අනේ අපමණ ආදරය ගලා ගිය
ලේ නහර,පපු කුහර සිසාරා නැහැවී ගිය
හැගීමෙන් තොරව
නුඹ කුසෙහි හට ගත්ත
පුංචි මාගේ ජීවිතය,
නසන්නට සැරසෙන්න පවු නැද්ද නුඹලාට...
පසක් කර ගන්න මව්පියන් නුඹලාගේ
ඔහුන් මෙලෙසින්
එදා හට ගත්ත දරුගැබේ
හද ගැස්ම
නතර කොට ඉවතලා
මරා දමනට,
පිය නගන්නට,
හිත හදා ගත්තා නම්,
මෙලොව එළිය දුටු නුඹලා ද නැත අද.......
නුඹ කුසේහි වකුටු ව මා ද නැත අද..........
දුක් විදින්නේ මෙලෙස......
මොහොතකට සිතමි මම
නුඋපන් මාගේ වරද කිම?
නතර කරනට මගේ හදවත ....
නුඹ නාඑකම වටින්නේය මෙවන් වූ ලොවකට...
ReplyDeleteහ්ම්ම් ඒක නම් ඇත්තයි අක්කේ
Deleteදැන් වෙන දේවල් වල හැටියට ඒකත් ඇත්ත.
Deleteඇත්ත තමා කිරි සප්පයෙක්ටවත් නිදහසේ වැඩෙන්න බැරි ලෝකයක් මේක
Deleteවාසනාවන්තය ඔය දෙනෙත්
ReplyDeleteහැර බලන්නට මත්තෙන් දුෂ්ඨ ලෝකය
සුව විදිනු පිණිස දෙව්ලොව
මටත් කලියෙන් පියනැගී
ඔයාගේ අදහස ලස්සනයි අක්කේ,, කොමෙන්ට් එකේදී කියන්න බැරි වුනානේ ,,
Deleteඔයාගේ පද ගැලපිල්ලත් ලස්සනයි ..ඔමා ස්තූති
Deleteහරිම සංවේදී පද පෙලක් ශානු. මටත් හිතා ගන්න අමාරු තැනක්. ඇයි මේ මිනිස්සු මේ තරම් කෲර.
ReplyDeleteමටත් හිතා ගන්න බෑ ප්රියා....ගුගල් දෙයියාගෙන් පින්තූරයක් හොයද්දි දැක්ක පින්තූරු එක්ක ඇග හිරි වැටුනා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදුක හිතෙන කවි පෙලක්.. !
ReplyDeleteකුසේ උපන් කළලයක් නැති කරන එක ලොකු පවක්
ඇත්ත සම හරක්ට ඔය ටික තේරෙන්නේ නැති එකනේ කරුමේ
Deleteමන්දා , අම්මා හිටියේ මොන වගේ තත්වෙකද කියලා අපි දන්නේ නැ නේ :)
ReplyDeleteසාධාරණ හේතුන් නැතුව ගබ්සා සදහා පෙලඹේන අමුනුස්සයෝ ගැන හිතලයි ලිව්වේ.. :(
Deleteදස මාසයක් රැදී නුඹෙ කුසේ
ReplyDeleteආදරයෙන් මා සුරැකූ අම්මේ
ඉපදුන දාම නොසිතු විලස
කිමදා මා මෙසේ හැර ගියේ.
දකින්නට මේ සොදුරු ලෝකය
නුඹේ උණුසුමේ සැගවී
මං කල පින් මදි උනිද අද
මෙලෙස නුඹ මා හැර ගියේ
කාත් කවුරුත් නොඑන මානෙක
මා තනි කර නුඹ නික්මුන දිනේ
නුඹට ඇසුනිද මා හඩනා හඩ
නුඹේ උණුසුම අවැසි වී.
දෙවියන් ඇවිදින් මාව අරගෙන
ජීවිතේ දෙන්නට දරන දුක දැක
මගෙන් නුඹට උන වරද ගැන
සිතුවෙමි මම වීදුරු කුටිය තුල.
වැදූ මවයි නුඹ මගේ උණුසුම හදුනන
නුඹට මතකනම් මේ අහිංසක පුතුව
එන්න දවසක මා රැගෙන යන්න
අහිතක් නැහැ මා මග හැර ගියාට..
මේ තේමාවම නොවුනත් කාලෙකට කලින් මම ලිවුව මේක මතක් වුනා කියවද්දී..
ලස්සනයි මල්ලි....නිවාඩු පාඩුව ඉද්දි ඔයාගේ පරණ පෝස්ට් කියවනවා මන් ...:D
Deleteමමත් ශානු අක්කෙ එකක් ලිවුවා මේ බලන්න....
ReplyDeleteපද ටිකයි,ලිපියයි හිතට දැනුනා ගාලු........එත් ඉතින් මේ මෝඩ අමුනුස්ස ක්රියා අපිට නවත්තන්න පුළුවන් වෙයිද කියලා තමා සැක....
Deleteහිතන්න හුඟක් දේ කැටිවෙච්ච හරිම සංවේදි පද පේලි ටිකක්...
ReplyDeleteස්තූති තුශා......හිතන එකාට ගබ්සාව කියන නම ඇහුනත් ඇති......පණ තියෙන ජීවිතයක්නේ නැති කරන්න යන්නේ කියලා හිතන්න
Deleteමව්කුසේ හැදෙන දරු පැටියෙක්ව නැතිකරන්න අම්මෙක්ට හිතෙන්නේ මොන පවකටද මන්දා. මම අදහස් කළේ සාධාරණ හේතු නැතිව
ReplyDeleteසාදරයෙන් පිළි ගන්නවා ඕං...අහස යටට........ඇත්ත අනු ඒ වගේ මිනිස්සු ගැන නම් කල කිරෙනවා......හිත් පිත් නැති මිනිස්සු
Deleteසංවේදී පදවැලක්. මේ අද්දැකීම විඳින අහිංසක ළමයි මේ අහස යට කොච්චර ඇති ද?
ReplyDeleteඔව් දිලිනි ....ඒ ගැන හිතෙද්දිත් හිතට හරිම වේදනාකාරි හැගීමක් එනවා
Delete