අපි වව්නියාවෙන් නැග්ග කොළඹ බස් එකේ පිටි පස්සේ ෂීට් එකේ ,මම දකුණු පැත්තේ ජැනේලේ ලඟත් එයා මට එහා පැත්තේ මට කිට්ටුවෙනුත් ඉඳන් කිසිම කතා බහකින් තොරව ටික දුරක් ආවා.... එයාගේ ඉහෙන් කනින් දාඩිය දාන එක මම දැකලා දකුණු අතින් බෙල්ල වටේ දාගෙන හිටිය සල්වාරි අගින් දාඩිය පිහ දැම්මා ඒ වෙනකොට එයාට මාව අත ඇරෙයි කියන බයට මගේ වම් අතේ ඇඟිලි එයාගේ අතේ ඇඟිලි වලට හිර කරගෙන් හිටියේ.....මම දාඩිය පිහදාන මුවාවෙන් එයාගේ මුණේ දැලි රැවුල් ගස් ගණන් කලා..,එයා එක පාරම හිතපු නැති වෙලාවක මගේ ඇස් දෙකට එබුනා ..ඒ ඇස් වල තිබ්බ ආදරේ කියන්න ඕන වෙලා වගේ බැල්මක්....ඒ මම කෙලින් එයාගේ ඇස් බලපු දෙවෙනි වතාව....පලවෙන් වතාව සින්දමනි එක්ක කෝවිලේ පුජාවට ගිය දවසේ....මම ඉක්මනින් ඇස් එයාගෙන් ගලවගෙන ජනේලෙන් පිට ඈත පේන ගස් අතරින් බැහැගෙන යන ඉර රතුපාටට ගිනි තියපු වලාකුළු දිහා බලන් හීල්ලුවා.... ඒ එක්කම එයා මගේ අත අතඇරියම මම ආයෙත් එයා දිහා බැලුවා.. ඉදගෙන හිටපු තැනින් නැගිටලා අනිත් අතේ තිබ්බ ශොප්පින් බෑග් එක මගේ අතට දීලා පිටිපස්සේ කලිසම් සාක්කුවේ එයාගේ පර්ස් එකෙන් 500 කොලයක් අරන්,
"කොළඹට දෙකයි "කියලා
කොන්දොස්තර අයියට දුන්නා...ඉතිරි සල්ලිත් ආයේ පර්ස් එකේ දාගෙන එයා ආයෙත් මං ලඟින් ඉද ගත්තා... අපි දෙන්නම නිහඩයි මං කතා නොකලේ ඇඩෙයි කියන බයට... එයා කතා නොකලෙත් මට ඇඩෙයි කියලා හිතලා වෙන්න ඕනේ...ඒත් මට ඕන වුනා එයාට කතා කරන්න...අපි යන්නේ කොහේද අහන්න.... ඒත් ඒ කිසි දේකට වඩා බය කොයි වෙලාවේ හරි අප්පච්චිලා බස් එක නවත්වලා ශිවාවයි මාවයි මරයි කියලා..
මම එයාගේ දකුණු අත මගේ අත වක කරලා තදින් අල්ලගෙන එයාගේ උර හිසට ඔළුව තියා ගත්තා එයා ගාවින් හරි උස්නෙන් ආව දාඩිය සුවද මං නාස් පුඩු ඇතුලට ගත්තේ හරි ලෝබ කමකින්...ඒවා හරියට ඕඩික්ලෝන් ගාපු පොඩි එකෙක්ගේ සුවද වගේ... ඒ සුවදට මායම් වෙලාම තෙහෙට්ටු වෙච්ච ඇස් ඉබේම පිය වුනා.....
***************************************
මම ටිකකින් ඇහැරැනේ මගේ කම්මුල පුපුරන්න වැදුන කම්මුල් පාරට..ඒ වෙනකොට හිච්චි අයියත් මද්දුම අයියත් ශිවාගේ බෙල්ලෙනුත් අල්ලන් වෙර දාගෙන ගහනවා....
"අනේ අත ඇරපල්ලා"
"පරට්ටි තෝ හිතුවද ?මේ දෙමළ කඩප්පුලියා එක්ක තොට පවුල් කන්න ලැබෙයි කියලා" ලොක් අයියා වියරැ වැටිලා කෑ ගැහැව්වා..
ඒ අතරින් පෙනුන අප්පච්චිට කන්නලව් කරනවා ඇරෙන්න අයියලාට කියන එකෙන් වුනේ ශිවා තව , තවත් ගුටිකාපු එක..,,
"අනේ බුදු අප්පච්චී ශිවා අත අරින්න කියන්න අප්පච්චී .."
මම කෑ මොර දෙද්දී ලොක් අයියා අතේ තිබ්බ පිහියෙන් ශිවාට ඇන්නා ඒ පිහිපාරට ශිවාගේ පපුව පැලිලා ලේ සේරොම ටික මගේ මුනේ හැම තැනම විසි වෙලා සීතලට වේගෙන් පෙරෙන්න ගත්තා...මම පපුවට ගහ ගන්න ගමන්
"මාවත් මරලා දාපල්ලා ශිවා එක්කම " කියලා කෑ ගහලා අඩන්න ගත්තා...
මම දගලලා දගලලා ශිවාගේ ලේ ගෑවිච්ච ලේ පාර පිහාගෙන ඇස් ඇරියා.....
ඒ ශිවාය ....මට අදහ ගන්න බැරි වුනා
මගේ කම්මුලට හෙමින් තට්ටු කරන ගමන්
"මැණික ,ඇහැරෙන්න"
"ඒ මැණික"
"හ්ම්ම්ම්"
ඉබේම ආව කදුළු මාත්තු වෙන්න මම එයාගේ කමිස අතේ මුණ හංග ගත්තා...
"හීනෙන් බය වුනා නේද"
"ඔව්"
"තව ටික වෙලාවකින් එන්නේ අනුරාධපුර,අපි එහෙන් බැහැලා සර්වනාලගේ ගෙදර ඉදලා හෙට පාන්දර බස් එකේ කොළඹ යමු...දැන් කොළඹ ගියොත් රෑ ජාමේ වෙනවා...මට නම් අගු පිලක හරි ඉන්න පුළුවන් ඒත් මැණිකෙව එහෙම තියන්න මට බෑනේ...."
මම හෙමින් ඔළුව වැනුවා...
"ඒත් අපි කොළඹ යන්නනේ ටිකට් ගත්තේ "මම ඇහැව්වා...
"ඒකට කමක් නෑ,අපි මෙහෙම කරමු"
රෑ තිස්සේ කොළඹ මැණිකේ එක්ක තනි වෙන එක එච්චර හොද නෑ...
ඒ ඔහුමය අවුරැද්දකට ආසන්න වෙන්න ඇස් වලින් මග තොට කතා කල මං පරිස්සම් කරන්න උදේ හවා පෙනෙන දුරින් හිටිය මගේම ශිවා...මම මටම කියා ගත්තා ඒ ආදෙර් ආරක්ෂාව මම ප්‍රතය්‍යක්ෂ කර ගත්තා මටම කියා ගන්න බැරි සතුටකුත් එක්ක....
මගේ කල්පනා අතර සැරි සරද්දි කාලය ගත වුනා දැනුනෙවත් නෑ...අනික මුළු ජිවිතේම කැපකරපු උර හිසට බර දීලා ඉද්දී වෙලාව යන්නේ වේගෙන් ඒත් දැනෙන් නෑ
"අනුරාධපුර නිව් ටවුන් බහින කට්ටිය බහින්න"
කොන්දොස්තර කෑ ගැහැව්වේ නිදන් හිටි අයට ඇහෙන්න ...
අපිත් එක්ක තව කීප දෙනෙක් බස් එකෙන් බැස්සා...එතකොට වේලාව 8පහු වෙලා ඇති ...
ශිවා සර්වනාට කෝල් කරන්න ෆෝන් එක අතට ගත්තා...ඒත් අනික් අතින් හරි පරිස්සමෙන් මගේ අත අල්ලන් හිටියා...
"හලෝ"
"සර්වනා,ඔවම් නාන් බස් ස්ටෑන්ඩක වන්දට"
"සැරි...සැරි "
"සීකර වා මචාං"
"රොම්බ ටයඩා ඉරක"
"ඕකේ බායි ඩා"
ජංගමය සාක්කුවේ දාගෙන් ශිවා මගෙන් ලෙන්ගතුව ඇහැව්වා
"මැණිකෙට බඩගිනිද?"
මම "කොන්ජම්,කොන්ජම්" කියලා කට ඇද කරලා හිනා වුනා...
"ෂා ඔය අපුරැවට කතා කරන්නේ ටැමිල්,මිස්ටර් ශිවා කන්දසුවාමිගේ පොන්ඩාට්ටි වෙන්න ඉන්නකොට ටැමිල් තමා දැන ගන්න ඕනේ"
ඒ ඇස් සතුටින් දිලිසුනා... මම අඩන් නැතුව ඉන්න හිත හදා ගත්තේ මේ තරම් ආදරයක් දෙන ශිවාව අසරණ කරන්න බැරි නිසා...ඒ ඇස් වල දිලිහෙන සතුට දිය කරන්න බැරි නිසා....හැමදේම විසදුනාම අඩන්න බැරියෑ මම හිතුවා...
"අපි වඩේ කමු "
මම ස්ටෑන්ඩ් එකේ කෙරවලක ඉටිපන්දම් එළියෙන් වෙඩ් විකුණන සීයා දිහා බලාගෙන ඇහැව්වා
"සැරි ,,"
"මාමා"
"අපිට අන්ජි වඩ තමා ඕනේ"
"වඩ පහක්" මම ශිවාගේ මහපට ඇගිල්ල කොනිති ගහමින් කිව්වා..
ශිවා හිනා වෙවි "ඔව් පහක්..පහක්"
දෙන්නම හිනා වුනා...ශිවා වඩේ කෑල්ලක් මුලින්ම මට කැව්වා
"ඒවා වෙනදට රස නැති පරිප්පු වඩේ අද ඒවයේ රස... "
මට ඉබේම කියවුනා
"මං කවපු හින්දද?"
"හ්ම්ම්"
කියන කොටම අපි ලගට ආව තරැණයෙකුයි, බබෙක් වඩා ගත්ත ගැණු කෙනෙකුයි...
"ඒ ශිවා,එප්පඩි ඉරක"
"නැල්ල තාන්"
"අක්කා සෞඛයමා...
"ඔවම්......තම්බී පොන්න රොම්බ අලගා ඉරැක"ඒ අක්කා එහෙම කියලා හරි සිත්ගන්නා විදිහට හිනා වුනා
මට එහෙන් මෙහෙන් දෙමළ තේරැනාට ඒ වෙලාවේ නම් මෙලෝ දෙයක් හරියට තේරැනේ නෑ...
සර්වනා අන්නා,අක්කා, මේ තමා චාරැනි..
ඒ දෙන්නම හරි ලෙන්ගතු හිනාවක් පෑවා ...
හරි අපි යමු එහෙනම් නැත්තම් ටව්න් එකේම ආගිය කතා එක්ක එළි වෙයි....
සර්වනා අන්නා හිනා වෙවි කිව්වා
අපි එයාලගේ කාර් එක තියෙන තැනට ටිකක් ඇවිදගෙන ගියා...මමත්,අක්කත් පිටි පස්සේ අසුනෙත් ශිවා ඉදිරි අසුනටත් ගිහින් ඉදගත්තා ... මම ඒ ගැන නම් ඉදියේ හිතේ නෝක්කාඩුවෙන්...
කාර් එක යන්න පිටත් වෙද්දි පටන් ගක්ත එයාලගේ කතා බහ ....කොක් හැඩලිලි හිනා මාව වටපිටාවේ තිත්ත කළුවර එක්ක තනි කරලා දැම්මා...ශිවා කිප පාරක් "නේද චාරැ" කිව්වම මම "ඔව්" කියලා කිව්වා මතකයි..
මම කරැවලේ ජිවිතේ හොයන්න ගත්තා මම මේ යන්නේ කොහෙද? කරන්නේ මොනවද? කියන එක ගැන හිතේ තිබ්බේ අපහැදිලි බවත් එක්ක...ඒත් මම මෙහෙම ශිවා එක්ක නොඑන්න හෙට වෙද්දී අයියලා ශිවාව සදහටම මේ ලොකෙන් තුරන් කරන්න ගියා.....ඒත් මං ගත්ත තීරණේ හරිද? වැරදිද? මට හරි දෙගිඩියාවක් හිත පුරා ඇදෙන්න ගත්තා
_මතු සම්බන්ධයි_
බොහොම අන්තරාදායක ගතියක් දැනෙනව මට චාරුනී ගැන... මගේ හිතේ සැකේට වෙන්න ඇති.. කතාව ලස්සනයි ශානු..
ReplyDeleteඅපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා ස්තූතී අම්බලමෝ
Delete//මම කරැවලේ ජිවිතේ හොයන්න ගත්තා මම මේ යන්නේ කොහෙද? කරන්නේ මොනවද?
ReplyDeleteඅපටත් මේ ප්‍රශ්ණෙ තියනව අක්කි :)
අනේද කියන්නේ;)
Deleteමට එහෙන් මෙහෙන් දෙමළ තේරැනාට ඒ වෙලාවේ නම් මෙලෝ දෙයක් හරියට තේරැනේ නෑ...///
ReplyDeleteඅම්මපා.. මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා.. මේ ලෝකෙ හසරක් තේරුණේ නෑ... වෙන දෙයක් බලං ඉමුකො ඉතිං නේ... සබ්ටයිටල් නැතිව ග්‍රීක් පිච්චර් එකක් බලනව වගේ හැක්
+++++++++++++++++++++++++++
Deleteඔතන තියෙන්නේ සරල දෙමලනේ මහියෝ... සැරි සැරි බලන් හිටු ඊ ලග කොටස එනකම්
Deleteකටුස්සා මොකද වැට බැදලා
කතාව පට්ට........... ඇත්තට ම හොද ගලායෑමක් තියෙනවා...... ටිකක් උඩින් පල්ලෙන් තමා කියෙව්වේ.... ඒත් වැඩේ පැහැදිලියි.... ජයවේවා...
ReplyDeleteහැක් උඩින් හරි කියෙව්වනේ මරැ
Deleteඔහොම යං බස් එකේම. හැබැයි හොඳ රස උළුඳු වඩේ තියෙන්නේ වවුනියාවේ. අනුරාධපුරේ හුඟක් තැන්වල තියෙන වඩේ සවුත්තුයි.
ReplyDeleteශීට් එක සහ සීට් එක පටලවා ගන්න එපා sheet seat
එහෙමයි මාමේ මම හදන්නම් ඒක..... වඩේ කතාව නම් සහතික ඇත්ත...දෙමල අයට වඩ හදන සීන් එක හොදට පුළුවන්....
Deleteහොඳ කථාවක් පටන් අරන්.
ReplyDeleteඑහෙමෙයි රැදී සිටින්න හොදේ
Deleteලස්සන කථාවක්, මගේ හිටපු බොසා ඊයේ කසාද බැන්දා, බොස් සිංහල බැන්දේ ටැමිල් ලෙක්චරර් කෙනෙක් පේරා කැම්පස්, කතාව කියවද්දී ඒක මතක් උනා.
ReplyDeleteෂා මරැ... මේ කතාව ලියද්දි ඔහොම කපල් මතක් උනා මටත්
Deleteහරිම ලස්සනයි අක්කෙ.
ReplyDeleteමේදාවි සාදරෙන් පිළිගන්නවා මේ ඉසව්වට...ස්තූතී
Deleteකිඹුලිට ජය වේවා!!! ^_^
ReplyDeleteඅමාටත් ජය
Deleteදෙමළ ටික නොතේරුනාට කතාව තේරුම්ගන්න පුළුවන් අවුලක් නැතුව. පරක්කු කරන්නේ නැතුව ඉතුරුකොටස දාන්න.
ReplyDeleteජයවේවා.....
දෙමල ටික සිංහලටත් ලියන්න තිබ්බේ කියලා හිතෙනවා දැං.... කමක් නෑ ඊලග කොටසෙදි එහෙම කරන්නම්... ඉක්මනින් ලියනෝ
Deleteහරි....හිත කඩා වට්ටන සීරිස් එකක් පටන් ගන්න යන්නේ!
ReplyDeleteහා හා හිත නොවට්ටගෙන කියවමු නාඩි මලේ
Deleteකඳුළු ටම ගැලපෙන කතාවක් වගේ...
ReplyDeleteලස්සනයි...
එහෙමද කදුළු .... සාදරෙන් පිළි ගන්නවා මේ පැත්තට
Deleteයේක යශ්ශන කතාව තම...යික්මන්ට් යිතුරුව ලීන්ඩ..
ReplyDeleteහි... හි... ඉතුරැව ලියලා තමා තින්නේ
Deleteපැනල යන එක හරිද වැරදිද.. සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්නයක්.
ReplyDeleteඔව් යසිත්... ඔය වැඩේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්නේ
Deleteඅඩේ අප්පා...... මේක මට මගහැරිලා නේ..
ReplyDeleteතව ඩින්ගෙන් මේක මගේ කතාව වෙන්නත් ඉඩ තිබ්බ. හෙහ් හෙහ්.. කතාව නම් හොඳට ලියල.
ආන්ඩවරේ... මං මොකුත් කියන්නෙම් නෑ නෑ නෑමයි ස්තූතී හොදේ
Delete