Monday, January 13, 2014

39.ගර්භපාතය හා නුඋපන් හදවත(abortion and unborn heart)


අනේ අපමණ ආදරය ගලා ගිය
ලේ නහර,පපු කුහර සිසාරා නැහැවී ගිය
හැගීමෙන් තොරව 
නුඹ කුසෙහි හට ගත්ත
පුංචි මාගේ ජීවිතය,
නසන්නට සැරසෙන්න පවු නැද්ද නුඹලාට...
පසක් කර ගන්න මව්පියන් නුඹලාගේ
ඔහුන් මෙලෙසින් 
එදා හට ගත්ත දරුගැබේ
හද ගැස්ම 
නතර කොට ඉවතලා 
මරා දමනට,
පිය නගන්නට,
හිත හදා ගත්තා නම්,
මෙලොව එළිය දුටු නුඹලා ද නැත අද.......
නුඹ කුසේහි වකුටු ව මා ද නැත අද..........
දුක් විදින්නේ මෙලෙස......
මොහොතකට සිතමි මම
නුඋපන් මාගේ වරද කිම?
නතර කරනට මගේ හදවත ....

24 comments:

  1. නුඹ නාඑකම වටින්නේය මෙවන් වූ ලොවකට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක නම් ඇත්තයි අක්කේ

      Delete
    2. දැන් වෙන දේවල් වල හැටියට ඒකත් ඇත්ත.

      Delete
    3. ඇත්ත තමා කිරි සප්පයෙක්ටවත් නිදහසේ වැඩෙන්න බැරි ලෝකයක් මේක

      Delete
  2. වාසනාවන්තය ඔය දෙනෙත්
    හැර බලන්නට මත්තෙන් දුෂ්ඨ ලෝකය
    සුව විදිනු පිණිස දෙව්ලොව
    මටත් කලියෙන් පියනැගී


    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහස ලස්සනයි අක්කේ,, කොමෙන්ට් එකේදී කියන්න බැරි වුනානේ ,,

      Delete
    2. ඔයාගේ පද ගැලපිල්ලත් ලස්සනයි ..ඔමා ස්තූති

      Delete
  3. හරිම සංවේදී පද පෙලක් ශානු. මටත් හිතා ගන්න අමාරු තැනක්. ඇයි මේ මිනිස්සු මේ තරම් කෲර.

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බෑ ප්‍රියා....ගුගල් දෙයියාගෙන් පින්තූරයක් හොයද්දි දැක්ක පින්තූරු එක්ක ඇග හිරි වැටුනා

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. දුක හිතෙන කවි පෙලක්.. !
    කුසේ උපන් කළලයක් නැති කරන එක ලොකු පවක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත සම හරක්ට ඔය ටික තේරෙන්නේ නැති එකනේ කරුමේ

      Delete
  6. මන්දා , අම්මා හිටියේ මොන වගේ තත්වෙකද කියලා අපි දන්නේ නැ නේ :) 

    ReplyDelete
    Replies
    1. සාධාරණ හේතුන් නැතුව ගබ්සා සදහා පෙලඹේන අමුනුස්සයෝ ගැන හිතලයි ලිව්වේ.. :(

      Delete
  7. දස මාසයක් රැදී නුඹෙ කුසේ
    ආදරයෙන් මා සුරැකූ අම්මේ
    ඉපදුන දාම නොසිතු විලස
    කිමදා මා මෙසේ හැර ගියේ.

    දකින්නට මේ සොදුරු ලෝකය
    නුඹේ උණුසුමේ සැගවී
    මං කල පින් මදි උනිද අද
    මෙලෙස නුඹ මා හැර ගියේ

    කාත් කවුරුත් නොඑන මානෙක
    මා තනි කර නුඹ නික්මුන දිනේ
    නුඹට ඇසුනිද මා හඩනා හඩ
    නුඹේ උණුසුම අවැසි වී.

    දෙවියන් ඇවිදින් මාව අරගෙන
    ජීවිතේ දෙන්නට දරන දුක දැක
    මගෙන් නුඹට උන වරද ගැන
    සිතුවෙමි මම වීදුරු කුටිය තුල.

    වැදූ මවයි නුඹ මගේ උණුසුම හදුනන
    නුඹට මතකනම් මේ අහිංසක පුතුව
    එන්න දවසක මා රැගෙන යන්න
    අහිතක් නැහැ මා මග හැර ගියාට..

    මේ තේමාවම නොවුනත් කාලෙකට කලින් මම ලිවුව මේක මතක් වුනා කියවද්දී..

    ReplyDelete
    Replies
    1. ලස්සනයි මල්ලි....නිවාඩු පාඩුව ඉද්දි ඔයාගේ පරණ පෝස්ට් කියවනවා මන් ...:D

      Delete
  8. මමත් ශානු අක්කෙ එකක් ලිවුවා මේ බලන්න....

    ReplyDelete
    Replies
    1. පද ටිකයි,ලිපියයි හිතට දැනුනා ගාලු........එත් ඉතින් මේ මෝඩ අමුනුස්ස ක්‍රියා අපිට නවත්තන්න පුළුවන් වෙයිද කියලා තමා සැක....

      Delete
  9. හිතන්න හුඟක් දේ කැටිවෙච්ච හරිම සංවේදි පද පේලි ටිකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූති තුශා......හිතන එකාට ගබ්සාව කියන නම ඇහුනත් ඇති......පණ තියෙන ජීවිතයක්නේ නැති කරන්න යන්නේ කියලා හිතන්න

      Delete
  10. මව්කුසේ හැදෙන දරු පැටියෙක්ව නැතිකරන්න අම්මෙක්ට හිතෙන්නේ මොන පවකටද මන්දා. මම අදහස් කළේ සාධාරණ හේතු නැතිව

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළි ගන්නවා ඕං...අහස යටට........ඇත්ත අනු ඒ වගේ මිනිස්සු ගැන නම් කල කිරෙනවා......හිත් පිත් නැති මිනිස්සු

      Delete
  11. සංවේදී පදවැලක්. මේ අද්දැකීම විඳින අහිංසක ළමයි මේ අහස යට කොච්චර ඇති ද?

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි ....ඒ ගැන හිතෙද්දිත් හිතට හරිම වේදනාකාරි හැගීමක් එනවා

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!