Friday, July 4, 2014

54.මට මාව අහිමි වීමට පෙර ලියා තබමි.....


                   
       විදෙව්ව තරමටම වින්ද ජීවිතෙන් මම හෙම්බත් වෙලා...ආදරෙයි කියලා හිතපු ගොඩක් දේවල් නැති වේගෙන යන්න පටන් අරන් ....හැමදෙයක්ම අවසානයි කියලා හිතෙනවා...මේ හදවත බොල් උනේ අද ඊයෙක නොවුනත් ඒ බොල් හිත ඇතුලේ මැරෙන උපදින හැගීම් දැනිම් එක්ක මන් විදවනවා.....අයිති නැති ගොඩක් දේවල් ලග මන් අසරණ වෙනවා....අත ඇර ගන්න බැරි මහා ගොඩක් දේවල් ලග මන් නතර වෙලා ජීවිතය හොයනවා........දකින දකින උන්ට දිය ඇල්ලක් වගේ ලස්සනට පෙනෙන ,මගේ ජීවිතය ගල් පර වල හැප්පි ,හැප්පි යන ගගක් වගේ කියලා කොහොම කියන්නද?තේරුම් ගන්න කාටත් බැරි උන ජීවිතේ ලග,කිසිම වැඩකට නැති බොල් හදවත ලග මන් අසරණ වෙලා...කාගෙන්වත් පිහිටක් බලාපොරොත්තු නොවෙන තරමටම හුදකලා වෙන්න හිතිලා.....අදුරට ආදරේ කරන්න පටන් අරන්,,,,,ගුප්ත වෙන්න අරන් ....ඊයේ වෙනකම් හොදට තිබ්බ ජිවිතය....මහා මීදුමකින් වැහිච්ච කෑලයක් වගේ අපිලිවෙල වෙලා,අපැහැදිලි වෙලා......මටත් නොදැනිම කෑමක්,බීමක් නැතිව සිරුරේ හැඩය පවා වෙනස් වීගෙන එනවා.....පෙණැහළු වලට හුස්ම අදින එකත් මට දැන් මහා වදයක් වෙලා...මම මහා වැරදිකාරයෙක් වගේ අනුන්ගෙන් අහන ඇනුම් පද වලට හිත ගොළු වෙලා...කියන්නවත් ,තව අහන්නවත් කිසිම දෙයක් ඉතුරු නෑ කියලා හිතෙන තරමට හිත පෑරිලා...මටත් මේ සෘතුව ඉවර වෙනකම් වලහෙක් වගේ ගුහාවකට ගිහින් ලොකු නින්දකට වැටිලා එන්න තිබුනා නම් කියලා හිතෙන තරමට අසරණ වෙලා.....ඉරක් යට ගිනි ගහන අව්වක වලාකුළකින් පවා හෙවනක් බලාපොරොත්තු වෙන්න තරම් කාන්තාරෙක එහෙට මෙහෙට පැද්දෙන මේ හිත අසරණ වෙලා.....මේ හැමදේම ගෑණු වෙච්ච අපිට උරුම දේවල්ද කියලා වෙලාවකට හිතෙනවා.....
              ඇග ඇතුලේ ඉන්න මොකෙක්දෝ එකෙක් කෑ ගහලා කියනවා මැරියන් ඒක තමා එකම විසදුම කියලා...ඒත් මන් තාම ජීවත් වෙන එක පුංචි ලස්සන හීනයක්  තියෙනවා..ඒ හීනේ වෙනුවෙන් මම ජීවත් වෙන්න වෙර දරනවා...මගේ හිත රිජිෆෝම්වත් ,ප්ලාස්ටික්වත් නෙවේ... මමත්  උඹලා වගේම ලේ නහර තියෙන,දමනි,ශිරා තියෙන රිද්මයට ගැහෙන හදවතක් තියෙන හැගීම් දැනිම් තියෙන එකියක් බව උඹලා තේරුම් ගත්තා නම්.......
                     මේ ආත්මය ඔය ශරිරය අත අරින් නැති වෙන්න ගියා...............

____ශානු_____                  
                                             
                                                   
                                                   
                                                   
                                                   

37 comments:

  1. මොකද මේ වෙන්නේ ? බුකියෙත් මෙවුවමයි කැලි කැලි තියෙන්ඩේ ? ඇ අක්කෝ ?

    ReplyDelete
    Replies
    1. හිත කහනවට ලියන ඒවා නොවෑ නංගියේ...කෑලි නොලියන්න ෆුල් එකක් ලිව්වා ඕන් ;)

      Delete
  2. මැරෙන එක විසදුමක් නම් අද ලෝකේ හුඟක් එවුන් මැරිලා බං.. හැබැයි එකක් නම් මම හොදටම මම දන්නවා තනිකම අනිවාර්‍යෙන්ම තමන්ව මරනවා..

    ReplyDelete
    Replies
    1. මැරෙන එක විසදුමක් නම් අද ලෝකේ හුඟක් එවුන් මැරිලා බං.////
      දිනේෂ් +++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. විසිහතර පැයේම අපිත් එක්ක වලි දාගන්න කිඹුලිනෙ මේ තනියි කියන්නෙ. හම්මේ ඉතින්. හෙට ඉඳන් බුකියේ ප්‍රහාර තව දරුණු කරන්න ඕන ඔව්. නැද්ද ඉඳිකට්ටෝ?

      Delete
    3. ///හැබැයි එකක් නම් මම හොදටම මම දන්නවා තනිකම අනිවාර්‍යෙන්ම තමන්ව මරනවා.. ////මුහුදු හත පැන්න අපිට උරුම පොදු හැගීම නේ මල්ලියේ :(

      @විදානේ ,ප්‍රියා උයාලා දිනේෂ්ට ++++++++ මේම දැම්මට මේකා --------- :p මේම මේම එකෙක්
      @ බස්සි හෑ අහු වෙයකූ මන් ටූගේ කණ්නාඩි කුඩු කරනවා ඔව්..

      Delete
  3. ජිවිතේ හොදම දේ ඉවසලා හොද සිහිය තියා ගන්න බලන එක, අද එන ප්‍රශ්න හෙට වෙනකොට ප්‍රශ්නද කියලා හිතෙයි ,එහෙම හිතෙන්න මුහුණ දෙන්නම වෙනවා ...(අදාලද මන්දා )

    ReplyDelete
    Replies
    1. සහෝදර ලියවිල්ලට අදාලයි....බය නොවි හිත ඇරලා ලියන්න

      Delete
  4. මැරෙනව කියන්නේ ප්‍රශ්ණෙට විසඳුම නෙවවෙයි. ප්‍රශ්නෙන් පැනලා යාම. එතකොට නිකංම වැරදිකාරයා වෙලා............................ හැබැයි පුංච්ම පුංච් බලාපොරොත්තුව නැතිකරගන්න එපා. ඒක හැමදාම ඔබව ජීවත් කරවාවි...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. විදානේ ඔබේ වදන් අනුමත කරමි...ඔබට ජය!

      Delete
  5. ප්‍රශ්ණෙට විසඳුම තවත් ප්‍රශ්ණයක් ඇති කර ගන්න එක නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ප්‍රියා... ++++++ ආ කියන්න සීනී අහුරක් දාන්න

      Delete
  6. ජීවිතේ කියන්නේ කඳු හෙල් ගල් පර අතරින් ගලන් ගඟක් වගේ.. ගංගාව ඒ හැම දෙයක්ම පහු කරන් ගලාගෙන යනවා වගේ ජීවිතේදිත් හැම බාදකයක්ම පහුකරන් ඉස්සරහට ගමන් කල යුතු වෙනවා ...

    ReplyDelete
    Replies
    1. ඔව් තුශා මම නම් ආස ගගක් වෙන්න...බාධක එක්ක ඉදිරියට යනකොට තමා ජීවිතේ ලස්සන

      Delete
  7. විදින්න දුන් ජීවිතය අරන් නුඹ
    විදවන්නද මේ සසර පුරා....

    ප්‍රශ්න එනව ඒත් ඒව තාවකාලිකයි... මොකද හැම ප්‍රශ්නයකටම විසදුමක් තියෙනව..
    අනික ප්‍රහ්න නැති ජීවිතේ නිකං පරිප්පු නැති හෝටලේ වගේ...
    ෆිට් එකේ මූන දෙන්න එතකොට තමා කවදාවත් නොවැටී ඉන්න පුළුවං

    ReplyDelete
    Replies
    1. දයාන් විතාරණ- සිත්තම් කරමින් ආස සින්දුවක්....

      ප්‍රශ්න වලට වැටුනම ආයේ නැගිටින්නේ මහා හයියක් හිතින් දරන් මල්ලියා...ආයේ ඉතින් වැටෙනවා බොරු

      Delete
  8. පට්ටයි සුදු නංගි - මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් උඹනේ මේ හැංගිලා ඉන්නේ , ජීවිතේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ ජීවිතේ විඳපු සහ වින්දවපු කෙනෙකුට තමයි. ඒ දෙකේම සුන්දර දේවල් බොහොමයි. උඹ ඒවා අකුරු කරනකොට බලන්න ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. සුදු අයියා...සහතික ඇත්ත ..අපි හැමෝම විදපු,විදවපු ජීවිත තියෙන මනුස්සයෝ වෙනසකට තියෙන්නේ සමහරු ඒවා හංගනවා මම සිහිය තියෙන වෙලාවට අසිහියෙන් වෙච්ච දේවල් අකුරු කරනවා :)

      Delete
  9. දැං ගැල්ලමයින්ගේ සෙනසුරු කාලේ වගේයි පේන්නේ.. අපිත් පරිස්සං වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. තෝ ගෑනියක්ද බොල.

      Delete
    2. ඇයි යකෝ අන්තිමට අපට නේ සෙනසුරු අපලේ ලබන්නේ.. මුං ටික මැරිල ගියාම.. හැක් හැක්

      Delete
    3. ගෑනුන්ට තියන සෙනසුරු අපලේ දේශාට ලබන හැටි මට ත් තේරෙන්නෙ නෑ අෆ්ෆා.

      Delete
    4. මට නම් දැන් දේශා ගැන සැකයක් ජනිත වෙමින් පවතිනවෝ හිකිස් හු ඈ

      Delete
  10. අර පුංචිම බලාපොරොත්තුව ඔබේ ජීවිතේට අර්ථයක් සපයාවි.බලාපොරොත්තු අත හැර ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. හැලප මාමගේ කතාව සහතික ඇත්ත පුංචී උනත් බලාපොරොත්තුවක්නේ

      Delete
  11. ලියවිල්ලකට එහා දෙයක් නම් හිත හයිය කරගනින්...මේ ජිවිතේ පුරාම අපි කරන්නේ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි.උත්තර නැති ප්‍රශ්නයක් වගේ නම් "මේ මොහොත " අමාරුවෙන් හරි ගත කරපං ...කඳුළු පරද්දවපන් ....එතකොට හිනාව ලං වෙයි ඊළඟ මොහොතේ...

    ReplyDelete
    Replies
    1. උඹේ වචන වලට ලියන්න දෙයක් නෑ බන්.... @ කඳුළු පරද්දන මිෂන් එකේ සිට කොමන්ට් ලියමි (Y)

      Delete
  12. මේ තවත් එක සෘතුවක් විතරයි. වසන්තය උදාවෙනවා ඉක්මනින්ම. බලාපොරොත්තු අතහැර නොගෙන ඉස්සරහට යමු. ඔයා තනිවෙලා නෑ කියල හොඳින්ම දන්නව නේද? හදවත ප්ලාස්ටික් නොවුන එක ගැන සතුටු වෙයන්. හිනාව වගේම කඳුලුත් රහයි අක්කියා. :)

    ReplyDelete
    Replies
    1. වැටුනම නැගිටින්න අත දෙන උඹලා වගේ යාළුවෝ වටිනවා නංගියා....අනිවා වසන්තය උදා වෙනවාමයි.... ;)
      මම බැලුවේ උඹ ලැගලා ඉන්න ගහ කපලා ලී වලින් හදවතක් හදන්න මොකෝ කියන්නේ

      Delete
  13. අක්කි, අදිං වසර හත අටකට පෙර මටත් හිතුන ඔක්කොම ඉවරයි කියල......
    මම පටං ගත්ත විතරයි කියල තේරෙන්න ගත්තෙ දැනුයි!

    ReplyDelete
    Replies
    1. වැටෙන්න,වැටෙන්න ආයේ නැගිටින්න අපිට යෝධ බල ශක්තියක් එනවා අලි පැංචෝ....අපේ හිත මොනා කිව්වත් කාලය එක්ක හැමදේම වෙනස් වෙනවා...එතකොට තමා අපේ මොලේ පෑදෙන්නේ....

      Delete
  14. මැරෙන එක හැමදේටම විසඳුමක් නෙවේ.. එහෙම නම් අද මේ ලෝකේ මිනිස්සු මේ ඉන්න ප්‍රමාණෙන් භාගයක් වත් නෑ.. අනික, අපිට වෙලාවක් එනවා.. ඒ වෙලාව එනකල් අපි කොහොමහරි දුවන්න වෙනවා...
    විචාරක තුමාගේ අඩවියෙන් තමා පාර හොයාගත්තේ.. දිගටම එන්නම්කෝ..

    ReplyDelete
  15. තනිකම මාර සැපයි මට නං...

    ReplyDelete
  16. ඇයි ශානුවෝ මේ මොකෝ? මොනවා උනත් පුදුම ලස්සන ලියවිල්ලක්.

    ReplyDelete
  17. Lassanatama liyala thiyenawa. .....m..me luliyala thiyena dewal mage jeewithetat godak sameepai...a nisama hithata waduna gdk...

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!