Saturday, July 19, 2014

58.මේ හිතට කවියක්ම විය ඔබ



   මට ඕන උනා ඔයාව අමතක කරන්න ඒත් මම කොහොමද ඔයාව අමතක කරන්නේ මට හිතා ගන්න බැරුව ගියා...අකමැත්තෙන් හරි ඔයත් එක්ක කතා කරන්න තිබුන හැම මාර්ගයක්ම මම'ම හිතලා  වහලා දැම්මා....එහෙම උනේ මගෙන් ඔයාවත්, ඔයාගෙන් මාවත් බේරගෙන වෙන කෙනෙක්ගේ ජිවිතේ අවුල් නොකර ඉන්න...ඔයා දන්නවා හිතට අවංක නැත්තම් හුස්මක්වත් ගන්න කැමති කෙල්ලෙක් නෙවේ මම...එහෙව් එකේ මන් කොහොමද හිතට එකඟ නැතිව මේ හැම දෙයක්ම හිතේ දරන් ඉන්නේ.........

*******************************
එදා සීතලම සීතල දවසක්  සීතලට හොයපු උණුසුම නිසාම   මම එයාගේ අතේ එල්ලිල විවිධ කඩ සාප්පු පහු කරමින් විදී  පුරා ඇවිද ගියා....හදිස්සියේම දැක්ක ඔයා මගේ හිතේ හීනියට අකුණු පහරක සැර මතු කරා ...ඔයා ටිකෙන් ,ටික මන් ලගට ආවා....මට කර ගන්න දෙයක් නැති තැන මම ඔයා එක්ක කතා කරා


"චාව් කවි"

"චාව්"

"මේ මගේ හස්බන් රන්දික"

"චාව් අයියේ"

"රන්දික මේ කවිෂ්ක"

රන්දිකගේ මුණේ තිබුනේ පොඩි නොරිස්සුම් ගතියක්.... 

"කව්ද සුදාරි"

"ආ මන් ඔයාට කිව්වේ අපිත් එක්ක වැඩට යන  මගේ ක්ලාස් මේට් කෙනෙක් ගැන මේ එයා" 

"ආ"

ටික වේලාවකින් කවිත්,රන්දිකත් කතාවට  වැටුනා..දෙතුන් වතාවක් කවිගේ ඇස් මාව හෙව්වා..කීප වරක්ම අපේ ඇස් එකට එක මුණ ගැහුනත් මම ඉක්මනින් අහක බලා ගත්තා, අපි ඇවිදගෙන ආවේ බස් එක ගන්න තැනට ඒ අතර තුර රන්දිකට මගේ වෙනසක් නොදැනෙන්න  කිහිප විටක්ම ඔහුන්ගේ  කතා බහට මට හිතා මතාම හු මිටි තියන්න සිදු උනා....
     දෙන්නෙක්ගේ ආදරයක් ලග කොච්චර අසරණ වෙනවද කියලා මට දැනුනා ඒ එක්කම මතක් උනේ,නන්දා මාලනිගේ   මේ සිංදුව

රන් කෙන්දෙන් බැදි
රන් කෙන්දෙන් බැදි
අතගිලි එක් කල ආදරයයි
පෙම් රැහැනින් බැඳි
සිතුම් වසඟ කල ආදරයයි
කිරිල්ලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුනා පමණයි
දෑත විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගේ
කරුවල ඇයි විජිතයම මගේ
රන් කෙන්දෙන් බැදි
කනාටු සුළගේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ
මා හෙට දින සමුගන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ
මා හෙට දින සමුගන්නේ

"සුදාරි"

ම්.... පියවි සිහියට ආවේ රන්දික මට කතා කලායින් පස්සේ

"බස් එක එනවා, නගිමු"

මම ඔළුව හෙල්ලුවා විතරයි මමත්,රන්දිකත් බසයට ගොඩ උනා.කවිගේ ගමනාන්තයත් අපේ රූට් එකේම උන නිසා එයත් බස් එකට ගොඩ උනා හිස් වෙලා තිවුන ආසන වල අපි ඉද ගත්තා....කවිත් අපිට ආසන දෙකක් ඉස්සරහින් ගිහින් ඉදගෙන  කිහිප විටක්ම අපි දිහා හැරිලා බැලුවත් ගමනාන්තය වෙනකම් කවි  දිහා නොබලා ඉන්න හිතා ගත්ත දැඩි තීරණය නිසා ...මට ඕනා උනා රන්දික සමග කතාවට වැටෙන්න නමුත් රන්දික යනු අවශයදේට කතා කරන කෙනෙක් නිසා අපේ කතා බහා අල්ප වශයෙන් කැඩි,කැඩි පැවතුනා...කවි බහින හෝල්ට් එක ලන් වු විට මම ඔහු දිහා බැලුවා ...කැරලියට මුහුණට වැටි තිබුන කොන්ඩය දෙපසට සොලවා ඒ කන්නඩි කුට්ටම අතරින් ඇස් පොඩි කර බහිනවා කියද්දි හිතට මහා ලෝභ කමක් හිතුනා..ඒත් රන්දික  ලගදි මට ඒ ලෝභ කමත් එක සිතුවිල්ලකට විතරක් යටපත්කරන්න වුනා.රන්දිකට කවිව නොරිස්සු බව මුණ ගැහුන වෙලේ ඉදන්ම  රන්දිකගේ මුහුණේ ඉරියව් වලින් පෙනුනත්, හිරෝෂිමාවට බෝම්බ ගැහැව්වා වගේ රන්දික කටහඩ අවදි කරා

"මොකෙක්ද ඌ"

"ඇයි අනේ  "මුහුනේ මවා ගත් වයාජ හිනාවකින් මම ඇහැව්වා,ඒ එක්කම මගේ හදවතේ ධමනි ශිරා මාරු වෙවි ලේ ඇග පුරා දිව ගොස් යම් කිසි භ්‍රමණයක් සිදු වෙන බව මට දැනුනා....

"නෑ ඒ &@€&:):)&&& ඇවිල්ලා මාස ගානයි, මෙහෙන් ලංකාවට කාර් දාන්න  කල්පනාව"

"ආ මිනිහා කොරියාවේ කලින් හිටියේ, හැබැයි ටිකක් පණ්ඩිතයි" ඇත්තටම කවි කියන්නේ  හිතේ තියෙන ඔක්කොම හෝස් ගාලා  කියලා දාන ජාතියේ කොල්ලෙක්.....හිතේ හැඟීම් හිර කරන් ඉන්න දන්නෙම නැති කෙනෙක්....සංවේදි කෙනෙක් නමුත් රන්දික ඔහු ගැන මවා සිටින රූපය  ඔහුට තහවුරු කිරීමට දෙයක් කියන විනා මට කල හැක්කක් නොවිය...

**************************************

එක් උදෑසනක වැඩට යාමට බසයට ගොඩ උන මට කවිගේ ජායාවක් බස් එකේ කෙරවලින් පෙනුනත් මම ඔහු සිටින දිශාවට විරුද්ද දිශාවට හිටගෙන  බසය ගමන් ගන්න විට ඈති පෙනෙන මුහුද හා කඳු දිහා බලාන 

"උබ මේ මොන පිස්සුවක්ද නටන්න හදන්නේ"මම හිතෙන් ඇහැව්වා.

"ආදරේ කරනවා" හිත කිව්වා...

"පිස්සුද  උඹ බැදපු ගෑණියෙක්,අනික උඹ දන්නවා ඔය කරන්න හදන්නේ වැරදි වැඩක් කියලා" මට හිතුනා...සෙනග වැඩි උන බස් එක අතරින් තෙරපිගෙන අදාල නැවතුමේ බැහැගෙන අඩිය දෙක තියලා, හිත අවුල් කරගෙන වැඩ කරන තැනට පිය මැන්නා පසු පසින් ආව කවි  කටහඩ අවදි කරා

"මැණීකේ"

හිතේ තිබ්බ හැම දෙයක්ම අතු ගාලා දැම්මා වගේ ඒ කටහඩ මගේ හිත මෝහනය කරා,මම ඇවිද ගිය වේගය බාල කරා...

"මොකද" 

"ඇයි දෙයියනේ අහක බලන් යන්නේ"

"හ්ම්ම්ම්ම් .... ඔයාට තේරෙන්න ඕනා මට දෙන්නෙක්ට ආදරේ කරන්න බෑ"

"ඉතින් මැණිකේ ඔයා තීරණේ කරන්න"

කවිගේ වචන මගේ හිත රිද්දෙව්වේ නැත්තේ රන්දික  සල්ලි පස්සේ යන,කිසිම හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් නිසයි ,ඒත් රන්දික මට  ආදරේ බව මන් දන්නවා...සුරා සුදුවෙන් තොර වෙච්ච දැහැමි ජිවිතයක් ගත කරපු රන්දිකව  අත අරින්න කොහොම නම් හිත හදා ගන්නද?

"මට බෑ,මම රන්දික අත අරින් නෑ එහෙම අත ඇරලා ඔයා ලගට ආවා කියන්නේ,ඔයාව දාලා යන්න උනත් මම දෙපාරක් නොහිතන ගෑනියෙක් වෙයි.තේරුම් ගන්න...එක්කෝ රන්දික මැරෙන්න ඕනා,එක්කෝ මම මැරෙන්න ඕනා එයයි මායි වෙන්වෙන්න නම්...."

ලොකු හුස්මක් පිට කෙරුව කවි මුහුණේ පරාජිත බවක් සනිටුහන් කරමින් ,"ඇයි මැණිකේ, අපිට මෙහෙම උනේ ගිය ආත්මේ මොන පවක් කලාටද"

"මන්දා .......මට පරක්කුයි මම යන්නද?"

"එහෙනම් හා මැණිකේ,මම දවල් වෙලා කෝල් කරන්නද,කියන්නකෝ හාද"

ම්......

මම ඔහුගෙන් සමු ගත්තා....,

                 මන් කැමති ඔයා මට කතා කරලා මන් ගැන හොයනවට ඒත්  ඒක  තවත් අපිව ,අපිට ලන් කරන  දෙයක් මිස සිද්ධවෙන සෙතක් නෑ......මම ඔහුට සමු දුන්නා....ඔහොම නිතර දෙවේලේ අපි කතා කරා....සහැම වෙලාවෙම අත අරින්න කියලා අහක් වෙන්න යද්දි මොකක්දෝ කාන්දම් බලයක් මාව ඒ හිතට ඇදලා බැදලා තියා ගන්නවා...ඒත් හිතට එකඟව .....මේ කරන්නේ  ලොකු වැරැද්දක්......පණටත් වඩා මාව විශ්වාස කරන රන්දික මේවා දැන ගත්තොත් මට මොනා වෙයිද?ඔයා නිසා හැඟිම් එක්ක මම උදේ හවස පොර බදනවා...ඒත් ඔයා තාමත් මට නිශ්චිත උත්තරයක් නැති  ප්‍රශ්ණයක්.........

ඊලග කොටසින් හමු වෙමු

37 comments:

  1. තහනං ගහේ ගෙඩි කන්න වගේ ලෑස්තිය - බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බලමු විදානයෝ ඊලග කොටසේ....තහනම් ගහහේ සීන් එකමද කියලා..

      Delete
  2. කොල කඩ කඩ බොරුවට දෙනවා :D

    ReplyDelete
    Replies
    1. අපි ගහ හොද හැටි අදුනනවා...

      Delete
  3. කතාව සමහර තැන හංගලා වගේ පැහැදිලි මදි මට නම්,ඉතුරු කොටසත් බලමු කෝ එහෙනම් ...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මන් විශිෂ්ඨ නෑ නොවෑ ඒ හින්දා අඩුපාඩු එමට ඇති...බලමු ,,,,බලමු ඊලග කොටස

      Delete
    2. හැන්දෙන් කවන්න උඹ බබෙක්යැ... බත් බෙදල දුන්නම අනාගෙන කාහන්කො. :P

      Delete
  4. Right..
    Kiyanna thiyanne, oya track eke digatama giyoth train eka down the pallam thamaa..
    Balamuko issarahata....

    ReplyDelete
    Replies
    1. ඈ පොඩ්ඩෝ බලමුකෝ මුකද වෙන්නේ කියලා....ට්‍රැක් පනිද හරි පීල්ලේ යයිද කියලා

      Delete
  5. වරද තියෙන්නෙ මුල් ඡේදෙ ම යි....

    ReplyDelete
  6. ම්ම්ම්ම්ම්ම් බලමු ඊලග කොටහත්..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු....මොණරි

      Delete
  7. ශික් අම්මපා කැඩුවා නේද දෙකට ඒකත්... දෙන්න හිතෙනවා හොම්බ රිවට් වෙන්න . කොහොමත් උඹ ලියන්නේ බොක්කෙන්මනේ ... ඉක්මනින් ඊළඟ එකත් දාපං නගෝ

    ReplyDelete
    Replies
    1. ඕං මං ආවා … උඹට තැංකිව් ඈ.
      ඒ උනාට මං උඹට ටොපිය දෙනවා !!!!

      Delete
    2. නෑ සුදු අයියා ඊයේ වැඩ කෝටියක් ඇතුලේ මේ කතාව ඔළුවට ආවා....ලියන් ගියා වෙලාව තිබුන් නෑ ඔක්කොම ලියලා දාන්න....අනිවා අනිත් එකත් තව ඩවස් 10 කින් ලියනවා ඕ යෑස්...

      @පත්තරයා හම්මෙ වෙල්කම් මචෝ

      Delete
  8. සම්පූර්ණ වැරැද්ද බස් කාරයගෙ !!! ඕ යේස්. නැද්ද මං අහන්නෙ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය බස්කාරයාගේ අඩු කඩන්නෝනා බන්.....

      Delete
  9. මේ ලියන රටාවට මං කවදත් ආසයි.කියවන්න පටන් ගද්දිම ඉවර වෙන්නෙ නැත්නම් ඊටත් වඩා ආසයි.

    ReplyDelete
    Replies
    1. අනේ තැන්කූ....ඒත් ඉතිම් සමහරු මා දැල් වගේ ඒවා කියවන්න ආස නෑනේ...අපිට මා දැලුත් ලියන්න පුළුවන් ඕනේ නම්

      Delete
  10. මොකක්ද බං?? ආසාවෙන් කියවගෙන එත්දි මගදි කඩපු එකට නම් විරෝධය!!!!

    ReplyDelete
    Replies
    1. කුතුහලය+කුචුහලය කියන්නේ ඕකටලු බං....උඹ උඩ ඉන්න සැට් එකත් එක්ක පිකටින් කරපිය....ඉවසලා හිටු

      Delete
  11. අම්බෝ හෙන ගහන්නා වගේ නැවතුනානේ ඉතින්..දැන් උඩ බලන් ඉන්නම්කො ඉතිරිය enakam

    ReplyDelete
    Replies
    1. අචිනි සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...ඉවසලා ඉන්න ඉක්මනින් ඊ ලග කොටස දානවා

      Delete
  12. මේක පට්ටයි. නිකම් හුරුපුරුදු බවක් දැනෙනවා වගේ.... උඹ අකුරු වලින් හිතට කතාකරනව අක්කියා...

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න මෙතන බටර් ගාන්නේ නැතුව , ආවා මෙතන......දුප් කිව්වේ

      Delete
  13. දෙකට තුනට කඩන්නෙ මොකටද ඒක සැරේ ලියල දැම්මහැකි නොවැ අපායට බෝම්බ ගැහුවාහේ.අපට කුතුහලේ.

    ReplyDelete
    Replies
    1. කුතුහලේ තිබ්බමනේ හැලප මාමේ අගේ.....

      Delete
  14. මට නිකමට හිතුනා අර මෙක්සිකන් කාරයා බැන්දා කියන කතාව ඇහුවම.. අහුවෙයන්කෝ උඹ...

    දාපිය ඊලග එක ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. ෆල ඩෝ......මෙක්සිකන්කාරයට අකමැති උනේ මෙක්සිකෝවේ දේශගුණය මට අල්ලන්නේ නැති නිසා ඩෝ... ඊ ලගය ලියන්නම්කෝ

      Delete
  15. අපූරුයි ශානු අක්කෙ..
    කෝමත් ඔයා ලියන කතා පට්ට නෙව..
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. හම්මේ මගේ මල්ලියේ හැමදාම ඇවිත් දිරි ගන්නනවට ස්කෝතුයි,ෆැන්ටා එකකුයි ඕන්

      Delete
  16. ආදරෙත් කැස්ස වගේලු ,හංගන්න බෑලුනේ ... බලමුකෝ බලමුකෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ආදරය හන්ගන්න බෑ තමා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා

      Delete
  17. හපොයි ත්‍රිකෝණයක් :ඔ

    ReplyDelete
    Replies
    1. ම්....ඔව් සයුරියා...සම පාද ත්‍රිකෝණයක ආදර කතාවක් වේවිද මන්දා

      Delete
  18. ලස්සනයි ශානු ,තව ලියමු ...

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!