යුද්දේ පටන් ගද්දි මම ඉපදිල හිටියේ නෑ ඒත් තාත්තා පොලිසියේ රාජකාරි කල නිසා දන්න කාලේ ඉදන් යුද්දේ ගැන අහන්න ලැබුනා,ඒත් යුද්දේ දැන් ඉවරයි අපේ මිනිස්සුන්ට යුද්දයක් තිබ්බදවත් මතක නෑ කොහොම නමුත් ටික කාලෙකින් හැමදේම අමතක කරන්න ලංකාවේ මිනිස්සු හරි රුසියෝ.
වෙඩි සද්දෙට අකුරැ ඇද වෙච්ච සරෝජලාට ශිවාලට විතරක් නෙවේ, කමනිලා රමනිලත් මායිම් ගම්මාන වල ඉදලා එක වගේ ඒ හැගීම් වින්ද කාලයක් තිබ්බා උතුරට ගිනි ඇවිලෙද්දී දකුණේ මිනිස්සු උතුරේ මිනිස්සු වෙනුවෙන් පල්ලී,පන්සල් කෝවිල් වැන්ද "දීපාවලී දාට දීපාවලී සඳ අරන් මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන් "කිව්ව කාලෙකුත් තිබ්බා,මම දැන් හිතන්නේ මිනිස්සුන්ට මේවා අමතක වුනේ කොහොමද කියලා මේ දේවල් හිතා මතා අමතක කලාද කියලා....
මම මායිම් ගමක නොහිටියට යුද්දේ ආදීනව ඒ දවස් වල මුළු රටටම බෙදුනා..මේ මගේ මතක බිදක්.....
ඒ දවස් වල මගේ තාත්තා පොලිසියෙන් අයින් වෙලා 89යේ විතර කොළඹ ලංකා බැංකුවේ වැඩට යන කාලේ ආයේ ගෙදර එයිද කියන එක විශ්වාස කරන්න බැරි කාලයක් වුනා... 1997 World Trade Centre බෝම්බේ පුපුරද්දි තාත්තා වැඩ කලේ ලංකා බැංකුවේ අපිට ඒ බව ආරංචි උනාට දැන් වගේ ජංගම දුරකතන තියා ගෙදර දුරකතනයක්වත් තිබ්බේ නෑ තාත්තට කොහොමද අහන්න .. මට එතකොට අවුරැදු 9යි අක්කට අවුරැදු 13 අම්මා අපිව එක්කගෙන ගිහින් අල්ලපු ගෙදර තියලා හන්දියට ගියා ගෙවල් ලග අක්කා කෙනෙක් එක්ක බැංකුවට කෝල් කරන්න ඒත් බැංකුවේ දුරකතන එකක් වැඩ කරලා තිබ්බේ නෑ එදා අපි හිතුවෙම අපේ තාත්තා අපිට නැති වුනා කියලා එදා ගමේ ගොඩක් අය අපේ ගෙදරට ඇවිත් හිටියා, තාත්තා රෑපවාහිනියේ ලිෆ්ට් වල හිර වෙච්ච අයව බේර ගන්නවා ගමේ කෙනෙක් දැකලා කිව්වම තමා දහ පාරට වඩා කලන්තේ දැම්ම අම්මගේ හිත පොඩ්ඩක් සන්සුන් වුනේ... එදා රෑ ගමේ හැමෝම අපේ ගෙදර තාත්තා එනකම් හිටියා තාත්තා රෑ 11 පහු වෙලා අත බැන්ඩේජ් කරන් මුණට ප්ලාස්ටර් දාගෙන ආවා... බෝම්බේ පුපුරනකොට තාත්තා ඉදලා තියෙන්නේ කැන්ටිමේ ඒ පුපුරන පීඩනේට කඩන් වැටුන වීදුරැ වලට තමා තාත්තා තුවාල වෙලා තිබ්බේ...තාත්තා විතරක් නෙවේ ගොඩක් අය ඒ වීදුරැ කෑලි වලට තුවාල වෙලා තිබ්බා සමහරැ වීදුරැ කඩන් වැටෙද්දි උඩ බලන්න ගිහින් ඇස් අන්ධ වෙච්ච අයත් සැහෙන්න ඉදලා..එදා තාත්තා ගොඩක් මළ කදන් වලට කර ගහලා තිබුනා. ඒ මුස්පේන්තු දවස් අදත් මගේ හිතට බයක් එකතු කරනවා..ඊට පස්සේ තාත්තා කොළඹ ගියේ මෝටර් බයික් එකෙන් බස් වල බෝම්බ තියෙයි කියන බයට...
2004 අපි මඩු පල්ලී ගිය වෙලේ දැනුනා යුද්දේ හින්දා අපි කොච්චර හිර වෙච්ච ජාතියක් වෙලාද කියලා, හමුදාවෙන් චෙක් කරලා නික්මිලා කිලෝමීටර් ගානකින් කොටි පාලනයට යටත් වෙද්දී ජීවිතේ අත ඇරලමයි අපි ගියේ කියලා හිතුනා. ඒ ගමන කොටි කටට ගියා වගේ මඩු පල්ලිය වැද පුදා ගත්තා වුනාට ඒ පාලනයට අපි යටත් කියලා දැනුනා, මඩු පල්ලිය ලග රෑ 9 වෙද්දි ලයිට් නිවලා දානවා මුළු පලාතෙම අපි පත්තු කරන ඉටි පන්දමක්,ලැන්තෑරැමක් ඇරැනු කොට හතර අතේම තිත්ත කළුවර ගිලලා,පාන්දරට නරි කෑ ගහනවා ලාවට ඇහෙන වෙඩි සද්දේ වල් ඌරැ දඩයමට කියලා තාත්තා කිව්වාට අපි සැනහුනා විතරයි ඒත් හිතේ තිබ්බ බය වෙනස් වුනේ නෑ..මායිම් ගම්මාන වල මිනිස්සු,යුද්දේට මැදි වෙලා කොච්චර විදින්න ඇද්ද කියලා අදටත් හිතෙනවා මම වින්ද බය ඒ මිනිස්සු වින්ද බය,වේදනාව දිහා බලද්දී දුවිල්ලක් තරම්වත් නෑ ඒ නිසා ඒ අය එක්ක මගේ අත්දැකීම් සම කරලා ඒ අයට අසාධාරණයක් කරන්න මම කැමති නෑ
2006 අන්තිමෙට යුද්දේ තදින් තියෙද්දි මුහුදු කොටි සිසීකඩ යද්දී ඩිංගි බෝට්ටු කිපයකින් වෙන්නප්පුව -මීගමුව මුහුදු තීරය පැත්තට ආවා කියන රාවෙට ගමේ මිනිස්සු හරි විපරමෙන් මරණ බයෙන් හිටිය කාලෙකුත් තිබ්බා,ඒ හැමදේම මට අකුරක් නෑර අදටත් මතකයි
ඒ ස්වර්ණමය අවුරැද්ද 2009 යුද්දේ සදහටම නතර කරන්න අපේ හමුදා සෙබළුන්ට ලේ විලක් මැදින් ගිහින් හරි පුළුවන් වුනා... ඒ කාලේ කොන්ද පන තිබ්බ මහින්ද කියන ඒ උත්තම පුරැෂ නාම පදය තිබ්බා සමහරැ වවන් කාපු යුද්දේ ඉවරටම ඉවර වුන ලංකාවකට උරැමකම් කියන්න අපි වාසනාවන්ත වුනා (මහින්ද රාජපක්ෂ කරපු වැරදි අනුමත කරන්න කියන් නෑ මං ,මම පාට පක්ෂ බේදයකින් තොරයි.. හොද මනුස්සයට හොදයි කියනවා..ඉතින් යුද්දේ ඉවර කරපු ගෞරවේ හැම සෙබලෙකුටම වගේම මෙතුමා අතරත් බෙදෙන්න ඕනා,මොකද ත්‍රිවිද හමුදාව හා පාලකයෝ අතර දම් වැලක් වගේ බැදීමක් තිබුන නිසයි යුද්දේ දින්නේ කියන දේ අපි අමතක කරන්න හොද නෑ කියන මතේ මම ඉන්නවා)
අපි වාසනාවන්තයි යුද්දේ දැන් ඉවරයි, ඒත් යුද්දේ අමතක කරන්න එපා යුද්දේ කෲර සලකුණු අපි අතර තාමත් තියෙනවා, අබාධිත සෙබළු ඉන්න කෑම්ප් එකකට ගිහින් බලන්න ඒ හැම සෙබලෙක්ටම කියන්න කතාවක් තියෙයි, අදටත් සාලේ මැද එල්ලලා තියෙන තමන්ගේ පුතාගේ පින්තූරෙට මල් තියලා වදින අම්මලා, ස්වාමිපුරැෂයා අහිමි වෙචච ළමයින් එක්ක තනි වුන අම්මලා, තාත්තා නැති දරැවෝ ඕන තරම් ඉන්නවා.. දිනා ගත්ත රට රකින්න තල් කොල කැම්ප් ඇතුලේ අවුවට කරකුට්ටන් වෙන මාසෙට දවස් දහයක් ගෙදර එන කොල්ලෝ තවමත් ඉන්නවා ඒ හින්දා කවදාවත් යුද්දයක් නොතිබ්බ ගානට මැරිලා ඉපදුනා වගේ ජීවත් වෙන්න එපා....
මේ විදිහට මතක වෙච්ච දේවල් ලිව්වේ මේ ගීතය අහම්බෙන් ඇහුන නිසා ,
දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් වෙඩි
හඩක් ඇසෙන් නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා.....
නාගදීපයටඉහල අහස් කුස..
රන් වන් පැහැය ගනී...
එදා දෙසූ දම් මෙදා වගේමයි ...
තාමත් සුවඳ දැනේ...
දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් ...
වෙඩි හඩක් ඇසෙන්නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා.....
පරෙවි තටුවකින් සිසිල් පැන් දොවා..
සුදු මල් ගෙන ආවා...
අනේ හිමියනේ සාඳු නාද මිස..
වෙඩි හඬ නොඇසේවා......
දැවී තැවූ සිත් නිවී පහන් වන...
දිනක් උදා වූවා...
කලක් සිතේ තිවූ සියුම් දොලක් ගැන
මතක අලුත් වුවා...
සඳක් නැගී තල් වැට ඉහලින් ...
වෙඩි හඩක් ඇසෙන්නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම..
නාගදීපේ ආවා
තදින්ම හිතට කා වැදුනේ "මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපේ ආවා " නාගදීපේ යන්න අපිට දැන් බයක් නෑ වෙඩි හඬ වෙනුවට උතුරේ හතර අතින් ඇසෙන්නේ කෝවිල් සීනු නද, සාදු නද ,පල්ලියේ ඝන්ටාර නද විතරයි ඉතින් පතමු වෙඩි හඬක් ආයේ කවදාවත් ලංකාවේ කිසිම විදිහකින් නොඇසෙන්න.....
හා හා බලාෙගන ෙපාෙටා් ඒෙහම ගන්නව ෙනවි
ReplyDeleteඒ මොකෝ ඒ
Deleteකඳුලු ආවා පෝස්ට් එකක් නංගි. මේ යුද්ධය ඉවර කරන්න ඉතාම සක්‍රියව දායක වුන හමුදා නිළධාරීන් මට හමු වෙලා තියනව. ගෙවල් වලට වෙලා, මොනවද අපි කළේ කියල හිතෙනව ඇත්තටම.... ඒ කතා අහද්දි ලැජ්ජයි අපි ගැනම. යුද්ධයක් තිබුනද කියලවත් දන්නෙ නෑ වගේ ඉන්න තව පිරිසක් බිහි වෙලා ඉන්නව දැන්. ඇත්තමයි කනට ගහන්න හිතෙනව මට හොයාගෙන ගිහින්....
ReplyDeleteකොටි කටට ගිය එක ඇහුවාම මතක් වුනේ... ටිකක් හිනා යන කතාවක්. මේ ළඟදි නේවි ඔෆිසර් කෙනෙක් මාත් එක්ක කිවුව කතාවක්. මොකක් හරි එකකට නාවික හමුදාවෙ බෝට්ටුවක ආච්චිලා ටිකක් යුද්දෙන් ඉවර වුනාම ගියා ලු.නාගදීපෙද මන්ද. මට මතක නෑ.
බෝට්ටුවෙ යන්න අමාරුයිනෙ....ඔලුව කැරකෙනව සහ එක එක දේවල් වෙනවනෙ. ඉතින් බෝට්ටුව යද්දි අර ආච්චිලගෙ හැසිරීම නේවි එකෙන් බලෙන් අල්ලලා බෝට්ටුවට දාගත්ත වගේ ලු.....
ටිකකින් එක ආච්චි කෙනෙක් බනිනවලු, යුද්දෙ කාලෙ එල්ටීටීඊ ලමයි වත් අපිට මෙහෙම සැලකුවෙ නෑ. ටොයිලට් යන වතුර එකත් ලඟට ගෙනත් දීල ගිහින් එනකනුත් බලාගෙන හිටියා කියල....ආච්චිට තේරෙන්නෙ නෑ, එයාල එහෙම කලේ එයාලගෙම ආරක්ශාවට කියල.
දැන් යුද්ධ කරපු වීරයෝ නෑ යුද්ධේ ගැන ලියපු , මෙහෙයපු වීරයෝ තමා ඉන්නේ.. අපේ ජාතියට බොහොම ඉක්මනින් මුල අමතක වෙනවා අක්කා බොහෝ සිංහලයෝ ගගෙන් වතුර බීලා මුහුදට ආවඩන්න ජාන ගත රැසියෝ... අපි යුද්ධේ තියෙද්දි ඇත්තටම යුද්දේ දිහා බලන් ඉදලා විතරයි
Deleteකොහොමද කීරිකඩ්ඩුවාන් ජැටියේ ඉඳලා නාගදීප ජැටිය දක්වා බෝට්ටු ගමන? දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ. යාපනයේ ඉඳලා කීරිකඩ්ඩුවාන් දක්වා දැන් ඔහොම ගියාට, යුද්ද කාලේ පාරක් තිබුනේ නැහැ. ඔක්කොම විනාස වෙලා/කරලා.
ReplyDeleteනාගදීපේ කෝවිලට ගියේ නැද්ද? එතනත් ලස්සනයි.
අපි යාපනේ ගියේ යුද්ධේ ඉවර වෙලා මාස ගානකින් හිතේ පොඩ්ඩක් බය තිබ්බා නාගදීපේ යන්න ඒත් ඊලග වතාව නම් යන්නම හිතන් ඉන්න තැනක්
Deleteහදවත සංවේදී කළා මේ පෝස්ට් එක කිඹුලි. හරිම ලස්සනට ලියල තියෙනව. ඔයා මධ්‍යස්ථ මතයක ඉඳල ලියල තියෙනව, දේශපාලනික පැත්තෙන් වුණත්. ඒ ගතියට මං කැමති.
ReplyDeleteබොහොම ස්තුතී හීන ...
Deleteටිකක් විතර දැනුණ. එහෙම නොකීවොත් බොරුවක්..
ReplyDeleteසිංදුව ලිංක් කරා නං තවත් හොඳයි ශානු අක්කා... අහන්නම ඕන...
ස්තුතියි
අහලම බලන්න https://www.youtube.com/watch?v=6jQSirulaTQ
Deletei agree with u.
ReplyDeleteThank u
Deleteයුද්ධය අවසන් කිරීමේ ගව්රවය ඒ මිනිස්සුන්ට ලැබිය යුතුමයි. ඒක හමුදාව ද? පාලකයො ද? කියල අදාල නෑ. ජනාධිපති කියන්නෙ රටේ සන්නද්ධ සේනා විධායක. ඔහුට හමුදාවක් නැතුව යුද්ධ කරන්නත් බෑ. ඒ නිසා මේ දෙකම එක වගේ වැදගත්. අපේත් මං හිතන්නෙ 2015 වෙන්න ඕනෙ ට්‍රිප් එකක් ගියා ඔය පැත්තෙ. එහිදී වෙච්ච සිදුවීම් ගැනත් ලියන්න හිතං ඉන්නෙ.
ReplyDeleteඅනිවා කසුවෝ ලියමු ලියමු විස්තර බලන් ඉන්නවා
Deleteහරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් බයක් වෙන්න දෙයක් නෑ...
ReplyDeleteමිනිස්සුන්ට ඉක්මනින් මුල අමතක වෙනවා...
හොඳ වැඩ 99 ක් කරලා එක වැරද වැඩක් කලොත් ඒක තමයි මතක.. ඉතින් අර /ඔක්කොම හොඳ ඉවරයි...
අපුරුයි මේ සටහන..
2005 අපි යාපනේ ගියා.. ඊලඟ සතියේ තමයි ආයෙ යුද්දෙ පටන්ගත්තේ...
නිර්මාණි අපේ ගොඩක් මිනිස්සුන්ට හරි දේට හරි කියන්න වැරදි දේට වැරදී කියන්න කශේරැකාවක් නෑ මයේ හිතේ ස්තූතී ඒ විස්තර ලියමු අව්ව සැර වුනාට යාපනය කියන්නේ මම ආසම පැත්තක්
Deleteඇත්ත කිඹුලි ඇහැට කඳුළු ආවා
ReplyDeletehttps://www.youtube.com/watch?v=6jQSirulaTQ සින්දුව අහන්න හිතට තව දැනෙයි
Deleteමේක තවමත් සුන්දර රටක්..
ReplyDeleteදේශපාලකයන් කිලිටි නොකරන තාක් !!
අනිවා සැමෝ ...
Deleteදැනුන.....කතාව
ReplyDeleteමතක් උනා ....ඒ අඳුරු අතීතය,කැපකිරීම
පසුතැවුන......වර්ථමානය
ස්තූතී රසික මතක තියෙන අපි කිහිප දෙනා හරි මතක තියාගෙන ඉන්න ඕනා අපේ අතීතේ
Deleteමලක් අරගෙන වතාවක් නාගදීපේ වඳින්න යන්න මටත් අවස්තාවක් ලැබුනා..
ReplyDeleteඔව්.. ඔයාගේ ප්‍රාර්ථනයට මාත් එකතු වෙනවා..
මට තාම නාගදීපේ යන්න බැරි වුනා සතුටුයි ඔයා ගැන ස්තූතී තුශා
Deleteඅක්කා මටත් මතකයි ඒ දවස්වල ොලඹ තැන තැන පුපුරපු බස් බෝම්බ වලට කී දෙනෙක් බිලි වුණාද කියලා. ඉස්සර අපි පාසල් යන්නෙ කොයිතරම් බයෙන්ද? අපෙ අම්මලා තාත්තලා මාරුවෙන් මාරුවට ඇවිත් ොච්චර පාසල ලඟ මුර කළාද? හැමතැනම මුරපළවල්. පැය බාගෙන් යන ගමනට පැය එකහමාරක් යනවා. තාත්තා හවස එයිද නැද්ද කියලා බයෙන් හිටපු දවස් ගණන් කරන්න බැරි තරම්.......
ReplyDeleteනැවත නැවත මතක් කරදෙන්න යමක් මෙහි තිබීම එක අතකට අවාසනාවක්. අක්කා කියපු හැමදෙයටම එකඟයි!
අපේ සමහර පොස් කියලා රැඩිකල් කියලා හිතන පුස් නාබ්බන්ට ඔය ටික මතක නෑ නංගෝ ස්තූතී
Deleteහදවතට බොහොම දැනෙන කතාවක්...
ReplyDeleteස්තූතී විභියෝ
Deleteඅවංකව හිතට වදින පෝස්ට් එකක්. මේ ගැන මගේ ප්‍රනාමය පුද කර සිටිමි.
ReplyDeleteමේ පැත්තට පිළිගන්නවා බොහෝම ස්තූතී වචන ටිකට
Deleteහිතට දැනුනා බෙහෙවින්... යුද්ධෙ ඉවරකරත් එක්කම ඒ පෙදෙස් වල මහ රෝහල් සක්‍රීය කරන්නට දායක වුන හින්දම... නංගී ලියපු මුල් පෝස්ට් මග හැරුනා නොදැනුවත්කම නිසාම.
ReplyDelete///තදින්ම හිතට කා වැදුනේ "මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපේ ආවා " නාගදීපේ යන්න අපිට දැන් බයක් නෑ වෙඩි හඬ වෙනුවට උතුරේ හතර අතින් ඇසෙන්නේ කෝවිල් සීනු නද, සාදු නද ,පල්ලියේ ඝන්ටාර නද විතරයි ඉතින් පතමු වෙඩි හඬක් ආයේ කවදාවත් ලංකාවේ කිසිම විදිහකින් නොඇසෙන්න.....///
මේ ටික අපූරුයි ! අපිටත් ඕනෑ එය එසේම වෙන්නටය. කරුමය නම් දේශපාලනය විසින් මේ දේ අහිමි කරමින් සිටිනවාදෝ යන සැකය වේ. අපි නම් වෙසක් එකට උතුරු කොනේ නගර වල තැන තැන දන්සැල් දෙද්දී ඒ බතත්, තෛපොංගල් වලදී කෝවිලෙන් පොංගල් බතත් හොඳින් රස වින්දා...
අපි පොසොන් එකට, භක්ති ගී කියද්දී... දුර පෙනෙන තැනිතලා සිංදුව දෙමළෙන් කීවා... ඊළඟ අවුරුද්දේ එහි වැසියන් දෙමළ බැති ගී කියමින් නගරය පුරා ඇවිද්දා... වසර දෙක තුනකට විශාල වෙනසක් අත් දුටුවා...දැන් ඒ කාලේ මතක් වෙද්දිත් දුකයි. ඒ තරම් සංහිදියාවක් අද තියේද?