Saturday, April 12, 2014

49.අම්මා මගේ අත් දෙක පිච්චුනා මේ



           ජිවිතේ කියන්නේ පුදුම දෙයක් සමහරු කියන,කරන ,ලියන දේවල් වලින් අපි ගොඩාක් ඈත අතීතෙට අපේ හිත ගෙනියලා  මතක සුවඳ එක්ක ටිකකට හිත සතුටු කර ගන්නවා ඒත් අන්තිමෙට අපි දුක් වෙනවා ඉස්සර එහෙමයි දැන් මෙහෙමයි කියල ඒත් අපි යන ගමන දුක,සතුට දෙකම කර පින්නාගෙන යන්න ඕනා කියලා මටත් හිතුනේ අද...ඒ මොකුත් නිසා නෙවේ ඉස්සර අවුරුද්දට කැවුමක්,කොකිසක් කෙසේ වෙතත්  අඩුම ගානේ අවුරුදු උත්සවයකට හරි යනවා...මෙහේ අවුරුදු උත්සව තිබුනට මගේ වැඩි කැමැත්තක් නෑ යන්න....අනේ මන්දා ....ආස නෑ මන් අදුනන කවුරුත් නෑනේ......කොහොම හරි දැන් අතීතේ සිහිනයක් පමණයි කියලා හිතලා....පොඩි කතා ටිකක් මතක් උනා ලියන්න....... මට නම් අවුරුදු නෑ කියන්නත් බෑ තියෙනවා කියන්නත් බෑ ලංකාවේ හිටියා නම් තාත්තගේ යාළුවෙක්ගේ ගෙදර අවුරුදු සමරන්න යනවා....ගෙදර ඉදන් කරන්න කිසි දෙයක් නෑ....අපිට නත්තල් සැමරිල්ලක් විතරක් තියෙන නිසා........ම්.......මන් ටිකක් මතක් කරා අවුරුද්දට ඉස්සර මොකෝ මන් කරේ කියලා.......
මේන් මතක් උන ටික
--------------------------

            මන් ඉස්සර ඉදන් අනිත් අයට වඩා වෙනස් එහෙම කියන්නේ මම නෙවේ අපේ අම්මා......මට ඉස්සර පණු ගාය වගේ වත්ත වටේ දුවනවලු....ඔය ඇවිදින කාලේ අම්මා මාව මේස කකුලේ බැඳලා තිබ්බලු...ඇයි අම්මට වැඩක් කර ගන්න බෑලු මේ ඉන්නවලු ටිකකින් නෑලු...ඇවිදගෙන හතර වටේ යනවලු මම...හි...හි...හි...මේ දේ වෙද්දි ,,,,,එතකොට මට අවුරුදු 5 ක් විතර ඇතිලු...ඔය පාස්කුවයි,අවුරුදුයි එකටනේ එන්නේ හැබැයි පාස්කු සිකුරාදා දවස අවුරුද්දට කලින් වැටුනොත් ලේ හෙලවීම් වැඩිලු මන්දා අපේ පප්පා (අම්මගේ තාත්තා)ඉස්සර කියනවා මට ඇහිලා තියෙනවා..... ඉතින් මේ සිද්ධිය වෙච්ච අවුරුද්දෙත් පාස්කු සිකුරාදා වැටිලා තියෙන්නේ අවුරුද්දට කලින්......ඔය පාස්කු කාලෙට බැදුම්,ඒ විතරක් නෙවේ මස්,මාළු කන්නේ නෑ.....(මගේ නම් එහෙම විශ්වාසයක් නෑ) 
               ඉතින් ඔය අවුරුදු දවස් වල  අපේ අම්මගේ අක්කා කෙනෙක්ගේ මගුල් ගෙදරට ,අපේ ගෙදර තමා කැවුම් උයන්න  කට්ටිය ලෑස්ති කරගෙන ඉදලා තියෙන්නේ,ඔන්න  කැවුම් තාච්චිය ලිපේ තියලා...කට්ටිය කැවුම් උයනවා ලාවට මතකයක් තිබුනට එච්චර නිච්චියක් නෑ....මන් එදා ඒ ලගම සෙල්ලම් කර කර ඉදලා බොලෙකින්....ඉතින් අම්මගේ අම්මා ඒ කියන්නේ ලොකු අම්මා කැවුම් උයන තැනට ඇවිත් මන් ඔඩොක්කුවේ ඉදගෙන ඉදලා එහෙට මෙහෙට ආයේ නැගිටලා දුව,දුව ඉදලා...ටික වෙලාවකින් එක පාරටම මන් එයාගේ. ඔඩොක්කුවේ ඉදගන්න ආවම වාරු නැතිව එයා කැවුම් උය,උය හිටිය තෙල් කොදිච්චි වෙන තාච්චියට මන් අත්දෙක ගහලා....චූටි අත් දෙකම නොසෑහෙන්න පිච්චිලා...මගේ අම්මා අඬ ...අඬ තාත්තා එක්ක ඉස්පිරිතාලේ ගෙනියලා තිබ්බා......අම්මා හිතලා කවදාවත් මගේ අතින් කිසි වැඩක් කරන්න බැරිව, විරූපි වෙච්ච අත් දෙකක් මට තියේවි කියලා ඒත් ඉක්මනින් කරපු ප්‍රතිකාරත් අම්මගේ ආදරෙත් නිසා දෙයියනේ කියලා මගේ අත් දෙක සනීප වෙලා.....අදටත් මගේ ඇගිලි නමන තැන් කළුයි..ඒ විතරක් නෙවේ තාච්චියේ කොනක් වැදිලා පිච්චුන පාරක් තාමත් අතේ කොනක තියෙනවා.
                    අම්මා අදටත් ලංකාවට ගියාම බැදුම් කරන තෙල් තාච්චි පැත්ත පලාතකට එන්න දෙන්නේ නෑ.....ඒත් ඉතින් ගිය පාර මන් කැවුම් වගයක් හදන්න උදව් උනා ...මගේ ,මුද්දේ අයිතිකාරයගේ ,අක්කගේ,මස්සිනාගේ ප්‍රියතම කෑමක් නිසා...ඒත් අම්මා නෙවේ ලිප ගාව මාව තනියම දාලා අහක් උනේ.......අම්මා හැම අවුරුද්දෙම මතක් කරනවා මම ඒ පිච්චුන අත් දෙක පෙන්නලා කියනවලු වචන පැටලි පැටලි"අම්මා මගේ අත් දෙක පිච්චුනා මේ"කියලා.....අම්මා ඒක බල බල අඬනවලු....හම්මේ ඔයින් ගියා මදෑ.......
    ඒ විතරක් නෙවේ ඔන්න තව අවුරුදු තිබ්බ අවුරුද්දක මන් තාත්තගේ යාළුවෙක්ගේ ගෙදර ගිහින් ලස්සනට පාට පට ලයිට් වැලක ලයිට් එකක් අල්ලන් ගල් ගැහිලා ඉදලා තාත්තා මාව තල්ලු කරලා බේරගෙන ඒ ගැන මට හරියට මතකයක් නෑ......ම් ඔහොමත් දේවල් මන් කරලා.......මට තිබුනු දාන්ගලේ හැටි තමා ඔය.........

         තේරුම් තියෙන කාලෙදි  උ/පෙ ලියද්දි මන් නම් අවුරුද්දට  දුන්න නිවාඩුවට වැඩි කැමැත්තක් තිබුනේ නෑ.....ඇයි දෙයියනේ එයා ගමේ ගියාම දකින්නේ කොහොමද?කතා කරන්නේ කොහොමද ප්‍රශ්ණ ගොඩයි......මෙදා පාර එයා ගමේ යනවා ඇති මට මතක් උනා...ඒත් මාව ගමේ එක්ක  යන පොරොන්දුව තාම එයාට ඉෂ්ඨ සිද්ධ කරන්න බැරි උනා.......ආයේ කවදාවත් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න එයාට බැරි වෙයි............අන්න ඔය වගේ ප්‍රශ්නත් තිවුනා..........ඒ විතරක් නෙවේ ඉස්කොලේ යන කාලේ අවුරුදු තිබ්බ අයට කාඩ් අරින්න ඕන නිසා උදය පොත් හලේ කූඩ ඇතුලේ බැහැන් කාඩ් තෝරපු කාලෙකුත් තිබුනා....ඒවා ගොඩක් සොදුරු මතක................

     මෙදා පාර අම්මයි,තාත්තයි, නැන්දම්මයි,මස්සිනයි. ආණමඩු ගිහින් නිකවැරටි යනවා අවුරුද්දට......යන්නේ සදුදට අද බරටම කෑම හදනවා ඇති අම්මා,තෑගි ඔතනවා ඇති......මටත් යන්න තිබුනා නම් කියලා හිතුනා.......දැන් ඉතින් ගේන ෆොටෝ කෑල්ලක් බලන් හිත හදා ගන්නවා......අනේ කැවුමක්,කොකිසක්,මගේ ආසම ආස්මියක් කන්න වාසනාවක් කවදා ලැබේද? දැනුයි මතක් උනේ අම්මා පැණි බෝතලයක් දුන්නා ...දෙසැම්බර් ලංකාවෙන් එද්දි .......පැණි ,හකුරු වෙලාද මන්දා තාම බෝතලේ කටට සෙලෝටේප් ගහපු ගමන් අම්මගෙන් අහන් කැවුමක්...දෙකක් කොන්ඩේ නැතුව හරි හදන්න ඕනා........මෙහේ ලංකාවේ කඩ වල ඔය අතිරහ පිරිලා තියෙයි ඒත් ඒ කඩවල් වල හදන කෑම නොකා ඉන්න මෑතකදි ගත්ත තීරණයක් නිසා හදා ගත්ත දෙයක් ඇරෙන්න ලංකාවේ කෑම කන්න වෙන්නේ නෑ........ඕවා තමා  ඉතින් ශානුවාගේ අවුරුදු විස්තර......


ඉතින් පතනවා ඔයාලා හැමෝටම
 සුබ අලුත් අවුරුද්දක් වේවා!


33 comments:

  1. ශානුවට ඉස්සර පණු ගාය… දැන් කිඹුල් ගාය… හැක්…… ;)

    සුබ නව වසරක් වේවා ශානුවො.

    ReplyDelete
    Replies
    1. අනේ පල පල කළුකුමා....;)

      Delete
    2. // කිඹුල් ගාය //

      හෙහ් හෙහ්, කොහොමද ශානුවෝ අපි ඝණ පිහිටවල නමක් දැම්මම.. ;)

      Delete
  2. කාගෙ කාගෙත් මතක පොත දිගහැරෙන කොට මොන තරම් ගිනි කෙලි වෙලා තියද කියල හිතෙනව නේද?
    කොහේ ඉඳන් කැවුම් හැදුවත් කමක් නෑ පරෙස්සමින් ගොයියෝ

    ReplyDelete
    Replies
    1. මෙයා හදන කැවුම් කන්න මිටියක් ඕනෙලු. හපන්න බෑනේ තලලා තමයි කන්න ඕනේ

      Delete
    2. @කළු සහ සුදු ;ඔයා තමා ඇදන් ගියේ අතීතෙට....හා මන් පරිස්සමින් වැඩේ කරන්නම්

      @ගොන් ගෙම්බා;අනේ ඵල...ඵල...ඩෝ..... මිටියෙන් නෙවේ ගල් රෝලකින් තලලා කන්න වෙයිද මන්දා බන් හිකිස්....

      Delete
  3. හම්මේ ශානුවා මාත් ඔහොම උණුවතූර එකක් පපුවෙ හලාගෙන ජල්ලියක් ඇල්ලුවලු පොඩිකාලෙ පණුගාය නිසා. හික්ස්! ඔව් ඈ උඹ කැවුම් උයන්න ගිහින් තව අටමගලක් කොරගනින් පුලුවන්නම්. පරිස්සමට අයියාස් ලඟ ඉන්න දවසක කැවුම් හදන්න

    ReplyDelete
    Replies
    1. තොපි දෙන්නටම හොඳම හොඳ වැඩේ ... කටවල් පිච්චෙන්න තිබ්බේ තොපේ හැක හැක හැක

      Delete
    2. බස්සියා:දෙයියන්ගේ පිහිටෙන් උණු වතුර සීන් නම් වෙලා නෑ බන්...හරි බස්සියා මන් පරිස්සමින් වැඩ කොරන්නම් බන්

      ගොන් ගෙම්බා; අනේ මේ ....අපේ කටවල් පිච්චුනත් කී බෝඩ් එක හසුරවන්න පුළුවන් වෙනවනේ...ඉතින් මොකටද වේදනා....තොට නෙලන්න ඒ ටිකත් හොදට ඇති

      Delete
  4. එක තමයි උඹ කැවුම වගේ ඉන්නේ දැන් . කොහොම වුනත් විසාල පෙර කුසලයක් තිබිලා තියෙනවා , හැබැයි දැන්නම් උඹට තෙල් වැටුනට ගානක් නැතිවෙයි, කිඹුලොන්ට ඒවා දැනෙන්නේ නෑනේ , උඹට හැබැයි මෙහෙ අවුරුදු උත්සවේට එන්න තිබ්බේ ශානුවෝ

    ReplyDelete
    Replies
    1. අනේ දුප්.....ඇත්ත මොකක් හරි ලොකු පිනක් තියෙන්න ඇති කියලා අපේ අම්ම නිතර කියනවා මාත් ඒක නම් විශ්වාස කරනවා.........දැන් නම් තෙල් වැටුනත් ගානක් නෑ තමා බන්...ඒ කිඹුල් හම නිසා උඹ හරි.......චික් ඔව් ...අවුරුදු උත්සවය මිස් වෙනවා.......බලමු අපිටත් තොපිට වගේ ඉර පායයි....දවසක

      Delete
  5. අපට ඉතිං අතීත මතක සහ අවුරුදු ගැන ලංකාවෙන් ලැබෙන ආරංචි වලින් හිත හදාගෙන ඉන්න තමා තියෙන්නෙ.

    ReplyDelete
  6. උඹට තියෙන දැගලිල්ල මං දැනගත්තෙ ලියන ලියවිලි කියවල බං ...... ඔයිං ගියා මදැයි..... මම කියවද්දි කල්පනා කෙරුවෙ අත්දෙක නැතිව මුහුණ එබුනනම් කොහොම තියේවිද කියල..... හෙහ්....හෙහ්....
    පොලිසිය ඉස්සරහ සහ පල්ලියට යාබද නේද වෙන්නප්පුවටම තිබුන පොත් සාප්පු දෙක තිබ්බෙ ...නමවල් මතක නැහැ .... මැන්ටල් නිසා.....

    ReplyDelete
    Replies
    1. ජෝක් නොකර හිටු....මේ උදය පොත් කඩේ තියෙන්නේ මඩම පාරේ

      Delete
  7. අත්දෙක පිච්චිලා බේරුණා මැදැයි.. තිබ්බ පණු ගායට...

    එබටත් සු භ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒක නම් ඇත්ත...සුබ අලුත් අවුරුද්දක්!

      Delete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ !!!

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක්! නංගෝ

      Delete
  9. දඟ වැඩ වුනත් අපූරු මතකයන් ටිකක්... කැවුම් හදනව නම් පරිස්සමින් හොඳේ...

    සුබම සුබ අලුත් අවුරුද්දකට සුබ පතනවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් තුශා....අම්මාගේ අණ පරිදී පාස්කු ඉවර වන තුරු කැවුම් හැදීම තහනම්...සුබ අලුත් අවුරුද්දක් තුශා ඇතුලු පවුලේ සැමට

      Delete
  10. ශානුටත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා හොඳේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති කුරුට්ටි

      Delete
  11. මට අවුරුදු නැත.. ඒ කෝම උනත් උඹටයි මස්සිනාටයි දෙන්නටම සුබ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. මගේ මල්ලිව අමතක කරේ නෑනේ මේ අක්කා....මටත් අවුරුදු නෑ ඒත් හිතේ සතුටින්...උඹත් එහෙම හිටින්

      Delete
  12. ඔය කැවුම් හදද්දි දවසක් හදන හදන කැවුම මම කනවයි කියලා අම්මා විහිලුවට වාගේ තෙල් හැන්ද තිබ්බා. මගේ අතත් මෙව්වා උනා. අම්මටත් සෑහෙන දුකයි.. !!

    ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා නංගි !!!

    ReplyDelete
    Replies
    1. අම්මේ තෙල් වැදුනම සැප කනේ...හැම නත්තලකටම මගේ අත පිච්චෙනවා...බැදුම් කරන්න ගෙහුන්

      Delete
  13. ඔවු ඔ්ං සුභ අලුත් අවුරුද්දක් වේවා! :)

    ReplyDelete
    Replies
    1. අලි මල්ලිටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  14. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඈ බන් අපි අවුරුදු ලබන්න කලින් ඉදන් හැමෑට කී පාරක් විශ් කර ගත්තද. නේහේ.....:D මගේ නංගියා ඔයාටත්,පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  15. සුබ අලුත් අවුරුද්දක් වේවා ශානු...මමත් ඔය ලංකාවේ කෑම මතක් කර කර ඉන්න බැරිකම හින්දම මේ පාර කැවුම් ටිකක් හැදුවා. කොන්ඩේ නිකන් නැට්ටක් වගේ..අවුලක් නෑ. රහ තියනම් එච්චරනේ.

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ නම් මොනාද සයුරියා...රහ එක නම්...සයුරිටත්,පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!