හදවත ගැහෙනවාද ? ජීවත් විය යුතු නිසා සෙලවෙනවාදැයි මම නොදනිමි..මේ ගෙවි යන්නේ ජීවිතේ අමාරුම සෘතුවය.සීතලත් නැති රස්නෙකුත් නැති කේඩෑරි කොල හැලිච්ච ගස් පවා නිය දත් විලිස්සන් මා දෙසම ඇස් යොමා ඔච්චම් කරන කාලයකි.කොටින්ම පරිසරයේ ස්වාභාවය මට කොලොප්පමට මෙන් සිටිනවායැයි මට සිතේ..ඇගේ නික්ම යෑම මේ තරම් ජීවිතය අඳුරු කරවන ජේදවාචලයක් වේ යැයි මම නොසිතුවෙමි...
ප්‍රේමය ගැන අබ මල් රේණුවක් තරම් උවමනාවක් නොමැති කලක හමු වී ජීවිතයම වී මෙලෙස ජීවියෙක් තවත් ජීවියෙක්ගෙන් සමු ගැනීම කෙතරම් වේදනාවක් දැයි මම දැන් දනිමි...ඒ සමු ගැනීම තවත් කෙනෙකු සමග ජීවිතය බෙදා ගැනීමට යැයි සිතිම ඊට වඩා වේදනාවකි... නමුදු එකට ගමන් කල කාලය රන් සමානව පසක් කරමි... මේ මානසික විඩාව මඟ හැරවා ගැනීමට සියළු දේ අතැර ඒමට වඩා හොද උත්තරයක් මට නොතිබුනී..
ඇය කොහේ හෝ සතුටින් සිටිය යුතුය..මා තුල තිබු එකම ප්‍රාර්ථනාව සැමදා එය විය.එසේ නම් මේ තරම් දුක් වීම ගැන මම තවම සිතය යුතු නැත.සැබෑ ප්‍රේමය අනිකාගේ සතුට ගැන සිතීම නම් මා ඇයට ඇගේ සතුට දී ඇගේ නික්මයෑම දරා ගත යුතු නොවේද...විටෙම මම කවියෙක් වුනෙමි..විටෙක උන්මත්තකව ඇය පසු පස ගොස් අතැර යෑම පිළිබඳ හේතු අසා ජීවිතයම වූ ඇය මට නැවත අවැසි බව ආයාචනා කලෙමි. දැඩි නිහඩ තත්පර ඇතුලේ ඇයට තිබුනේ නිරුත්තර බවකි...ඇගේ නිරුත්තර බව ඇගේ හැසිරිම කිව යුතු සියළු දේ මට කියා තිබුනද ? මම ඒ පරාජය දරා ගැනීමට එවකට අපොහොසත් විය.ඉතින් ඈ පසු පසම ගොස් තව තවත් හිත රිද්දවාගෙනම සියල්ල අතැරෙන්නට දුන්නෙමි.
ඉතකින් දින,සති,මාස ගෙවි ගොස් ය. ඇය කෙසේ දැයි මම නොදනිමි...මා කෙසේ දැයි ඇය නොදන්නා බව දනිමි..සියල්ලම මෙසේ නිම වන විට ජීවිතේ ජය,පරාජය කෙබඳු වූවත් හෙට දවසේ පායන හිරුට අප මුහුණ දිය යුතුය..පුද්ගලයන්ගේ හොදට ඔහුන්ගෙන් පලා ආවද?ජීවිතයෙන් පලා යෑමට අපට නොහැක..එක පරිච්ඡේදයක අවසානයේ අලුත් පරිච්ඡේදයකින් අලුත් කතාවක් ලිවීමට අපට සිදු වේ...මතක ඇත්තේ අතීතයට ගොස් බලා ඒමට මිස අතීතයේ නැවතීමට නොවන බව මම දනිමි
ඉතින් ජීවිතය සුන්දරය...නැවුම් ය...... දැන් සරත් කාලය පැමිණ ඇත .ජීවත්ව ඉන්නා ටික කාලයේ සතුටින් දිවි ගෙවනු විනා ...දුක් වේදනා කුමට දැයි මම සිතමි...මම ආසම දෙවල් සමග උබ නැතුව ජීවත් වීමට පියවර තබමි...වෛරයක් නැති ප්‍රේමය පමණක් හිතේ ගැබුරක නිදන් කොට උබට සුබ අනාවක් පතමි!! මට වඩා සතුටින් ජීවත් විය යුතු යැයි සිතමි...
සමහර දේවල් තියෙනවා තිබුනා නම් හිතෙන. හිටියා නම් හිතෙන. උන්න නම් හිතෙන.
ReplyDeleteමට මේ වේලාවේ එහෙම දැනෙනවා.
මටත් දැනෙනවා එහෙම... දුකත් නැති සතුටකුත් නැති රික්තකයක හිත හිර වෙනවා මේ වගේ වෙලාවට
Deleteජීවිතේ හැමදෙයක් ම වෙන්නේ හොදටයි කියල කියනවා නේ. ඉතිං අපි අතීතය ගැන දුක් වෙලා පලක් නෑ . හොදම දේ තමයි දුක අමතක වෙන්නත් එක්ක කියල බිසී වෙන එක .
ReplyDeleteඇත්ත කලණ...බිසී වීම හා සියළු දෙයින් ඈත්ව සිටිම මේ වගේ ප්‍රශ්ණ වලට උත්තරයක් කියලා මාත් හිතනවා
Delete“Sadly enough, the most painful goodbyes are the ones that are left unsaid and never explained.”
ReplyDelete― Jonathan Harnisch
Yes...exactly correct
Delete