ෆීනික්ස් කිරිල්ලියගේ අත්තටු -01 කොටස.මෙතැනින් බලන්න
ඊයේ හවස් වරුව නොදැනිම මහ රෑ වෙනකම් නින්දක් ගිහින් නැගිට්ට බව මතකයි.ඊට පස්සේ නිදි මතින්ම ඇගපත හෝදන් සාරිය මාරු කරන් ඔහොම්මම ඇදට වැටුනේ කෑම කන්නවත් පිරියක් නොතිබුන නිසා කියලා මන් බස් එකේ වීදුරු අතරින් එලිය බලන් මතක් කරා.......ඒත් හැමදාම උදේන් එන "ගූඩ් මෝනින්" මැසේජ් එකෙන් වයිබ්රේට් උන ජංගමය අතින් අරන් බලන අතර තුර
සුවහස් සර්.....මම හිතින් මුමුණමින් ලොකු හුස්මක් පිට කරා....
සුවහස් සර්, මම මේ ලොකේ අප්පච්චිට පස්සේ විශ්වාස කරපු එකම පිරිමි පරාණය....අපි අතර නොගැලපිමකට තිබ්බේ අපේ වයස් පරතරය විතරයි.සර් ලගට මම ගැෆික් ඉගෙන ගන්න යනකොට මන් සා.පෙ. රිසාල්ට් එනකම් හිටියා....සර් හොද ගුරුවරයෙක් මට හැම දේකටම ලෝභ නොවි උදව් කරා .....සර්ගේ ග්රැෆික් ක්ලාස් එකේදි ටිකෙන්,ටික අපිටත් නොදැනිම පටන් ගත්ත අපේ ආදරේ අවුරුදු එකහාමාරක් යද්දි ගෙවල් වලට ආරංචි උනා....ඊට පස්සේ සිද්ධ උනේ මට ගෙදර හිරකාරියෙක් වෙන්න. අප්පච්චිගේ සුපුරුදු වලව් පැලැන්තියේ තාන්නේ මාන්නේ නිසාත් එක හෙලා ප්රකාශයට පත් වුන තද බල විරෝදය නිසාත් අපිට වෙන් වෙන්න උනා.විභාගේ ඉවර වෙනකම් හිටිය මම සුවහස් සර් මන් වෙනුවෙන් දැකපු එකම හීනය මාව හොද ග්රැෆික් ඩිසයින කෙනෙක් කරන්න,ඒ හීනය මගේ කරන් ඒ හීනෙට තටු දෙන්න මන් අප්පච්චිට විරුද්ධ වෙලා කොළඹ ආවා....සර්ට අප්පච්චිගෙන් කරදරයක් වෙයි කියලා ඒ දවස් වලම සර්ගේ අම්මා සර්ගේ ඇවැස්ස නෑනව බදින්න ලෑස්ති කරා....මට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.සර් උනත් මගේ අනාගතය අවුල් කරන්න තරම් තීරණයක් ගත්තේ නෑ....මොකද ඒ වෙනකොට මම ඉස්කෝලේ හිටපු අන්තීම අවුරුද්ද නිසා......අපි එදායින් පස්සේ මුණ ගැහුනෙවත් අද වෙනකම් කෝල් එකකින්වත් කතා කරලවත් නෑ හැමදාම මැසේජ් එකකින් මන් කියන කරන දේවල් සර්ට දැන්නුවා....සුවහස් සර් මටවත්,මම සර්ටවත් කවදාවත් මුණ ගැහෙන්න ඕනේ කියලා නෑ....මම සුවහස් සර්ට ආදරෙයි ඒත් අයිතිකර ගන්න ඕනා කියන අරමුණින් නෙවේ......සුවහස් සර් කාගේ උනත් මන් සර්ට ආදරෙයි හැබැයි මන් කවදාවත් කාගෙවත් නොවි ඉදි......
ඔළුව උදේ පාන්දර අවුල් කරගෙන එකින් ,එක පෙළ ගැහුන හිතේ තෙරපුණු මේ හැමදේම එක්ක වීදුරුවට වැටුනු වැහි බිංදු අනිතිමෙට මටත් නොදැනීම මගේ ඇස් වලට ඇවිත්,හෙමිහිට කාටත් නොතේරෙන්න දාඩිය මාත්තු කෙරුව ලේන්සුව ඇස් දෙක ලග නතර උනා....
කොන්දොස්තර.......පිටකොටුව,,පිටකොටුව....කියද්දි මම ඉක්මනින් බස් එකෙන් බැහැගෙන ලාවට වැටුනු වැහි කුඩු පොදට ඉහල ගත්ත කූඩේ යටින් ඔෆිසියට ඇදුනා..........
********************************************************************
කාලය ගෙවිගෙන ......දැනට අවුරුදු දෙකක් ඉවර වෙන්න ලගයි...ගෙදරට එක පයක් ගැහැව්වේ නැති මගේ ජීවිතය....මේ අවුරුදු දෙක ඇතුලතදි සිද්ධ වෙච්ච සුවහස් සර්ගේ විවාහය........ මාව හිතින් ඔත්පල කරාට අපේ හීනේ මගේ කරන් ජීවිතය ගැන සුබවාදිව දකින මම............. කාලය හැදේම වෙනස් කරනවා......මම හිත හදාගෙන ඉවරයි........ඒත් මන් සර්ට ආදරේ කරා.....සර්ගේ විවාහයෙන් පස්සේ මන් සර්ට මැසේජ් කරන එක නවත්තලම දැම්මා ඒත් ඉදලා හිටලා සර් මගෙන් විස්තර අහනවා....මාත් විශේෂ යමක් තිබුනොත් කියනවා ඇරෙන්න සර්ගේ ජීවිතේට කරදරයක් වෙන්න ගියේ නෑ....අහිමි දේවල් කවදාවත් හිමි වෙන්නේ නෑ....හීන ලෝකෙක ඉන්නවට වඩා අමාරුවෙන් හරි යථාර්තයට මුණ දෙන්න හිත හයිය කරගෙන ජීවත් වෙන්න දැන් මම හුරු වෙලා ඉවරයි.....ඒත් ඒ පිරිමි හිතේ උතුම් පැතුමට පණ පොවන්න මම තාමත් කොළඹට සින්නක්කර අයිති වෙලා.කොළඹ පොලොව එක්ක හැප්පිලම මම දැන් කොළඹ ගැන හොද අවබෝධයකින් ජීවත් වෙනවා....
ජිවිතේ හොදම කොටස වෙච්ච මගේ රස්සාවට මම ගොඩක් ඇලුම් කරා ඒ මං වෙනුවෙන් සුවහස් සර් දැකපු හීනේ සැබෑ කර ගන්න මෙතැනින් පුළුවන් වෙන නිසා..... ඔෆීස් එක කියන්නේ බෝඩිමට වඩා නම් හාත්පසින් වෙනස් තැනක්....හුදකලාව කියන වචනෙට අරුතක් නැති තරම්,අපි වැඩ කරේ තරගෙට ප්රොජෙක්ට් වලට ඩිසයින් කලේ හැමෝගෙම අදහස් එක්ක ...... එතන වෙනම පවුලක හැගිමක් තිබුනා......"බෝඩිමට වඩා මන් ඔෆීසියට ඇලුම් කරා....අපේ බොස් උනත් අපේ ගෘප් එක ගැන සැහෙන පැහැදීමකින් හිටියේ......අපේ වැඩ අපි පිලිවෙලට කරගෙන ගියා.....අවුරුද්දේ මුල කැලන්ඩස් වලට ඕඩර් එද්දි අපිට පින්තූරු හොයා ගන්න අපිම කැමරා ලෑස්ති කරගෙන එක එක පලාත්වල ඇවිද්දා....අපේ මහන්සිය නිසාම වෙන්න ඕනා අපේ ගෘප් එකේ 5දෙනෙක්ට ස්කොලෂිප් එකක් ලැබුනා අවුරුද්දකට ඩුබායි යන්න...ඒ 5 දෙනා අතර මාත් ඉන්න බව දැනුනම නම් හිතට ආවේ ආඩම්බරයක්......මගේ හීනයේ පලමු පියවර තියන්න ලැබුන අවස්ථාවක්..ඔව්..... එකටම කිව්වේ මගේ දක්ෂකමට සහතිකයක් හදවතින්ම දුන්න සුවහස් සර්ට,ඊට පස්සේ අම්මට.....ඒ මගේ හිත මේ අවුරුදු ගානටම සතුටින් ඉපිල ගිය පලවෙනි අවස්ථාව වුනා......මම ගොඩක් සතුටු උන කාලයක්......
***************************************************
බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් සමු ගන්න දවස් ලන් වෙද්දි අපිට කරන්න වැඩ ගොඩ ගැහිලා තිබුනා,සමහර දවස් වලට පැය ගණන් කොම්පියුටර් එක ලග,ඔහොම ගෙවුන දවස් සති එමටයි වැඩ වැඩි උනාම නිතර හැදෙන ඔළුව කැක්කුම,දවසක් වෙනදට වැඩියේ දැනුනා මට ඉවසන්න බැරි තැන වැඩ පටන් ගන්න කලින් හැන්ඩ් බෑග් එකෙන් ගත්ත පැනඩෝල් දෙකත් අරන් වතුර බොන්න ගත්ත මතකයක් විතරයි ........මම ඇස් අරිද්දි සීලින් ෆෑන් එකක් බොහොම අමාරුවට කැරකෙනවා දැක්කා.....මගේ ගෘප් එකේ කට්ටිය මම හිටපු ඇද වට කරගෙන.......
කවුද,මන්දා කිව්වා මිනුකිට සිහිය ඇවිත් ඩොක්ටට කතා කරමු කියලා
මන් ටිකක් අමාරුවෙන් උගුර පාදන් කටහඩ බර කරලා ලග හිටිය රවිදු මල්ලිගෙන් ඇහැව්ව
"රවි මොකෝ උනේ"
" ආ නෑ අක්කේ එහෙම ලොකු දෙයක් නෑ ඔයාට පොඩි කලන්තයක් හැදුනා අපි කට්ටිය බය වෙලා මේ හොස්පිටල් එකට අරන් ආවා...ඩොක්ටර් කිව්වේ ඔයාට හවස යන්න පුලුවන් කියලා....
අමරුවෙන් හුස්ම ගත්ත මම ඔක්කොම මුනවල් අතර හෙව්වේ තේජා අක්කව... තේජා කියන්නේ අපේ ගෘප් එකේ හිටිය එකම දෙමළ කෙල්ල ඒ වගේම මගේ ජිවිතේ මුල අග දන්න එකම යාළුවා...ඉතින් එහෙව් එකේ ඒකී කවදාවත් නැතුව මට මුණ හන්ගනවා......
තේජා මොකෝ මේ....ඒ තේජාගේ ඇස්වල හන්ගන්න හදපු කදුලු නිසාම මට අහන්න සිද්ද උන දේ?
මුකුත් නෑ නංගි...ඔයා අම්මා,තාත්තා නැති පුංචි කෙල්ල මට දුක තමා හිතුනා
තේජා අක්කේ ,ඔයාල ඉන්නේ මට.... එහෙම කියලා මම හිත හයිය කර ගත්තේ ගෙදර අමතක උන නිසාම නෙවේ මගේ හිතට හයියක් ගන්න ඕන නිසා..
එකා දෙන්නා යන්න ගියායින් තේජා අක්කා මගේ අතින් අල්ලලා ලොකු හුස්මක් ඉහලට ඇදලා ..."එහෙම නෙවේ නංගි තරහා මරහා අමතක කරලා ගෙදර යන්ද..? මාත් එන්නම්......
ඒ අතර තුර එතැනට ආව නර්ස් කෙනෙක් විදපු බෙහෙතට මගේ ඇස් පියෙවෙනවාත් එක්කම මම අතේ අලවල තිබ්බ ප්ලාස්ටරේ අතරින් ආව සේලයින් කටුවේ වේදනාවට අත දිහා බලාන ටිකක් ඉහලින් තිබ්බ සේලයින් බෝතලෙන් වැටෙන සේලයින් බිංදු දිහා බලන් මේ මොකෝ වෙන්නේ කියලා හිතුවා ...තේජා අක්කා කියන්නේ ආවට ගියාට දෙයක් කියන කෙනෙක් නෙවේ.....ඒත් මේ සිද්ධ වෙන්නේ මොකක්ද? මට තවමත් ගැටළුවක්.....උත්තර නැති ප්රශ්ණයක්......මගේ තෙහෙට්ටු ඇස් හීන් සිරුවට අඩවන් උනා...
ඊලග කොටසින්
හමුවෙමු
තෙජලා වගේ යාලුවෝ ලබන්න පිං කරන්න ඕනේ, උඹේ ලියවිල්ල අපූරුයි මචෝ. එක හුස්මට කියවගෙන ගියා . ඊළඟ කොටස දාපන් , මේ කොටස් අතර හරි p[අරතරයක් තියාගනින් ,කොටස් ලියන කතාවක් කියවන අයගේ මතකෙන් ඈත්වෙන්න දෙන්න හොඳ නෑ
ReplyDeleteඔව් මචෝ තෙජා වගේ යාළුවෝ දැන් කාලේ නැති ර්කනේ වැඩේ...ඔව් ඔව් නියමිත කාලයට ෆ්හානවා,
Delete// p[අරතරයක් // ඉවාන් මේ වචනේ තේරුම මොකක්ද බන්.......! පොඩ්ඩක් කියහන්කෝ.....
Deleteසුදු අයියා වෙනුවෙන් ඔහුගේ නංගි කියන්නම් නිමෝ ඒ එලියන් බස....ඔය කියන්නේ පරතරය හිකිස්
Deleteෆීනික්ස් කිරිල්ලි කතාව හැඩයි.ඔහොම ලියමු හොඳේ.
ReplyDeleteහෑ අද වහිද මන්දා තැන්කූ ,
Deleteහුරේ....
ReplyDeleteහිතුවට වඩා කතාව හොදට යන්න පටං අරන්...
හම්මේ...
හොද කතාවක් කිවන්න හම්බවෙයි වගේ...
ජයවේවා...
කුළුදුලේ ලියබ කතාවට වචනෙකින් හරි සහයෝගයක් දෙන මහේෂිකා නංගි තැන්ක්ස් හොදේ හිකිස්( ප්රියා ගෙවු මුදල් වලට ප්රචාරය කරන ලද්දකි)
Deleteශානු කතාව නම් හොද පැත්තකට යනවා ඒ කියන්නෙ රසය හොදයි ...එත් මට නම් විස්තර කිරිම් නම් වැඩි ටිකක් ..අනික කතාව කොටස් කැඩෙන තැන් ගැන පොඩ්ඩක් බලන්න ...එ ඇරුනම මට නම් කතාව නම් එලකිරිස් ..
ReplyDeleteඅඩුපාඩු කිව්වා නෙවෙයි ඕන් දැනුනු දේ කිව්වෙ ..
මේ වගේ කතාවක් ලියන පලවෙනි අවස්තාව සහෝදර එ නිසා ඔයාල තමා මට හරි,වැරදි පෙන්නන්න ඕනා, ඒක මට හයියක්
Deleteනියමයි....
ReplyDeleteඑලස් :)
Deleteබොලන් කතාව මොන පැත්තකට ගෙනියන්න හදනවද කියලා හිතා ගන්න අමාරුයි කුතුහලය තියෙනවා. ඒක එළ. (y)
ReplyDeleteතෙජාලා වගේ යහළුවො හරි හිඟයි බං.
කතාව හොදයි ශානු ලස්සනයි.
බලන්නකෝ ඉදිරියට මොකෝ වෙන්නේ කියලා එහෙනම්
Deleteමේක පට්ටයි හොඳේ.
ReplyDeleteමට හොරෙන් කියපම් ඇයි තේජා අරම කිව්වෙ කියලා. ඊගාව කොටස එනකන් ඉන්න බෑ බෑ වගේ. ඉක්කන්ට ඉක්කන්ට ලියපන් අක්කියෝ
උයාට කියන්න බස්සි මචන් අවසානය ගැන මන් හිතලත් නෑ ටාම හෙට බලහන්
Deleteශානු අක්ක දැකල තියේද කොළඹ- මහනුවර ඉන්ටසිටිය යනවා? අන්න ඒ වගේ තමා මම මේ කතාව කියෙව්වේ.. ඊළඟ කොටස් ටිකත් ඉක්මනට ලියමු අක්කා,,
ReplyDeleteහම්මේ පොඩ්ඩෝ එච්චර හදිස්සියට කියෙව්වද? තැන්කූ ඈ
Deleteකතාව ලස්සණ යි. අද තමා කියවන්න ලැබුණේ. බලමුකො මොකද වෙන්නෙ කියලා....
ReplyDeleteබලමු බලමු...රැදි සිටින්න කුරුට්ටියා
Deleteසුවහස් සර් බැන්දා කිව්වාම හිත කඩා වැටුනා වගේ වුනා.. ඇයි ගොඩක් ආදර කතා වලට ලස්සන අවසානයක් නැත්තේ..
ReplyDeleteඅනේ මන්දා ලෝකේ හැටි වෙන්ඩෑ.... හිටින්කෝ හෙට වෙනකම්
Deleteපරක්කු වෙලා හරි කියෙවුවා හොදේ..
ReplyDeleteආ ඉදිකටුස් :)
Deleteමාත් එන්න ටිකක් පරක්කු වුනා ...
ReplyDeleteශෝක් ශෝක්... බලමුකො ඊලඟ කොටසෙදි මොකද වෙන්නේ කියලා ...
ඊ ලග කොටසින් නිමි කරනවා....බලන්නකෝ
Deleteසෑහෙන ලොකු වේදනාවකින් ගලන කතාවක් වගේ. බලමු කොහෙන් ඉවර කරයිද කියලා.
ReplyDeleteජයවේවා මචන් ......!
හිතට වේදනාවක් ගන්න එපා මචං ඊලග කොටස එනකම් හිටින්
Delete