට කාරි නෑ බස්සියේ ජොශප් බාස්ගේ කට්ටිය ඔහොම කියන්නේ ඊරිසියාවට...හි...හි...හි...
ඉතිං ශානු නරිය සිංහයට එන්න කියල තියෙන්නෙ ඇයි.
ReplyDeleteනරියගේ වෙඩින් එකට සිංහයට එන්න කිව්වම සිංහයට දිනේ අමතක වෙලා නරියගේ ගෙදර වෙඩින් එකට පහුවෙනිදා ඇවිත් තියෙන්නේ
Deleteඔ්ව එ් කාලෙ ඉඳංම එහෙම තමයි! :D
ReplyDeleteහැබැට...හැබැට :)
Deleteඔයාට තිබ්බේ එයාව රවට්ටලා ජීවිතේ එපාම කරලා දාන්න .... අන්තිමටම කියන්න තිබ්බා මම බැඳලා කියලා .... :(
ReplyDeleteඒක හිතට වද දෙන වැඩක් සහන්......:( ඊට වඩා මේ දඩුවම හොදයි කියලා හිතනවා:D
Deleteමම ඉහත කමෙන්ටුව දැම්මේ ඇයි කියලා මන් දන්නෙත් නැහැ.... පුගලික අද්දැකීමක් නම් නැහැ... හැබැයි ඔයා දාපු රිප්ලයි එක එක්ක මට හිතුණා මෙහෙම දෙයක් ...
Delete*** ගැහැණු අය එවැනි වැඩ කරන්නේ පළිගැනීමේ අරමුණින්ද ****
කාන්තාව යනු බිහිසුණු සත්වයෙක්ද පිරිමියාව නපුර කරා ඇදගෙන යාමට සමත් ....
කාන්තාවකගේ බිය කරු වසඟයට පත් වන පිරිමියාගේ ඉරණම කීම ?
කාන්තාවගෙන් ගැළවුමක් පිරිමියාට නැතිද ?
පිරිමියාගේ අනාගතය කීම ?
සියලු පිරිමියනි එක්ව නැගෙව් ... !
ඔබ අතින් අගතියට පත් පිරිමියා පව් අනේ ... :(
///කාන්තාව යනු බිහිසුණු සත්වයෙක්ද පිරිමියාව නපුර කරා ඇදගෙන යාමට සමත් ..../// අනේ මන්දා ඒකට හරියට උත්තර දෙන්න පුළුවන් පිරිමින්ටනේ අනේ....:)
Delete////කාන්තාවකගේ බිය කරු වසඟයට පත් වන පිරිමියාගේ ඉරණම කීම ?////
ඒ ප්‍රශ්නේටත් ඉතින් පිරිමි සංගමේ කට්ටියට තමා අද්දැකීම් එක්ක උත්තර හොදින් සපයන්න පුළුවන් :D
///කාන්තාවගෙන් ගැළවුමක් පිරිමියාට නැතිද ?///
ඔය බහු වචන ප්‍රශ්ණ වලට නම් උත්තර මන් ලග නෑ.......අපේ හබියට නම් මගෙන් මැරුනත් ගැලවුමක් නෑ ඕං....අනිත් හැම පිරිමි කෙනෙක්ටම මගෙන් අවුලක් නෑ හරිය.
///පිරිමියාගේ අනාගතය කීම ?///
තීරණය කිරිම පිරිමි පාර්ශවය අතේ හි...හි...
සියලු පිරිමියනි එක්ව නැගෙව් ... ! මාත් ඕනේ නම් සප්පොට් එකක් දෙන්නම් හුරේ එකක් දාලා ;D
ඔබ අතින් අගතියට පත් පිරිමියා පව් අනේ ... :( ඇත්තට පව්ද හි...හි..හි...අනේ මගේ කට මොකටද....
(අප්පොච්චියේ සහන් හිතලා තියෙන එව්වා මන් ආරක්ෂිත පහරවල්ම එල්ල කොරා හි....හි...හි....)
මේ සිද්ධිය කියවද්දි ඉතාලිය මැවුණා....නියමයි....
ReplyDeleteආ ඇත්තද?මේක පොඩි සිද්ධියක් විතරනේ......
Deleteපොඩ්ඩක් වැරදිලා නෙ උත්තරේ. නැද්ද සැනසිලි තෑග්ගක් වත්?
ReplyDeleteඇයි දිලිනියෝ මල් පොහොට්ටුවක් මදිද බොට....ඊලග පාර ඇහැට කනට පේන සැනසිලි තෑග්ගක් දෙන්ට බලන්නම් කෝ....
Deleteකැස්+පරයා මාර යි! බැඳලා කියලා දැන දැනත් එහෙම කියපු එක නං හරි ම කැත යි! ශානු අක්කගේ කතාව හරි. හුඟක් සම්බන්ධතා බිඳ වැටෙන්න හේතුව තමයි හරියට කතා නොකරන එක. කතා කරලා විසඳා ගන්නවා නං ආදරයක් අතරට ප්‍රශ්නේ එන්නෙ ම නැති තරම්!
ReplyDeleteඒකනේ ධාරා නගේ
Deleteසාමාන්‍ය මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්නවාට වඩා අමාරුයිනේ පූජක,පූජ්‍ය කට්ටියගෙන් බේරිලා ඉන්න..වැහිලා ඉන්න අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන.
ReplyDeleteඒක නම් සහතික ඇත්ත අරු....පැවදි කස්ටියගෙන් තමා වැඩිපුර පරිස්සම් වෙන්න ඕනා
Deleteහපොයි දෙවියනේ.............
ReplyDeleteබැඳලා කියලා දැන දැන ආදරේ ප්‍රකාශ කරන පිරිමි ඉන්නවා ශානු...මට නම් යකා වැහෙනවා...ඔයා කෙලින්ම කියපු එක හොඳයි..
මටත් ඉතින් යකා වැහෙන් නැතුවාම නොවේ......එත් ඉතින් ඉවසිමෙන් සැනසිම ලැබෙනවාලුනේ.....
Deleteඔහොම ටෝල්ක් කලාම සෙට්වෙන ගෑනුත් ඉන්නවා..... :D ඒකනේ කැස්පර් ට්‍රයි කරන්නේ....ෂුවර් එකට දැන් වෙන ගෑනියෙක් සෙට් කරගෙන ඇති..... :D පොඩ්ඩක් හොයල බලන්න ඒ ගෑනිට හොද ජොබ් එකකුත් හොයල දීලා තමන්ගේ අතින් කයිට් කරගෙන ඒ ගෑනි නඩත්තු කරනවත් ඇති..... :D
ReplyDeleteසොඩා ගුනේ අහසට පිලිගන්නවා...අප්පෝ ඔව් එහෙම ගෑණුත් ඉන්නවා...ඔබ හරි....ඕවගේ උන් ගැන නම් හොයන් නැති තරමට හොදා
Deleteහිනාවෙන් හෝ කතාවෙන් බෑ මයින්නට මිනිසා නේ...
ReplyDeleteමාත් මගෙ බැජාලට කායන්නං කැස්පර්ලගෙන් පරවේසං වෙයව් කෙල්ලනේ කියල..
වැඩ වැඩි හිංද හැම දේම සීමා වෙලා කියවන්න තියා ලියන්න වත් වෙලාව නෑ.. පුලු පුලු වං වෙලාවට මේ අහ කරක් ගහල යන්ට එන්නංකො...
අවවාදයයි භුතයං ගෙ පරවේසං වනු............................ හීී.............