Friday, April 18, 2014

51. මර්දනය හා පාස්කූ මතකය


     අද පාස්කු සිකුරාදා ගෙදර හිටියා නම් අම්මා එක්ක එකතුවෙලා කිරිබතුයි කිරි පැණී හදලා ලෑස්තී කරනවා හවසට පල්ලි ගෙනියන්න...ඒ දවස් වල පොල් ගාන රාජකාරිය මට තමා ලැබෙන්නේ.....හම්මේ පොල් ගෑම තරම් එපා කරපු ජොබක් මට තවත් නෑ.....අමාරුවෙන් හරි පොල් ගෙඩි 10 විතර ඒ කියන්නේ බෑවල් 20ක් ගානවා ගාලා ඉවර උනාම අත නිකන් නෑ,නෑ වගේ තමා.....කිරි මිරිකලා අම්ම කිරි බත් එක හදනකම් ...කිරි පැණි හැදි ගාන්න හම්බෙන්නේ අක්කට හරි මට හරි, අක්කා ලංකාවෙන් ගියාට පස්සේ ඒ වැඩෙත් මගේ කරෙන් ගියා.....ඔය කිරිපැණි හරියට හැදි ගාන්න ඕනා නැත්තන් වැඩේ දෙල් වෙනවා......අත කැඩෙනකන් ඒකත් කූරු ගෑවා කියමුකෝ.....ඊට පස්සේ  කිරිබත් කැටයයි,කිරිපැණි හැන්දයි පොඩි ෂොපින් උර වලට  දාලා ගැට ගහනවා....පස්සේ ලොකු බෑග් එකක හරි බාස්කට් එකක හරි දාලා පල්ලි ගෙනියනවා....හැබැයි එහෙම කිරිබතුයි කිරි පැණි විතරක් නෙවේ සමහරු බනිස් හිටන් ගෙනල්ල තීනවා මන් දැකලා තියෙනවා.........
           ඔය බෝලවත්ත පල්ලියට තමා අපි හැම අවුරුද්දෙමත්,දැනට අම්මයි ,තාත්තත් යන්නේ....ඔතන පාස්කූ සිකුරාදා සමරන්න ලොකු මණ්ඩපයක් හෙම හදලා ජේසුව කුරුසෙක ඇන ගහලා තියෙනවා ...මන් පොඩිකාලේ ඉදන් ආසම ඒ කුරුසේ ඉන්න ජේසු මිය යන්න යද්දි ඔළුව හොල්ලනවා බලන්න මන් ඉස්සර හිතුවෙම ඒ ඇත්තම ජේසු ඉන්නේ කියලා....ඔය  බෝලවත්ත පල්ලියට හතර වටේ ගම් වල මිනිස්සු එනවා.... පාස්කූ සිකුරාදා සමරන්න ආගමික කටයුතු ඉවර වෙලා ජේසු උකුත් උනාට පස්සේ පියතුමා මිනිස්සු බෙදන්න ගෙනාව කෑම ආශිර්වාද කරනවා ඊට පස්සේ හැමෝම ඒ කෑම බෙදනවා....ඒ අතර පොර කාගෙන කෑම ගන්න අයත් ඉන්නවා....මම නම් ඔය බෙදන සීන් වලට එන්ටර් වෙන්නේ නෑ අපේ තාත්තා තමා බෙදන සීන් කරන්නේ....මම පැත්තකට වෙලා බලන් ඉන්නවා කවුරු හරි ලගට මොනා හරි කිරිබත් කෑල්ලක් දෙනකම්....අදුරන ඇන්ටිලා,අන්කල්ලා එහෙම ලගට ගෙනත් දෙනවා....ඔහොම තමා පාස්කූ සිකුරාදා හවස සිද්ධිය........ (විශේෂ සිදු වීමක් තියෙනවා පාස්කු සිකුරාදට මන් ලංකාවේ හිටිය හැම අවුරුද්දෙම නැති වෙන්න වහිනවා මෙදා පාර කොහොමද දන්නේ නෑ)
             ඊට පස්සේ පාස්කු ඉරිදා පල්ලියේ පාස්කු ඉටි පන්දමක් පත්තු කරන් ජේසුගේ අහස් නැගිමේ මංගල්ලය(මම නිවැරදි මන් හිතන්නේ මතකයක් නෑ) සමරනවා. මන් එකම එක පාරක්ද කොහෙද මට මතක ඔය ඉරිදා රෑක පුජාවට ගියේ.....මතකයක් නෑ මොනාද කිව්වේ කියලා......දැන් සෑහෙන කාලයක්නේ.....
             මෙහේ නම් ජේසු  උකුත් වීම සමරන්නේ නෑ...උත්තානය ලොකු පාටි දාලා සමරනවා...... චොකලට් බිත්තර,කේක් මේ කාලෙදි තෑගි විදිහට ලැබෙනවා......මට නම් මෙලෝ රහක් නෑ මේ රටේ පාස්කුව.....කිසිම වැද ගැම්මකට නැති විදිහට පාස්කුව ගෙවනවා මෙ මිනිස්සු......අනික මහා සිකුරාදා වෙනුවට නිවාඩු තියෙන්නේ සදුදා ඒකත් මුන්ගේ වාසියට කොහොමින්,කොහොම හරි  වැඩ කරන් පිට රට අපි වගේ අයට දෙයියනේ කියලා ,ඉරිදා සදුදා දවස් දෙකක් නිවාඩු ලැබෙනවා...ඒ ටික තමා මට නම් වැදගත්.........ඒත් ලංකාවේ ඒ කාලේ මතක් වෙද්දි හිතට දුකයි...
     තව දෙයක් මගේ මතකයේ තියෙනවා  ඉස්කෝලේ ඉන්න කාලේ නම් භාවනා,මර්දන ක්‍රියා ඔය පාස්කූ කාලෙට කරා කියලා.ඒත් දැන් නම් භාවනා කෙසේ වෙතත් මර්දන ක්‍රියා නම් කරන්න ඕන කියලා හිතෙනවා....2010 පාස්කුවට මන් මාස 3 විතර නිර්මාංශව හිටියා ,,,,,ඒක කරන්නත් ගෙදර ගොයියගෙන් බෑ.....උයන්න වෙන්නේ මටනේ රස බලන්නම  වෙනවා...ඒත් ආයෙත් නිර්මාංශ වෙන්න හිතේ ලොකු කැමැත්තක් තියෙනවා...උත්සහා කරොත් කරන්න බැරි දෙයක් නෑනේ...... ඉතින් මේ ටිකේ ඇබ්බැහි වෙලා හිටිය අර බුකිය වහලා දාලා පොඩි මර්දන ක්‍රියාවක යෙදෙනවා....හිකිස් එහෙම උනාට.......තොට මොකෝ?ඇයි යකෝ මේ? තොට පිස්සුද බන්? වරෙන් මෙහෙට?මගුල් නටනවද නොකියා ගිහින්?බලමුකෝ කොච්චර කාලෙකටද කියලා?ඒ මොකක්ද අවුල කියහන්කෝ? හනේ අම්මේ ඊයේ ඉදන් ඔය වගේ නානා ප්‍රකාර මැසේජ් මගේ වයිබරයෙයි, එස්.එම්.එස්. වලයි පිරිලා......ඉතින් කෝමෙයි මන් මර්දන ක්‍රියාවක් කරන්නේ මුන්ගෙන් බේරිලා......මට ඔය මැසේජ් දකිද්දි හිනා....ඇයි දන්නවද ජීවිතේට කොමන්ට් එකක් තියා ලයික් එකක්වත් දාන් නැති උනුත් බුකිය බ්ලොක් කරාම කුලප්පු වෙලා...... පාස්කූ කාලේ ජීවිතේ ගලන් ගියේ ඔහොම තමා......

ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ පාස්කු මංගල්ලයක් වේවා!

15 comments:

  1. සිකුරාදා හරි සඳුදා හරි පාස්කුවට නිවාඩුවක් තියෙනවනෙ,යුරෝපේ ඔහොම තමා.
    සුබ ඊස්ටර් සන්ඩේ එකක් වේවා ශානු.

    ReplyDelete
  2. ශානුටත් සුබ පාස්කු මංගල්‍යක් වේවා……!!!

    ReplyDelete
  3. අම්බෝ.... ඔය වංගුවෙ තියෙන බෝලවත්ත පල්ලිය මගේ ආසම තැනක්....
    ලුනුවිල,වෙන්නප්පුව,නයිනමඩම&කුරුස පල්ලි මගේ සොදුරු මතකයන් අවදි කරවන පුජනීය ස්ථාන...
    අනේ.... එහෙම හිටිය නිසා ද..... සොලි බං වැරදියට හිතුවට......
    පහු කාලීනව නත්තල් දිනයට අගුලාන පල්ලිය එලස් තැනක් වුනා .... බර්ගර් ළමයි නිසා...

    ReplyDelete
  4. සුබ පාස්කු මංගල්‍යක් වේවා……!!!

    ReplyDelete
  5. ඊස්ටර් බනී ආවෙ නැත්ද පාට කරපු බිත්තර බෙදන්න... ඈ... ආවොත් මටත් එකක් අරන් තියන්ටකො...
    මොකද බුවා ලංකාවට එන්නෙ නෑනෙ... යුරෝපෙ පැත්තට වෙන්නනෙ ඉන්නෙ...

    සුභ පාස්කු මංගල්ලයක් වේවා

    ReplyDelete
  6. සුබම සුබ පාස්කු මංගල්ලයක් වේවා!

    ReplyDelete
  7. සුබ පාස්කු මංගල්‍යයක්!!!

    ReplyDelete
  8. මහා සිකුරාදා පැය 3 හැරෙන පැත්තේ පල්ලියට යන්නේ බෝලවත්තට හෝ බොරලැස්සට.ශානු පාස්කු ඉරිදා රෑ පූජාවක් නෑ,සෙනසුරාදා රෑ පූජාවක් තියන්නේ,ඉරිදා පූජාවෙදි තමා අලුත් ඉටිපන්දම් පත්තු කරන්නේ,ලොකු ඉටි පන්දමක් පල්ලියේ පත්තු කරනවා අහස් නැගීමේ මංගල්ලේ එනකන්ම,
    මේ අවුරුද්දේ මම මෙහෙ දකින වෙනස තමා පල්ලි ඒමේ පිරිස වැඩි වෙලා ඒ අතර තරුන අයත් ඉන්නවා,පාස්කු සතියේ නියම විදිහට පූජාවල් මෙහෙත් තියනවා ඔය පාටි දැම්මට,යන මිනිස්සු යනව,බ්‍රහස්පතින්දා පාද සේදීම,සිකුරාදා උකුත් වීම,සෙනසුරාදා රෑ පූජාව,ඉරිදා උත්තාන පූජාව අනිවාර්යනෙම තියනවා.

    ReplyDelete
  9. හෙහෙ කන්න තියෙන තැන්වලට උඹ නොයා ඉන්නවා කියලා ඇහුවමයි .... මේකිගේ බොරුද කොහෙද? උඹ බුකියෙන් තවකාලිකව ඈත් වෙලාද ? මොකද බයේද ..? හූ හූ

    ReplyDelete
  10. මාත් දැක්කා ඊයෙ කට්ටිය පල්ලි ගාව කිරිබත් බෙදනවා ...

    ශානුටත් සුබ පාස්කු මංගල්‍යක් වේවා……!!!

    ReplyDelete
  11. පාස්කුවට මෙහේ සිකුරාදා සහ සඳුදා නිවාඩු. ඒ දවස් දෙක වැඩ කරන අයට ඩබල් ගෙවන්න ඕන. මෙහේ නත්තල් පාස්කු අපේ රටේ වගේ කිසි ආතල් එකක් නැහැ.

    ReplyDelete
  12. වෙන්නප්පුවෙ ඊයෙත් නැතිවෙන්න වැස්ස බන් හැම මහ සිකුරාදාවකම වගේ.

    හම්මේ ටෝ අහුවෙය. මර්දන කිරියාවට යනව කියල පොඩියක් ඉන්බොක්ස් කොලේ නෑ. හිටු. ආයෙ මොන දීපංකරේ ගියත් මන් නෙමෙ බලන්නෙ. ආපුදෙන්කො අල්ලගන්න!

    ReplyDelete
  13. ඔන්න ඉතින් අපිත් ගොඩ වැදුනා එහෙනම් දිගටම ගොඩ වදින්න අවසර
    අපි
    http://shaggiyagechinthanaya.blogspot.com

    ReplyDelete
  14. සුබ පාස්කු මංගල්ලයක් වේවා !
    අපිට කෑමට ආරාධනා කරන්නේ නැද්ද ශානු ?

    ReplyDelete
  15. මෙහෙ පාස්කුව ගැනත් ලියන්න ඕනේ, අක්කගේ බ්ලොග් එකේ ලිපි ෆෝන් එකෙන් කියෙවුවත් කොමෙන්ට් කරන්න බැරි වුණා , ඔයා සනීපෙන් නේද,,

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!