Monday, February 29, 2016

86.ලිලීයානා



                              ඇය මට මුණ ගැහෙන්නේ හරියටම මීට අවුරුදු කිහිපයට ඉහතදී හරි අපුරු අහඹුවක් විදිහට මුහුණුපොත හරහා.....ඒ වන විට ඇය තරම් විනෝදකාමී චරිතයක් මම දැකලා තිබුනේ නෑ....ඇගේ මුහුණේ හැඩරැව  ඒ වන විටත් මුහුණු පොතේ නොතිබුන නිසා ඇය දැන හදුන ගැනීමට මා තුල වුයේ ඉමහත් කැමැත්තක්ද?ආශාවක්ද? මම අදටත් නොදන්න දෙයක්...ඒත් ඈ තුල වු අමුතු විනෝදකාමී බව මගේ හිත ඈ වෙත ඇද බැද තියා ගත්තා...
                 මාස කිහිපයක් යන තුරුම අපි එකිනෙකා දැන හදුන ගත්තා කිව්වොත් හරි...ඇය පිළිබඳ පුර්ණ විශ්වාසයක් තැබීමට හැකි බව තහවුරු කර ගත් පසුව, මමද ඇයද  එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන සියළුම දේ බෙදා ගන්නට දෙවරක් හිතුවේ නෑ...අපි බොහෝ විට විවේක සැන්දෑ වල මුහුදු වෙරළේ ඔහේ තොරතෝංචියක් නැති කතා බහකින් ඇවිද ගියා..ඒත් ඈ තුල තිබුනු සමහර ගති හරිම අමුතුයි.....ඒවා පිරිමි ගති කියලා වෙන් කරලා හදුන ගන්න පුළුවන් තරම් හරි පැහැදිලී...ඇගේ ඇදුම් පැලඳුන් පවා පිරිමි ආරෙට නිම වෙලා තිබුන බව දැනුනත් ඒ ගැන වීමසීමක් කරන්න මට ඕන කමක් තිබුනේ නෑ....ඈ ඉතාමත් ආචාරශීලි සුහද චරිතයක් යාළුවෙක්ට සුදුසු ගුණාංග ඈ සතු වුනා.
           ඇය බොහෝ දුරට මට කිව්වේ ඇයට කීමට කතාවක් ඇති බවත් එයට කාලය දැන් නොවන බවත්ය ඒ වගේම ඇගේ ජිවිත කතාවද යම් දිනක කියන බවත්ය.ඇය කොපමණ මගේ ජීවිතයට ඇලී බැඳී හිටියද කිව්වොත් ඇය කරන හැම දෙයක්ම මම දැනගෙන හිටියා කොටින්ම ඇය උදෑසන ඇස අරින මොහොතේ ඉඳලා ඇස් පියවන මොහොත තෙක් මහා පුදුමාකාර බන්ධනයකින් මට බැඳී හිටියා...මමත් ඇයට බැදී හිටියා.
          
       දිනක් ඈ කෙටි පණිවිඩයකින් ඇගේ හිතේ තිබු දෙයක් මට ලැබෙන්නට සැලැස්සුවා...

         "ගැහැණියක් ගැහැණියකට ප්‍රේම කිරීම ගැන ඔයාගේ මතය කුමක් උවත්,මට ඔයා අයිති නොවුනත් ...මේ ටික කාලයට මම ඔයාගේ හිතට හරි ගැඹුරට ආදරේ කරන්න පටන් අරන්...
        මම ඔයාට ආදරෙයි
                         ලිලීයානා"


             මෙවැනි දෙයකට හිත භීතියෙන් තැති ගත්තද? නිෂ්චිත තීරණයකට එළඹෙන්න මට බැරි වුනා මම මගෙන් බොහෝ වෙලාවක් යනකම් ප්‍රශ්ණ කලා...

"මම ඇයට ආදරේද?" ......නැහෑ

"ඇයි මට ඇයට ආදරේ කරන්න බැරි?..
මම මගේ හිත එක්ක පොර ඇල්ලුවා....

       ඒත් වෙලාවකට හිත ඈ කෙරේ ඇදී ගියේ සීනි මුලකට කුඹී ඇඳෙනවා වගේ කියල මට හිතුනා ඇය අහිමි කර ගන්න මහත් ලෝභ කමක් තිබු නිසාම ඇයට කරුණු කාරණා පැහැදිලී කරලා දෙන්න මං තීරණේ කලා ඒත් ඇයට ආදරේ නොකර ඉන්න එකම හේතුව ඇයත් ගැහැණියක් වීම විතරයි......කියලා හිතනකොට මම හරිම අතරමං වීමක වැටුනා....

පැය ගණනාවකට පස්සේ මම ඇයට ගත් ඇමතුමේදී මට අවශය වුන මූලික කාරණා ටික ඇය වචනයක් හරි පිට කරන්න කලින් කියලා දැම්මා...
       ලිලියානා ඇත්තටම මම ඔයාට ආදරෙයි...ඒත් ඒ ආදරේ යාළුකමත්, ඔයා හිතන් ඉන්න ආදරයත් අතර මැද බැඳීමක්...අපිට ලෝකේ මිනිස්සු හිනා වෙයි....මම මේ වෙනකම් ගොඩ නගන් ආව ප්‍රතිරූපය බිඳ වැටෙයි...මගේ අම්ම,තාත්තා සහෝදරයෝ මාව පිළිකුල් කරයි...අනික මම ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවේ...."

        එක හුස්මට කියන් ආව හැමදේම ලොකු හුස්මක් එක්ක එලියට විසික් කරලා  මං ආයෙත් කටහඩ අවදි කලේ මොළයට පරාද වෙලා

"ඒත් ඔයාට මම ආදරෙයි"

  ලිලියානගේ සුසුම් පිටවීම ඇරුණු කොට කිසි හැල හොල්මනක් නැතුව මගේ ඉකි බිඳුමත් එක්ක ගත වෙච්ච තත්පර කිහිපයකට පසු ඇය කටහඬ අවදී කලා....

"ඔයා මොනා කිව්වත් මම ඔයාට ගොඩක් ආදරෙයි"

ඒ එක්කම මම, ඒත් ඇයි? ලිලියානා....

    හරි ඔයාට මම මගේ ජීවිතේ ඉපදුන දවසේ ඉඳන් කියන්නම් අහන් ඉන්න.... ඊට පස්සෙත් මගෙන් ඈත් වෙන්න ඕනේ නම්  ඈත් වෙන්න ....මම කවදාවත් ඔයා ඉස්සරහට ආයේ එන්නේ නෑ....


අපි ඊට පහු වෙනිදා ඇගේ ගෙදර එලිමහනේ කෙටි ගරාදි  වැට ලග මුහුණට මුහුණලා ඉතා ආසන්නව ඉදගත්තා...

      මම බොහොම ඉවසිලි වන්ත කෙනෙක්....ඉතින් බොහොම කරුණාවන්ත ඇහුම්කම් දෙන්නියක් වීමට මම සුදානම් උනා මේ ඇය කලක් මට කියන්නට මඟ බලා සිටි ඇගේ කතාවයි..... මොන දේ කිව්වත් ඇය හිතන විදිහට ආදරේ කරන්න මට ඕනකමක් නෑ...ඒත් ඇයව අත ඇර ගන්න මට පුළුවන් කමකුත් නෑ....මම හිත ඇතුලෙන් මටම මුමුණ ගද්දී....

ඇය කතාව පටන් ගත්තා
    
           
            1974 කියන්නේ මේරි හෙනට් එයාගේ හතර වෙනි දරැ ප්‍රසූතියට සුදානමින් හිටිය කාලය.... 

"මේරි හෙනට්"

"හ්ම්,මගේ අම්මා"

හරි" ඉතින්....


              මගේ තාත්තා පවුලේ හිටිය අනික් ගැහැණු ළමයිට වඩා මේ දරු ප්‍රසූතියෙන් බලාපොරොත්තු වුනේ පිරිමි දරුවෙක්...පරම්පරාව ගෙනියන්න,පවුලට හයියක් වෙන්න වගේ සාම්ප්‍රදායික් මත ඉටු කර ගන්න තාත්තට ඕන වුනා ....ඒත් මගේ අම්මා හතර වෙනි දරු ප්‍රසුතියෙන් මෙලොව එළිය දුන්නේ මට... ඒ වෙනුවෙන් අම්මට බොහොම කාලයක් තාත්තගේ අඩම්තේට්ටම් වලට යටත් වෙලා වන්දී ගෙවන්න උනා... ඒ දවස් වල තාත්තට මගේ මුණ බලන එකත් මහා පිළිකුලක් උන බව මම දැන ගත්තේ මට යමක් තේරෙන කාලයේදී.....මදුවිත කියන්නේ තාත්තගේ ජීවිතේ භාවනාව උනා... මට මතක විදිහට තාත්තා ගෙදර ආවේ රෑ දෙගොඩ හරි ජාමේ සරල රේඛාවක ඇවිදින්න බැරි තරමට මදුවිත භාවනාවේ යෙදිලා....ඒ දවස් වල අපිව නොරිස්සුව නිසාමත් කීප වතාවක්ම පිඟන්,කෝප්ප වලින් අපි පහර කෑ නිසාත් තාත්තා ගෙදර එන වේලාවට අපි කාමරයේ ඇඳට වී ගුලි වෙලා වෙව්ලමින්  නිදි වගේ ඉන්නට පුරුදු වෙලා හිටියා...

       ඇය පොඩි එකෙක් මෙන් ඉකි බිඳීමත්,නොබිඳීමත් අතර කතාව කියන් ගියා මගේ හිතට පත කලු ගල් එකින් එක අත ඇරෙන්නට පටන් ගත්තා....

_මතු සම්බන්ධයි_ 

27 comments:

  1. මෙන්න කිඹුලි ඇවිල්ලා .....

    අලුත් විදිහට අලුත් කතාවක් !

    බොහොම සුන්දරව සීරුවට වචන ගලපලා. ඔන්න එහෙනම් ලිලීව සාදරෙන් පිළිගත්තා . ඉතිරිය කියවන්න නොඉවසිල්ලෙන් .....

    ReplyDelete
    Replies
    1. ස්තූතී මෙතුවෝ....

      Delete
  2. කතාව හොඳින් ආරම්භ වෙලා. බ්ලොග් එක කිඹුලියෙක් ගිලලා ..

    ReplyDelete
    Replies
    1. තාම කුඹුලිට හරියට ගිල ගන්න බැරි වෙච්චි හැඩයි. අපේ බ්ලොග් රෝලේ තාම පෙන්නන්නේ අහස සේ කියලා..
      ඒක හදාගන්න බැරිද කිඹුලී..

      Delete
    2. තැන්කූ සුදු අයියා... හැක් කිඹුලී ගිල්ලට නරක් වෙලා නෑනේ...

      සිංහ අහස සේ කියලා පේන එක මාරැ කරන විදිහක් මං දන්නේ නෑ දන්නවා නම් කියත්වා

      Delete
  3. ගුඩ් ස්ටාර්ට්.. පරිවර්තනයක් නෙවෙයි කියල හිතනවා.. මේ රිද්මය හා ආතතිය දිගටම තියාගන්න.. දෙවෙනි කොටස කියවන තුරු නොසන්සුන් කමෙන් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී කලා.. පරිවර්තනයක් නෙවේ...

      Delete
  4. තව ටිකක් දිගට ලියවුනා නම් හොඳයි කියලා හිතුනා... ඒ තරමටම කතාවට හිත ගියා.. ඉතුරු කොටසත් ඉක්මනින්ම ලියන්න...

    ReplyDelete
    Replies
    1. දිගට ලිව්වම කියවන්න කම්මැලි වෙයි කියලයි තුශා දෙකට කඩන්න හිතුනේ...

      Delete
  5. ලියාගෙන ආපු විදිහ ලස්සනම ලස්සනයි.. ඒත් ලයිට් ගියා වගේ ඔහොම නවත්වන එක අසාදාරණයි බන්.. තව ටිකක් ලියල පලවෙනි කොටස නවත්වන්න තිබ්බ..ලියන උඹලා ගැන වගේම කියවන අපි ගැනත් ටිකක් හිතහන්..

    ReplyDelete
    Replies
    1. හැක් ඇයි බං දිගට ලිව්ව නම් කුතුහලේට කෙල වෙනවා නෙව... ඉවසලා හිටින්

      Delete
  6. ම්හ් අලුත් කතාවක් වගෙයි. මුල ටික පොඩ්ඩක් මට අවුල් උනා එක පාර දෙතුම් පාරක් උඩ ටික කියෙව්වා. මම හිතුවේ කෙල්ලෙකුගෙයි කොල්ලෙකුගෙයි කතාවක් කියලා... බැලින්න නම් කෙල්ලෝ දෙන්නෙක්..
    දෙවනි කොටස එනකම් මග බලාන..

    ReplyDelete
    Replies
    1. හිකිස්.... සිංහෝ මටත් ඕන වුනේ කියවන අය අවුල් කරලා කතාව ලියන්න...:D

      Delete
  7. ලිලියානා නොවන විවියානා කෙනෙක්ගේ කතාවක් මටත් මේ විදිහටම කියන්න පුළුවන්.
    ලියමු ලියමු..

    ReplyDelete
    Replies
    1. කියනෝකෝ ඉතින්...මලකඩ ඉදිකට්ටා

      Delete
  8. හොඳයි. මං කියවල තියෙනව, පරණ සිංහල නවල් එකක්. "මල් වැනි ලස්සන ගැහැණු ළමයි". ඒකෙත් තියෙනව මේ වගේ ආදරයක් ගැන.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතී උතුමාණෙනි,හෑ සිංහල නවල් එකක් පුදුමයි

      Delete
  9. බලමු කියවලා. මේක අලුත් විදියක කතාවක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩෝ වෙනස් විදිහට යමක්

      Delete
  10. ශානු කිඹුලි උනාට පස්සේ තවත් ලස්සනට ලියන්න පටන් අරගෙන

    ReplyDelete
    Replies
    1. එහෙමද?එහෙනම් මං හිතපු වෙනසට මුල පුරලා ... ස්තූතී මනෝ

      Delete
  11. සීමාවක් දාන්න හැදුවට දාන්න බැරි ආදරේ ගැන ගොඩක් කාලෙකින්. අනිත් කොටසට තව මාසයක් විතර යයිද?

    ReplyDelete
    Replies
    1. නෑ කටසු තව ටිකකින් ඊ ලග කොටස දානවා....හ්ම් ආදරේට කොයි සීමා

      Delete
  12. මාර සීන් එකනේ... මම මේ ප්ලොට් එක ගැන දැන් සතියක් නැහැ කල්පනා කරලා. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක.... ලියන්නකෝ ඉක්මනට.. දැන් මට ඉවසිල්ලක් නැහැ.... අම්මෝ කිඹුලියක්නේ... බයෙත් බැහැ

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නෑ මං අහිංසක කිඹුලියක්... එහෙනම් ඔයත් ලියමු වෙනස් යමක්

      Delete
    2. මං හිතුවෙ ඇත්තම කතාවක් කියල...ජය ජය

      Delete
    3. http://upekshad.blogspot.com/2016/04/blog-post_18.html

      මේ තියෙන්නේ

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!