මේ සිද්දිය වෙන්නේ මම නවය වසරෙදි වගේ අපේ අම්මගේ යාළුවෙක්ගේ පුතෙක්ගේ වෙඩින් එකකට ගිහින් මට ස්ටේජ් එකට නැගලා සින්දුවක් කියන්න ෆුල් මෙව්වා එකක් ආවා..ඒ දවස් වල "kuch kuch hota hai" කියන ෆිල්ම් එකේ තුම්පාස ආයේ තමා කිව්වේ..අනේ කිසිම අතුරු ආබාධයක් නැතුව සින්දුව කියලා ස්ටේජ් එකෙනුත් බැහැලා ආවා...
ඊට පස්සේ දවසක මම ක්ලාස් යන සයිකලේ පැදගෙන පල්ලිය වත්ත ඉස්සරහ පාරෙන් යද්දී කොල්ලෝ කුරුට්ටෝ ටිකක් "තුම් පාස ආයේ...කියලා කෑ ගහනවා අන්න එදා තමා දැන ගත්තේ මම සින්දුව ලස්සනට ගායනා කරලා නෑ කියලා
ඔන්න ඔය විදිහට අවුරුදක් දෙකක් යනකම් මම බොහෝම ඉවසීමෙන් තමා පාරක තොටක බැහැලා ගියේ...කොල්ලෝ කෑ ගහලා "තුම් පාස ආයේ ...කියද්දිම මම මට නෙවේ වගේ බොහොම දැහැමිව යන්න ඒ දවස් වල ඉවසීම ප්‍රගුණ කරමින් උන්නා....ඒ එක්කම මගේ හිතේ ලොකු අදිෂ්ඨානයක් ආවා කවදා හරි දවසක ලස්සනට සින්දු ගායනා කරන්න මොන විදිහට හරි පුරුදු වෙන්න ඕනේ කියලා.
කලය ගෙවීගෙන ගියා දැන් අවුරුදු 18කට කලින් සිද්ධ වෙච්ච දෙයක් ...ඒත් ඉතින් අර හිතපු විදිහට smule එකේ යසට සින්දු ගායනා කරනවා මම..ඒ ගැන උන්න හැටියල මදෑ කියලා හිතෙන තරමට සාර්ථකයි කියලා මම හිතනවා.ඒක නම් පාළුවට කියපු සින්දු...හදිස්සියේ මට smule මග හැරිලා තිබිලා අද ඇප් එක දාගෙන ලොග් වෙන්න බැරි උනා ඉතින් අපි සැලෙනවද ආයේ අලුත් එකවුන්ට් එකක් හදන් සින්දු කිව්වා...2017 කිව්ව සින්දුවක් අමුනනවා... හෑන්ඩ් ෆ්‍රී ගහන් අහන්න එපා...දුවන්ඩ බලාගෙන හරි ෆෝන් එක ඕෆ් කරන්න බලාගෙන හරි අහන්න මොකද ඒ තරමට ඒ හඩ මිහිරි....
https://www.smule.com/p/710847535_1044514816
ප:ලී:
මට දැන් හිතන්නේ ගමේ උන්ට පේන්ඩ මේ සින්දු ප්‍රසිද්ධකරන්න විදිහක්...:)
ඊට පස්සේ දවසක මම ක්ලාස් යන සයිකලේ පැදගෙන පල්ලිය වත්ත ඉස්සරහ පාරෙන් යද්දී කොල්ලෝ කුරුට්ටෝ ටිකක් "තුම් පාස ආයේ...කියලා කෑ ගහනවා අන්න එදා තමා දැන ගත්තේ මම සින්දුව ලස්සනට ගායනා කරලා නෑ කියලා
ඔන්න ඔය විදිහට අවුරුදක් දෙකක් යනකම් මම බොහෝම ඉවසීමෙන් තමා පාරක තොටක බැහැලා ගියේ...කොල්ලෝ කෑ ගහලා "තුම් පාස ආයේ ...කියද්දිම මම මට නෙවේ වගේ බොහොම දැහැමිව යන්න ඒ දවස් වල ඉවසීම ප්‍රගුණ කරමින් උන්නා....ඒ එක්කම මගේ හිතේ ලොකු අදිෂ්ඨානයක් ආවා කවදා හරි දවසක ලස්සනට සින්දු ගායනා කරන්න මොන විදිහට හරි පුරුදු වෙන්න ඕනේ කියලා.
කලය ගෙවීගෙන ගියා දැන් අවුරුදු 18කට කලින් සිද්ධ වෙච්ච දෙයක් ...ඒත් ඉතින් අර හිතපු විදිහට smule එකේ යසට සින්දු ගායනා කරනවා මම..ඒ ගැන උන්න හැටියල මදෑ කියලා හිතෙන තරමට සාර්ථකයි කියලා මම හිතනවා.ඒක නම් පාළුවට කියපු සින්දු...හදිස්සියේ මට smule මග හැරිලා තිබිලා අද ඇප් එක දාගෙන ලොග් වෙන්න බැරි උනා ඉතින් අපි සැලෙනවද ආයේ අලුත් එකවුන්ට් එකක් හදන් සින්දු කිව්වා...2017 කිව්ව සින්දුවක් අමුනනවා... හෑන්ඩ් ෆ්‍රී ගහන් අහන්න එපා...දුවන්ඩ බලාගෙන හරි ෆෝන් එක ඕෆ් කරන්න බලාගෙන හරි අහන්න මොකද ඒ තරමට ඒ හඩ මිහිරි....
https://www.smule.com/p/710847535_1044514816
ප:ලී:
මට දැන් හිතන්නේ ගමේ උන්ට පේන්ඩ මේ සින්දු ප්‍රසිද්ධකරන්න විදිහක්...:)
සිංදු කියන්න කැමති කොයි කවුරුත් ගායකයෙක් වෙන එකම තැන බාත්රූම් එක.
ReplyDeleteදැං ඔය ස්මුල් අනං මනං ලහුට බටං තිබ්බට 😂😂
ඔව් අප්පා බාත් රූම් එකේ සින්දු කියද්දී ලස්සනට දෝංකාර දීලා වොයිස් එක මිහිරියට ඇහෙනවා ;)
Deleteමෙහෙම හිටියට අපිත් හොඳ ගායිකාවෝ තමයි ඈ !!!
ReplyDeletemaxa!
එහෙමද ?කියමුකෝ සින්දුවක් එහෙනම්
Delete“I couldn't help thinkin' if she was as far out o' town as she was out o' tune, she wouldn't get back in a day.”
ReplyDelete― Sarah Orne Jewett
+++++++
Deleteලස්සණට කියනවා යුග ගීය
ReplyDeleteඔයා ඒක අහලා ජීවතුන් අතරනේ එහෙනම් ශේප්:)
Deleteමෙන්න කතා!
ReplyDeleteඅර කිව්වා වගේ නාන කාමරේදී "රාජ සඟබෝ පිටදි දුගියාටා - නාන කාමරේ . . //" කියලා කෑගහන මොළේ මඥ්ඥං පොරක් මාත් කණ්නාඩියෙන් දැකලා තියෙනවා.
මම එක පාරක් දැක්කා කොහේ හරි ලියලා තිබුනා; හැම එකාටම සිංදු කියන්න දන්න එවුන් ඉන්න එකම රට අපේ ලංකාද්වීපයම මයි කියලා.
සමහර ගායක ගායිකාවෝ කියන අංජබජල් සිංදු හා කියන විදිය දැක්කාම අපි හොඳයි කියලත් හිතෙනවා.මම ගුටි කන්න බලා ගෙන ඒ ගැනත් කියන්නම්.
අහලා බලන්න සුනිල් එදිරිසිංහ එයගෙ"ඇසුවේද කවුරුණ්හෝ ඔබෙන් . . "ඔරිජිනල් සිංදුව. මේ කියන්නේ මුල්ම ගායනය ගුවන් විදුලියට කල! ඒකෙ අන්තරා කොටසේ "විඳි වේදනා - සතුටින් දරා - පැරදී ගියේ - කවුදෝ එයින් " කියන එකේ නියමිත රිද්මය නෑ! නිකං අන්තිම බස් එක මිස්වෙලා කනත්ත ගාවින් පයිං යන ගමන් කියනවා වගේ හදිසියක් තමයි පේන්නේ. එකසිය ගානට විස්වාසයි ඔයාට කියන්න පුළුවන් ඊට් හොඳට.
එයාම නිකං ඉන්න බැරුවට අමරදේව උන්නැහැ එක්ක කියනවා "පටු අදහස් නම් . . " ගීතය. අනේ ඒකත් නානවා රජයේ ඇමතියෙක් ගානට. හොඳින් අහන්න - බොරු නම් කියන්න!
අමරදේව මාස්ටර් එක්ක නනදා මාළණී ගෝකුළ අළුත් සී ඩී තැටියකට කියනවා අර "මුණි සිරිපා සිඹිමින්නේ . . . " ගීතය. නන්දාගේ පිච් එක අවුට්! මට මතක විදියට මේ සීඩී එකේ මුලට තියෙනවා කරුණාරත්න අමරසිංහගේ එළකිරි වන් හඳුන්වා දීමක්. අනේ එක දියාරුවෙනවා මේ ගීතය අසද්දී.
සෝමතිලක ජයමහ මමත් කැමති ගායකයෙක්. ඒත් කොයි එක බැලුවත් එකම තනුවකට වචන වෙනස් කරලා වගේ.
අමරසිරි පීරිස්: ඕනෑම එක සිංදුවක් අහන්න පුළුවන්. අනෙක් සියල්ල මළගෙවල් වල යශෝධරා වත කියවනවා වගෙයි. ඔහුගේ දෙපාරක් අහන්න පුළුවන් එකම සිංදුව "ගොවියාගේ හිත මිතුරා - ලංකෙම්" කියන එක විතරයි.ශෝකාලාප!
ඔන්න ඒ කාලෙ හොඳ ගායකයෙක් හිටියා අතුල සෝමසිරි කියලා. එයාට ලස්සන කතාවක් හදලා තිබුනා. මේ කතාව මං ඇහුවේ බී.බී.සියේ චන්දන කීර්ති බංඩාර ගෙන්. මම එයා කියපු විදියටම ලියන්නම්.
"ඔන්න බං ඔය ගායකයෙක් ඉන්නේ අතුල සෝම සිරි කියලා. පොරට ඕන උනාලු හොඳ සිංදුවක් කියන්න. මොකද බුවා කියල තියෙන්නේ
'උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි !' කියන එකනෙ.
ඉතිං මෙයා ගියාලු දවසක් උදේම ප්‍රේම සිරි කේමදාස මාස්ටර්ව හම්බෙන්න හොඳ සිංදුවක් හදා ගන්න.
ගිහින් එයාගෙ අවශ්‍යතාවය කිව්වාම මාස්ටර් කිව්වලු 'තමුසෙ එන 26 වෙනිදා අහවල් තැන ස්ටුඩියෝ ඒකට එනවා. එදාට රෙකෝඩින් එකක් තියෙනවා. මෙන්න මේ සිංදුවත් බලාගෙන. නොටේශන් එකත් මේං. ඔය සිංදුව යන්නේ
නර නා නා . . . . නරේන ආආආ නානා නානා වගේ බොඩ්ක් බලාන එනවා. මේක මේ කතාවේ කොල්ලගෙ අම්මා මැරිලා කොල්ලා කියන දුක්බර ගීතයක්. හොඳට හැඟිම් බරව ඇතුළින් එන්න ඕනෙ. හරි!?' කියලා මාස්ටර් අතපය අඹරවලා කිව්වාලු.
ඉතිං මචං අපේ ගායකයත් කොලේ බෝම පරිස්සං කරණ ගෙදර ඇවිත් 'නර නා නා . . . . නරේන ආආආ නානා නානා' සීන් එකේ සිංදුව දවසට දෙතුන් පාරක් කියව කියව ඉඳලා අදාල දවසේ රෙකෝර්ඩින් එක කරණ ස්ටුඩියෝ එකට ගියාලු.
මාස්ටර් යකා වගේ එහෙ මෙහේ දුව දුව ගේමලු. ඔකෙස්ට්‍රා එක ඒක ගහනවලු මේක ගහනවලු එක කෙලියයි ලු. ඔය සීන් එක ඔහොම යන අස්සේ අපේ අතුල සෝමසිරිත් රිංගුවා කියහංකො දොර ඇරගෙන ඇතුලට. ගිහින් ටිකක් එහේ මෙහේ වෙනකල් ඉඳලා මාස්ටර් ට කිට්ටු කරලා
'මාස්ටර් මම ආවා . . . .' කියලා . . ටිකක් වෙලා යන කොට මාස්ටර්ට මේ කවුද කියලා මතක් වුනා කියමුකෝ.
'හරි! කියනවා බලන්න. කෝ අර අම්මා මැරෙණ සීන් එකේ සිංදුවේ නොටේශන් එකේ ඉන්ට්‍රො එක ගහන්න ගන්න. නර නා නා . . . . නරේන ආආආ නානා නානා හරිනෙ'
මාස්ටර් ඔකේස්ට්රා එකට කියලා වැඩේ පටන් ගත්තලු. ඔකේස්ට්රා එකත් සිංදුවේ ආරම්භක සංගීතය ගහන්න ගත්තලු. මාස්ටරුත් ආවේස වෙච්ච කපුවා වගේ අතපය අඹරෝල මියුසික් කෑල්ල නැවතෙන කොටම අපේ ගායකයා දිහා බලලා අත්දෙකෙන්ම සිංදුව පටන් ගන්න සිග්නල් එක දුන්නලු. අතුල සෝමසිරිත් පටන් ගත්තලු.
....................................................................................................
හෝව්! හෝව්!! ඔහොම නෙවෙයි අයිසෙ ලයාන්විතව කියනවා මේක මේ මලගෙයක බැග්රවුන්ඩ් එකේ ප්ලේ වෙන්නේ. මාස්ටර් කෑ ගැහුවලු.
අනේ අතුලත් තව දෙතුන් පාරක් ට්‍රයි කලාලු. ම්හු! අතුල සෝම සිරිට උගෙ බර හඬින් ඒ සිංදුව කියන්න බැරි උනාලු. ඒ පාර මාස්ටර් අතුලට කිට්ටු කරලා මෙහෙම කිව්වලු.
'තමුසෙ එන 26 වෙනිදා මෙතනටම එනවා. එදාටත් රෙකෝඩින් එකක් තියෙනවා. එදාට තියෙනවා යකාගෙ අම්ම මැරිලා යකා කියන සිංදුවෙ රෙකෝඩින් එක. තමුසෙ ඇවිත් ඒක කියලා යනවා . . ' කිව්වාලු"
ගනං ගන්න එපා මේවා සියල්ල රසවත් කථාන්දර විතරයි.
කරුමෙක මහත කියන්නේ මමත් හිතාන හිටියේ මටත් සිංදු කියන්න පුළුවන් කියලා ලඟදි අහං හිටපු කෙනෙක් "අපෝ . . . . " කියන තුරා!
මම ඒත් දෙපාරක් කියෙව්වා මගේ පෝස්ට් එකේ කෑල්ලක්ද බලලා හැක්..ඒක හරි රසවත් කතාවක් තට්ටයෝ...අපි නම් හූ නොකා බේරෙනවා දැනට ...😂😂
Deleteසිංදු කියන්න පුළුවන් කියල හිතාගෙන ඉන්න මගේ යාළුවෙකුත් ඉන්නවා.හැබැයි මිනිහා කියන්නෙ නන්ස්ටොප් විතරයි.සහරා ෆ්ලෑෂ් බෑන්ඩ් එක මලවගෙන කන සිංදු මිනිහත් ඒ විදිහටම කනවා යකඩ කවකටු පෙට්ටියකුයි පෑන්දෙකකුයි තිබුණම.සහරා ෆ්ලෑෂ් එකේ තුෂාර ජෝ කියලා ගායකයෙක් ඉන්නවලු පොරතමයි මිනිහගෙ ප්‍රියතම ගායකයා.
ReplyDeleteSmule එකේ දහ පාරක් රෙකෝඩ් කරලා හොදම එක දානවා මිසක් එක පාර කිව්වොත් ලග පාතින් යන මැස්සෙක් හරි සිහිමුර්ජා වෙනවා හඬට😂😂😂
Deleteලස්සනට ගයනවා.(හෑන්ඩ්ස් ෆ්‍රී ගහන් මයි ඇහුවේ..) අසාර්ථක ඉදිරිපත් කිරීමෙන් පස්සේ අධ්යර්යමත් නොවී ගත්ත උත්සාහයේ ප්‍රථිපල නේද.
ReplyDeleteතුම් පාස ආයේ කියද්දි හිනා වුණ ගමේ ඈයොන්ට විතරක් නෙවේ උත්සාහ කලොත් මුලු රටටම දවසක කිඹුලිගේ සිංදු අහන්න පුලුවන් වේවිනේ. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 😃
ස්තූති මගේ සින්දුව අහලා ඔයත් ජීවතුන් අතර ඒ ගැන සතුටුයි පොඩි හීනයක් තියෙනවා සිංදුවක් කියන්න බලමු ඉතින් නේ....ආ මම ඔයාගේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තා ඒක මරු😍
Deleteඒක ලොකු සතුටක් වගේම දිරියක් මට..ස්තූතියි කිඹුලී.. 😍
ReplyDelete