Monday, February 15, 2016

85.වැලන්ටයින්, ජුනා දෙවඟන හා කිඹුල් නිවේදනය!!


මගේ තෑග්ග

                                   අද ලියන්න හිටිය ලිපිය පැත්තක තියලා වැලන්ටයින් දිනේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා...ඉතාලියේ ඉදන් ඔය ගැන දන්නේ නෑ කියන්නේ වස ලැජ්ජාවයිනේ..... මට නම් වැලන්ටයින් ගැන හොයන්න තරම් ඕන කමක් පසු ගිය අවුරුදු 28 පුරාවට තිබුනේ නෑ මොකද මට හැමදාම වැලන්ටයින්නේ...ගොඩක් අය දන්නවා ඇති වැලන්ටයි කියන්නේ මොකක්ද කියලා.ඒත් මං වගේ ඔය ගැන නොදන්න අයට වැලන්ටයින් ගැන ලියන්න හිතුනා
           කව්ද මේ වැලන්ටයින්?
                                   වැලන්ටයින් කියන්නේ රෝමයේ ජීවත්වුණ පූජකතුමෙක්.ඒත් පූජකතුමෙක්ගේ නම මේ තරම් පෙම්වතුන්ගේ දවසට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා මට හොයන්න තිබ්බේ හරිම උවමනාවක්,
           ඒත් ඊට කලින් පෙබරවාරි 14 වෙනිදා රෝමයේ තිබුන විශේෂත්වට ගැන කිව්වොත් මේක පුරාවෘත්තයකට සම්බන්ධ වෙන අපූරු කතාපුවතක්. පුරාණ රෝමයේ ‘ජූනා’  නම් දෙවඟන ආදරයේ හා විවාහයේ දෙවඟන විදිහට හදුන්වලා තියෙනවා පුරාණයේ රෝම මිනිසුන්  සෑම වර්ෂයකම පාහේ පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පවත්වලා තියෙනවා  ඒ විතරක් නෙවේ රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දාල ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවලු ඊට පස්සේ
තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ අර උත්සව සමය ගත කරන්න ඒ පිරිමි අයට අවස්ථාව ලැබෙනවා. මේ උත්සවයෙදි අහම්බෙන් මුණ ගැහුන බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි පුරාවෘත වලින් හෙළිවෙන්නේ... මේ උත්සවය බොහෝ කාලයක් චාරිත්‍රයක් විදිහට පැවතුනාලු
              ඒත් ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ පාලන සමයත් සමග රෝමයේ ගොඩක් වෙනස්කම් වෙන්න පටන් ගත්තා ඉතිහාස කතා වලට  අනුව දෙවැනි ක්ලෝඩියස් නරුම පාලකයෙක් විදිහට මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්. කාලයත් එක්කම ක්ලෝඩියස් අධිරාජයට වුවමනා වුණා ලෝකෙන්ම බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. නමුත් ඒ කාලයේ තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මොකද එවකට තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට බොහොම ලැදිව ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා හිටි නිසා ක්ලෝඩියස් අධිරාජයා හිතුවේ හමුදාවට බැඳෙන්නේ නැත්තේ ඔය පවුලට ලැදි බව නිසා කියලයි..ඒ නිසා ක්ලෝඩියස් අධිරාජයා නියෝග කරා "කසාද බැඳීම තහනම්!" කියලා... ඒ වකවානුවේදී තමා වැලන්ටයින් පියතුමා ක්ලෝඩියස් අධිරාජයට එරෙහිව කටයුතු කරන්න ගත්තේ. පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම වැලන්ටයින් පූජකතුමාගේ ප්‍රියතම කටයුත්තක් උනත් මේ සියළු දේ කලේ ක්ලෝඩියස් අධිරාජයට රහසින්...ඒත් එතුමාට මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස් අධිරාජයට ඒ ගැන ආරංචි වන තෙක් විතරයි.. අන්තිමෙට ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පියතුමාව සිරගත කරා ආගමික විශ්වාස අතහැර දාන්නත් ඒ වන තෙක් පියතුමා කල මෙහෙවර නතර කරන ලෙස බල කලා එතුමා නොවෙනස්ව එකම විශ්වාසයෙන් නොසැලී හිටියා රෝම තරුණ තරුණියෝ එතුමාව සිර ගත කල හිර ගෙදරට මල් පොකුරු වීසි කලා විවිධ සුබ පැතුම් ලියා හිර ගෙදර අභියස ප්‍රදර්ශනය කරන්න ගත්තා. මේ සියළු දේ වෙද්දී වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වෙලා හිටියා....මේ අතර බන්ධනාගාර පාලකයාට හිටි අන්ධ රූමත් දියණිය වැලන්ටයින් පියතුමා සමග  දීර්ඝ ලෙස කතා බහ කරන්න අවස්තාවක් උදා කර ගත්ත...මේ කතා බහ නිසා ඔහුන් අතර භක්තිමත් බැඳීමක් හට ගත්තා කිව්වොත් හරි...
මේ අතර ක්ලෝඩියස් අධිරාජය වැලන්ටයින් පියතුමා එක්ක දිගින් දිගටම කල තර්ක විතර්ක මැද අධිරාජයට තම මතය සඵල කර ගන්න බැරි උන තැන පියතුමාට විවිධ අඩම්තේට්ටම් පහර දීම් සිදු කලත් ඒ කිසි දෙයකින් තමන්ගේ පැත්තට නම්ම ගන්න බැරි උන නිසා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණා. පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. 
       ඒත් වැලන්ටයින් පියතුමාගේ නමින් පෙබරවාරි 14 දිනය හදුන්වලා..
ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගියා...

     
   විස්තර ගූගල් ඩෙයියන්ගෙන්

විශේෂ නිවේදනයයි!!
ඩුම්...ඩුම්...ඩ්ම්.....

                 මට ඕන උනා වෙනසක්,මේ බ්ලොගේ ලිපි 85ක් ලියවුනේ "අහස සේ"යටතේ, ඒත් ඉතින් බ්ලොග් එකේ නම වෙනස් කරන්න දහාඅතේ කල්පනා කරද්දී  එකෙක් මතක් උනා...

ටික්...ටික්....ටික්.....

"මේ ඉන්නවද?"
වරෙන්කෝ...

එහ පැත්තෙන් නිමේෂයකින්

"ඇයි?ඇයි? කියනෝ"

ඊට පස්සේ ඉතින් මං කිව්ව 
"මට බ්ලොග් එකේ නම වෙනස් කරන්න ඕනේ "
නිකන් කිඹුල් නමක් ඕනේ...
හැක්...

ඊට පස්සේ අහපී

"මොකාද බම් උඹව කිඹුලි කරපු එකා"

මන් ඉතින් 

"උඹනේ කිව්වා"

හිකිස්....

ඔව් ඔය බස්සි,මේ කතා කරන එකා එකතු වෙලා මාව කිඹුලී කරා....ඒ කාලයකට ඉහත....

පස්සේ කෝමින් කෝම හරි....

අපේ වැඩ්ඩා උන්දගේ මදිටි ඇටයක් වන් ටිකිරි මොලෙන්  නමකුත්  හොයලා ඉමේජ් එකකුත් ඩිසයින් කරලා දුන්නා...

ඒ ඉතින් වෙන කවුරුත් නෙවේ අපි හැමෝම දන්න  මගේ මල්ලී..."වර්ණ" අධිපති දිනේෂ් නොහොත් ඉදිකට්ටා...ස්තූති කියන්නේ නෑ තමන්ගේ උන්ට මොනාටද ස්තූතී...
     
     ඔන්න ඉතින් "අහස සේ" අද ඉදන්  "විල් තෙරේ කිඹුලී" විදිහට වෙනස් වෙනවා...

ඩුම්...ඩුම්...ඩ්ම්......





ඉදිකට්ටාගේ මෙව්වා එක

34 comments:

  1. කිඹුලිට සහ බ්ලොග් එකට සුභපැතුම්

    ReplyDelete
  2. අඩේ මේ තියෙන්නේ බ්ලොගට වෙඩි වගේ නමක්.

    බොට කියන්න, මට අර 'අහස සේ' නම නිකම් දියාරුයි සහ ලේසියෙන් මනුස්සනරාපයෙක්ට මතක හිටින්නෙනම් නෑ කියලාමයි හිතුනෙ. (අපි ඉතින් ටොගේ යාලුවො නිසා අමාරුවෙන් නම කටපාඩං කොරගත්තට.) විල් තෙරේ කිඹුලී නමේ තියෙන වෙනස නිසාම අම්බානකට හිට් වෙයි කියල හිතෙනවා. දිගටම ලියපිය දැන් ඉතින්.

    අපි වැලම්ටයිම සමරපු හැටි ලියන්ටෝනෑ මාත්. අපි ගියා නෙව 13 රෑ රෙඩ් ෆෙස්ටිවල් හෙවත් 'ආදර කඳවුර'ට. දිග විස්තරයක්. ලියන්නත් කම්මැලී බං.

    ReplyDelete
    Replies
    1. උඹ අදත් මට චෝදනා කලා ලියන් නෑ කියලා ලියනවා බං...... අඩේ ස්තූතී බස්සීයෝ.....

      මරැ මරැ වැලෙන්+එල්ලෙන+ ටයිම් එක ගැන ලියහන්

      Delete
  3. //විල් තෙරේ කිඹුලී නමේ තියෙන වෙනස නිසාම අම්බානකට හිට් වෙයි කියල හිතෙනවා.//+++

    ඔව් ඔව්.. ඔන්න මටත් කොමෙන්ට් එකක් නොදා යන්න හිතුනෙම නෑ.. සුභ පැතුම්!

    ReplyDelete
  4. දැං ඉතින් කිඹුලියෙක්නෙ. බයෙත් බෑ.

    ReplyDelete
    Replies
    1. අහස් මල්ලී මං අහිංසක කිඹුලියක්

      Delete
  5. සුපර්...................

    ReplyDelete
  6. ආන්න බලපම් ඉතින්, අපිම නම් දාන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කට්ටෝ ‍මං බොලා හොයන් ආවේ

      Delete
  7. එහෙන් කිඹුලෙක් බ්ලොග් ලියන්න සෙට් උනා. ඒ පාර කිඹුලියෙකුත් ආවද..
    මට නම් කවදාවත් වැලන්ටයින් නෑ. මොකද මම තවම සිංගල්.

    ReplyDelete
    Replies
    1. කිඹුලෙකුත් ඉන්නවද? හිකිස් පොඩි උන්ට වැලන්ටයින් මොකටැයි

      Delete
  8. මට මතක් වුනේ මාතර ගඟේ කිඹුලි.

    ReplyDelete
    Replies
    1. ඒ කිඹුලිගේ පැටියා තමා

      Delete
  9. කිඹුලි කීවට මොකද දාගෙන තියෙන්නෙ හැලයගෙ පිංතූරෙද කොහෙද
    මාත් බැලුව එක පාරටම මාත් නොදැනෙ මගෙ බ්ලොග් ලිස්ට් එකට කඩං වැටුළු හැල කිඹුලි කවුද කියල

    වැලා ගැන දන්නැති එක දෙයක දැනගත්ත. ඒ ජූනා දෙවගන කතාව
    ඉස්කෝතුයි කිඹුලිස්්්්්්

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ නෝට් කරපු කිඹුලියෙක්... නොදැන හිටි දෙයක් දැන ගන්න ලැබුන එක සතුටක් මහියෝ

      Delete
  10. අලුත් නම දැකපු ගමන් මට එළකිරි.com එකේ "සසල හද විල්තෙර" ප්‍රෝග්‍රෑම් එක කරන දත් කිඹුලාව මතක් උනා. මේක අහඹු සිදුවීමක්ද නැත්තම් විල්තෙරේ කිඹුලාගේ ඥාති කෙනෙක්ද ශානු???

    ReplyDelete
    Replies
    1. අනේ යනෝ අම්බලන්... මම මාතර ගගේ කිඹුලියේ පැටියා... හැක්

      Delete
  11. අළුත් කිඹුලිට සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. කටුසු මේ පැත්තට පිලි ගන්නවා !!! ස්තුතී ඈ ආවට

      Delete
  12. හිතට වැදෙන නමක්... මාත් ආවා.
    මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  13. රිදී විල් තෙරේ පාසල වගේද! එල ඈ!!

    ReplyDelete
  14. නියමෙට ගැළපෙන නම.
    බලාගෙන යනකොට ඉදිකට්ටත් මාර waddek නේ.
    හරියටම වැලන්ටයින්ගේ කතාව දැන ගත්තේ අද තමයි.

    ReplyDelete
    Replies
    1. සයුරි දැකපු කල්...... ඔව් එකා වැඩ්ඩෙක්(රහසින්)

      Delete
  15. ලස්සනයි. අදමයි මේ පැත්තට ආවේ.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්ට... දිගටම එන්ට

      Delete
  16. බොලේ ඒ පාර ශානු කිඹුලෙක් වෙලා නේද ?

    ReplyDelete
  17. අඩේ..... කරපු මරණ තර්ජන හමුවේ මෙන්න මේ පැත්තෙ ආවෝ.... මෙන්න කිඹුලියක් ඇවිල්ලෝ..... ලිපිය නියමයි ශානු අක්කා . මඟහැරුණු හැම ලිපියක්ම හීන් සීරුවෙ කියවන්නම්. අදයි ගෙදර ආවෙ අප්පා .....

    ReplyDelete
    Replies
    1. හැම තැනම බ්ලොක් කරන් නැතිව හිටියම හිතුවා බොග අත ඇරලා කියලා... දිගටම ලියමු ඈ

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!