කවියෙක්ට පුළුවන් බොහෝ දේවල් බොහෝ විට වෙනස් කරන්න,හැබැයි කවියක් වගේ හිතක් තියෙන කවිකාරයෝ ඉන්නේ බොහොම අල්පයයි.....කවියෝ කියන්නේ යටි හිතේ තියෙන දේවල් සමාජ ගත කරලා.. දුක නිවා ගන්න ,දුක නිවන... අඩන්න බැරි කදුළු අරන් අකුරැ ගලපන ,තව කෙනෙකුගේ පපු කැහුතු සුරලා පාරවලා පරණ තුවාල අලුත් කරන, විටක ඒ තුවාලම සජිකල් ස්ප්‍රීන්තුවලින් පිසලන අපුරැ ජීවියෝ ජාතියක් ;)
කවියෙක්ට පුළුවන්,
හුදකලා වී හිතේ ඇති දුක
මුහුදු රළ අස්සේ සගවන්න.....
හීන් කෙදිරිලි හඬින්
හිත අඬවන්න-ගලවන්න-නලවන්න......
මැරෙන ,උපදින රළ පහරවල් වල
පෙන සුඳට විරිත්තා හිනැහෙන්න....
මුහුදු සුළගේ හාදු තවරා
ලෝකයේ එහා කොනකට හරවන්න......
ප්‍රේමයේ පරණ වන කැලැල් වුව
හීනියට ආයෙමත්
පාරන්න.......
ඇනුන පිහි තුඩ පහරවල්
පිරිත් පැන් ඉස
සනහන්න.....
ඒ මහා කවියා
ලියු කවියෙම
අකුරු ගලවා-අවුළුවා
ප්‍රේමයේ චිතකය දල්වන්න.....
කවියෙක්ට තව පුළුවන් දේ ලියලා යන්න...
Kawiyekuta puluwan hitiganam kimbuliyek wenna.. E wagemayi eke anith paththath. :)
ReplyDeleteSuper.. sorry no sinhala.
හි..හි.. ඒක ඇත්තක් කමියෝ
Deleteකවියක් ගුලිවෙන්නෙ කවි හිතක උණුහුමට
ReplyDeleteකවි කැමති රිදුනාට රස්නයට පිච්චෙන්ට
තුංග ගිරි හිසක හිඳ බැබලුනත් කවියකට
සැඟවෙන්න හිතෙන්නෙම ගැඹුරුම කවි හිතක...
මහරු පෙම් කවි හිතක ඇති සියුමැලි කමට
හීන්වට කැපිය හැකි මුවහත් කවියකට
ලේ ගලන හිතකින් විඳවන කවියෙකුට
මල් වඩම් අවැසි නැත මළගමේ පෙරහැරට...
රසයි ඔබේ නිර්මාණය...
ReplyDeleteමේ පැත්තට සාදරෙන් පිළිගන්නවා ඔයාගේ වචන ටිකත් හරිම ලස්සනයි බොහෝම ස්තූතී
Deleteකවි ඇස අපූරුයි,
ReplyDeleteකවි සිත අපූරුයි,
කවි බස අපූරුයි,
එනිසාම කවියා ද අපූරුයි..
තව දෙයක් කවියෙකුට පුලුවන් තමන්ගේ කවිය අවියක් කර ගන්න.... ඔයාගේ නිර්මාණයත් අපූරුයි...
නිර්මාණි හරිම අපුරැයි ඇත්ත කවිය අවියක් කර ගන්න පුළුවන් ස්තූතී
Deleteකවියා යනු පැන යන මුවන් දැක නෙලූ පලා අතහරින පිස්සන්ය
ReplyDeleteමේ කවියට වෙච්ච සන්තෑසියක්ද?
Deleteකවි ලියන්න බැරි උනත් අපිටත් පුලුවන් උබලා ලියන කවි රස විදලා එව්වා අගය කරන්න
ReplyDeleteඅන්න ඒකනේ මෙන්ඩෝ ස්තූතී ඈ
Deleteකවියෙක්ට පුළුවනි මහරෑ හීතලේ
ReplyDeleteදාඩිය දාන උන්ට පවන් සලන්න
කවියෙක්ට පුළුවනි කතරක දාහයෙන්
වෙව්වල හිත් වලට උණුහුම දෙන්න
කවියෙක්ට පුළුවනි වුණ දේ නොවුණ සේ
කදුලින් හංගන ඇස් අගට මුතු බදින්න
කවියෙක්ට පුළුවනි අඩන්න, හිනාවෙන්න,
රිදෙන්න, කකියන්න, තැවෙන්න විතරක් නෙමෙයි හුස්ම ගන්න........
(මොකද උන් මිනිස්සු නිසා........... හැබැයි තව දෙයක් තියෙනවා මේ ලෝකේ ඉන්න හැම එකාම සහ එකීම කවියෙක්. ඒක තමා කවුරුත් නොදන්න ඇත්ත. සමහරු ඒක දැනගෙන ජීවත් වෙනවා. උන්ට අපි කවියෝ කියනවා. සමහරු ඒක නොදැන ජීවත් වෙනවා. උන් කියනවා අපිට කවි ලියන්න බැහැ කියලා. තවත් සමහරු ඒක දැනගෙන දන්නෑ වගේ ජීවත් වෙනවා. උන්ට කියන නමනං මං දන්නෑ............)
අදහසට ස්තූතී කුරැටු.. බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ දිග අදහස් දැක්වීමක් ඔබෙන් ස්තූතී
Deleteඇත්ත ඇත්ත. කවියෝ කියන්නේ මහා අමුතුම ජාතියේ ජීවීන් කොටසක්..
ReplyDeleteඒකනේ මල්ලී ;)
Delete//කවි ලියන්න බැරි උනත් අපිටත් පුලුවන් උබලා ලියන කවි රස විදලා එව්වා අගය කරන්න //මෙන්ඩාගෙන් උස්සා ගන්නා ලදි.
ReplyDeleteඒකමයි මාත් කියන්නෙ.
හීන හෙමිට උත්සහයක් දෙමු කවියක් ලියන්න
Deleteකවියෙක්ට පුළුවන් දෙයියෙක්ව උස්සල පොළවේ ගහන්න
ReplyDeleteයම රජෙක් වුණත් දෙවියෙක් කරන්න
කොල්ලෙක් රජජෙක් කරන්ත් උෟව නන්නත්තාර කරන්නත් කවියෙක්ට පුලුවං...
හිහි..
කවිය නං ගති ශානු අක්කේ.... මං ලියල තියෙන ඒවට තරහ නෑනෙ.. ඇත්තටම ලීවෙ හිතට දැනුන දේ..
බොරු නං ටිකක් කල්පනා කරල බලහං මං ලීවෙකේ උඩ පද දෙක ගැන
ඒක නම් ඇත්ත මල්ලී මක්කටැය් තරහ වෙන්නේ
Deleteලිපියෙ ලීවාට සර්ජිකල් ස්පිරිට් තුවාලවල ගාන්න එහෙම එපා.
ReplyDeleteහි..හි එහෙමයි මාමේ
Deleteකොළ පාට කිබුලියක් කවියෙක්ගෙ පද ලියා
ReplyDeleteඅළුපාට හැන්දෑවේ වැස්ස කැන්දන් ගියා.
ලාලිත්‍යට ලලිතුත් පදයක් බැදලා
Deleteකිඹුලිත් සතුටින් ස්තූති කෙරැවා
කවියක් කියන්නේ...ජීවිතේටම....
ReplyDeleteකවියෙක් කියන්නේ...අනේ මන්දා බන්
ජිවිතේ කියන්නේ කවියකට
Deleteඅනේ මොනාද නැන්දේ කියන්නකෝ
කවියෙකුට පුළුවන්...
ReplyDeleteසිනාසෙන වුන් දහසක් අතරේ වුව...
හදවතින් වැළපෙනා එක් හිතක් වුවද...
එය දකින්නට....
කවියෙකුට පුළුවන්......
වැලපෙනා සිත් අතර ...
නොවැලපෙන සතුටු හිත් දකින්නට...
කවියෙකුට පුළුවන්...
ලෝකයක්...
මනැසින් නොව....
හදවතින් දකින්නට.. හගින්නට... සොයන්නට...
අලුත් අදහසක් ස්තූතී සුළග
Deleteකවියෙක්ට පුළුවන්
ReplyDeleteමහළු වූ අතීතයෙ
සුවඳ සොරකම් කර
අනාගතයේ කුසුම් පුබුදන්න....
කවියෙක්ට පුළුවන්
මියැදුණු හදට
යලිඳු හුස්ම පිඹ
නවමු ජීවිතයකට පණ දෙන්න ......
කවියෙක්ට පුළුවන්
වේදනාවේ අළු මතින්
දයාවේ ගිනි පුලිඟු දල්වා
ස්නේහයේ රුදු ගින්න අවුලන්න....
සුපිරි කවි පෙළක් අක්කණ්ඩි !
//ප්‍රේමයේ පරණ වන කැලැල් වුව
හීනියට ආයෙමත්
පාරන්න.......
ඇනුන පිහි තුඩ පහරවල්
පිරිත් පැන් ඉස
සනහන්න.....//
හරිම සුන්දරයි !!!
මෙතුවෝ අදහස් මල් හතයි ඈ බොහෝම ස්තූතී
Delete"විරුෙවක්ට පුළුවන්නම්,
ReplyDeleteගුලිෙවන්න පිළිෙමක....
කවිෙයක්ට පුළුවන්,
මියයන්න අහසක...."