මගේ සහෝදරියෝ හැමෝම අවුරුද්දයි මාස ගානක පරතරයකින් මෙලොව එළිය දැකපු නිසා අපි හරි සමගියෙන් කාලය ගත කලා...ඒත් පවුලේ බාලයා වෙච්ච මං අනික් තුන් දෙනාටම වඩා වැඩිමහල් බවක් පෙන්වන ලක්ෂන පිළිබිඹු උනා..
ඒ කියන්නේ මම ජසින්තා මගේ වැඩිමල් සහෝදරියට පසුව මල්වර උනා...අම්මා අපිට ජීවිතේ කියලා දුන්නා.... ඒ මට අවුරුදු දහය ලබපු කාලේ... ඒ වෙනකොට මම කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන දේ වෙන් කර ගන්න තරම් මට බැරි උනා... ඒ අවුරුදු දහයට මට තේරෙන කාලේ ඉදන් මං ගස් නැග්ගා,කුඹුරු වල වැඩට හරි ,හරියට උදව් කරා ,ගෙදර හිටිය බැටළු පට්ටි,එළු පට්ටි කොල අතු කන්න කැලේට දැක්කුවා....ඒ හැමදේම කලේ තාත්තට පුතෙක් ඉන්න බව හඟවන්න....එතකොටවත් අම්මට සැනසීමක් ලැබෙන්න....
ඈත වලාකුලක පාවෙමින් තිබ්බ ඇගේ නෙත් මගේ දෙසට ලම්බක වුනා හරියට
"ඔයා කතාව අහන්ද කියලා අහගෙනද?" කියන බැල්මකින්
මම ඉබේම ආයේ කතාවට හුමිටි තිබ්බා...
"ඔව්,ලිලියානා කියන්න"
" හ්ම්ම්ම්ම්"
මේ කියන්න යන්නේ ඔයා හිනෙකින්වත් බලාපොරොත්තු උන දෙයක් නෙවේ,ඒත් මං හිතනවා තව දුරටත් ඔයාට මාව ඇහුම් කන් දෙන්න පුළුවන් වෙයි කියලා...
එදා හවස ඉදන් මහා මුසල වැස්සක් තිබුනේ....දරා ගන්න බැරි සීතක් මුලු පරිසරේම ගිලගෙන තිබුනේ.....
අපේ කාමරේ ඇඳවල් දෙකක් තිබුනා අපි හතර දෙනාම එක ඇඳකත් අනික් ඇදේ අම්මයි,තාත්තයි නිදා ගත්තා ඒත් එදා රෑ... තාත්තා ගෙට ගොඩ උනේ සරල රේඛාවක ඇවිදින්න පුළුවන් හොද සිහියකින් ඒත් එදත් අපි තාත්තගේ මුණට මුලිච්චි වෙන්න ආවේ නෑ....
මොරසුරන වැස්ස එන්න එන්නම වැඩි උනා...අකුණු සැරට අපි එක පොදියට ගුලි වෙලා නිදා ගත්තා...අබලන් වෙච්ච වහලෙන් වතුර වැටිලා අම්මලාගේ ඇද තෙත් වෙන්න ගත්තා...අම්මත් තාත්තත් එයාලගේ ඇද අපේ ඇදට පුට්ටු වෙන්න හේත්තු කල බව අඩ නින්දෙන් මට මතකේ තිබුනා....ඒ රෑ නොනැවතීම වැස්ස ඇද හැලුනා....මුසලම,මුසල විදිහට ගස් වල කොල උඩට වැහි වතුර සට...සට... හඩින් වැටුනා....
දිගු හුස්මකින් ඇදගත් දුක ඇය ඇස් වලින් පිට කලා...මම බොහෝ උත්සහයක් දරා ඈ සැනසුවා...ඊට පස්සේ ඈ නැවතත් කතාව පටන් ගත්තා .....
ඒ රෑ මගේ හිසට අමුතු බරක් දැනුන.. මම අඩ නින්දෙන් ඇස් ඇරියා...ඒ එක්කම මගේ ලැම පුරා ගොරහැඩි අතකින් ස්පර්ෂ කරනවා මට දැනුනා....
"මොකක්"?මගේ කටින් ඉබේ පිට වුනා
ලිලියානා මහා පිලිකුල් ස්වරෙකින් ඉකි බින්දා.....
"ඔව් " ඒ තාත්තා කියන මිනිහා ...
"දෙයියනේ" මම හිල්ලුවා
එදා රෑ මගේ හදවත සිය දහස් ගුණයකින් ගැහෙන්න පටන් ගත්තා...කෑ ගහලා අම්මව ඇහැරුවොත් මොන දේ වුනත් මේ වැස්සෙම අපි හැමෝටම එළියට බහින්න වෙන බයට මම නිහඬ උනා....මගේ සහෝදරියන්ව බඩඟින්නේ තියන්න බැරි කමට මම නිහඬ උනා....මගේ අම්මට ලෝකයෙන් විඳින්න වෙන නින්දා අපහස නිසා මං නිහඬ උනා... පවුල සීසිකඩ වෙනවා බලන්න බැරි කමට නිහඬ උනා.... මගේ අම්මට අපිව තනියම බලා කියාගෙන දුක් විදින්න දෙන්න බැරි කමට මම නිහඬ උනා.....
මොහොතක නිහඬතාවයක් අස්සේ ....අපි දෑස් වල කදුළුවල හැඩය මැන්නා....
ඇය නැවතත් හඬ අවදි කලා...
කොච්චර වෙලාවක් ඒ මිනිහා මට අතවර කලාද කියලා මම දන්නේ නෑ ඒත් මම නින්දෙන් අවදි වෙන්න යන බව අඟවලා මගේ සහෝදරියන්ගේ පැත්තට ගුලි උනා... ඒ මුළු රෑම මට නින්ද නොගියේ ආයෙමත් ඒ දේම වෙයි කියන බයට......
එදා රෑ මං පිරිමි සංහතියටම වෛර කරන්න පටන් ගත්තා...පිරිමින් ප්‍රබල බව දැනුන නිසා මගේ ජීවිතේ උඩු යටිකුරු උනා...පිරිමි හිතක් අලව ගත්ත,පිරිමි හැඩරැව වෙස්වලා ගත් ගෑණියෙක් වුනා....
ඇගේ නෙතින් කම්මුල් හරහා වැටුනු කදුළු ඈ අල්ලෙන් පිහා ගත්තා...
මම හිනෙකින්වත් නොහිතපු දෙයක් ලිලීයානා කියාගෙන ගිය නිසා...මම මේ දේට අදහස් දක්වන්නේ කොහොමද කියන එක මම දැනන් හිටියේ නෑ...කියන්නට දෙයක් නැතිම තැන මට ඉදිරිය දැන ගන්න උවමනා උනා.....
පහුවෙනිදා මොකද උනේ?
පහුවෙනිදද?
ඒ අමනයා මොකුත් නොවිච්ච ගානට දවස ආරම්භ කලා මම කියා ගන්න බැරි වේදනාවකින් බිරන්තට්ටු වෙලා හිටියා....ඊට පස්සේ උදා උන හැම දාකම මම මිනිහා ගැන අවදානයෙන් හිටියා මගේ සහෝදරියන්ව ආරක්ෂා කරන්න මං උත්සහ කලා ඒත් අදටත් මම නොදන්න දෙයක් තමා මට කලින් එයාලා මේ දුෂ්ඨයගේ ගොදුරක් උනාද කියන එක....
කාලය දින,සති,මාස අවුරැදු ගෙවිලා ගියා හැමෝම නිසි වයසට ආවම විවාහ වෙලා ගෙදරින් පිට උනා.... මෙක්සිකෝව,ආජන්ටිනාව,වෙනිස්සුලාව වගේ රට වල දැන් එයාලා පදිංචි වෙලා සාර්ථකව ජිවිත ගත කරනවා....
අම්ම හරිම ඔත්පලව ඉන්නවාඅර නරුමයා අම්මව බලා කියා ගන්නවා නිව් ජර්ස්ලී වල....මම ඒ ගැන සතුටු වෙනවා....මට වෙන්න තිබ්බ දේ උනා මං ඒ මිනිහට සමාව දෙනවා නම් දෙන්නේ මගේ අම්ම රැක බලා ගන්න නිසා විතරමයි...
අම්මගේ සතුට වෙනුවෙන් අකමැත්තෙන් මගේ විවාහය වංශක්කාර රදලයෙක් එක්ක සිද්ධ උනා...ඒත් ඒක පොතක කුරුටු ගාපු අත්සනක් විතරයි ..... ආයේ වඳ විදින කාලයක් ආරම්භ වුනා... ස්කාගාරයක් එක්ක ගෑණියෙක්ට ජිවත් වෙන්න කොහෙත්ම බෑ... සමහර විට ඒ මිනිහා මාව ආදරෙන් රැකබලා ගන්න ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා... ඒත් ඒ ගත කරපු අවුරැදු ගානටම බිව්ව කදුළු ඇමසන් වනාන්තරයට වැටෙන වැහි වලට වඩා වැඩි...මිනිහගේ සුදුව,බේබදුකම මිනිහව නැති කලා....මිනිහා අන්තීමෙට බංකොලොත් උනා....මිනිහා මාව ණය පියවන්න උකස් කරපු තැනට ගිහින් දැම්මම මම එතනින් පැනලා ආවා....කාලය එක්ක බොහෝ දේවල් වෙනස් උනා...මම නිව්යෝක්වල පදිංචියට ආවා තනියම.....සතේ අතේ නැති මං නයිට් ක්ලබ් වල රෑට වැඩ කලා දවල්ට කෑම කඩේක වැඩ කලා...ඒ අතර ඩිසයින් ගැන පාඨමාලාවක් හදාරන්න ගත්තා...ඒ පාඨමාලාවෙන් පස්සේ හොද රස්සාවකට පැන ගන්න මුල් කාලේ අකැමැත්තෙන් බොහෝ දෙනෙක් එක්ක නිදි වදින්න උනා...ඒ දේවල් ගැන මං දුක් වෙන්නේ නෑ ...මම අමාරැවෙන් තැනකට ආවා..දැන් මට හොද නමක් තියෙනවා....නිව්යොර්ක් නගරයේ හොදම විලාසිතා වල ඇදුම් පැලඳුම් මගෙන් නිර්මාණය වෙනවා....සල්ලි වලින් මදිපාඩුවක් නෑ.....
ඇය එක හුස්මට කියාගෙන ගිය කතාව නැවතුනා...මම ඒ ඇස් දිහා බැලුවා..ඒ කතාව අවසානෙදි ඇගේ කදුළු වෙනුවට කළු ඉන්ගිරියාව දීප්තීමත්ව සතුටෙන් බබලවන්න ගත්තා
ඇය මගේ ඇස් වලට එබුනා....ආයෙමත් කතා කරන්න ගත්තා...
ඒත් මට මගේ ජීවිතේ හෙව්ව ආදරේවත්,කරුණාවවත් ලැබිලා නෑ....
ඒ හැමදේම මට ලැබුනේ ඔයාගෙන් විතරයි...මගේ හිතේ පුංචි පුංචි දේවල් තේරුම් ගත්තේ ඔයා විතරයි.... ඉතින් එහෙම හිතකට ආදරේ කරන එක වැරදිද?
මම දිය යුතු උත්තරයක් ඒ වෙලේ දැනන් උන්නේ නෑ...ඇගේ ඇස් වලින් ගලපු කදුළු පිහදාන්න මට ශක්තියක් තිබුනෙත් නෑ... ඇය රහසක් ලෙස බැදන් ආ ජිවිතේ රහස් පොදිය එක වරම මගේ හිත මත ඉහිරැවේ ඇයිද?කියලා මම දන්නෙත් නෑ.....ඇගේ කුඩා කල ලැබු සියළු දේ ඇගේ ජීවිතේ ඕනවටත් වඩා අවුල් කරලා කියන හැගීම තිබුනත්.. ඇය සමග දුක් වෙනවා ඇරැන කොට මට කල හැකි දෙයක් තිබුන් නෑ...
මොහොතකට ඈ තුරැළු කර ගත් මම ඇගේ කම්මුල් වල ගලා ගිය වියලි තිබු තුන් මුලස් කදුළු රේඛා සිප ගත්තා...ඇය තව,තවත් මාව දෑත් වලින් තදින් ලං කර ගත්තා....ඉබේම ඊ ලග මොහොතේ ඇගේ තොල් මත තැබු හාදුවෙන් මිනිත්තු කිහිපයකට පසු මම පියවී සිහියට ආවා...
හදිස්සියේ මතක් වෙච්ච දෙයක් දඩි බිඩියට මම මගේ හෑන්ඩ් බෑගයේ සෙව්වා ... එහි තිබු මලකුත්,ඇරයුම් පතකුත් ඊ ලග මිනිත්තුවේ මම ඇගේ අත මත තැබුවා... ඇය විමතියෙන් ඇරයුම් පත කියෙව්වා....
"ජෝර්ජ් වෙඩ්ස් ස්ටෙලා"
එය මිමිනු ඇය පොඩි කල ඇරයුම් පත පුළුවන් තරම් ඈතට විසික් කලා... මල අතැතිව ඇය මගේ නලලත සිප ගත්තා ..... සුබ පැතුම් එකතු කලා...
ඒ මමත් ඇයත් හමු වු අවසාන මොහොතත්,දිනයත් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ...
ඇය මගේ විවාහ උත්සවයට දින කිහිපයකට පෙර නිව්යෝර්ක් නගරය අතැර ගිහින් තිබුනා...ඇය සම්බන්ද කර ගැනීමට එකදු මාර්ගයක් ඉතිරි නොකොට ඇය නික්ම ගිහින් තිබුනා....
ඒ තරම් ආදරේ උණුසුම් වෙච්ච තොල් සිප ගැනීමක් ජීවිතේ කවමදාවත් විද නොතිබුන බව නම් සැබෑමය...
ඒ නමක් දෙන්න බැරි වුන බැදීමට මම අදටත් ආදරේ කරන බව නම් සැබෑවක්මය..
ඒත් ලෝකය ඉස්සරහ ඒ ආදරේ දියවී ගිය බවත් සැබෑවක්මය...
ඇය හදවතේ ගැඹුරැ කැනක නවාතැන් ගත්තේ අහඹුම විදිහකටය...
ඇගේ කතාව බොහෝ දේ සමාජයට හිතන්නට ඉතිරි කර ඇත... මෙවැනි නරැම පියවරැ අදටත් ජීවත් වෙති ඒ අතර දෙවිවරැ වැනි පියවරැද ජීවත් වෙති....දරැවන් මල් වැනිය ... ළමා මනසට,හිතට කා වැදෙන සියල්ල ඒ ළමයින්ගේ අනාගතේ වෙනස් කරනවාට සැකයක් නැත... යම්,යම් මානසික පීඩන ඔහුන්ව සදා කාලයටම මානසික රෝගීන් කරනවාට සැකයන් නැත....
සමාජයේ තවත් ලිලීයානලා බිහිනොවේවායි පතමු!
හිතන්නට දේ ඉතුරැ කරලා යන්නම්.....
කොටස් දෙකක් පුරාවට රැදී සිටියාට ස්තූතී..
_නිමි_
ළමා කාලය කියන්නේ සමස්ථ ජීවිතයේම පිළිබිඹුවක්........
ReplyDeleteසහතික ඇත්ත කුරැටු
Delete// හිතන්නට දේ ඉතුරැ කරලා යන්නම්..... // ඔව්... හිතන්න ගොඩක් දේවල් ඉතුරු වුනා... ඒක වචනයට පෙරලන්න බැරි තරම්...
ReplyDeleteනිර්මාණයක් අතින් ගත්තහම මේක හරිම සාර්ථක නිර්මාණයක්.. චරිත තුල ජීවත් වෙමින් කතාවට පණ පොවලා තියෙන විදිහ හරිම අපූරුයි..
බොහොම ස්තූතී තුශා....
Deleteපුරුෂාධීපත්‍යයෙ පැතිකඩ දෙකක්...
ReplyDeleteමට ෆොරස්ට් ගම්ප් මතක් උනා.
හ්ම්ම්.... යාළුවෝ දෙන්නගේ ෆිල්ම් එකද?
Deleteසංවේදී , කතාවක් නියමයි කිඹුලි . මෙහෙම අවසානයක් ගැන හිතුවේ නෑ මුලින්
ReplyDeleteස්තූතී සුදු අයියා...
Deleteනියම කතාවක්. මම හැබැයි හිතුවා අවසානය මේ වගේ දෙයක් වේවි කියල. මොකද, ඔය වගේ අමුතු චරිත පිටිපස්සේ බොහොම බරපතල, දිග ඉතිහාස කතා තියනවා. අත්දැකීමෙන් මම කියන්නේ.
ReplyDeleteඔව් ඔව් ඔය වගේ කතා ගොඩක් ඉවර වෙන්නේ ඔහොම....
Deleteගොඩාරියක් ලස්සනයි !
ReplyDeleteස්තූතී නගා
Deleteමිනිස්සුන්ගේ අභ්‍යන්තරය සහ ඉතිහාසය ගැන හැදෑරීමක් නොකරනතාක් ඒ මනුස්සයා ගැන පූර්ව නිගමනයකට එන එක වැරදියි කියන දේ නැවතත් තේරුනා... වර්තමාන සමාජය කොයිතරම් නම් මිනිස්සුන්ගේ ගතිගුණ හැසිරීම් වෙනුවෙන් චෝදනා කරනවද...
ReplyDeleteඅනිවාර්යෙන් අම්බලන් අපි මිනිස්සු දිහා බලලා තීරණ වලට එළබෙන්න හොද නෑ....ඒ හැම හැසිරිමක් පිටි පස්සේ හිතට කා වැදුන කතාවක් තියෙන්න පුළුවන්
Deleteඅමන මිනිස්සු නිසා විනාශවන ජීවිත....
ReplyDeleteහිතපුනැති අවසානයක් සහ හිතන්න ගොඩක්දේවල් ඉතුරුකරපු අවසානයක්....
ජයවේවා....
ස්තූතී කටුසු.....හිතන්න දෙයක් ඉතිරි කරන්න ඕනා වුනේ
Deleteලස්සනයි, දිගටම ලියන්න.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
මිනිස්සු අමන නෑ..අමන ඒ මිනිස්සු එක්ක ඉන්න සිතිවිලි..නපුරුයි..හරි හිතුවක්කාරයි..කතාවෙ පියා ජීවත්වෙන්නෙ පීඩනයක් මැද,පිරිමි ලමයෙකු නොලැබීමේ පීඩනයමැද.ඇය පලිගන්නව..1මවගෙන්2දරුවගෙන්...සාර්තකයි ඔහුගේ පලිගැනීම..මෙය පියාගේ ක්‍රිය්යාවලිය සාදාරනී කරනය කර මවට චෝදනා පැටවීමක් හෝ...පියාට චෝදනා කර මවටහෝ දරුවාට චෝදනා පැටවීමක් නොවේ.....අනික් කරුන අක්කෙ ඔය ප්‍රේම කේස් එක කෙසේ වෙතත් පලිගැනීම් සිද්දියනන් ලංකාවෙ හැම තැම සිද්ද වෙනව...බහුල වශයෙන් ඕකට හේතුව වෙන්නෙ මේ සංවුත්ත සංස්කෘතිය හා කියාගන්නා සදාචාරය....ආය කතාව පැත්තට යන් මිනිසෙක් වශයෙන් ජීවත්වෙද්දි ලිංගික අවශ්යතාව බොහෝ අවස්තාවලදී පැන නගිනව.....මවගෙන් ඒදේ පියාට නොලැබෙද්දි දුවගෙන් ඒදෙ ලබාගත....අතිශය කුරිරුයි.....
ReplyDeleteඒ කියන්නෙ අවශ්යතා නොලැබෙද්දි මිනිස්සු කුරිරු වෙනව නේද??අනෙක් කරුන මේ සමාජයේ පුර්ශයාට මූලික බලය ලබාදීල තියෙන්නෙ කවුද ගැහැනියමයි නේද??ඇයි පුර්ශයට හා ගැහැනියට සමානව ජීවත්වෙන්ඩ බැරි..කියයි පිරිමි හැඩි දැඩියි..ගැහැනු මෘදුයි සුකුමලයි කියල..ඉතින් මොකද??එහෙම නැතුව කොහොමද??කොහොම හරි අන්තිමට පීඩාවට පත්වෙන්නෙ ඔවුන්ගේම ක්‍රියාවලියේ අඩුපාඩු හින්ද...කතාවනන් ඇත්තටම මරු අක්කෙ...