ගල් හිත....
බොල් කර .....
පල් වෙන්නට
දමා ගිය
එකෙක්........
පල් හිත
ගල් කර....
මට'සිලුටුවට
සියුම්ව ඔපදමා
ආදරය නමින්
හැඩ කෙරු
තව එකෙක්.........
මේ ආදරය
හරි විජ්ජාවක්මැයි
තවමත් හිත
කොනිති ගසමින්
අතීතය වර්තමානය
අනාගතය කොනහන
මං......
ආදරය නිසා ගල් පල්ලේ පැනලා නහින්නේ නැතුව හැමෝම මේ ඇත්ත තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්.. :)
ReplyDeleteඅන්න දවසේ කතාව සහෝදරයා
Deleteඕවා ඔහොම තමා..............
ReplyDeleteඔව් කුරැටු
Deleteසමහර වෙලාවට, පල් කරන උං ම තමා ගල් කරන්නෙත්! ගල් කරන උං ම තමා පල් කරන්නෙත්
ReplyDeleteඅලි මල්ලීට තරහ ගිහින් නොවෑ
Deleteගල් මල් ඔක්කොම ජිවිතේ .....
ReplyDeleteඔව් ලලිත් ගල් මල් නැත්තම් ජිවිතේ වැඩකුත් නෑ ඒකාකාරි වෙනවා
Deleteජීවිතය.....
ReplyDeleteකටුස්සෝ....
Deleteබොල් හිත ට රැවටී
ReplyDeleteආදරය ඇත්තයැයි සිතා ඇණගෙන
පසුව සුසුම්ලන
තව එකෙක්
ඉයන් උතුමාණන්ද? ;)
Deleteකලකින් නාවට
ReplyDeleteසමාව යදින එකෙක්!
කියවලා කවිය
අඬපු තරමක්
දන්නවනම් සමාව
නොදී නොසිටින
කිඹුලියක්!
සමාව නම් මයේ නංගිට දෙන්න බැරි නෑ...ඒත් අන්තරස්දහන් වීම හෙලා දකිනවා... :(
Deleteගල් හිතක්
ReplyDeleteබෝල් හිතක්
මල් හිතක්
අවසනට
තිත් ටිකක්.
:D අපුරුයි ශානු අක්කා, වෂ්හංඅ හරම්බෙත් එක්ක තාලේ ටොප් ඈ. :D
ස්තූතී සොමි මලේ.. අගෙයි බොලාගේ වචන ටිකත්
Deleteදියෙහි ඇඳි සිත්තමක්
ReplyDeleteගලා යනු බලා ඉඳ..
හඬා වැටෙනා එකෙක්...
නියමයි කදුළුවෝ
Deleteකිඹුලිට හිතෙන දේවල්. කිඹුලිගේ අත්දැකිම්ද මන්දා
ReplyDeleteගල්,පල් කෙසේ වෙතත් ගොඩක් උන් නම් හරි වල්
අප්පොත්තියේ කාලෙකට ඉස්සර ...
Deleteදැන් උන්
වල්...
පල්....
කිඹුල් කඳුළු :)
ReplyDeleteපිලේ සාදරෙන් මෙපැත්තට පිළි ගන්නවා... හැක් ... එහෙමයි
Delete