එකතු කරපු හීන ගොඩෙන් කැඩිලා බිදිලා ගිහින් ඉතුරු උන අන්තීම හීනයත් මගේ ඇස් පනාපිටම කඩා වැටෙන්න අරන් කියලා මට හිතෙනවා.මට තවම හුස්ම වැටෙනවා ඒත් දෙයියනේ,ඉස්පිරිතාලේ ඇදක් උඩ....මම ලොකු හුස්මක් පිට කලා.මේ සේලයින් කටු වල වේදනාව දරා ගන්න පුළුවන් උනත් තව සතියකින් මගේ හීනෙට පියාඹන්න බැරි වේවි කියලා හිතට දැනෙන හැම වෙලාවෙම පපුව පැලෙන්ඩ තරම් වේදනාවක් මුළු ඇගේම දුවනවා. සේලයින් බිංදු වැටෙන සද්දේ ඇහෙන තරමට කණ තියුනු වෙලා....බෙහෙත් ගඳ ඉවසන්න බැරි තරමට නහය නිර්වින්දනය වෙලා....වෙලාවකට හිත පඹ ගාලක වැටුන ගානයි තනියම ඇදේම ඉද්දි හිතන,හිතෙන දේවල් වැඩි...මම හිතේ තියෙන දේවල් ලොකු හුස්ම දෙක තුනකින් එලියට විසි කරත් ඊලග හුස්මෙදි එ හැම දෙයක්ම හිතට අකාරුණික විදිහට ඇතුල් වෙනවා.වේලාවවත් බලන්න මට හිතුනේ නැති උනත් ලාවට ඉවෙන් වගේ ප්‍රධාන දොර දිහා බැලුනේ තේජා අක්කා එයි කියලා ..ලස්සන සාරියක් ඇදන් පාට වළලු දාලා, නලලේ පොඩි තිලකයක් තියලා කට පුරා ලෙන්ගතු හිනාවක් දරන් තේජා අක්කා මතු උනායින් මට හැම දෙයක්ම අමතක වෙලා ගියා....
"කොහොමද නංගි"
" වෙනසක් නෑ අක්කා,තාම ඔළුව කැක්කුම"
"ම්...ම්.... ඕක අඩු වෙලා යයි නංගි...අපි බලමු හවස් වෙද්දි රිපෝට් ටික ලැබෙයිනේ"
"මන් අද උදේ උයලා ඔයාට බත් එකක් ලෑස්ති කර ගත්තා.ඔයා නැගිටින්න අපි බත් ටිකක් කාලා ඉමු"
තේජා අක්කා මාව වාරු කරලා ඇදේ පත්තට කොට්ටේ තියලා හේත්තු කරා...මට ඇත්තටම දැන්,දැන් ඇගේ පතේ හයියත් අහිමි වේගෙන යන බව නම් දැනුනා.....ඊ ලග මිනිත්තුවේදි තේජා අක්කා වතුර වීදුරුවක් දාලා,ගෙනාපු බත් මුල ලිහලා මට කටින් කට කවන්න ගත්තා.....
"දැන් ඇති අක්කේ,මට කන්න බෑ"
"එහෙම හරි යන්නේ නෑනේ නංගි, තව කටක් කන්න.ඔහොම නොකා කොහොමද ලෙඩ හොද වෙන්නේ"
තේජා අක්කගේ නෝක්කඩු මැද මම ලග තිබ්බ වතුර විදුරුවෙන් උගුරක් දෙකක් බීලා මම ආයෙත් හාන්සි වුනා......
තේජා ඒ බත් මුලේ ඉතුරු ටික කටට දෙකට කන දිහා මම බලන් මගේ හිතට එබුනා,
මේ කොහෙවත් නැති මම හින්දා තේජා අක්කා මහන්සි වෙනවා,රෑට මන් ලග තනි රැකලා උදේ පාන්දරින් බෝඩිමට ගිහින් උයලා ඔෆිස් ගිහින් දවල්ට මාව බලන්න ඇවිත් ආයේ ඔෆිස් ගිහින් හවසට ගෙදර දුවලා ආයේ ඇදුම් මාරු කරන් මගේ තනියට එන උඹට මල් තියලා වදින්න හිතෙනවා අක්කේ මගේ එකෙක්වත් මට මෙහෙම උදව් කරන් නෑ...හිත ඇතුලේ කැකෑරුනු හැමදේ වෙනුවට බත් කාලා අත හෝදන් යන්න ලෑස්ති උන තේජා අක්කට කිය උනේ මෙච්චරයි
"මම උඹට ජාති,ජාතිත් ණයගැති අක්කේ"
"පිස්සි දැන් නිදා ගන්නවා, මම විරාජ් අයියා එක්ක හවසට එන්නම්"
කදුළු පුරෝ ගත්ත ඇස් පිල්ලම් නොගහා මම හෙමිට ඔළුව වැනුවා.
තේජා අක්කා නොපෙනි යනකම් බලන් හිටිය මට ලොකු නින්දකින් ඇහැරෙද්දි හොදටම හවස් වෙලා....
මම මග බලාන උන්නේ මගේ රිපෝට් ටික ලැබෙනකම් ...ඉක්මනින් බොඩිමට ගිහින් ගමනට ඕන කරන ඇදුම් බෑග් ලෑස්ති කර ගන්න..මොහතකින් තේජා අක්කත්,එයා බඳින්න ඉන්න විරාජ් අයියත් මාව බලන්න ආවා...අපි ඔෆීස් එකේ තොරතුරු කතා කර කර ඉන්න අතර තුර බලාපොරොත්තු වුන රිපෝට් ටික, දෙවියනේ.....මන් හිතින් බය වුනා හුස්ම හිර වෙන්න වගේ....තේජා, ආව මිසි එක්ක ටිකක් ඈතට ගිහින් කටු කුටුගෑවා...ටිකකින් එතැන්ට ආව තේජා අක්කා, ගොලු වෙලා විරාජ් අයියත් අප්සට් එකේ
"මොකද අක්කේ"
"නෑ නංගි"
"අනේ කියන්නකෝ"
පෙරැත්ත කරලා ,කරලා
තේජා අක්කා ඇදේ කොනක වාඩි වෙලා මගේ අත හයියෙන් අල්ලන් "අනේ නංගි ඒ රිපෝට් පොසිටිව්"
තේජා ඉකි බිදිද්දි විරජ් අයියා හඩ අවදි කලා
"තේජු ඔයා අඩන්න ගියාම මේ ළමයගේ හිත හදන්නේ කව්ද?"
තේජා අක්කා යතා තත්වයට පත් වෙමින් ඉන්නවා....ඒ අතර මගේ ඇස් වලින් කදුළු ගැළුවට කෑ ගහලා අඩන්න තරම් මගේ හිත දුර්වල උනේ නෑ......
"තේජු අපි බලමු මේ නංගි වෙනුවෙන් කරන්න පුළුවන් මොනාද කියලා...."
"ම්,.....ම්.,,,, ඔව්"
අපි මොහොතකට නිහඬ උනා
#################################
තේජලා හෙට බණ්ඩාරනායක ගුවන්තොටිපොලෙන් සමු ගන්නවා...මම තනි වෙනවා.....මගේ අන්තීම හිනෙත් හොරු අරන් ගියා වගේ මට නැති උනා එන්න එන්නම සිරුරේ හැඩේ වෙනස් වෙනවා.....ලෝකේ මිනිස්සුන්ට මේ හැමදේම දැන් ගන්න ලැබෙයි....එයාල මට අනුකම්පා කරයි....දෙයියනේ මන් කොහොමද මේ සේරම දරා ගන්නේ....මේ හැම දෙයක්ම ගෙදරට දැනුම් දෙන්න හිතෙනවා ඒත්.......
"නංගි"
කල්පනා සාගරයේ ගිලිලා මැරෙන්න ගිය මාව ඒ හඩ බේර ගත්තා...
"අක්කේ, ඔයා හෙට යනවා නේද ඇයි මේ වෙලාවේ මෙහේ....."
"නෑ නංගි,හැමදේම ලැස්ති ඔයාව බලලා යන්න හිතුවා ඒකයි,අයියයි මායි ආවේ"
"අනේ පිං අක්කෝ"
එහෙම කිව්වට හෙටින් පස්සේ මට මොනා වේවිද කියලා මට හිතා බලන්න ඕන කමක් උනේ නෑ...තේජා අක්කට හදවතින්ම සුබ පැතුවා ...එදා හවස එයා අයියා එක්ක යන්න ගියා.....හෙටින් උදා වෙන දවස ගැන මට දැන් බලාපොරොත්තුවක් නැති තරම්.........
රෑ පුරා රහසින් ඉකිබින්ද මට නින්ද ගියේ පාන්දර ජාමේ....හීනයකින් අම්මවයි,අප්පච්චිවයි දැක්ක මම ඇස් අරින කොටම තේජා අක්කා,මගේ ඇස් අදහා ගන්න බැරි උනා....
"මොකද දෙයියනේ උඹ නොගියේ, මගේ කාලකණ්නිකමට ඔයා පලි නෑ අක්කෝ"
"මට ඊලග අවුරුද්දේ යන්න බැරියෑ,අපි ඒවා පස්සේ කතා කරමු.පොඩ්ඩක් ඉන්නකෝ"
ප්‍රධාන දොරෙන් නික්මුන තේජා අක්කා ආපහු ආවේ කියා ගන්න බැරි සතුටකුයි,දුකකුයි හිතට එකතු කරන ගමන්....
"දෙයියනේ අම්මා"
අම්මා මාව තුරුල් කරන් අඬනවා.
"සුදු පුතේ මොකද රත්තරනේ උනේ"
මට කියන්න දෙයක් තිබුනේ නෑ...අම්මගේ උරහිස උඩින් මම හෙමිහිට ඇස් ඇරලා බැලුවේ අප්පච්චි දිහා...අප්පච්චි මහා දුකක් හිතේ දරන් මන් දිහා බලන් හිටියා මම ඉක්මනින් අම්මගේ උරහිසින් පපුවට පාත් උනා....අම්මා මගේ සේලයින් කටු ගහලා තිබුන අත හෙමිහිට පිරි මැද්දා....ඒ හදවතේ තිබ්බ වේදනාව මගේ හිතට තදින්ම දැනුනා...අප්පච්චි දොස්තර හමුවෙන්න ගියා...තේජා අක්කයි,අයියයි එතන තිබුන පුටු දෙකේ වාඩි වෙලා හිටියා.....
"සුදු පුතේ මේ තේජා ළමයයි,විරාජ් ළමයයි ඊයේ හවස තමා ගෙදර ආවේ...අද උදේ පාන්දර අපි කොළඹ එන්න පිටත් උනා...මේ ළමයි නොහිටින්න ...මගේ සුදු පුතා හොයා ගන්න වෙන්නේ නෑ මට....අම්ම ආයෙමත් අඬනවා...."
"අඬන්න එපා අම්මා...මම ඉන්නවානේ දැන්....."
ඒ එක්කම අප්පච්චි කලබලෙන් ඇවිත් ඇදේ වාඩි වෙලා ....
"අනේ නෝනා, කිය කිය අඬන්න ගත්තා"
මට ඒ මොහොතේ මැරුනා නම් කියලා හිතුනා....අප්පච්චිගේ මහාමෙර තරම් ආදරේ මම එදා දැක්කා...
"නෝනා ,අපි අපේ සුදු පුතා කොහොම හරි සනීප කර ගමු"
මම ගොළු උනා..."අප්පච්චි," මට එච්චරයි කියැවුනේ.....
************************
මම දැන් මහරගම පිළිකා රෝහලේ කිමෝ තෙරපියා වලින් අතුරු ආබාධ ඇති වෙච්ච රෝගියෙක් ...කොණ්ඩය අහිමි වෙච්ච විරූපි කෙල්ලෙක්....හදවත විතරක් ඔත්පලව වැඩ කරන...ලගදීම සමු ගන්න ලෙඩෙක්.....මගේ අන්තීම කැමැත්ත උනේ තත්පරේකට හරි සුවහස් සර්ව බලන්න.....අප්පච්චි පොරොන්දු උනා සුවහස් සර්ව කැන්දම් එන්න.........
දවසක් උදේ පාන්දර හතර වටේම මහාම මහා මුසල විදිහට කලු කරලා,අකුණු ගහන මොර සුරන වැස්ස...මට දරා ගන්න බැරි සීතලක් දැනුනා මම නැගිටලා බලද්දි තේජා අක්කයි,අම්මයි මගේ අත් දෙක අල්ලගෙන අඬනවා...මේ ටිකේම මේ දෙන්න මම නිදනකන් ඉදලා ඇහැරෙනකොට ඇස් වල කඳුළු පුරෝගෙන.......මන් එයාලට නොතේරෙන්න හෙමිට සීතලේ සෙරප්පු දෙකක්වත් නැතිව කොරිඩෝව දිහාට ඇවිද. ගියා....හිතුනා වැස්සේ තෙමෙන්න.....ලග තිබුන බංකුවක් ලග වාඩි වෙලා ගේට්ටුව දිහා බලන් උන්නා මොකද අප්පච්චි අද සුවහස් සර්ව කැන්දම් එනවා කිව්ව නිසා......සර් බලපොරොත්තු උන හීනෙට යන්න බැරි උන එකට සමාව ඉල්ලන්න ඕනා ....මම එහෙම හිතද්දි අන්න සර් පුංචි එකෙක්ව වඩන්,සර්ගේ බිරිද එක්ක එනවා...අප්පච්චි සර් එක්ක මොනවද කියනවා......මම සර්ට ඇහෙන්න කෑ ගැහැව්වා
"සුවහස් සර්"
සර්ට ඇහුන් නෑ....මන් හිතන්නේ මේ වැස්සේ සද්දේ නිසා වෙන්න ඇති....මම කොරිඩෝවදිගේ මගේ ඇද ලගට දුවද්දි....අප්පච්චි,සර් හැමෝම ඇදේ ඉන්න මන් දිහා බලන් අඬනවා...එතකොට ඇදේ ඉන්නෙත් මම නම්, මම කව්ද?
ජීවිතයම සිතින් දරා විදගත්තෙමි
ජීවිතය මෙයමයැයි විශ්වාස කලෙමි
මට මාව අහිමි විමට හේතුව මම'ම නම්
මම කෙලෙස මට කමා කර නික්මෙන්නද?
-නිමි-
_______ශානු______
(ගැෆික් ඩිසයින කෙනෙක් වෙන එක මගේ කාලයකට ඉහත තිබ්බ හීනයක්...වර්තමානයේදි බොඳ වෙච්ච හීනයක්....අනාගතයේදි සැබෑ කර ගන්න වෙර දරන හීනයක්....ඒ හා බැදලා මේ කතාව ලියන් ගියා......බස්සි,සුදු අයියා(ඉවාන්) මාව දිරි ගැන්නුවාට ස්තූතී....) 🐊🐊🐊🐊🐊🐊🐊🐊
This comment has been removed by the author.
ReplyDeleteකතාව කෙටි උනත් පුදුම සංවේදී කමක් ඒකෙ තියනවා.රහයි.එක හුස්මට කියෙව්වෙ.
ReplyDeleteතැන්කූ ඈ දැන් ඉතින් කියවන ජනතාව වගේම ලියන ජනතාව අතරට ඉන්න
Deleteඑ්කත් ඉවරනෙ...
ReplyDeleteදැං ඉතිං බලං හිටපංකො හැට අවුරුද්දක් මෙයාගෙ කතාවක් කියවන්න...
කිඹුල්ලු නං ඔහොම්මමයි...
ආව ආයෙ බොස් ගාල මාරු වෙලා ගියා...
සැක් ඉතරක්...
කතාව නං ලස්සනයි අක්කෙ... අපූරුවට ලියල තිබ්බ...
ජයවේවා
මෙව්වම ලියලා බෑනේ මන් ඉස්සර ලිව්ව ටොපික් ටිකක් තියෙනවා එවටත් ලිපි ලියන්න ඕනා දැන් ඉතින් කිඹුලි දිගටම ලියනෝ...ස්තූති මල්ලි
Deleteසුදු නංගී - හැමදාමත් අපි කිව්වා වගේ උඹේ ලිවීමේ හැකියාව උපරිමයි , එක ගැන ආයේ කතා දෙකක් නෑ. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කෙසේවෙතත් උඹට හොඳ කතුවරියක් වෙන්න නම් පුළුවන්, හැම හීනයක්ම සැබෑවේවා.
ReplyDeleteකතාව ගැන කිව්වොත් ,මේ අවසානය මං බලාපොරොත්තු වුනේ නෑ. උඹ මනෝකාය මෙතනට සම්බන්ධ කරපු හැටිත් හරිම අපූරුයි . මොකද එහෙම සම්බන්ධයක් ගොඩනගන්න ලේසි නෑ . එත් එක උඹ සාර්ථකව කරලා තියෙනවා . අම්මා තාත්තා කතාවට සම්බන්ධ කිරීමෙන් කතාවේ සංවේදී බව වැඩි කරපු හැටිත් හරිම අපූරුයි
සුදු අයියා ඊයේ රෑ වෙනකම් කතාවේ අවසානේ හිතලා තිබ්බෙ නෑ මේ හදිසි වෙසක් ලියවිල්ලක්....මට බොලොග් උන වැලදුනා දැන් ඉතින් ලියනෝ දිගටහරහට බලමු ඉස්සරහට තවකතාවක් ලියන්න
Deleteපිස්සු හැදෙන සඳ! කියාගන්න වචන නෑ අක්කි මචන්. උඹ මගෙ ඇස් දෙකට කඳුළු පිරෙවුවා! දිගටම ලියන්න අක්කෝ.... ඔයාට හිතට වදින්න ලියන්න පුලුවන්. හැකියාව කියන්නෙ කතාවක් ගෙතීම විතරක් නෙමෙයි, ඒ කතාවට පණ පොවන එක. උඹ මේ දෙකම සාර්ථකව කලා.
ReplyDeleteතැන්කූ බසියා..උඹ පලවෙනි කොටස කියවලා ඇඩ්වයිස් නුදුන්නා නම් මම ඉතුරු කොටස් දෙක ලියන්නේ නෑ...
DeleteKathaawak kiyawana supurudu widiyata 2wani kotase indan kiyewwa. Yako 3n iwarane.. Akkala kathaa liyanneth ara Lankaawe shed wala train form karanawa wage..
ReplyDeleteHari awlak naha liyamu eelangata tikak diga ekak. Mega newe, but tikak adena ekak.. Me kathaawa nam hithata danuna.. Graphic design thiya mata nam GUI wath penna baae.. Computer software kiyanne mama kamathima nathi paththak....
Kathaawak kiyawana supurudu widiyata 2wani kotase indan kiyewwa. Yako 3n iwarane.. Akkala kathaa liyanneth ara Lankaawe shed wala train form karanawa wage..
ReplyDeleteHari awlak naha liyamu eelangata tikak diga ekak. Mega newe, but tikak adena ekak.. Me kathaawa nam hithata danuna.. Graphic design thiya mata nam GUI wath penna baae.. Computer software kiyanne mama kamathima nathi paththak....
අනිවා පොඩ්ඩෝ දිග ඇඩෙන කතාවක් ලියන්න බලන්නම්....හම්මේ මම නම් කොම්පියුටර් හාඩ්වෙයා,සොෆ්ට්වෙයා කිව්වොත් මැරිගෙන කන්න බොන්න ඕනෙත් නෑ
Deleteපට්ටයි ශානුවෝ....ඉවාන්,බස්සී කියපු දේවල් වලට මාත් එකඟයි....අපරාදේ මේක ඉවර උනේ කියලා හිතෙනවා...ගොඩක් සංවෙදී අවසානයක්...
ReplyDeleteඋන් දෙන්නා තමා මට සප් එක දුන්නේ මේ කතාව ලියන්න..තැන්කූ ඈ
Deleteමාත් කියෙවුවා. මැදැයි. අර අන්තිමට කිවුව හීනේ එකේ තත්වේ කොහොමද දැන් ?
ReplyDeleteහීනේ නම් දැනට තාම හීනයක්...හැබැයි හැරමිටියෙන් යන්න කලින් සැබෑ කර ගන්න ඕනා
Deleteඅඩෝ සිරාවටම හිතා ගන්න බැරි උනා බං. සුපිරියි කිඹුලියෙ.
ReplyDeleteඅවසානය මම බලාපොරොත්තු උන එක නෙමේ. කරකවලා අතහැරියා වගේ උනා. මනෝකායෙ අදහස නම් නියමයි.
අන්තිම වෙනකම් මනෝකාය සෙට් කරන්න අදහසක් තිබ්බේ නෑ ප්‍රියෝ ඔය හදිසි වෙසක් හි...හි...හි...
Deleteශානු ඔබ ඉතාමත්ම සාර්ථකයි.... ඉතින් ඩිසයිනර් සිහිනයත් කොනක තියෙද්දි හොද ලේඛිකාවක් වන්න සිහිනයක් දකින්න. අනිවා කෙටි කාලයකින්ම එය සැබෑවෙනවා. මේ එහි පෙර නිමිති.
ReplyDeleteමම ලියන්න කම්මැලිච්චියෙක් නලින් මාමා...ඒත් දැන් නම් මොනා හරි ලියන එකෙන් සතුටක් ලබනවා...ඔබේ වචන ටිකට ස්තූති...
Deleteඅඩා..... පික්සු හැදෙන සද කිව්වලු.....!
ReplyDeleteඅවසානේ නියමෙටම තියෙනවා මචෝ. මට හිතාගන්න බැරි උනා. විචාර දෙන්න නෑ. හැබැයි හොදටම හිතට වැදුනා. කතා නායිකාවගේ ප්‍රස්නේ
(ඒ කිව්වේ ලෙඩේ හොදේ) මොකක්ද කියන එක ගැන කතාව ඇතුලේ (අවසාන කොටසේ ) දිගටම කුතුහලයක් තිබුනා. දිගටම ලියමු එහෙනම්....!
ජය වේවා.....!
අනාආආ ඇත්තද ඩා........උඹට කෝමත් පිස්සුනේ...දිගටම ලියනවා උඹටත් ජය!
Deleteහුටා... මැරිලා ද :o
ReplyDeleteඅපොයි අපරාදේ..
ග්‍රැපික් ඩිසයිනර් කෙනෙක් කෙසේ වෙතත් ඔයාට හොදට කෙටි කතා නම් ලියන්න පුළුවනි අක්කෝ..
මන් බොට කිව්වේ මට ඔය කතා ලියද්දි තියෙන ලෙඩේ... ;) තැන්කූ ඈ
Deleteමෙච්චර ඉක්මනට ඉවර වෙයි කියල හිතුවෙ නෑ... කොහොම වුණත් ශෛලිය අපූරු යි ශානු. දිගම ම ලියන්න, නවත්තන්න එපා.
ReplyDeleteඔව් දිලිනියෝ දිගටම ලියන්න ඕනා නැත්තම් ලියන එක මොට වෙනවා..අපි ඉන්නෙත් ලංකාවේ නෙවේනේ.....ඉදිරියට දිග කතාවක් ලියන්න බලන්නම්
Deleteකථාවේ අන්තිම වෙනකං අසනීපෙ මොකක්ද කියන එකේ කුතුහලේ තිබුණා, හොඳ අවසානයක්.. දිගටම ලියමු...
ReplyDeleteජ ය වේ වා !!!
තැන්කූ විදානේ මතන් ජය!
Deleteමාව තවම පාවෙනවා වගේ ශානු අක්කියා..හරීම සංවේදීයි ..දිගටම ලියන්ඩෝ ..ජය!!
ReplyDeleteඅහස යටට ආදරෙන් පිලිගන්නවා දිලා... තැන්කූ
Deleteසංවේදීව දැනුනා...
ReplyDeleteහැමදාමත් වගේ හරිම අපුරුවට කතාව ගොඩනගලා තියෙනවා ...
ස්තූති තුශා.....සංවේදි කියන වචනේ කිහිප තැනක දැක්කා අහිංසක ආඩම්බරයක් දැනුනා..
Deleteඅඩේ මේකෙත් මරු කික් එකක් තියෙනවා ඈ.. අපරාදේ නිමි වුනේ.. තව ටිකක් ඇදන් ගියානම් නියමයි හැබැයි..
ReplyDeleteහම්මේ උඹ කියයි තව ඇදන් ගියා නම් හොදට හිටි අවසානය ගත්තෙත් බෝම අමාරුවෙන් හිකිස් ඇයි කියලා පස්සේ වෙලාවක කියන්නම්
Deleteනියමයි කතාව මෙහෙම වෙයි කියලා කියටවත් හිතුවෙ නෑ,කියවපු වෙනස්ම අකෘතියක කතාවක්,එ වුනත් ෆිනික්ස් කිරිල්ලි කවුද එතකොට ?????
ReplyDeleteඔව් අෆ්ෆා ගොඩක් අය පැණි පෙරෙන ලව් ස්ටෝරි ලියනවා දැකලා තිබුනට මට ඕන උනා ටිකක් වෙනස් විදිහේ කතාවක් ගොතන්න...ඔය මිනුකි තමා ෆීනික්ස් කිරිල්ලි
Delete