Thursday, June 13, 2019

111.තට්ට බෝනික්කා

     මගේ ජීවිතේ ඉන්න හැම කෙනෙක්ටම වගේ හැම දේකටම අහේතුකාරව ආදරය කරන එක බැඳෙන එක වෙලාවකට පුදුමයක්....මේ බෝනික්කට පුළුවන් මොකක්ද හේතුවක් නිසා මගේ හිත හිර කරවන්න ...අහේතුකාරව හිත රිද්දන් මම මූ දැකලා අඬපු දවස මට අද වගේ මතකයි...ඒත් එහෙම උනේ ඇයි කියන්න මම දන්නේ නෑ

  මම කියන්නේ සමහරු හිතන්නෙත් නැති තැන් වල පට්ට සංවේදි වෙන මනුස්සයෙක් කියලා මම දන්නවා.ඒත් මේ බෝනික්ක එක්ක තියෙන මොකක්දෝ වේදනාවක් මූ දකින දකින  සැරේට මාව රිද්දනවා...ඒක ගැඹුරු අහිමි වීමක්ද...අහිමි වීම් ගොඩක් එක්ක තාම ඌ බෝනික්කෙක් කියලා අඳුන ගන්න පුළුවන්කමද කියලා මම දන්නේ නෑ

එදා සහ අද ගොඩක් වෙනස් ...අහම්බකාරව මට අද මූ මතක් උනා...මොකද තරහ  ගිය වෙලේක යාළුවෙක් මට මේ පින්තූරේ එවලා තිබ්බා. මම ඒ බෝනික්කා දිහා බලලා කියා ගන්න බැරි රිදුමකින් ඉද්දී ඇස් දෙක තෙත් උනේ නොදැනිම..ඒ ඇයි කියලා මම අදටත් දන්නේ නෑ ....එදා ඒ රිදුමට හේතු  හොයන්න ගියෙත් නෑ

ආයෙමත් අද මම මේ පින්තූරේ දිහා බලාන කියා ගන්න ගොඩක් දේවල් තිබිලත් කියා ගන්න බැරුව හිර වෙලා....ඒත් මට එකින් එක මතක් කර ගන්න පුළුවන් පලවෙනි කාරණය මට පොඩි කාලේ ඉදන් බෝනික්කන්ට තිබ්බේ මහා අකැමැත්තක් කෙල්ලෝ බෝනික්කෝ නලවන්න ඕනමයි කියලා නීතියක් නෑ..ඇයි කෙල්ලන්ට කොල්ලන්ට වගේ බැට් එකකුයි බෝලෙකුයි නලවන්න බැරිද? පුළුවන් කව්ද බෑ කියන්නේ මම කලෙත් ඒකමනේ

දවසක් අම්මා සෙල්ලම් බඩු කඩේකට ගිහින් අහනවා

"ඔයාට බෝනික්කෙක්ද ඕනේ ගිටාර් එකක්ද කියලා"

ඒ ගමන් අම්මා කියනවා කෙල්ලෝ ගන්නේ බෝනික්කෝ කියලා

මම දෙගිඩියාවෙන ඉදලා... මම ආස දේ ගන්න තීරනේ කරනවා
"මට ඕනේ ගිටාර් එක"

මට ඒ ගිටාර් එක ලැබෙනවා.... 

ඔය වගේ ගෑණු ළමයින්ට පොදු සම්මත කඩන්න මම  පොඩි කාලේ ඉදන් පටන්  ගත්තා....

එහෙම වෙලා අද මම මෙතන මම ආසම හෙයා ස්ටයි එක දාන... මම ආස ඇදුම් අදින ...මම කැමති දේ ලියන,කියන.... කෙනෙක් වෙලා ඉන්නවා ඒ ටිකම මට ඇති සතුටු වෙන්න...මම අද කාටත් වඩා මාව විශ්වාස කරනවා..කවුරු මට බොරු කලත් මම මට වංචා කරන් නෑ ඒ කියන්නේ මම මගේ වටේ ඉන්න මිනිස්සුන්ට ඒ සමානව විශ්වාසේ රකිනවා...මම මම වෙන්න උත්සහ කරනවා...

ආ බෝනිකා ගැන නේ කිව්වේ...

දැන් මේ ගෙවෙන කාලය මේ බෝනික්කා වගේ කිලිටියි.....අබ්බගාතයි...දැක්කම දුකයි....කියා ගන්න බැරි වේදනාව යි...ඒ මේ ගෙවෙන කාලය මිසක් මගේ ජීවිතේ නෙවේ කියලා මම මෙනෙහි කරමින් ඉන්නවා...


ඒත් මට තව කාලයක් යනකම් මේ බෝනික්කා නිසා හිත රිද්ද ගන්නේ ඇයි කියල නම් කියා ගන්න බැරි වෙයි

14 comments:

  1. බෝනික්කන් ඇත්තටම බෝනික්කන් නොවේ...

    යකඩ කෑලි , ඇත්තටම යකඩ කෑලිත් නොවේ!

    අත්දුටුවයි සත්තයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත....මේ තට්ට බෝනික්කා මට මහා දුකක්

      Delete
    2. මට හිටියා ටේඩ්ඩෙක්
      ඌ දැක්කහමත් මට බදාගෙන අඬන්න හිතෙනවා. මම හිතුවේ ලෙඩක්මයි කියලා, එතරමට මට එක වළක්වාගන්න බැහැ. ඌ හරි ලස්සනයි. සිනිඳුයි. පොඩියි. විසිකරන්න; කාටවත් දෙන්න හිතෙන්නෙත් නැහැ. අන්තිමේදී වැඩිය ඇස නොගැටෙන තැනක එල්ලුවා.

      මේ ජාතියේ තට්ට බෝනික්කන් මගේ හිත ගත්තෙම නැහැ.

      Delete
    3. මේ තට්ට බෝනික්කා නම් මාව ඉමෝෂනල් කරනවා😢😢

      Delete
  2. බෝනික්කො නං නෑ පත වලහෙක් ඉන්නව.. අපේ උන්දැට උත් එක්ක මාර ජුවල්.. මොකද ඌ තාම ඇඳෙ පැත්තක :-D

    ReplyDelete
    Replies
    1. හනේ හනේ...ගහන්ඩයි වටින්නේ

      Delete
  3. මම අද කාටත් වඩා මාව විශ්වාස කරනවා.
    +++++++++++++

    ReplyDelete
  4. "තට්ට බෝනික්කා" කිව්වේ මගේ ලමාකාලේ ගැනද? ඇත්තටම මගෙ පුංචි කාලෙ සෙල්ලම් බඩු සිහින ගැන මතක් වෙන කොට තාමත් සිරාවට ඇඬෙනවා. ඇත්තටම මට සෙල්ලම් බඩු තිබුනේ නෑ. ඒක හරිම කටුක මතකයක්!

    ReplyDelete
    Replies
    1. මට තිබ්බෙත් නෑ මේ මගේ යාළුවෙක්ගේ බෝනික්කෙක්.ේ නිසයි ඇඩුනේ

      Delete
  5. Talking about toys, we had big problem to safe-keep toys when people bring toys to our son (he will take inside our of any toy, in front of all the people)

    ReplyDelete
  6. //එහෙම වෙලා අද මම මෙතන මම ආසම හෙයා ස්ටයි එක දාන... මම ආස ඇදුම් අදින ...මම කැමති දේ ලියන,කියන.... කෙනෙක් වෙලා ඉන්නවා ඒ ටිකම මට ඇති සතුටු වෙන්න...මම අද කාටත් වඩා මාව විශ්වාස කරනවා..කවුරු මට බොරු කලත් මම මට වංචා කරන් නෑ ඒ කියන්නේ මම මගේ වටේ ඉන්න මිනිස්සුන්ට ඒ සමානව විශ්වාසේ රකිනවා...මම මම වෙන්න උත්සහ කරනවා…// මේ කතාවෙ මෙන්න මේ කොටස තමයි හුඟක්ම වටින්නෙ. අපි කීයෙන් කී දෙනාටද පුළුවන් මෙහෙම වෙන්න. වැඩි දෙනෙක් කරන්නෙ අනුන්ව සතුටු කරවන විදියට ජීවත් වෙන්න එකනෙ. අන්තිමට දුක් වෙනවා අර තමුන් ආස දේවල් කරන්න බැරි උනානෙ කියලා. ඔයා ආඩම්බර වෙන්න ඕන ඔයාට මෙහෙම කෙනෙක් වෙන්න තියෙන ආත්ම ශක්තිය ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව් මයුරු....තමන් ආසම විදිහට ජීවත් වෙද්දී සතුට අත ලග...වෙන දිහා වල සතුට හොයන්න ඕනේ නෑ...නෑ...මම මා තුල තෘප්තීමත් නම්...අනිත් දේවල් නතින්.....

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!