Monday, February 8, 2016
84.කක්කා මුට්ටේ
මේ අවුරුද්දේ පලවෙනි බ්ලොග් පෝස්ට් එක කක්කා මුට්ටයක් වෙයි කියලා නම් හිතුවේ නෑ...ඒත් දෙසැම්බරයේ ලංකාවට ගොඩ බැහැලා ආයෙත් ලංකාවෙන් ජනවාරියේදි පිට උන මට ලියන්න දේවල් මහා ගොඩක් තිබුනත් ආරම්භයක් ගන්න තරම් හිත එකලසක් තිබ්බේ නෑ කිව්වොත් හරි.....ඔන්න ඔය අතර තුරේ තුන් වේලම හරියට කනවා වගේ තුන් වේලටම ෆේස්බුක් එකේ සැරි සරන වෙලාවක මට හරි අපුරු පෝස්ට් එකක් ලැබුනා කියවන්න ඒකේ මාතෘකාව "කක්කා මුට්ටේ" අචලා හේරත් තමා ඒකේ අයිතිකාරිය.....
ඒ පෝස්ට් එක ලියලා තිබ්බෙ මෙහෙම,
""කක්කා මුට්ටේ" 😛😛
මේක දැක්කාම ඊයැක් නොකියා ඉන්න බැරි වෙයි නේ 😄😄
එත් මම දැන් දෙවෙනි පාරටත් කක්කා මුට්ටේ බලනවා 😆😆
මේම කිව්වාම කැතයි වගේද ? 😂😂එත් කක්කා මුට්ටේ මුළින්ම මාව හිනස්සලා, ඇස් වලට කඳුලුත් එකතු කරලා..පස්සේ හිතන්න පෙළඹෙව්වා කිව්වොත් පිළිගන්නවද ?😎😎
ඔයාලට එහෙම හිතන්න ටිකක් අමාරු නම්
කක්කා මුට්ටේ බලන්නකෝ 😝😝
අයි ලව් යු බොත්...
චින්න කක්කා මුට්ටේ 🤓🤓පෙරිය කක්කා මුට්ටේ
😘😘😘
" කක්කා මුට්ටේ "කිව්වේ දෙමළ චිත්‍රපටියක නම හොද්ෙ...😆😆
කඩේන් ගන්නවනම් ඔය නමින් ඉල්ලන්න එපා.... ෆිල්ම් එක හම්බෙයිද දන්නැනේ😛😜😁😂😃
සම්භාවනීය මිතුරන්ට මේ පොස්ට් එක අදාල නැත...සමාවෙන්ට ඇ..😏😏
කක්කා මුට්ටේ ගැන නොකියා ඉන්න බැරි උනාට...😛😛
මම නම් අයෙත් පාරක් බලනවා හොඳේ 😎😎"
මේ ටික කියෙව්වම ඉතින් මේ කියන ෆිල්ම් එක නොබලා බැරි උනා.සතියේ දවස් වලට ෆිල්ම් බලන් නැති මම කාල වේලාව එහෙට මෙහෙට කරලා මේ ෆිල්ම් එක බැලුවා.
කතාව ඉස්සරහට යන්නේ පැල්පත් වාසයේ ඉන්න අයියයි,මල්ලී තුල ඇති වෙන පීසා කෑමේ ආසාව සපුරා ගන්න කරන විවිධ වෑයම් එක්ක...තාත්තා හිරේ ගිහින් නිසා අම්මා වැඩ කලේ ඇලුමිනියම් වලන් හදන තැනක මේ අයියයි,මල්ලී කරේ අඟුරු කෝච්චි වලින් වැටෙන අඟුරු කෑලී එකතු කරලා කිලෝ ගානට ගෙවල් ලග කෙනෙක්ට ගිහින් දීලා සල්ලී කීයක් හරි හොයන් හවසට අම්මට ගිහින් දුන්න එක...
ඒ වගේම අච්චී හිටියෙත් මේ ගෙදරමයි...අච්චි ශක්තිය එන්න කාක් බිත්තර බොන්න කියලා තිබුන නිසා මේ පොඩි උන් පැල්පත් අසල පිට්ටනියේ ගහක කාක් කූඩෙන් බිත්තර අරන් බොනවා ඉතින් ගොඩක් දෙනා මේ පොඩි උන්ට කිව්වේ මල්ලිට "චින්න කාක්කා මුට්ටෙයි" අයියා "පෙරිය කාක්ක මුට්ටෙයි"කියලයි...
ඒ අතර සිදුවෙන රස කතා බොහොමයි...ඒ විතරක් නෙවෙ පොඩි උන් දෙන්නෙක්ට එච්චර තාත්වික රංගනයක යෙදෙන්න පුළුවන්ද කියලා හිතා ගන්නවත් බෑ... ඒ නිසාම මේ පොඩි උන් දෙන්නා ගැන පොඩ්ඩක් හොයන්න හිතන් යු ටියුබ් ගූගල් දෙයියගෙන් සහය පැතුවා....මං නිකමට හිතුවා මේ විග්නේෂ් සහ රමේෂ් සැබෑ ජීවිතේ පොහොසත් පවුල් වල ළමයි වෙන්න බෑ කියලා ඒ වගේම මේ දෙන්නම ඉන්දියාවේ කොලනියක ජිවත් වෙනනේ ....දනුෂ් කියන දෙමළ නළුවා (රජිනිකාන්ත්ගේ බෑනා)තමා මේ දෙන්නව තෝරගෙන මේ චිත්‍ර පටිය කරලා තියෙන්නේ "කසිමේඩු ජාතික සම්මන උළලේදි හොදම ළමා නළුවන් වෙලා තියෙන්නේ මේ විග්නේශ් සහ රමේෂ් ....ඒ වගේම සිනමා සම්මාන කිහිපයක්ම ලබාගෙන තියෙනවා.....මේ පොඩිඩෝ කියන විදිහට එයාලට රගපාන්න අමුතුවෙන් ඕන වෙලා නෑ...ගෙදරට හිටිය විදිහට චිත්‍රපටිය පුරාවට සැහැල්ලුවෙන් ජවනිකා වල පෙනි ඉදලා..
මේ චිත්‍රපටිය තුල හිතන්න කෝටියක් දේ ඉතිරි කරලා තියෙනවා...මේ දේ අයින් කලා නම් කියලා හිතෙන කිසි හිස් ජවනිකාවක් නෑ...ඉතින් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා අන්තිමෙට මේ පොඩි උන් දෙන්නා අමරුවෙන් එකතු කර ගන්න සල්ලී වලින් පීසා කයිද?නැද්ද?කියන කුතුහලය ඔයාලටම බාර දෙනවා...
ඒ වගේම "මැණික් ඉබේ පොළව උඩට මතු නොවන බවත් පතල ඇතුලට ගිහින් පස් ගෙනැවිත් ,අවශය විදිහට ගරලා පාද ගත යුතු බවත් ...එය ඔප මට්ටම් කර නියම වටිනා කම ලබා දීමට හැකි බවත් "කක්කා මුට්ටේ" සමාවෙන්ඩ, "කාක්කා මුට්ටෙයි" නොහොත් කාක් බිත්තරේ චිත්‍රපටිය හොද නිදසුනක්....
මෙතනින් බලන්නකෝ කොහොමද කියලා ඊට පස්සේ ෆිල්ම් එක හොයන් බලන්න
ලේබල හඳුන්වනය
එක එක කතන්දර
Subscribe to:
Post Comments (Atom)
කොහොමද,නිවාඩුව හොඳින් ගතකළාද,කොරනේෂන් එකට ගියාද?
ReplyDeleteනිවාඩුව හොදයි කොරනේෂන් නොයා ඉන්නවද මං....පින්තූර වගයක් තියෙනවා කොරනේෂන් එකේ...ඉදිරි දවසක දාන්නම්
Deleteඈ යකෝ මං බලාන හිටිය නෙ අපේ අහ එනකං පොඩි බලු තඩියෙකුත් තියාන.. හැක්..
ReplyDeleteඇක්කා.. බලන්නවත් හිතෙන්නෙෑ. හැක්
හෑ ටු බල්ලෙක් තියන් හිටියේ මං ආවම උසි ගන්වන්නද නරි දේශා
Deleteෆිල්ම් එකේ නම විතරයි අප්සට් :) මේකෙ වෙන ඔය ජාතියේ ෆිල්ම් වගේ ෆිසික්ස් වැරදිච්ච එ්ව නෑ නේද? (අර අැඟිල්ලක් වැදුනත් උඩී............ං ගිහිං විසිවෙන එ්ව වගේ)
ReplyDeleteනෑ නෑ බලන්නකෝ තාත්විකයි අලි මලේ
Delete:) කියන්න දේවල් ගොඩක් තියෙනවා කිව්ව නිසා නිවාඩුව නම් හොඳ ඇති නේද?
ReplyDeleteෆිල්ම් එක බලන්න නම් ආස හිතුනා බලමුකෝ...
නිවාඩුව හොදයි තුශෝ හෙමින් ලියන්නම් ඒ විස්තර.... බලන්න හරිම ලස්සනයි
Deleteමටත් බලන්න ආස හිතුන බන් ඒ ෆිලුම. දැන් කාලෙත් ඉතිරි එකේ බලන්න ඕන.
ReplyDeleteඔව් බස්සා එක්ක බලහන් ... ;)
Deleteමං හිතුවේ බොලා මුලු කතාවම කියයි කියලා කෝ ඉතින්...
ReplyDeleteහැක්... හිතේ ඇති මෙතන ෆිල්මුවම අහගෙන නොබලා ඉන්න...දුප් ගිහින් හොයන් බලනු
Deleteවිස්තරේ හිත්ගත්තා. දාගන්නවා බලන්න ඕන ෆිල්ම් ලිස්ට් එකට. එහෙම එකක් තිබ්බෙ නෑ. අද හදනවා.
ReplyDeleteහරී බලන්න ...මම ලිව්වට වැඩියේ ලස්සනයි ජවනිකා
Deleteබලන්න ඕන කොහොමද කියලා :v
ReplyDeleteකාක් බිත්තර බොන්න යනවා නෙවේ වයලීනෝ ;)
Deleteපටන් ගත්ත ඒකේ අැදලා යමු නේද???????
ReplyDeleteකුරැටු අනිවා දිගටම ඇදගෙන යනවා :)
Deleteකාක්කා මුට්ටේ නොබලා ඉන්න එපා...
ReplyDeleteඒකනේ අචලෝ
Deleteකක්කා මුට්ටයක් නෙවෙයි කන්ටේනර් එකක් උනත් ගිලින කට්ටිය ඉන්නවනේ දේශපාලනය වෙනුවෙන්.
ReplyDeleteහොඳ චිත්‍රපටිය බව විස්තරයෙන් තේරෙනවා. බාගෙන හරි බලන්නම්.
බාගෙන බැලුවත් පාඩු නෑ...රස වින්දනේ ඉහලයි....
Deleteඋඩ ටිකට මොකුත් ලියලත් බෑ නොලියත් බෑ ....හැබැයි මසුරන් කතාව මාමේ
//කඩේන් ගන්නවනම් ඔය නමින් ඉල්ලන්න එපා.... ෆිල්ම් එක හම්බෙයිද දන්නැනේ//
ReplyDeleteටොරන්ට් එහෙකින් බානවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ ශානු වෝ. ඔය නම කටක් ඇරලා කියලා කඩේකින් ඉල්ලන පුලුවන්ද කියහන්කෝ...
=================
මේ ෆිල්ම් එක බලලා නැතිවුනාට උඹේ විස්තරේ දැක්කා ම මට මුලින්ම මතක් වුනේ අර ස්ලම්ඩෝග් මිලියනර් ෆිල්ම් එක එකෙත් ඉන්න පොඩ්ඩෝ සැට් එක ඇත්තටම මුඩුක්කු වලලුනේ ඉන්නේ..
-------
එක නෙමේ..මම ඔය කක්කා මුට්ටේ කරේ තියාගෙන බැරි නම් බාගෙන හරි බලනවා...
ඔව් කඩේකින් ඉල්ලුවොත් බොලාව ටොයිලට් වලක දායි ගෝනියකුත් දීලා... බාගෙන බලහන් විභීයෝ....එල...එල බලපන් කක්කා ගා ගන්නේ නැතිව හිකිස්
Deleteමම නෝර්මලි දෙමල ෆිල්ම් බලනවා අඩුයි. හැබැයි ට්‍රේලර් එකනම් පට්ට වගේ. බලමු වෙලාවක් සෙට් උනොත්.
ReplyDeleteහිකිස් මට දෙමල තේරෙනවා ඒ නිසා අවුලක් නෑ බලහන් ලස්සනයි
Deleteකක්කා මුට්ටේ කියද්දි මං බැලිව මොකද්ද මේ කියල
ReplyDeleteකාක්ක මුට්ටෛ.. කපුටු බිත්තර
හැක් පස්ට පිලුමක්..
මුට්ටෛ කියද්දි මට මතක් වුනේ අපෙකෙක් මුස්ලිම් කඩේකට ගිහිං නොදන්න දෙමළෙ හිංද වරිගෙ නහගත්ත කතාව හිහි
මූ ඇවිත් හොද දෙමළ රසවතා හැබැයි දෙමළ වචනයක් බෑ(මං වගේ තමා) දවසක් පොරට බිත්තර ගන්ට ඕන වෙලා ගියා කඩේකට ඒක මුස්ලිම් කඩයක්. මුට මේක දමිලෙන් අහන්නත් ඕන මගෙං අහනව අහනව ඉවරයක් නෑ මං දන්න දෙමල
මං කිව නායි මුට්ටෙ ඉරික්කා කියල අහපං කියල
මෙන්න මූ ඇහුව කියපංකො අක්කෙ
මට නේද දැං හිනා වෙන්නත් බෑ ඒ අස්සෙ අර මනුස්සයට මළේ මල හැක් අන්තිමට වෙච්ච දේ කියල මංම ෂේප් කරං ඇදං ආව
කෝළි මුට්ටෛ නායි මුට්ටෛ වුණේ ඔන්න ඕමලු හිහි
හිකිස් ඔයින් ලියා මදෑ...පොම්බුල මුට්ටෛයි ඉල්ලුව නම් තමා තියෙන්නේ වැඩේ හැක්
DeleteEnglish sub තියන හොඳ කොපියක් ලැබුනොත් හෙටම බලනවා.. දෙමල පිචර් බලන්න හරිම අකමැතියි.. එත් ශානුගේ රෙකමදෝරුව නිසා මේක බලන්නම ඕන..
ReplyDeleteමෙන්න මේ ෆිල් ඒකත් හොයන බලන්න බලල නැත්තම්..Manjhi: The Mountain Man http://www.imdb.com/title/tt3449292/
අම්බලෝ කොම හරි බලන්න වටිනාකමක් තියෙන ෆිල්ම් එකක්..... ඒ ෆිල්ම් එක බැලුවා...ඇත්ත කතාවක් ඇසුරෙන් හදපු එකක්....."බාල් මිල්කා බාග්" ෆිල්මුවත් හැබෑම කතාවක්ලු....
Deleteදැන් ඉතින් හොයහංකො පිලුම් එක...
ReplyDeleteකම්මැලිකම පැත්තක තියලා හොයහං ;)
Deleteශානු සෑහෙන දවසකට පස්සේ.
ReplyDeleteබලමු ඔය මුට්ටේ හොයාගෙන
ඔව් මනෝ ලංකාවට ලියා නොවෑ... හිකිස් මුට්ට හෙව්වට කමක් නෑ මුට්ට නොකා
Delete