දෙතොල් විල මත
මදහසක් වී පිපෙන්න
කොපුල් තල සිබ සුසුම් උණුහුම විදින්න
විසල් ලොව පෙරසේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
නන්නාදුනන ඇස් දෙකක් එකපාරම හමුවුන අතීතයේ දවසක්....
හරියට සංසාරේ පතාගෙන ආවා වගේ ලෝකේ කොන් දෙකක ඉදන් එක නගරයකදි සිදු වෙච්ච හමුවීමක්.......
කවදාවත් නොහිතපු විදිහක්.....
වෙලාවකට පුදුමත් හිතෙනවා මට නම්.....
එකම එක බැල්මකට පස්සේ හිත ඔය නෙතම හෙව්ව කාලයක්.......
කොහොම විස්තර කරන්නද මට කවදාවත්ම නොතේරුන මොහොතක්.......
ඒත් මගේ හැම බැල්මකම තිබුනේ ආදරේ නම් ඒ ආදරේ පරදන්න පුළුවන් තරමට ඒ ඇස් දෙකෙත් තිබුන ආදරයක්......
යාළුවෝ රංචුවක් ඇතුලේ මන් ඒ මුණ හෙව්ව දවසක්........
හොයලා හෙම්බත් වෙන අන්තීම තප්පරේදි ඒ මුණ දකිද්දි මට හිතුන සිතුවිල්ලක්..........
නියගයකට ඉරි තලා ගිය කාෂ්ඨක පොළොවකට මහා සිසිලක් ලැබෙන්න වැහි බිංදු එක දෙක වැටෙනවා වගේ පට්ටම හැගීමක්.........
මේ ආදරේද මන් හිතෙන් අහපු හැම වෙලාවේම ඒ ආදරයමැයි හදවතින් දුන්න රිද්මයක්........
නොකිව්ව ආදරයක් කොහොම නම් අයිතියට නතු කර ගන්නද කියලා මගේ හිත බය උන කාලයක්....
දින එක ,දෙක ගෙවිලා යද්දි නොදැනීම අපි හොඳ යාළුවෝ වුන කාලපරාසයක්....
දවසින් දවස නීරස වෙලා තිබුනු හිස් හිත මතට මොකක්දෝ මහා බරක්.......
ඒත් කොහොම තේරුම් බේරුම් කර ගන්නද කියා නොතේරුම් කමක්....
මම හිනා උනේ ඒ හිත නිසා ඒ කවට කම් අදටත් මට අමතක නොවන අමරණිය මතකයක්.........
ආදරේවත් නොකියලා තිබ්බ හැන්දෑවක්....
ලස්සනම ලස්සන කහ පාට මාර මල් පිරිච්ච දෙනෝ දාහක් ගැවසෙන මාර ගස් සෙවනක්.......
හදවතේ රිද්මය වැඩි කරපු මට මගේම කියලා දැනිච්ච පලමු හාදුව වම් කම්මුල මත සනිටුහන් කරපු මොහොතක්..........
කම්මුල දිගේ ඇදිගෙන ගිය පුංචි දෙදුරුම් තරංගය හදවත දෙදුරු මොහොතක්........
මුළු ලෝකෙම මට අමතක වෙලා ගිය කාල තත්පරයක්......
ආයෙමත් ඒවිද මම හිතනවා නිහඬව තවමත්.....
ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගී වැල් ගයන්න
සේල යහනේ වරු ගනන් නිදි වරන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
අහිංසක ආදරේක ආරම්භයක්....
ටික,ටික කිට්ටු වෙලා මහා ගොඩක් ආදරය කරපු ආදරවන්තයෝ දෙන්නෙක්....
පුංචි දේවල් වලට හිත රිදව ගත්තම ලං කරගෙන ජිවිතේ කියා දුන්න ඔය හිත ඇත්තමයි හිතෙනවා මට ඒ දවස්වල අගේ නැති උනාද කියලත්....
තරහා ගිහින් කියවද්දි ඒ විසල් උරහිස් මත තද කරගෙන තරහා නිවෙනකම් අත නොහැරපු මොහොතක්,තවම මතකයි අදටත්......
හීනියට කෙදිරි ගානකොට "අනිත් අයට ලං වෙන්න එපා "කියලා මේ මුරණ්ඩු හිත කලේම ඒ දේම කියලා මතකයක්.....
දවසක් මුරණ්ඩුකමට ගහපු කම්මුල් පාරක් වෙනුවෙන් සිය දහස් වතාවක් ඔයාගේ කම්මුලට ඔයාගේ අතින්ම ගහ ගත්ත පපු කුහර පැලෙන්න තිබ්බ ආදරයක්......
එදා දවසම ඔය ඇස් වලින් කඩා හැලුණු කඳුළු වල ගැගීම් වල බර මේ හිතට ටොන් ගනන් දැනුන මොහොතක්.....
ආයෙමත් ඒවිද මම හිතනවා නිහඬව තවමත්.....
ලගම රැදෙමින්
කඳුළු හසරැල් විදින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න
හුරුපුරුදු ලෙස ඔබේ තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
දුක,සැප එකා මෙන් විද දරාගෙන ගිය ගමනක්.............
මුලු ලෝකෙම අමතක කරලා අපි,අපි වෙනුවෙන් කැපවුන දවස් තිබුන කාලයක්....
හැම දවසකම මම ජිවත් කරවපු කවදාවත් ලබලා නොතිබුන,අදටත් නොලබපු පුදුමාකාර සතුටක්......
හැමදාම ලගින් ඉදන් වෙන් වෙන්න උන හැම මොහොතකම නලලත මත තැබුව හාදුවක උණුසුමක්.....
හැමදාම මගේ බත් මුල ක්ලාස් එකේ කෙරවලකට ගිහින් පුංචි බත් කටවල් කවා ගත්ත ඒ සුන්දර දවස් මහා ගොඩක්.......
බත් කටවල් පුංචි උනත් ඒවල තිබුන ආදරේ,කරුණාව අම්මගේ ආදරේට,කරුණාවට සම උනා යැයි යලි,යලිත් අදටත් නෙත තෙත්වෙන මොහොතක්......
"වෙන එකෙකුට කියලා බත් කවා ගත්තොත්, උගේ අතත් කඩලා ,මගේ කටත් තලනවයි "කිව්ව අහිංසක
දඩබ්බර හිනාවක්.....
තවමත් පුරුදු ගතියක් හදවතට දැනෙන ඒ අතීත සුවදේ රැදිලා මොහොතකට කෙඳිරි ගා නතර උන හදවතේ ගැස්මක්......
එකම එක වරක් ඒ තුරුලේ එකම උණුසුම් හුස්මක සුව විදලා මේ පෙනහළු වලට හුස්ම උනන්නේ නැතිව ගියත් කමක් නැතැයි සිතෙන තරම් ප්‍රේමයක්......
මුදා හරින්නට දහසකුත් සිතුවිලි උඩු ගුවන වෙත සුසුම්ලන පපු තලය මත වැටුනු විලංගුවක්.........
යදම් බිදගෙන දිනක නුඹට දැක්මට ලියා තබන මුරණ්ඩු පන්හිඳක්.....
මිය යන්න පණ අදින හදවතේ කොනක හිද හිතමි නුඹ ගැන තවම ලෝකයට හොරැහින් මොහොතක්........
හිත යටින් පැතුම් පතමින් සංසාරේ දවසක ආයෙමත් හමු වෙලා ආදරේ සුව විදින මොහොතක්..........
ඒවිද මම හිතනවා නිහඬව තවමත්.....
හැමදාම හවසට තරු බලන්න පුළුවන් ඉසව්වක, තරුවලට කතා කරපු හිතත් එක්ක mp3 එකෙන් අහපු කසුන් කල්හාරගේ මේ ගීතය වෙනුවෙන් ලියා තබමි.
කැපවීමක මහත! මූ මුහුදෙ නාන ගමනුත් බ්ලොග ලියලා!
ReplyDeleteබයියන් කාල ඇවිත් කියවන්නම් සුදූ එක බුක් කරන්න ආවෙ
සුපිරි ඈ.... සිංදුවත් මරු.
Deleteහම්මේ නාලා නම් ඇති වෙලා...මේ සෑට සෑට කරන්න දෙයක් නැති කල ලියන එව්වනේ,තැන්කූ ඈ
Deleteඅගේ ඇති ගීයක්..............
ReplyDeleteජ ය වේ වා !!!
සඳ බොඳ වෙලා තරු ඩබල් වෙලා පේන්නෙ මොකෝ බං ?? මයෙ හිතේ සඳයි තරුයි නිසංසලේ පොඩ්ඩක් අනුමත වෙලා.. සඳට බඩු පැකට්, තරු නං තාම කෙලින් !!!!!!
Deleteඒකනේ ...ඒකනේ....
Delete@පත්තරයා හැපෝ මේකා යන යන තැන අනුමත වෙන්න නොවෑ යන්නේ
හරිම ලස්සනයි... ගීතයත් එක්ක ලස්සන හීනයක් දැක්කා වගේ ...
ReplyDeleteස්තූති තුශා...
Deleteකදිම පේම කතාවක්..පේම නොකරපු කෙනෙක්ට වුනත් පේම කරන්න ආසා හිතෙන අත්දැකීමක්..
ReplyDeleteඑහෙම ගතියක් තියේද ස්තූති සහෝ
Deleteඅඩේ දෙපාරක් කියෙව්වා මචෝ … වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම " ගී සංවේදනාවක් " … වෙන මොනවා කියන්නද බං..උපරිම සධාරණය ඉෂ්ට කරලා … !! ආඩම්බරයි සහෝදරී !!!
ReplyDeleteදේපාරක් කියෙව්වේ පත්තරයා අනුමත වෙලාද හිටියේ ;) තැන්ක්ස් මචෝ
Deleteඅම්බෝ මෙව්වා වචනද පිහි පාරවල්ද? කෝ ඒ උනාට සින්දුවනම් මට පේන්න නෑ
ReplyDeleteඔව් ඔව්...අදාල අය කියෙව්වොත් බෙල්ලට තොන්ඩුව දා ගන්නත් බැරි නෑ....හුටා සින්දුව පේන්නේ නැද්ද?මන් හිතේ සැකෙන් සින්දුව දැම්මේ ඇපලගෙන් මන් හිතන්නේ වැඩේ හරි ගිහින් නෑ වගේ
Deleteකතාව එල.. හැබැයි පෝස්ට් එකට ඒක මීට වැඩිය ලස්සනට ෆෝමැට් කරලා දාන්න තිබුනා ඈ.. ලස්සන අදහස් ටික ඔහේ අකුරු කරලා කතාවක් කරලා කියලමයි මට හිතෙන්නේ.. අනික් දවසේ පොඩ්ඩක් හිතපිය..
ReplyDeleteකසුන්ගේ සිංදුවක් නම් ඉතින් ආයේ මොනා කියන්නද.. මගේ ෆේවරිට්..
එසේය උතුමාණනි සිතට ගත්තෙමි...ඔව් බං මට පස්සේ හිතුනා මීට වඩා හොදට ලියන්ඩ තිබ්බා කියලා ඊ ලග පාර නිවැරදි කර ගන්නවා...තැන්ක්ස්...හම්මේ මගෙත් ෆේවරිට් ගායකයා...
Deleteපට්ට ලිවිල්ල ..
ReplyDeleteපට්ට ස්තූති
Deleteසුපිරියි..හැම අකුරක් ගානෙම ආදරය උතුරනවා..!!
ReplyDeleteකසුන් කල්හාර මගෙ ප්‍රියතම ගායකයෙක් වුනාට මේ සින්දුව ඇහුවෙ අදනෙ.. :o
ස්තූති සංචාරක මල්ලි
Deleteඅඩේ සිංදුව ඇහුවේ අද. මං ලව්. යකෝ කොහෙද ගියා නේද? බලන්න මෙහෙම හොද ළමයි !
ReplyDeleteඔව් අෆ්ෆා මේ ටිකේ අදික ලෙස විජලනයෙන් පෙලෙනවා....සිග්නලුත් නැති හන්දා...රෑට කරන්නම දෙයක් නැති උනාම මෙව්වා ලියලා නෝට්ස් වල සේව් කොරනවා...ඊට පස්සේ සිග්නල් ලැබුන ගමන් මේවා මේම දානවා
Deleteපට්ට ඈ...
ReplyDeleteඇත්තටම සුපිරි.. බොක්කටම වැදුණ
ජයවේවා
තැන්කියු මල්ලි මචං
Deleteමාත් මේ සිංදුව ඇහුවෙ අදමයි.
ReplyDeleteආයෙත් කියන්න දෙයක් නෑ. නියමයි මචෝ. අතීත මතක අවුස්සන ලිවීමක්……
එහෙමද හැබැයි මේක පරණ එකක් මාත් සොයා ගැනිම කරන් මාස දෙක තුනක් ඉතර ඇති...එලස් තැන්කියු මචෝ
Deleteශානු මේ දවස්වල ලියන ලාමක ටින් ටින් කතා ඇවිත් කියෝලා යනවා විතරයි කමෙන්ට් කරන්න හිතෙන්නෙ නෑ.තරා වෙන්න එපා වයසෙ වැරද්දනේ.
ReplyDeleteමොනා කරන්නද හැලප මාමා මම ප්ලෑන් කරලා ලියන්නේ නෑ ඒ ඒ මූඩ් එකට ලියවෙන එක ශෙයා කරනවා..ඊලග පෝස්ට් එක සීරියස් එකක් දැනටමත් ලියලා ඉවරයි..හැබැයි පොඩි පින්තූර අඩුපාඩු තියෙනවා.ඒ වැඩේ හරි ගියාම ශෙයා කොරනවා
Deleteලස්සන ගීයක් !
ReplyDeleteබොහෝම ස්තූති මධු අයියා ;)
Deleteලස්සනට ලියලා...එක දිගටම කියවාගෙන ලියා......
ReplyDeleteස්තූති කුරුටු
Deleteහ්ම් අහිංසක ආදර කතාවක් මැවිල පෙනුන...නියමයි හිතට වැදුන.
ReplyDeleteඒක ඇත්තටම අහිංසක ආදර කතාවක් ඩිලිනියා....හ්ම්ම්ම්ම්
Deleteහරිම ලස්සනයි
ReplyDelete