Sunday, June 23, 2019

114.හීන වලට පණ දෙමින්


   ජීවිතේ ආසම හීන  ලං කර ගන්න පුලුවන් උනේ උනන්දුව උත්සහය නිසා කියල මට හිතෙනවා..අවුරුදු 14 දී මම හිතුවා කෝම හරි 18සම්පුර්ණ වෙද්දී ඩ්‍රයිවින් ලයිසන් ගන්නවා කියලා ඉතින් o/L කරලා ගෙදර ඉන්න කාලේ මම කලේ ලර්නස් ගිය එකයි ග්‍රැෆික් ඩිසයින කෙනෙක් වෙන්න හිතාන කම්පියුටර් ක්ලාස් ගිය එකයි විතරයි... ලයිසන් එක නම් හිතපු විදිහට අවුරුදු 18යි සතියක් වෙද්දී ගන්න පුළුවන් උනා...

ඒත් ග්‍රැෆික් සයිඩ් එකේ ඉස්සරහට යන්න බැරි උනේ ලංකාවෙන් මුහුදු හතක් පනින්න උන නිසයි...ඒත් මම කවදාවත් ඉගෙන ගන්න එක අතැරියේ නෑ මුල් කාලේ පොඩි පොඩි මුදල් ගෙවලා youtube එකේ නැති එඩිටින් ටූල්ස් ගැන වීඩියෝස්   අධයනයක් කලා...ඒ අතර විඩියෝ එඩිටින් පැත්තක් ටිකක්  උනන්දුවෙන් ඉගෙන ගත්තා..නොදන්න දේවල් facebook  එකේ ග්‍රැෆික් කරන අයගෙන් අහ ගත්තා...

ඔහොම කාලය ගෙවිගෙන යනකොට මට පැය 13 ක් විතර වැඩ කරන්න ජොබ් එකක් ලැබෙනවා 2008 වගේ ඊට පස්සේ අර ආසාවෙන් කරපු සේරම අතැරිගෙන යනවා...ඒ හීන සේරම තාවකාලිකව පැත්තකට තියලා මම  අවුරුදු 10 විතර කට්ටක් කනවා ජීවිතේ හොඳම කාලේ ජීවත් වෙන්න මනුස්සයෙක්ට ඕන කරන හැමදේම සම්පුර්ණ කර ගන්න මහන්සි වෙලා ගිය අවුරුද්ද වෙද්දී මගේ ටාගට් සේරම සම්පුර්ණ වෙනවා...

ඉතින් මේ දැන්  ගෙවෙන්නේ ජීවිතේ හොඳම කාලය කියලා හිතෙනවා...ආයෙමත් අතැරුන හීන අල්ලන්න කාලය ඇවිත්...ජීවිතේ ආයෙමත් හීන හැබෑ කර ගන්න අවස්ථාවක් ඇවිත්...මම ආයේ ෆ්‍රැෆික් ගැන ඉගෙන ගන්න ගත්තා ....ඒ වගේම විඩියෝ එඩිටින් කරනවා....හැබැයි මගේ ලැප මලගම් ගියාට පස්සේ අයිපෑඩ් එකයි හබීතුමා ගිය දෙසැම්බර් තෑගි දුන්න ඇපල් xr එකයි තියෙන්නේ.....ඉතින් මම xr එකෙන් මගේ වැඩ කරන්න පටන් ගත්තා....වැඩේ හිතුවට වඩා සාර්ථකයි....

මම 'ම ලියලා...මම'ම වොයිස් රෙකෝඩ් කරලා....එඩිට් කරනවා කියන සතුට කියලා නිම කරන්න බෑ....
මම කරපු පොඩි වැඩ ටිකකුත් දාන්නම් බලන්න...ජීවිතේ හීන හැබෑ කර ගන්න පුළුවන් හරි කාලය අදුන ගැනීමයි වැදගත්....මැරෙන්න කලින් පොතක් ලියන්න ඕනේ ඒකේ කවරේ මගේ අතින් හදන්න පොඩි පහේ හීනෙකුත් තියෙනවා...හැබෑ වෙයි කියලා හිතනවා...






පොඩ්ඩගේ බෞතීස්ම දවසේ මම හදපු  ආරාධනා පත්‍රය
හබිතුමාගේ බිස්නස් එකේ කටවුට් එකක්
පහල එඩිට් නම් rehabilitation hospital එකේ  වැඩ කරන යාළුවෙක්ගේ staff එකේ විශ්‍රාම ගිය දෙන්නෙක් වෙනුවෙන් හදපු ඒවා.... 



මේ සේරම වල විශේෂත්වය මේ සේරම ෆෝන් එකෙන් එඩිට් කරපු ෆොටෝ වීම.....හරි සීරුමාරුවට කරන්න ඕන නිසා සමහර පින්තූර දවස් 20 ක් විතර හෙමීට එඩිට් කරන්න ඕනා...එපා වෙන්නේ නෑ ආසාවෙන් කරන නිසා....

මේ අද කරපු අලුත්ම වැඩේ...හිතුන වචන ටිකක් ලියලා කරේ පැයකින්..ඉස්සරහට මීට වඩා හොදට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.




13 comments:

  1. කාටත් කරදරයක් නැතිව... මඩ කාල ජීවත් වෙන කිඹුලිට කොහොමත් වරදින්න විදිහක් නෑනෙ..

    ඉදිරියටත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී පවන්...ජය වේවා!!

      Delete
  2. ඇත්තටම, ජීවිතේ හීන හැබෑ කර ගන්න පුළුවන් හරි කාලය අදුන ගැනීමයි වැදගත්. උත්සාහයෙන් කැපවීමෙන් පාට කරපු හීන නිහතමානීව හැමෝටම අහන්න දකින්න සලස්වන එකත් ලොකු පිනක්. නැගිටින්න පටන් ගන්න කෙනෙක්ට.. පැරදිලා කියලා හිතන් ඉන්න කෙනෙක්ට.. අතරමන් වෙලා ඉන්න කෙනෙක්ට.. තව කෙනෙක්ගේ සාර්ථකත්වයේ කතාවක් ලොකු දිරියක් වෙන්න පුලුවන්. ලස්සන නිර්මාණ ටිකක්..

    ReplyDelete
    Replies
    1. මේ කතාව ලිව්ව තරම් ලේසී උනේ නෑ සේරම බැලන්ස් කරන් එන්න...ඔය හැම තැනදීම අනන්තව වැරදිලා පැරදිලා තමා මේ තරම් දුර ආවේ....ඒ වැරදිච්ච පැරදිච්ච තැන් වෙනම ලිපියකින් ලියන්න ඕන නිසා අදට පැත්තකින් තිබ්බා...බොහොමත් ස්තූතී තිලිණියෝ...

      Delete
  3. හීන වෙනුවෙන් වැඩ කරොත් කවදාවත් වරදින්නේ නෑ . අලුතෙන් දෙයක් තනියම ඉගනගෙන ඒ තුලින් යමක් කරන්න පුළුවන් නම් ජිවිතේ සතුට තියෙන්නේ අන්න එතන .

    ඔයාගේ නිර්මාන ලස්සණයි , පිළිවෙලයි .

    ඉතින් ජයවේවා ඔබට !

    මේ මම අවුරුදු දෙකකට කලින් ලිව්වා ලිපියක් . වෙලාවක් ලැබුනොත් කියවන්නකෝ .

    https://magelokaya01.blogspot.com/2017/10/blog-post_80.html

    ReplyDelete
    Replies
    1. ස්තුතී කලණ මම ඔයාගේ බ්ලොග් එක පහු ගිය ටිකේ වෙලා ලැබෙන විඳිහට කියවන් එනවා

      Delete
  4. “Without leaps of imagination or dreaming, we lose the excitement of possibilities. Dreaming, after all is a form of planning.”
    ― Gloria Steinem

    ReplyDelete
  5. හරිම ලස්සනයි කිඹුලි. ෆෝන් එකෙන් කළා කිව්වම! තව තවත් ලස්සන නිර්මාණ බිහි වේවා කියලා පතනවා. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතී මයුරු....මාත් ඔය හැම එකම කරලා පුදුම වෙනවා මම මද කලේ කියලා ජය!!

      Delete
  6. ඔන්න මමත් ගොඩ උනා එහෙනම් මේ පැත්තට...ග්‍රැෆික් ඩිසයින් කියන්නෙ මමත් ඉගෙන ගන ආසම දෙයක්. මොකද මගේ කයි කතන්දර ලස්සනට හදා ගන්න ඒක ඕනම දෙයක්. ඒත් වැඩේ කියන්නේ හබියා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙච්ච නිසා උන්දෑටම මගේ වැඩ පවරලා නිකා ඉන්නව මිසක් ඕක ඉගෙන ගන්න හිතෙන්නෙ නෑ.
    ඔයාගේ මේ වැඩනම් ලස්සනයි නීට්...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් මේ පැත්තට...ග්‍රැෆික් වල ඉගෙන ගන්න ලොකු දෙයක් නෑ සඳ මුලික ටික දැන ගත්තම වෙන්න ඕන විදිහ දැනෙනවා

      Delete
  7. ලස්සන නිර්මාණ කිඹුලි. සුබ පැතුම්!

    ReplyDelete
  8. පූවෝ ස්තූතී...ජය!

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!