Friday, April 4, 2014

48.ආගන්තුක කෝපි කෝප්පයක කදුළු කතාව


                   
                 හීනෙකින්වත් හිතපු නැති වෙලාවක මේ ඇගිල්ලට මුද්දක් වැටුනා.....දෛවය කියන්නේ මේක නම්....මට ලැබෙන්න තියෙන ජීවිතෙත් මේක නම් ....අනිත් අයගේ සතුට වෙනුවෙන් මගේ සතුට උකස් කරන්න දෙපාරක් හිතපු නැති කෙල්ලෙක් මම.....ඒක එහෙම උනාට මේ හිතත්  තවත් එක ගෑණියෙක්ගේ බව මතක් කරන්න අම්මලා,අක්කලා, නැන්දලාට පුළුවන් උනා නම් අද මේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබුනා.....අවාසනාවකට හරි වාසනාවකට හරි මන් ඒ මනුස්සයා එක්ක දීග ගියා.......ඒක  මේ ජීවිතේ වෙන්න තිබුනු දෙයක්.......ගැලපීම්,නොගැලපීම් එමට තියෙද්දි එක කොනක ඉදන් හැමදේම එකින් එක ගලපන්න උත්සහ කරපු ගෑණු හිතක් මේක .......මහා මුහුද තරම් කදුළු ඇහි පිය යට හංගගෙන ලෝකේටම හිනාව පෙන්නගෙන ලොකු ගමනක් යන්න  පියවරෙන් පියවර ඉස්සරහට ගිය කාලයක් තිබුනා.........සමහරක් නොගැලපීම් ඉස්සරහා මන් මහා වැරදිකාරියක් ගානට දෙස්දෙවුල් අහද්දි කට පියාන පැත්තකට උනේ නිවට කමට නෙවේ මේ මුද්ද රැක ගන්න තිබ්බ උවමනාවට,ගෙදර අයට ලැජ්ජා කරන්න බැරි කමට...........හැබැයි මේ ජීවිතේටත් ඉවසන්න පුළුවන් කම තියෙන ප්‍රමාණයක් තියෙනවා........අන්න ඒ ඉවසුම් කණුව ලගදි පරික්ෂාවට ලක්වෙච්ච එකම ගෑණි මමද කියලා මට හිතුන වාර අනන්තයි...................
    ඒක මහා මුසල කාලයක්ද?,කිලිටි කුණාටුවක් තිබ්බ කාලයක්ද?එහෙමත් නැත්නම් ජීවිතේ හිතින් ටික කලක් හරි සතුටින් හිටපු කාලයක්ද කියලා කියන්න මට තේරුමක් නෑ......................
          ජීවිතේ මොකක් හරි හේතුවකට මන් ඇගිල්ලට වැටුන මුද්ද පාවිච්චි කරේ විශේෂ ගමනකදි විතරයි ......ඔය මුද්ද ඇගිල්ලේ එල්ලන් ඉන්නේ නැති කම නිසා බාහිර ලෝකයෙන් ආපු ගොඩක් ආදරණීය ඇරයුම් වලට   දෙපාරක් නොහිත පයින් ගහන්න තරම් හයිය හිතක් මට ඒ දවස් වල තිබුනා........මගේ ජීවිතේ මොන දේවල් තිබුනත් මගේ අත ගත්ත මනුස්සයට අවංකව,විශ්වාසයෙන් ජීවත් වෙන එකෙන් මන් ලොකු ආඩම්බරයක් අත් වින්දා......ඒත් එක දවසක් මේ ඇස් දෙකට ගැටුන ඒ ඇස් දෙක මගේ හිත සෑහෙන්න දුරකට ඇදන් ගියා..........හරියට මැජික් සංදර්ශණයක ඇස් බැන්දුමක් කරා වගේ.............
                  *******************************************************************************************
                   අපි වරු ගණන් කතා කරා...මොන දේ කතා කරත් අන්තිමෙට මේ කටින් පිට උනේ 
"අපිට කවදාවත් එක වහලක් යටට එන්න බෑ...ඒක හීනයක්........මට බොරු කරන්න බෑ...ඒත් මන් ඔය හිතට පණ වගේ ආදරෙයි තේරුම් ගන්න බලන්න......"
  
                ඉතින් අවසන් මොහොතේ ඇගිලි තුඩකවත් නොගැටි ඒ හිතින් ලබපු ආදරය එක්ක මන් ගෙදරට ගොඩ වෙන්නේ මන් මහා  ලොකු වරදක් කරපු ගෑණියෙක් විදිහට .....ඒ හිත ලග ඉද්දි තිබුන සතුට,සැහැල්ලුව,සැනසීම ,ඔළුවේ තිබ්බ නිදහස.........කට්ටඩියෙකුගේ නුලක් පැන්නා වගේ ගේ උළු වැස්ස පැන්නම අතුරු දහන් වෙලා යනවා..........ඉවුම්පිහුම් කරත් උයා ගත්ත දේ කටට දා ගන්න බෑ......හිත මහා පවුකාර කමක් කරපු ගානට මන් මටම දඩුවම් කර ගන්නවා..........රෑ එළි වෙනකම් කල්පනා කරලා එළි වෙන ජාමේ සාලේ තිබ්බ සැප පහසු පුටුවක  ඇස් පියා ගත්තත් නින්දෙදීවත් මට සැනසීමක් නෑ........මේ විදිහට සති ගානක් විඩා බර ඇස් එක්ක මන් රස්සවට යනවා............
            දවසක් මන් හිතලම බස් එකට ගොඩ උනේ ඒ ආගන්තුක ඇස් දිහා නොබලම මග අරින්න.....ඔව්...මේ නපුරු හිත ඒකත් කලා.....ඒත් ඒදා දවසම.......පිච්චි ,පිච්චි මේ හිත හිතින් අඩන ගමන් කාලය ගත කරා..........ඊට පහුවෙනිදා මන් එනකම් කෝච්චිය ලග හිටපු ඔයාව දැකලා මට මොනාද කියන්න ඕනේ කියලා නිනව්වක් තිබුනේ නෑ.....ඔයා මන් ඉස්සරහ ඇවිත් කිව්වේ
        "මැණික ඇයි මෙහෙම කරන්නේ....දන්නවද මට හිතෙනවා ඔයාව බදාගෙන අඩන්න ඒත් මන් එහෙම ඔයාට ලැජ්ජාවක් කරන්න කැමති නෑ "කියලා....
             හිමීට මේ ඇස් දෙකෙන් ඒ ඇස් දෙක දිහා බලද්දි හීනියට නලීයන කදුළු කැට.......මට මග අරින්න ඕන උනා ඒත් එහෙම නොකර ඉන්න මගේ හිත මටත් වඩා ලෝභ උනා ඒහිතට..........
**************************************************************************************************+**
                 හරියටම මාස 5ක් විතර වද දුන්න මේ ආගන්තුක ආදරය අයින් කරන්න මන් තීරණේ කරා.....ජීවිතේ දෙන්නෙක් ඉස්සරහා වෙනස් වෙවි කතා බහ කරන්න......මට හිත දෙන්නේ නෑ.... කොහොමත් ජීවිතේදී කොච්චර අමාරු උනත් හරි මග තෝරගන්න උත්සහ කරපු ගෑණියෙක් විදිහට එකටම කරේ ෆෝන් එකේ සිම් එක කෑලි වලට කඩලා විසික් කරපු එක....අන්තීම වතාවට කෝපි කෝප්පයක රස බලන්න කාලයකට ඉහතදි ලැබුනු ඇරයුම බාර ගැනීම........ඒ වෙච්ච සිද්දිය තමා මේ විදිහට බුකියේ ලියවුනේ.............

((((((((((((((පුරුද්දකට වගේ යන එන අතරතුර ඔය හිනහවට හිත වැටුනේ සමහර විට මේ හිත ඕනවටත් වැඩියේ මිනිස්සුන්ගේ මනුස්ස කමට ආදරේ කරපු නිසා වෙන්න ඕනා.....ඔය හිතින් සංයමයකින් කල ආරාධනාව ඉවත දාන්න බැරි උන මම...ආගන්තුක හිතත් එක්ක කෝපි කොප්පයක රස විදින්න මගතොටේදි හමු වු එලිමහන් අවන්හලේ අසුන් ගත්තේ හරියට හුරු පුරුදු දෙදෙනෙක් වගේ......මට අද වගේ මතකයි,ආරාධනය ආගන්තුක හිතින් උනත් පළමු කෝපි කොප්ප දෙකේ බර පැන මන් දුන්නා........අපි කතා කලා ඔව් මට වඩා ඔය හිත නොකියා කිව්ව ආදරේට මේ හිත ලෝබ උනා ඒත් ඔය ආදරේ ප්‍රතික්ෂේප කරන්න එකම එක හේතුවක් ඇරෙන්න වෙන කිසි හේතුවක් තිබුනේ නෑ ආගන්තුකයා ඒ ගැන දන්නවා......කෝපි කෝප්පය ඉවර උනා......මිනිත්තු කිහිපයකින් තවත් කෝපි කෝප්ප දෙකක් මේසය උඩ .....නැවතත් ආගන්තුකයාගේ සුපුරුදු අදෝනාව....එය අදෝනාවක් වුයේ එකම දේ නැවත නැවතත් ඔහු මතක් කිරීම නිසාය.....

එදා දිනය අවසන් විය.........

මගේ යටි හිත ඔහුට කාලයත් සමග අපිරිමිතව ආදරය කල නමුත්....ඒ සියල්ල අමතක කර දැමීමට තිබ්බ එකම හේතුව මගේ හදවත මට නැවත නැවතත් මට හිමි වගකීම්,යුතුකම් මතක් කර දෙන්නට වු නිසාය ......... මන් දන්නවා ඒ ආදරේට මගෙන් ගන්න ආදරේ හැරෙන්න වෙන දෙයක් තිබුනේ නෑ...ඒ ආගන්තුක හිතේ තිබ්බේ ආදරේ විතරයි.........සත්තයි ප්‍රාර්ථනා විරහිතව වැටුන මේ මගුල් මුද්ද මේ අතේ නොතිබුනා නම් ඔය හිතට මේ හිත දෙන්න දෙපාරක් හිතන්නේ නෑ....ඒත් මේ මුද්දට බැදුනු වගකීම්,යුතුකම්,විශ්වාසය ඒ විදිහටම ලබා දෙන්න සිද්ධ වෙන නිසා මට සිද්ධ වෙනවා සීමාවෙන් පිට නොපැන ඉන්න....ආගන්තුක හිත ඒ බව දන්නවා.....මේ හැමදේම ඉවර වෙලා කල්ප කාලයක් ගියත් අවුරුදු දෙකකට පස්සෙත් ඔය හිත තාමත් ඒ විදිහමයි කියලා දැන ගන්න ලැබුනම
.......සත්තයි.....මට කර කියා ගන්න දෙයක් නැති උනා..........මේ අපේ ලබා උපන් හැටි කියලා හිත හදා ගමු රත්තරන්...ඒත් පුළුවන් තරම් දුරක් හිත කිලිටි නොකරගෙන අපි යමු...එච්චරයි.........))))))))))))))))))
            
                 අද වෙනකොට කාලය ගොඩක් දුර මේ ජීවිතය ඇදන් ඇවිත්,ආපසු හැරිලා යන්න බැරි තරමට බැදීම්,හැගීම් දැනීම් වැඩි වෙලා.....මන් සතුටින් හැබැයි මොන දේ උනත් ඔය හිතට තිබ්බ ආදරේ,ගෞරවය හැමදාම මේ හිතේ ගැඹුරුම තැනක නිධන් ගතයි........... දැන් ඉතින් ඔය ජීවිතෙත් හදා ගන්නවා නම් මම කැමතී ඒත් බල කරන්න තරම් ඔයාගේ ජීවිතේ අයිතීකාරකමක් ගන්න ,වගකීමක් ගන්න මන් දැන් පරක්කු වැඩි...........දැන් මම අම්මා කෙනෙක් වගකීම ගොඩක් එක්ක සම්ප්‍රදායික ගෑණියෙක්ගේ ජීවිතේ මන් විදිනවා...මොන දේ කොහොම උනත් මගේ දරුවොත් එක්ක මන් සතුටින් කිසිම කහටක් මේ හිත් කොනක උපදින්න මන් ආයෙත් දෙන්නෙත් නෑ.........අවුරුදු ගානකට පස්සෙත් ආදරේ ඉල්ලලා ඔයාගෙන් ඊයේ ආව ලියුමට උත්තර ලියන්න මේ හිත විවර කරන්න මට බෑ..........සමාවෙන්න!මේ හිතින් ඔය කකුල් දෙක ලග වැටිලා වදිනවා හැමදාම මේ ඇගිලි තුඩකවත් නොවැදී ආදරය දුන්නට ඒ වගේම මන් හැමදාම ඔය පිදුම් ලද යුතු හිතට කිලිටි සිතුවිල්ලකින් තොරව පින් දෙනවා! .............


මේ තවත් එක් ගැහැණු හිතක්.............
____________ශානු______________




41 comments:

  1. නිර්මාණයක් වෙන්නැති කියල හිතාගන්නම්! :(

    ReplyDelete
    Replies
    1. මේකට ටිකක් දුරට supplementary අත්දැකීමක් මට දවස් දෙක තුනකට කලිං හම්බ උනා. දෙයියංගෙ පිහිටෙං අලියට සනීප වෙලා හින්ද කමක් නෑ.......... but එහෙම නොවී තිබ්බනං කොච්චර රිදෙයිද කියල හිතෙනකොටත් අනේ මන්ද!

      Delete
    2. හොද වෙලාව අලී මලේ වාසනාවකට මාත් පරක්කු වෙලා මේ කතාව ලිව්වේ

      Delete
  2. කියන්නට ලියන්නට දාහක් දේ ඇතැයි කියල හිතන් උන්නත් මම ගොලු වෙලා ශානුවො.මේක කාගෙ කතාවද මංදා.ඒ උනාට මේක මගේ කතාවද කියල හිතෙන තරමට සමහර තැන් මට සමීපයි.
    කාලෙකින් බ්ලොගේට ආවෙ.දැන් නම් එන්නම වෙනව

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සුදා...සමහර තැන් මටත් හුරු පුරුදු ගතියක් තියෙනවා.....ඔව් ඔව්...බොලාලා බොලොග් ආවේ නැත්තන් මම ඇදන් එනවා කෝම හරි....

      Delete
  3. හ්ම්ම්ම්....මේක හදවතට දැනෙන ලියවිල්ලක් ලෙසටම තේරුම් ගිය නිසයි ...මමත් උදේ පාන්දර කෝපි කෝප්පයක් තොලගාමින් බුකියෙ ඔබ කෙටියෙන් කොටල තිබෙනව දැකල ....කැටයම් දාල ලියන්න කියල ඉල්ලුවෙ .... ලෙසටම ශානු නංගි ලියල තියෙනව .... ලියල තිබෙන කොපි ෂොප්/දුම්රිය ස්ථානය/බස් රථය/සරත් සෘතුවේ අවසන් භාගයෙ උදෑසන සහ සවස දැනෙන සීතලත් එක්කම වගේ තදින් සිතට දැනුන... එල ලියවිල්ලක්.... ස්තුතියි ඔබට....

    ReplyDelete
    Replies

    1. කෙන්ජී අයියගේ දිරි ගැන්විමට තුතී...ඔයා මට ((((මල මගුල් නැතිව අර කතාව කෝ.... යකූ.... කෝපි ..... කටන්දරේ.... ???))) මෙහෙම කොමන්ටුවක් බුකියේ නොදැම්මා නම් මම මේ කතාව ලියන්නේ නෑ....නැවතත් ස්තූති...

      Delete
  4. // අන්න ඒ ඉවසුම් කණුව ලගදි පරික්ෂාවට ලක්වෙච්ච එකම ගෑණි මමද කියලා මට හිතුන වාර අනන්තයි....// ආදරේ හරි පුදුමාකාරයි..

    හිතට හුඟක් තදින් දැනුනා.. හරිම අපූරුවට ලියලා තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති තුශා....ඔයාගේ බ්ලොග පැත්තෙත් එන්න ඕනා

      Delete
  5. කියන්න ගොඩක් දේවල් තෙරපුනත් ඒදේවල් ලියා ගන්න තේරෙන්නෑ ශානුවො.… මේක නිර්මාණයක් නිසා හිත හදා ගත්තත් මේ වගේ කතා කොතෙක් නම් මේ ලොකෙ වෙනවද කියලා මතක් වෙත්දි මහා පාළු ගතියක් දැනෙනවා ශානු.

    හ්ම්ම්ම් සම්මතය අසම්මතය අතර දෝලනය……

    පට්ට ලියවිල්ල ශානු. සිරාවටම (y)

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවේ තත්වේ කෙසේ වෙතත් ඉස්සර බොහෝ විට මේ වගේ දේවල් අනන්තවත් වෙලා තියෙනවා,ප්‍රියා මේ ඇස් දෙකෙන් දැක්ක ඇත්ත කතාවක්...

      Delete
  6. කියන්න වචන නෑ ශානු. //හීනෙකින්වත් හිතපු නැති වෙලාවක මේ ඇගිල්ලට මුද්දක් වැටුනා.....දෛවය කියන්නේ මේක නම්....මට ලැබෙන්න තියෙන ජීවිතෙත් මේක නම් ....අනිත් අයගේ සතුට වෙනුවෙන් මගේ සතුට උකස් කරන්න දෙපාරක් හිතපු නැති කෙල්ලෙක් මම.....ඒක එහෙම උනාට මේ හිතත් තවත් එක ගෑණියෙක්ගේ බව මතක් කරන්න අම්මලා,අක්කලා, නැන්දලාට පුළුවන් උනා නම් අද මේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබුනා.....// පොදු ඛේදවාචකයක්. හැබැයි මම හිතුවෙ වෙනස් අවසානයක් ගැන. සුළඟෙ ක්‍රිශාන්ති මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. සුලඟේ ක්‍රිෂාන්තී........දන්නේ නම් නෑ ඒත් සුලඟ කියන්නේ නවකතාවක් වෙන්ටෑ......ස්තූති අදහස් කෙටුවට

      Delete
  7. ලියන්න දේ නම් බොහෝයි ශානු.ඒත් කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැ.තවත් එක ගැහැණු හිතක් ඔබ කදිමට අකුරු කරලා.මේ කාගෙ කතාවක් වුණත් සමහර තැන් බොහෝ විට හදවතට ගොඩක් සමීපයි.ගැහැණු කෙනෙක්ට විතරක් නෙවෙයි මේ මනුෂ්‍ය වර්ගයාටම පොදු හැඟීම්.කොහොම වුණත් කතාව ලස්සනට ගලපලා.......

    ReplyDelete
    Replies
    1. මේ එක කතාවක් ඒත් අද සමාජයේ අපි නොදකින ගැහැණු හිත් කොපමණද?නෙහේ.....

      Delete
  8. Kind of a life experience....not best not worst
    .....nice writing !!!!!

    ReplyDelete
  9. කාගේ ඇත දැකීමක් වුනත් කතාව හැරීමේ සංවේදී වෙනවා , ඇත්තටම මං හිතන්නේ මේ ලෝකේ ජීවත් වෙන හිතක් තියෙන බොහෝ දෙකුගේ ජීවිතේ ඔය වගේ කතාවක් හැංගිලා තියෙනවා . ලෝකෙට කියන්න බැරි , කිව්වට අහන්න කෙනෙක් නැති කතා බොහොමයක් අපි වටේට තියෙනවා .
    ලස්සන ලියවිල්ල...සුන්දරයි විශිෂ්ටයි ..ජය

    ReplyDelete
    Replies
    1. ගෙඹි අයියා ගෑණු කියන්නේ හිතේ ගොඩක් දේවල් හිර කරන් ඉන්න ජාතියක්...ඊට වඩා මන් මොකුත් කියන්නේ නෑ...((ලෝකෙට කියන්න බැරි , කිව්වට අහන්න කෙනෙක් නැති කතා බොහොමයක් අපි වටේට තියෙනවා .)) මේ කතාව නම් සහතික ඇත්ත

      Delete
  10. කියන්නට කිසිත්
    හිතාගන්නට
    නොහැක මට
    ඔබේ සටහන
    ඇස් අගිස්සම
    රිදවීය.....................

    ReplyDelete
    Replies
    1. මුළු හිතම රිද වු මේ කතාව
      ඔබේ ඇස් අගිස්සම රිද්දන්න තරමට
      ලියවුනේ නම් අප්‍රමාණව සතුටු වෙමි මම

      Delete
  11. ටික දවසක් නැතුව ඉඳල එකපාරටම මෙහෙම කතාවක් ලිව්වම අත්දැකීමක්ද කියල අහන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ගිලන් වෙලා මේ ටිකේ ඉන්නේ හැලප මාමේ....බුකියේ පිස්සු නටන විනා පෝස්ටුවක් ලියන්න හිත එකලස් වෙලා තිබුනේ නෑ......බොලොග් බොහෝමයක් මග හැරුනා නිවාඩු පාඩුව කියවන්න ඕනා......බුකියේ ලිව්ව කෙටි සටහනකට කෙන්ජි අයියා තව දිගට ලියන්න කියලා දිරිමත් කලායින්...මේ කතාව නොලියා ඉන්න බෑරි උනා.....

      Delete
  12. වගකීම් කියන දෙයින් ඔච්චර තැලුන නං, අනේ මන්ද හිතාගන්න අමරුයි.

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න අමාරුයි නම් වැඩියේ නොහිතා හිටින්...;)

      Delete
  13. අනිත් අයගේ සතුට වෙනුවෙන් මගේ සතුට උකස් කරන්න
    මම නම් කවදාවත් කරන්නේ නෑ දෙමාපියෝ උනත් අපිව තේරුම් ගන්න ඕනි

    ලස්සනයි හිතට වදින්න ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. හැමෝටම බොරලුවා වෙන්ටට්ග් බෑනේ නෙහේ...ස්තූති බන්

      Delete
  14. සිරා කතාව.. මේක ඇත්තටම නිර්මාණයක් මද සැබෑ සිදුවීමක් ද මන්ද.. . කුහුල පිරිණු මගේ ගැහැණු සිත නම් ඔහොම අහනවා.. කමක් නෑ නිර්මාණයක් කියලා හිත හදා ගන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාවක්......කාගෙද කින්ද මන්ද කියන්න වෙන්නේ නෑ.....අදාල පුද්ගලි අපි අතරම ඉන්න කෙනෙක් නිසා

      Delete
  15. ආ බං අක්කේ.. මේක උඹමද ලිවුවේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ...මටත් ලියලා ඉවර උනාම මමද මේක ලිව්වේ කියලා හිතා ගන්න බැරිව ගිය ෂොක් එකෙන් තාමත් ඉන්නේ බන් :

      Delete
  16. සාර්ථක ලියවිල්ලක්..

    අනේ මන්දා මොනවා කියන්නද ගැහැනු හිතක් නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තවත් එක් ගැහැණු හිතක්

      Delete
  17. මේක සිතුවිල්ලක් විතරයි නේද ? ඔයාගේ කතාව නෙමෙයි නේද ශානුවෝ ?

    ReplyDelete
    Replies
    1. මේ ඇත්ත කතාවක්.....මධුරංග අයියේ.... මගේ නොවන මගේ කතාවක් :D

      Delete
  18. කියන්න මොනවද ?හිතා ගන්න බෑ සමහර තැන් වල හදිස්සි වැඩි වෙලා ද කියලා හිතුණා කොම වුනත් නියමයි
    ජයවේවා!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සහෝදර මේ කතාව ටිකක් හදිස්සියේ ලියවිච්ච එකක්.....ඒත් කියන්න තතනපු කතාව ලියවිලා කියලා හිතනවා .....ස්තූති!

      Delete
  19. හිතට ටිකක් දුකයි තමයි නමුත් හොඳම විදියට අවසන් වෙලා තියෙනවා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔළුවක් ඇතුලේ අබ ඇටයක් තරම් මොලයක් තියන උන්ගේ කතා ඔහොම හොදින් ඉවර වෙනවලු....ටැන් කියු විදානේ

      Delete
  20. හප්පේ අත්දැකීමක් නොවෙන දෙයක් මෙච්චර ලස්සනට කොහොම ලියනවද මන්දා...නියමයි ශානුවෝ

    ReplyDelete
    Replies
    1. ඒක තමා සයුරියා මන් ලියලා ඉවර වෙලා කියවද්දි මටත් හිතුනා ටිකක් හොදට ලියවිලා කියලා...ස්තූති

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!