අපි පැය බාගෙකට විතර පස්සේ සර්වනා අන්නලාගේ ගෙදර ආවා ඒ වෙනකොට එයාලා කෑම කාලා හිටියේ ඒත් අපිට කන්න කියලා ඉට්ලි පංලුවක් ඉතිරි කරලා තිබුනා...අක්කා අපිට නිදන්න කාමරේ පෙන්නලා ඇදුමකුත් ටවල් දෙකකුත් ඇද උඩ තියලා පොඩි එකාව නිදි කරවන්න අරන් ගියා සර්වනා අන්නා,
"තමන්ගේ ගෙදර වගේ ඉන්න"කියලා මහා හයියෙන් කොක් හඩලලා හිනා වෙලා ශිවාට ඇහක් ගහලා නිදන්න යනවා කියලා ගියා
මෙලෝ හසරක් තේරැමක් බේරැමක් නැතුව මම ඇදේ කොනක වාඩි වෙලා හිටියා...ශිවා මගේ ලගින් වාඩි වෙලා ඔළුව අත ගෑවා...නලල හෙමිහිට ඉඹ ගත්තා ...
"මැණික"
"හ්ම්ම්"
"අපි ඇගපත සෝදන් ඇදුම් මාරැ කර ගමු දවල් ඉදන් එකම ඇදුමෙන්නේ"
මම ලැජ්ජාවට "හ්ම්" කිව්වා මිස වෙන උත්තරයක් දුන්නේ නෑ...
"මේ සිලි උරේ තියෙන්නේ මැණිකට ගත්ත සල්වාර් එක"ශිවා සිලි උරේ මට සික් කරා මම සිලි උරේ ඇරලා සල්වාර් එකේ හැඩ බලද්දී
ශිවා කමිසයේ බොත්තම් ලිහිල් කරලා ඇද පත්තේ දමලා තුවායත්,සරමත් අරන් ඇගට වතුර ටිකක් දා ගන්න ගියා...මම ඇද පත්තට ඔළුව තියන් කල්පනා කලේ මම ගෙදර අවුලලා ආව ගින්න නිසා අප්පච්චිත් අයියලත් වියරැවෙන් වෙඩි කාපු කොටි වගේ අපිව හොයනවා ඇති කියලයි..අම්මා ඇඩු කදුලින් මැරි මැරි ඉපදෙනවා ඇති කියලයි...නොදැනිම කඩන් වැටුන තුන් මුලස් කදුලක් දබර ඇගිල්ලක් දරා ගන්න ස්පර්ශයට මම තිගැස්සිලා ඇහැරැනා...
"මැණික ගිහින් එන්න"
මම ඔළුව වනලා ගියේ දවල් ඉදන් දාඩිය හපුටු ගද යනකම් නාගන්න...
මම කාමරේට ඇතුල් වෙද්දී ශිවා ආයෙමත් කතා කලා
"අපි දෙන්නම බඩ ගින්නේ ,යමු කන්න"කියලා
ශිවා ඇදෙන් නැගිට්ටා මමත් ශිවා පසු පස්සෙන් ගියා...අපි කෑම මේසෙන් ඉදගෙන භාජන වල තිබ්බ කෑම වහලා තිබ්බ පිගන් ඇරියා...මට කටට කෙල ඉනුවා බඩ ගිනි වැඩි කමටඒවයේ තිබ්බේ කිරි සුදුම සුදු ඉට්ලියි,බොර සාම්බාරැ හොද්දකුයි
මම ශිවා ලගින්ම ඇගේ ගෑවී නොගෑවී ඉද ගත්තා...ඒ වෙලාවේ මගේ හිතේ තිබ්බ දෙයක් ශිවාට කියන්න ලොකු ඕන කමක් තිබ්බා...
"ශිවා" මම එහෙම කකා කලේ රහසින්
" ඇයි මැණික"
"සර්වනා අන්නගේ බැල්මවල් මට අල්ලන් නෑ"
"ඉතින්,නොඅල්ලා ඉන්න" හිනා වෙන ගමන් ශිවා කිව්වා ,මම ශිවා දිහාවට නෝක්කාඩු බැල්මක් එලුවා....
"ඉට්ලී තරම් මිනිස්සු සුදුත් නෑ "කියලා
එයා ඉට්ලී දෙකක් පිගානට දා ගත්තා... ඊට පස්සේ සාම්බාරැ හොද්ද කලත්තලා රටාවකට ඉට්ලී උඩට වක්කර ගත්තා...මම ඒ දිහා බලන් හිටියේ හරි කැමැත්තෙන්
ටික වෙලාවකින් එයා චිරි...චිරි ගාලා ඉට්ලී සාම්බාරැ එක්ක ඇනුවා හරියට පෙදරේරැවෙක් වගේ... මට එහෙම හිතිලා හිතින් හිනා ගියා
ඔන්න ටිකකින් ආයේ සාම්බාරැ හොදි වල තිබ්බ ගොරකා පිගානේ අයිනකින් තියලා
"ගොරකා තරම් මිනිස්සු කළුත් නෑ මැණික..." කියලා
පලවෙනි ඉට්ලී කට මට දික් කරා.....
මම හරිම රස ඉට්ලී කෑවේ එදා....
ශිවා ඉට්ලී දෙකම මට කවලා,එයත් කෑවා..පස්සේ අපි මේසේ අස් කරලා නිදන්න ආවා...ඒත් හිත දෙගිඩියාවෙන් තිබ්බේ,කොහොමද නොබැදපු මනුස්සයෙක් ලග නිදන්නේ කියලා...ඒත් මම මගේ පණ තරම් මේ මනුස්සයව විශ්වාස කරනවා...මම මටම කෙදුරැවා
ශිවා බිම නිදන්න යද්දී මං එයාව නවත්වලා මං ලග ඉන්න කියලා කිව්වා......ශිවා කොට්ටේ ඔළුව තිබ්බම මම එයාගේ අත දික් කරලා මැණික් කටුවත් අල්ලත් අතර ඔළුව තියා ගත්තා ...
"මැණික,අපි හෙට කොළඹ ගිහින් රෙජිස්ටරෙන් බදිමු"
"හ්ම්"
"ඊට පස්සේ හැමදාම ආදරෙන් ඉමු"
ඒ වචන ටික ඇහෙද්දී ශිවාගේ හුස්ම පහර මගේ වම් කන ලගින් ඉගිලිලා හීන් සීතලක් ගෙනාවා ඒ එක්කම වෙඩි සද්දෙකට ගැස්සිලා ඇහැරැනා......
*************************************
"ආ මනමාලී , නැගිටිනවා...අන්න අන්දන කෙනා ඇවිත්"ඒ පුංචම්මාගේ දුවය,
දෙයියනේ ඒක හීනයක්,මම මටම කියා ගත්තා,
මම අව සිහියෙන් හිටිය බව මතකයි... එක එකාගේ පෙරැත්ත කිරිල්ලට ලක ලැස්ති වුනා...සුදුම සුදු මල් කලඹකුත් අතෙන් අරන් පෝරැවේ චාරිත්‍ර වලට සහභාගි වුනා...මනමාලයා වුනේ සුමේද ,ලොක් අයියගේ කොළඹ යාළුවෙක්...ඒත් ශිවා... මම හුස්ම ඉහල පහල කරන ගමන් හිල්ලුවා.... නැදෑ හිත මිතුරන් එක්ක ගෙවුන මගුල් දවසේ අවසාන චාරිත්‍රය ගෙදර හැමෝටම වැදලා අවසර අරන් සුමේද එක්ක කොළඹ යන්න තිබුන වෙලාවේ මම වැලහින්නක් වගේ අඩනවා දැකලා ලොක් අයියා ලගට ඇවිත් කාටත් නොතේරෙන්න කනට කරලා
"උඹ නවත්තන් නැද්ද ඕක"
මං ඇඩුවේ "අනේ ලොකු අයියේ " "බුදු ලොකු අයියේ"කියලා
මගුලට ආව කවුරැත් කතා කලේ අයියගෙය් නංගිගෙයි සහෝදර බැදීම ගැන කියලලු,අම්මා මගුලට සති කීපයකට පස්සේ කිව්වා ඒත් මං ඇඩුවේ ශිවා ගැන කියලා බව කවුරැත් දැනන් හිටියේ නෑ....
**********************************
මමයි සුමේදයි කොළඹ ආවා.. සුමේද එක්ක ජිවිතේ අවුල් කරන් ගෙදර යන්න සිද්ධ වෙන වැඩම කලත් සුමේදගේ ඉවසීම මාව වෙනස් කලා....ඒකට සුමේදට මං වෙනුවෙන් අවුරැදු තුනකට වඩා බලං ඉන්න වුනා...අම්මලා වවුනියා ඉදන් මාව බලන්න ආවත් මම ගෙදර ගියේ කලාතුරකින්...ඒකට අම්මා නෝක්කාඩු උනාට අයියලා කිව්වේ සුමේද දාලා එන්න බැරි කමට මං ගෙදර නොඑනවා කියලා...සුමේද එක්ක මම ආදරෙන් බව ගෙදර අයට ඇගෙව්වට අපි අතර කිසිම සම්බන්දකමක් තිබ්බේ නෑ....ඒත් සුමේද මාව ඉවසා දරා ගන්න,ගන්න මගේ ජිවිතේ කතා එයා ඉස්සරහ ලිහන්න මට ඕන වුනා....අවුරැදු 3 ක් ගියත් කිසිම විදිහකට ශිවා ගැන ආරංචියක් ලැබුනේ නෑ...අඩුම ගානේ මාව හොයන් එන්න හරි මං ශිවා එක්ක පැනලා යනවා.....මම එහෙම හිතලා හුල්ලලා මැරි,මැරි ඉපදුනා....
*************************
එදා පෝය දවසක් සුමේද තනියම සිල් ගන්න පන්සල් ගිහින් ආවේ වෙනද මුනෙන් නෙවේ කියලා දැනෙන්න මට ගොඩක් වෙලා ගියේ නෑ....හවස හදලා ඔෆිස් මේසයේ තිබ්බ තේ කෝප්පයේ තේ ඇල් වෙලා තිබ්බා....සුමේද මිදුලේ බංකුවේ බර කල්පනාවක හිටියා..
අපි අතර බැදීමක් නැති උනත් මං එයාගේ වයිෆ් විදිහට හැම යුතුකමක්ම ඉටු කලා ... ඉතින් මාත් මිදුලට ගිහින් සුමේදට ටිකක් දුරින් ඉද ගත්තා
"අසනීපයක්ද? ආව වෙලේ ඉදන් වෙනස්"
"නැහෑ"ඒ වචන වෙව්ලන ගතියෙන් කිව්වේ
"හ්ම්"
මම හෙමින් එතනින් නැගිටලා යන්න හදනකොට එතෙක් මෙතෙක් මගේ කෙස් ගහක්වත් නොල්ලපු සුමේද මගේ අතෙන් අල්ලන් සාලයේ මැදට ඇදන් ආවා
" මොකක්ද දෙයියනේ මේකේ තේරැම,මේ පින්තූර වලට විතරද අපි බැන්දේ... " සාලේ එල්ලලා තිබ්බ මගුල් පින්තුරෑ පෙන්නලා ඇහැව්වේ ඒ ඇස් වල කදුළුත් පුරෝගෙන
හිතේ වේදනාවත්,තදින් අල්ලන් ඉන්න අතේ වේදනාවත් එක්ක මගේ ඇස් වලින් කදුළු පැන්නා...සුමේද අත අතැරලා ඔෆිස් කාමරෙන් අරන් ආව ලියකියවිලි ගොන්නක් මට දික් කරා...
"මට තවත් මේ දේවල් දරන්න බෑ චාරැ,මේ තියෙන්නේ මගේ හැම සතයක්ම ඔයාගේ නමට ලියපු පේපර් ටිකයි,දික්කසාද පේපරැයි,ඔයා දැන් හුල්ලන්න ඕනේ නෑ... කැමති තැනකින් ජීවිතේ පටන් ගන්න පුළුවන්...මම පංසලට යන්න හිතුවා මට මේ හැම දේම තේරැමක් නැති වෙලා.මම ලොකු හාමුදුරැවෝ එක්ක කතා කරන් ආවා හැමදේම...මං දන්නවා ඔය හිතේ ඉන්න කෙනාගේ තැනට මට එන්න බෑ කියලා ඒත් අඩුම තරමේ ඒ කතාවවත් කියන්න"කියලා සුමෙද කාමරෙට ගියා
මම තක්කු මුක්කු වෙලා කෑ ගහලා ඇඩුවේ මගුල් දවසට පස්සේ අද..ඒත් මං අඩන්නේ සුමේද නිසාද?ශිවා නිසාද කියලා මං දන්නේ නෑ...පැය ගානක් අඩපු මාව ඉස්සරම දවසක සනසපු සුමේද අද නෑ...මේ මනුස්සයා මොකක් හරි කර ගනි කියලා හිතපු මම කාමරේට ගියා.ඇදේ ඉදගෙන නිහඩව අඩන ඇස් දැකපු මට සුමේදගේ කකුල් ලග වැටිලා සමාව ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.....මම 'ම
"අපි ආයේ ජිවිතේ අලුතින් පටන් ගමු "කියලා
ඒ කකුල් දෙක අල්ලලා අඩද්දී ඒ පිරිමි රළු කදුළු මගේ උර හිසේ හැට්ටේ තෙමාගෙන කිදා බැස්සේ පපුවට කියලා දැනුනා...ඒ අපි ඇඩුව අන්තීම දවසම වුනා....
සුමේදගේ ආදරේ මුළු ලෝකෙම කකුල් දෙක ලගට ගෙනත් දෙද්දී ශිවා නිසා අවුරැදු ගානක් වන වෙච්ච තුවාලය සනීප වෙලා ගියා... ඒත් ඒ ආදරේ හිතේ කොනක වැට බැදලා හිර කරලා දැම්මේ චුට්ටං බට්ටිත්තෙක් අපේ ලෝකෙට ආවට පස්සේ...පොඩ්ඩා නිසා සුමේදත් මාත් ආදරෙන් බැදෙන්න ගත්තා..අම්මගේ ඇවටිලී කිරිම එක්ක අපි පුතාට අවුරැදු දෙකක් වෙද්දී සතියකට විතර අවුරැද්දට වව්නියා යන්න තීරනේ කලා ..සුමේදගේ හිතේ තිබ්බේ බයක් මම ආයෙ වෙනස් වෙයි කියලා...ඒත් අතීතේ සිද්ද වෙච්ච කිසි දෙයක් සුමේද දැනන් හිටියේ නෑ... ඒ හැමදේම දැනන් හිටියේ ලොක් අයියයි,මමයි විතරයි...
**********************************
අපි අවුරැදු නිවාඩුව අල්ලලා වව්නියා ගියා... ලොක් අයියා එක්ක අවුරැදු හතරක් නොක්කාඩු වෙලා කතා නොකරම අත ඇරලා තිබ්බා දැන් කියලත් ඒකෙ වෙනසක් තිබුනේ නෑ හිච්චි අයියයි,මද්දු අයියයි ඒ වෙනකොට බැදලා හිටියේ...එයාලා එක්ක නම් අමනාපයක් තිබ්බේ නෑ ඒත් මම නිහඩ චරිතයක් වුනා ...අම්මා පුතු අතින් අරින් නෑ ...අප්පච්චී වුනත් කොල්ලට හරියට ආදරේ කලා...ඒ නිසාම අම්මලා ලග පුතු තියලා මමයි සුමේදයි වව්නියා ටවුන් ආවා ටිකක් ඇවිදලා අම්මලාට මොනා හරි ගන්න...අපි කාර් එක පාර්ක් එකක දාලා ඇදුම් කඩ වල ඇවිද්දා...
හදිස්සියෙම අපි හිටිය කඩේට කඩන් වැදුන දෙමල මනුස්සයෙක්
"එන් වුඩය පොන්ඩාඩි ඉන්ද වන්දිටයා"
(මගේ බිරිද ආවද මෙහෙට)
කියලා මගෙන් ඇහැව්වා...අතේ තිබ්බේ කිලුටු සල්වාරියක් දාපු සිලි බෑග් එකක්...
කඩේ අයිතිකාර මුදලාලී ඇවිත්
"ඉල්ල ,,,ඉල්ල නී පෝ" කියද්දී ඒ මිනිහා අඩන ගමන් කිව්වේ "නී පොයි සොල්ල අවන් වැරම්"(ඔයා බොරැ කියන්නේ එයා එයි)ඒ එක්කම
" එන්ග පෝර ශිවා මහත්තයා ,වා...වා.."කියලා
කඩේ ඇතුලට ආපු මනුස්සයා පිස්සු මනුස්සයව කඩෙන් එලියට ඇදන් යන්න තැත් කරා මම එතනට ලං වුනේ මුත්තු කියලා කතා කරලා
"පුංචි නෝනා,මේ අපේ ශිවා මහත්තයා කෙල්ලෙක් බුට් තියලා තමා...ඒදි ඉදන් ඕම"
ඒ ඇස් ශිවාගේ......
"දෙයියනේ ශිවා"කියලා කියනවා මතකයි, එතනින් එහාට මට මිනිස් කට හඩක් ඇහුනේ කොයි වෙලේද කියන්න මං දැනන් හිටියේ නෑ...
ඇස් ඇරෙද්දී මම හිටියේ මගේ කාමරේ ඇදේ හාන්සි වෙලා ,ලග හිටියේ ඔළුවට අත තියන් මං දිහා බලාගෙන සුමේද....ඉස්තෝප්පුවෙන් ඇහෙන අප්පච්චිගෙයි අයියගෙයි කතා බහ.....
"පුතා"මම කෙදුරැවා
"අම්මා ලග චාරැ,ඔයාට දැන් කොහොමද"
මෙච්චර දෙයක් වෙලත් එක වචනයක් නාහා මං ගැනම අහන මේ තරම් ආදරේ කරන මනුස්සයට හැමදේම කියලා හිත නිදහස් කර ගන්නවා ඇරෙන්න මට කරන්න ඕන දෙයක් තේරැන් නෑ....
"සුමේද මං මහා පව්කාරියෙක්" මං ඒ පපුවේ හෙව්වේ සමාවක්...
"ඒ දැක්කේ ශිවා... මං මහා ගොඩක් ආදරේ කරපු මනුස්සයා...මං හින්දා පිස්සෙක් වෙලා අවුරැදු හතරකට පස්සෙත් විදවනවා සුමේද"
.....මං ඉකි බින්දේ හුස්ම හිර කරන්...සුමේද එකම ඉරියව්වෙන් මාව පපුවට ලං කරන් ඇහුම්කන් දුන්නා...
"අපි අතින්වත් අල්ලන් නැතුව ආදරේ කලා ඒත් ලොක් අයියට අන්තිමෙට හැමදේම අහු වුනා...මං ඔයා නොබැන්දොත් වව්නියා ටවුන් එකේදි ශිවාව ගිනි තියලා මරනවා කියලා ලොක් අයියා තර්ජනේ කලා....ඒත් අන්තිමෙට ශිවා මගුල් දවසට,දවස් දෙකක් කලින් මට ලියුමක් සින්දමනි අතේ එව්වා ... මගුල් දාට ඉස්සරින්දා දවල් පැනලා යන්න...එයා මට සල්වාරියක් ගත්තා ඒක ඇදන් අපි බදින්න යමු කියලා...ඒත් ලොක් අයියට ලියුම අහුවෙලා,සින්දමනිට මොකුත් නොවුන ගානට දෙන්න කියලා අයියා මට හැමෝටම හොරෙන් එදා කිව්වේ මේ මගුල නොකෙරැනොත් උඹ විතරක් ඉතුරැ වෙන්න ශිවා විතරක් නෙවේ , මුළු පවුලම ගිනි තියා ගන්නවා කියලා...ලොක් අයියා කියන්නේ කියපු දේ කරන කෙනෙක්...ඒ නිසා මට එයා කියන දේ අහන්න වුනා .... "
"ඒත් දෙයියනේ මගේ පපුව පැලිලා මැරෙයි මං කරපු පව්කාරකමක් ....."
ඒ එක්කම කාමරේට ඇතුල් වුනේ ලොක් අයියා...
"චුටී...." කියද්දීම......
"මීට පස්සේ මගේ ලොක් අයියා මැරිලා,සුමේද මේ දැන්ම අපි කොළඹ යමු"
"අප්පච්චීයි,අම්මයි පොඩි එකා ලග ඇහැරෙයි කියලා ටිකක් හෙමින් කතා කරමු" ලොක් අයියා හෙමීට කිව්වා
"තව මොන කතාද තමුසේ එක්ක...මීට වඩා එදා මට ගිනි තියලා මැරැව නම් හොදයි"
සුමේද නැගිටලා "ඉවසන්න චාරැ" කියලා ලොක් අයියට ඇගිල්ල දික් කරලා බැන්න එක නවත්තලා ඇදේ ඉන්දෙව්වා
"චුටී... උඹට තිබ්බ ආදරේට තරවටු කලාට..මිනීමරැවෙක් නෙවයි බං මම... උඹලා කවුරැ කවුරැත් බැදලා ගියත් මම තාම තනිකඩ ඇයි කියලා උඹ හිතුවද?....ඒ ශිවා මල්ලී නිසා .. ශිවා උඹ නැති වුනාම පිස්සෙක් වුනා කියලා දැන ගන්නකොට මං මටම සාප කර ගත්තා ...පවුලේ එකම දරැවට වෙච්ච දේට ශිවාගේ අම්මා හුල්ලලම මැරැනා.... පස්සේ ශිවාව මං මේ ගෙදරට ගෙනත් බෙහෙත් කලා ,බලා ගත්තා,වචනයක් කතා නොකර බලාගත්තඅත බලන් හිටිය ශිවා හිටපු ගමන් කතා කරලා ආයේ නිහඩ වෙනවා... උඹ එන නිසයි පොල්වත්තේ ගෙදරට මුත්තු එක්ක ශිවා පිටත් කලේ.... මම මැරෙනකම් ශිවාව බලා ගන්නවා චුටී... වැරදිකලේ මම වෙච්ච කොට....විදෙව්වේ උඹලා ඔක්කෝමල්ලා....මේ මහා රෑ දරැවා එක්ක තනියම කොළඹ යන එක හොද ගමනක් නෙවේ මම පොල් වත්තේ ගෙදරට යන්නම් අවුරැදු උදා වෙනකම් අම්මලා එක්ක ඉදලා යන්න චුටී..."
ලොක් අයියේ.... කියලා කකුල් දෙක කදුළු වලින් නෑවිලා යනකම් අඩනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් ඒ වෙනකෙට ඉතුරැ වෙලා තිබුනේ නෑ කිසිම දෙයක් හිතා ගන්න තරම් හයියක් මට තිබුනේත් නෑ...දෛයිවය කියන්නේ මේකට නම් ඒකට මුණ දෙන්නම වෙනවා.......
"දුක,
පොළොවට ලඟය
අහසට දුරය..
නමුත් අහසත් ,පොළොවත්
එකට එකතුව ඉහිලිය යුතුයි.."
_නිමි_
දෙයියෝ ..
ReplyDeleteහුම්ම ගන්නෙකත් නැවතිලා තිබ්බෙ කියාංකො..
කතාව හීනයක් කරල අන්තිම තත්පරේ ලෝඩ් සයිස් යූ ටර්න් එකක් ගත්ත නේද..
සැක් පව් සිවා..
මේක මේ තරම් දවස් පරක්කු කරපු එකට මගේ බලවත් මෙව්ව එක..
කතාව ලස්සනයි හොදේ.. ආයෙත් එකක් ලියමු ඉක්මණට.. ජයවේවා
මහියෝ හිතපු නැති යු එකක් ගැහැව්වා....සතියට එකක් ලියන්න වෙලාව හදා ගත්තා බං හිටින්කෝ සතියට දෙකක් ලියන්නම්... උඹටත් ජය මල්ලී
Deleteහපොයි දෙය්යනේ.... එකම දුක් කන්දරාවක්නේ..
ReplyDeleteහොඳ කතාවක්. කළු නැති, අළුපාට මිනිස්සු
ස්තූතී උපේක්ෂෝ... ලෝකේ හැමෝම අළුපාටයි ....
Deleteකාලෙකින් ලස්සන කතාවක්.
ReplyDeleteස්තූතී අහස් මල්ලී
Deleteniyamai...arambaya kiyogana eddi ..eka parata gahapu akunakin ...kathawa hinayak una wage....really sad about shiva..:(
ReplyDeleteමේ ළමයව පිළිගන්නවා මේ පැත්තට....බොහොම ස්තූතී
Deleteඑපා! ඕනේ නෑ!!! මොකුත් ඕනේ නෑ!
ReplyDeleteහෑ මොනැයි බොට ඕනේ නැත්තේ නාඩියෝ
Deleteහිතුවට වඩා සෑහෙන්න වෙනස්ම අවසානයක්. ඔයාට හොඳට ලියන්න හැකියාව තියනවා. ඇත්තටම මේ කතාව හොඳයි.
ReplyDeleteඑක දිගටම කියෙව්වා මම. සහෝදර ප්‍රේමය, වගේම රාගික ආදරය එකට එකතු කරලා බැලන්ස් කරලා ලියපු කතාවක්. නියමයි. Keep it up!
ස්තූතී මල්ලීයෝ ...හැකියාවක් නම් නෑ හිතෙන එව්වා ලියනවා ඉතිං...අපේ බ්ලොග් ලෝකයේ දක්ෂයෝ අතර මම තාම දෂම තිතක් ;)
Deleteමට පෙන්නන්න බෑ මොන හේතුවකට හරි ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න හදන මිනිස්සු ඉන්න කතා... කතා කරලා කියල දෙන එක නෙවෙයි මං කියන්නෙ.. තර්ජනය කරන එක , බ්ලැක්මේල් කරන එක වගේ දේවල්... තමන්ගෙ දරුවට හොඳක් කරන්නෙ කියල හිතාගෙන අපේ රටේ තාමත් අම්මලා තාත්තල පවා ඒ වගේ දේවල් කරනව.. එහෙම කරන එක හරි කියල හිතනව... ඒ උනාට ඒ පවුකාරකම කොහොම හරි පල දෙනව අන්තිමට... ඔය ආදරේ කියන එක හිටපු ගමන් හරි යන, ඒත් ගොඩක් දේවල් වැරැදෙන ජීවිතේටම ගන්න රිස්කිම තීරණයක්... ඒක මුළු ඇඟෙන්ම ( I mean that literally ) හිතලා ගන්න ඕනෙ තීරණයක්... එහෙම කරන නොකරන එක එක්කෙනාට වෙනස් දෙයක්.. ඒ වගේම ඒ ගන්න තීරණේ ගන්න ඕනෙ ඒ ජීවිතේ අයිති කෙනාම විතරයි... අපෙ රටේ ඉතිං එක එක්කෙනාගෙ ජීවිතවලට වෙන වෙන අයිතිකාරයොනෙ ඉන්නෙ...
ReplyDeleteඅම්මප ඇත්ත
Deleteහිරුගේ කතාව ඇත්ත.
Delete//අපේ රටේ ඉතින් එක එක්කෙනාගේ ජීවිත වලට වෙන වෙන අයිතිකාරයොනෙ ඉන්නෙ...//
Deleteහිරැවගේ කටේ මසුරන් දාන්න වටින කතාවක් මේක
කථාව බොක්කටම වැදුණා .
ReplyDeleteස්තූතී ලලිත් සහෝ
Deleteලියන්න ඕන දේවල් ලියල බැහැ බන්.. අති විශිෂ්ටයි ශානු...
ReplyDeleteඅනේව් ලියකෝ... තැන් කූ අම්බලමෝ
Deleteලොල්යැ
ReplyDeleteහරියැ
Deleteමට ඕනෙ ඒ හීනෙ. හීනෙ රහයි.. ශිවා පව්.
ReplyDelete..එක්කො සුමේදත් පව්.
අනේ මන්දා. ලස්සනයි අක්කෙ කතාව