Sunday, July 27, 2014

59.මේ හිතට කවියක්ම විය ඔබ-නිමි-


                       දින,සති මාස අපිට නොදැනීම ගෙවිලා ගියා....මට ඕන උනේ ඔයාගේ ආදරේ නමුත් ඔයාට ඕනා උනේ රන්දිකගෙන් වෙන් කරල මාව...ඔයා ඒ වෙනුවෙන් මොන තරම් නම් දේවල් කරාද....මන් එපා කිව්ව හැමදේම වගේ කරා...එක එක ගෑනු ලව්වා රන්දිකට කෝල් කෙරෙව්වා....මන් ඒත් සද්ද නොකර හිටියා...මොකද රන්දික ගැන එයාගේ අම්මා,තාත්තට වඩා මන් දන්න නිසා. මිනිස්සු දෙනෝදාහක් ඉස්සරහා මට මැණිකේ කිය කිය පස්සෙන් ආවා මන් ඒ දේවලුත් දරා ගත්තා...ඒ මන් ඔයාට හදවතින්ම ආදරේ කල නිසා.....ඒත් අන්තිමෙට ඔයාව මග ඇරලා හිටපු කාල පරාසය තුල ඔයා නොකියම වෙන නගරයකට ගිහින් තිබුනා.දන්නවද එතකොට මට මතක් උනේ "මිදි තිත්තයි කිව්ව නරියව" .
         ජිවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගෙන  කාලය ගත කරපු මට ඔයාගෙන් ඈත් වෙලා රන්දික එක්ක මේ හැම දෙනයක්ම කියලා හිත නිදහස් කර ගන්න ඕන උනා......ඒත් එහෙම කියලා හිත නිදහස් කර ගන්න තරම් අපි අතර සිද්ධ වෙච්ච කිසි දෙයක් නෑ කියලා හිතනකොට මගේ හිත එකතැන ලොක් වෙනවා....අන්තිමෙට මේ දේවල් නිසා රන්දික මා දිහා වැරදි ඇහැකින් බලයි කියන තැනදි මන් මගේ හිත හීන්සැරේ නිහඬ කර ගත්තා....කොච්චර ආදරේ කරත් අපි අතර අතේ දුරක් තියා ගන්න නිතරම මම උත්සහ කරේ මෙ හැම දෙයක්ම වැරැද්දක් කියලා මගේ යටි හිත මටම නිතර දෙස්දෙවොල් තිබ්බ නිසා.....
                 ඊට පස්සේ කාලෙකදී අපි වයිබරයෙන් නිතරම කතා කලා...ඒත් ඒකත් හිතට වදයක් උනා...මොකද එහෙම කතා කරපු හැමදාම ඔයා ඕනවට වඩා මට හිතෙන් බැදුන නිසා...ඒ නිසා මන් ඔයාව මග ඇරලා ඉන්න තීරණේ කලා...හිටි හැටියෙම  දවසක් ඔයාට අනතුරක් වුනා කියලා දැන ගන්න ලැබුනා........ඒ ඔයාගේ යාළුවෙක් එවපු ඊ මේලයක් නිසා....ඒ හැම දෙයකටම මම පිස්සු හැදිලා වගේ කලබල උනාට මට ඔයා එක්ක කතා කරනවා ඇරෙන්න කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නෑ.....
ඒ වෙනකොට මගේ පරණ ෆෝන් නම්බර් මම වෙනස් කරලා ඒත් මන් ලග පරණ සීම් එක තිබුන නිසා ඔයාට කෝල් කරන්න  පුළුවන් උනා.....
                                 ..............................,,..................................

"හෙලෝ" එහා පැත්තෙන් ප්‍රතිචාර දැක්කුවේ කවි නොවන බව දැනුනත්  මම කට හඬ අවදි කලා...

"හෙලෝ,මේ කවිද? "

"නෑ,කව්ද මේ සුදාරි ද?"

කවුරු නමුත් මාව අඳුන ගත්තා...

"ආ...ඔව්,කවි"

"දැන් තමා වෝඩ් එකට ගෙනාවේ"

"මොකද උනේ දන් නෑ නේ"

"මොනාද ඉතින් ,ඔයාල වගේ ගෑණුන්ට බොක්කෙන් ලව් කරන්න ගියාම  කොල්ලන්ට වෙන්නේ මේ වගේ දේවල් තමා"

 මට ,මං ගැනම දැනුන තරහට දත්මිටි නොකා,වෙච්ච සිද්ධිය දැන ගන්න උත්සහ කලා

"හරි මම වැරදි වෙන්න ඇති,සිද්ධ උනේ මොකක්ද කියන්න පුළුවන්ද"

"මු දැන් බේබද්දෙක් වෙලා  ඔයා නිසා,ඊයේ රෑ වැඩ ඉවර වෙලා බීගෙන සීග්සැඩ් ගහ ගහා යාළුවෝ එක්ක එද්දි ඔයා ගැන කියලා මුට එකෙක් විහිළු කරලා ඒ තරහට මු අරූට ගහලා අන්තිමෙට දුර දිග ගිය වලියෙන් මුව තල්ලු කරපු පාර ඔළුව  යකඩ කණුවක වැදිලා ඔළුව පැලිලා...අපි හොස්පිටල් අරන් ආවා මැහුම් හතකුත් දා ගෙන ඔය ඉන්නේ ගෙම්බා ගැහැව්වා වගේ ඇදේ පතබෑවිලා"

මොහොතකට හුස්ම හිර වෙච්ච පෙනහලු වලට ඇද ගත්ත හුස්ම එක්ක,,,

"මම හවස කතා කරන්නම්"

"මන් කවියට කියන්නම් උගේ අන්සතු ලව් එක ශෝකය ප්‍රකාශ කලා කියලා"

        මට වෙන මොකුත් කියන්න බැරි තරමට වෙච්ච අපහසුතාවය නිසාම දුරකථනය විසන්ධි කලා.... මම නිසා ඔයාට අනතුරක් කර ගත්තේ කියලා ඔයාගේ යාළුවෝ නොකියා කියපු හැම කුණු බැනුමක්ම මන් අහන් හිටියේ මේ කොනක හරි මගෙත් වැරැද්දක් තිබුනා කියලා හිතපු නිසා....හවස ආයෙත් මම ඔයාට කෝල් කරා....ඒත් මන් මහා ලොකුවට වද වෙද්දි ඒ හැඟීම් එක්ක ඔයාට ඕන වුනේ මාව ඔයා ලගට ගෙන්න ගන්න......ඒත් එහෙම බැරි උන තැන ඔයත් අවස්ථාවාදී විදිහට මන් නිසා ඔයා නැති උනා කිව්වා....එදා ඔයා ගැන මගේ හිතේ තිබ්බ අන්තීම හැඟීමත්  හුළගේ පා වෙලා යන්නම යන්න ගියා.....

***********************************
         හැමදාම වැරදි,වැරදි ජීවිතේ  හරි ගස්ස ගත්ත මම අද වෙනකොට කවි ජීවතුන් අතරද? නැද්ද?කියලවත් දන්නේ නෑ ඒත් කවි වෙනුවෙන් මගේ හිතේ හැමදාම සෙත් කවි උපදී.........
            
                                                                       -නිමි-
                                                    #########################
        
         " ජීවිත කාලෙදි ගෑණියෙක්,මිනිහෙක් ආදරේ කරන්නේ  අහවල් කාරනේ  කරන්න විතරක් නෙවේ" අන්න ඔය ටික කිව්වේ මම අදුරන යාළුවෙක් ඒ කතාව කොච්චර ඇත්තක්ද කියලා මට හිතුනා....සමහරක් බැඳිම් අපිට කවදාවත් වර්ග කරන්න බෑ...ඒ බැඳිම් හරියට සංසාරගත බැඳීම් වගේ...ඒත්  හොද නරක තෝර ගැනීම අපි සතුයි....කෙනෙක් නැතුව ජීවත් වෙන්න බෑ කියල කවුරු කොහොම කිව්වත්,එහෙමටත් කෙනෙක් තමා තව කෙනෙක් වෙනුවෙන් ජීවිතේ නැති කර ගන්නේ....බොහෝ දෙනා කරන්නේ මුණ දෙන්න වෙන ජීවිතේට හැඩ ගැහෙන එක.......අනික වැරද්දක් උනාම ඒ වැරැද්ද හදා ගන්න උත්සහ කරන එකත්,අවංක වෙන එකත් වැදගත්......
    කතාව ගොඩ නැගුනේ මම ඉන්න පරිසරය එක්ක,ඉතින් යුරෝපය මම දකින්නේ හරියටම නිදහස් කුරුළු ලෝකයක් වගේ සීමා මායිම් බොහෝ දුරට අඩුයි ඒ වගේම ජීවිතේ වරදින  අවස්ථා වැඩි.....පවුල් සංස්ථාව ගත්තොත් එකට එකතු වෙලා ජීවත් වෙන පවුල් වලට වඩා සී සීකඩ විසිරුනු පවුල් ගානේ ප්‍රතිශතය වැඩි.....ඒ තමන්ට තමන් ගැන අවබෝධයක් නැති නිසා කියලා මම හිතනවා..ඒ වගේම අපි පුරුතග්ජන මිනිස්සු,"වරදින්නේ මිනිස්සුන්ට නම් ,ඒ වැරදි හදා ගන්න ඕනෙත් මිනිස්සු වෙච්ච අපිමයි".........

40 comments:

  1. "වරදින්නේ මිනිස්සුන්ට නම් ,ඒ වැරදි හදා ගන්න ඕනෙත් මිනිස්සු වෙච්ච අපිමයි" හ්ම්ම්ම් ....

    සුදු නංගි හෙවත් ...අපේ ආඩම්බර ලේඛිකාව ..ඇත්තෙන්ම ආඩම්බරයි උඹ ගැන.... හැගීම් අකුරු කරන්න දක්ෂ ලියන්නෝ අඩුයි ... උඹ ඒ අඩුව පුරවනවා .ජය

    ReplyDelete
    Replies
    1. මට හිතුන දේ ඔහේ ලියලා දානවා සුදු අයියා...ආයේ වචන ගලපලා ලියවිල්ලේ හැඩ කපන්න යන්නේ නෑ......කියවන උන්ට තේරුම් ගන්න පුළුවන්නම් තව වෙන මොනාද නේ බන්....හැමදාම දිරිමත් කරනවට තැන්ක්ස් මචෝ....

      Delete
  2. අපූරුම කතාවක්..ප්‍රබන්ධයක් කියා නොසිතෙන තරමට reality එකට ලඟයි.ඔයාගෙ ලිවීමේ ආර තමයි ඒ සාර්ථකත්වයෙ සලකුණ.ජය..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතා ලියද්දි ඕම ලු ඈ :p ...තැන්කෝ...

      Delete
  3. ඇණුන පෑරුණු
    උල් කටුවක
    විෂ දුවයි ඇඟ පුරා
    ඉවසන්නේ කෙලෙස

    ReplyDelete
    Replies
    1. රෝම කූප පාසා
      ලද්දා නම් උණුසුම
      හිත හදා ගන්නට පුළුවන්ද?
      නොදනිමි.....
      හිතමි.....
      සියල්ල හොදින් සිදු වී
      අවසන්ය.......
      ඉතින් ඇග පුරා දිව ගිය
      විස .......
      ධමනි,ශිරා පසු කල මුත්
      සදා නොමියෙන
      වාසනා ගුණ ඇත්නම්
      බේරේවි.....
      ......ජිවිතය......

      සාදරයෙන් පිලිගන්නවා මේ ඉසව්වට

      Delete
  4. බොහොම හැගුම්බර කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූති ගිම්හානි

      Delete
  5. හම්මේ.... මේක ඇත්ත සිද්ධියක් ද ?? මොනා වුනත් රන්දික ට හැම දෙයක්ම කිව්වේ නැති එක වැරදි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිද්ධියක් කියලා හිතෙනවද?

      Delete
  6. ඔන්න මචෝ අපේ පොරක් "දෛවයෝගයකින් නොවේදෝ" සිංදුව දත කාගෙන අල්ලනවා ..… බූට් ෂිංදුමයි අල්ලන්නෙ
    ඕන්නං මට කනෙං පෙන්නුවහැකි උඩ හරියෙම ඉන්නවා ඩයල් එක .… මට කියහං මචෝ කවී ඉංජෙක් ද කියලා ?? :D හා හා

    ReplyDelete
    Replies
    1. අල්ලන්නේ ශුතියද...
      මං හිතන්නේ ඒකවත් අල්ලනෙකක් නෑ.. ඒ කෑෂ් බුවා

      Delete
    2. ඔව් ඔව් … විරහව බං..පව් බූට් ෂිංදු නානවා .
      කාගෙ උනත් දරුවෙක්නේ අප්පා .චැහ්

      Delete
    3. තොපි දෙන්නා උඩ පැන පැන ගරහන්නේ අර අසරණ ඉවානයට නේ බොලව් මන් තොපි දෙන්නට මොකුත් කරන් නෑ මගේ සහායෝගේ දෙනවා ඔව්

      Delete
  7. හ්ම් ... ගොඩාක් හැගීම්බරයි ශානු..ජයවේවා !

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම් පට්ටයි මචෝ.

    මේ වගේ ක‍තා වලට තියෙන්නෙ පුදුම දක්ෂ කමක් ශානුවො බොට. නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ....හැමදාම වගේ දිරි ගැන්නුවට

      Delete
  9. ඇත්ත කතාවක්ද? තමන්ට වෙන එකක්ද? තමන්ට වෙන එකක් නම් අක්කෝ බ්ලොග් ගත නොකර ඉන්න. වෙන එකක් නම් අවුලක් නෑ. නිර්මාණයක් නම් හරිම අපුරුයි කියන්න පුළුවන් :) 

    ReplyDelete
    Replies
    1. මට වෙන කතාවක් නම් මං මගේ නමින් ලියනවා සිහිනයෝ

      Delete
  10. ලස්සන කතාවක් ද කැත කතාවකද කියල වෙන් කරගන්න වෙන්න කව්ද වින්දිතය කියන දේ මතයි

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  11. ඔබගේ නිර්මානය උපරිමයි...

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති විදානයෝ

      Delete
  12. පට්ටයි අක්කියෝ...!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මතන්

      Delete
  13. නියමයි.....කොටස් 2ම දැන් කියෙව්වේ...අර මුල් කොටසේ සුදාරි මේ කොටසේ මිනුකි උනේ ඇයි ?
    අර පසු සටහනට එකගයි මචෝ...

    ReplyDelete
    Replies
    1. මචෝ කලින් කතාවේ නමයි මේ නමයි පොඩ්ඩක් ටැපලුනා ඕං හැදුවා...තැන්ක්ස් මචෝ

      Delete
  14. හැමදේටම වැඩිය කතාවේ පසු සටහන එක්ක එකඟයි.. ඊට වඩා දෙයක් කියන්නට නොයමි..

    ReplyDelete
    Replies
    1. හා...හා....හොදා....දිනේෂ් මාමි

      Delete
  15. යකෝ ලියනව කියලග මේමත් ලියනවද...
    මේ බලපං තාමත් මයිල් කෙලිං වෙලා...
    හම්මේ... පට්ට...
    ඇත්තටම හරිමඅගෙයි අක්කෙ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මල්ලියා උඹත් ලියපන් අක්කේ කියලා තල්ලු කරන දිරි දෙන සෙට් එකේ එකෙක්....

      Delete
  16. හිත නිකන් මෙව්වා වෙන කතාවක්.. දැන් ස්කයිප්පුව අත ඇරලා වයිබරේද පාවිච්චි කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. මම නම් ස්කයිප්පුව ගෙදරට කතා කරන්නයි,වයිබරේ යාළුවන්ට කතා කරන්නයි තියන් ඉන්නවා

      Delete
  17. මට හිතුනේ ඇත්තම කතාවක් කියලා ශානුවෝ...එච්චරට තාත්විකයි. කෙටි කතා ලේඛිකාව හොඳයි ඈ

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාවක් කියලා හිතුනා මරුනේ......හම්මේ ඉතින් මන් ඔහේ ලියනවා සයුරියා අරමුණක් නෑ

      Delete
  18. මම කියෙව්වෙ අන්තිම කොටස විතරයි..ඒත් මුළු කතාව ම තෙරුණා..මොකද මට වුණේ නැත්තෙ හොස්පිටල් ඇඩ්මිට් වෙන්න විතරයි තාම...
    සුදාරිල හිතන විදිහ දැනගත්ත එක හොඳ යි :)
    සරල ලිවීම් රටාවක්... හොඳයි...
    ජයෙව්වා!!!

    ලැම්බාගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. ලැම්බා කියන්නට දෙයක් නොසිතේ ආවාට කියෙව්වාට ස්තූති

      Delete
  19. ඇත්ත හැම බැඳීමක්ම සමාන නොවුනත් ඒ බැඳීම් අතරේ සංසාරගත බව හැංගිලා තියෙනවා...

    කතාව දැනෙන්න ලියලා තියෙනවා... අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා තුෂා සංසාරගත බැදීම් කියලා අපි වෙලාවකට අපිවම රවට්ට ගන්නවද මන්දා..... ස්තූති

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!