Monday, July 8, 2019

116.කට හඬ බල්ලෝ කෑවා වගේ

      මගේ හඬ එක්ක මගේ අතීතේ බොහොම කුජීත මතක වලින් පිරුන එකකි...සින්දු කියන්න ගොස් නාගත් සීන් එක මම මීට පෙර ලියා ඇත..ඒත් මොන බාධකේ ආවත් අපි ආස දේ එපෑ කරන්න...ඇත්තටම මගේ කටහඬ බල්ලෝ කෑවා වගේ උනාට කිසිම ස්ටූඩියෝ එකක ෆිල්ටරින් එකක් නොකර හඬ වෙනස් කර ගන්න පුළුවන් වීම ගැන නම් නොපෙනෙන බලවේග වලට ස්තූතී කරන්න ඕනේ...
     වචන ටිකක් ලියන් ඒක දහ පාරට වඩා රෙකෝඩ් කරගෙන හොදම තත්වයෙන් රෙකෝඩ් කර ගන්නවා කියන්නේ අවුරුදු දෙකයි මාස 2 ක පොඩි එකෙක් ඉන්න ගෙදරක ලොකු දෙයක් නේද ? ගොඩක් වෙලේට පොඩ්ඩා නිදා ගන්න වෙලේට රෙකෝඩ් කරන වැඩේ තියා ගන්නවා...රෑට පොඩ්ඩා නිදා ගත්තම සවුන්ඩ් බැලන්ස් කරලා එඩිට් කරනවා...හිත ඇත්නම් පත කුඩාද කියන්නේ මේ වගේ දේවල් වලට වෙන්න ඇති....
   මගේ ජීවිතේ මට ලැබෙනවා නම් ආසම රැකියා දෙකක් තමා එකක් මේ එඩිටින් වැඩ දෙවෙනි එක තමා ඩ්‍රයිවින් ජොබ් එක....ඩ්‍රයිවින් ජොබ් එක ගැන පසුවට ලියන්නම්
      ඇත්තටම ලැප් එකක් ගන්න උවමනාව තියෙනවා ඒත් මම කැමති ඔප්ෂන් තියෙන ලැප් එක ටිකක් මිල අධිකයි ඒ නිසා පොඩ්ඩක් බ්‍රේක් කරන් ඉන්නවා ඒ උනාට iphone XR කියන්නෙත් ලැප් එකකට දෙවෙනි නැති ෆෝන් එකක්. මේ වොයිස් වැඩේ අතර තුර දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ඉල්ලීම පරිදී ප්‍රේක්ෂකයෝ අතරට නොගිය සින්දු හොයන්...විශුවල් දාලා ඉදලා හිටලා සින්දුවක් දෙකක් එඩිට් කරනවා...


මේ කිසිම දේකට මට සත පහක් ලැබෙන්නේ නෑ ඒත් මම ලබන ආත්මතෘප්තිය කියලා නිම කරන්න බෑ...සල්ලී වලට ගන්න බැරි හිතේ නිවීමම මේ දේවල් වලින් ලැබෙනවා ..පොඩි ආඩම්බරේකින් මේ සටහන තියන්නේ කවදා හරි පුතා දැන ගනී අම්මා මොනාද කලේ කියලා මේවා ලොකු මතක සටහන් තව අවුරුදු ගානකින්...

පහලින් මම කරපු වොයිස් විඩියෝ තියෙනවා බලන්න....
Youtube වීඩියෝ බලන්න

17 comments:

  1. Nice, will listen more and comment later (in the office now)

    ReplyDelete
  2. I've always wanted to be a director; it's just how my mind has always worked. If I hear music, I see music videos and all the shots and setups to edit it all together. If I interact with a person, I'm seeing a whole scene come to life.
    - Noel Wells

    ReplyDelete
  3. මොකද අනේ බල්ලෝ කාල වගේ කියන්නෙ. මේ තියෙන්නෙ අපූරුවට.

    ReplyDelete
    Replies
    1. ඒ මං අහද්දී බල්ලෝ කලා වගේ ඇහෙන්නේ😂😂

      Delete
  4. මේ ගායනය නියමයි . තවත් මේවගේ දේවල් කරන්න . ඇත්තටම පස්සේ කාලෙක ළමයින්ට වගේම තමන්ටත් මේවා අහලා බලලා සතුටු වෙන්න පුළුවන් .

    ReplyDelete
    Replies

    1. බොට ඒක ගායනයක් වගේද ඇහුනේ....හයියෝ

      Delete
  5. බල්ලන්ට අපහාස කිරීමෙන් වලකින්න!

    ReplyDelete
    Replies
    1. ඌප්ස් ඇත්ත ඇත්ත...බල්ලන්ගේ හඬ මීට වඩා හොදයි😂😂

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!