සුන්දර උදෑසනක්....රස්නේ එන්න එන්නම වැඩි වෙනවා...වෙලාවකට මේ රස්නේ දරා ගන්න බැරුව හරියට කල්පිටියේ කරවල වගේ වේලෙනවා...බෝට්ටුවක් වගේ නැවක් හෑ එහෙම එකකට කියන්නේ මොකක් කියලද අනේ මන්දා දහා දොලොස් දෙනෙක්ට දෝ යෑව හැකි බෝට්ටුවක් වගේ නැවක්....ඔව් කිඹුලියෙක් හා හා පුරා කියලා සමර් එකකට ලංකාවට නොගිය අවුරුද්දක් කාපු හොදම කට්ටක් ......ඔන්න ඔහොම හිත හිත ඉද්දි ආව සද්දයක්....ජබෝස්.....
හින ලෝකෙක හෙන සාදයක් දාගෙන හිටිය මන් වට පිට බැලුවා ....දෙයියනේ දිය කිඳුරෝ,කිඳුරියෝ රොත්තක් තැඹිලි පාට බෝලෙකින් දිය බුන් ගහන ගමන් සෙල්ලම් කරනවා....හරියටම අලුත් මාළු කුරියෙක් කරවල කරන්න අව්වට දැම්මම ඌගේ ඇස් දෙකට වෙන විදිහට මගේ ඇස් කාන්තිමත්ව දීප්තීමත්ව බබලනවා.....ට්‍රින් ට්‍රින්........කෝල් එකක්,,,,හිකිස් නෑ බොරුවක් මුද මැද කොයි ෆෝන් වලට සිග්නල් පොඩි කිඳුරු පැටව් ටිකක් බෝට්ටුව වගේ නැවේ සෙල්ලම් කරනවා....කිඹුලි හෙමිට කිට්ටු කරා ලාවට පැණි හිනාවක් දාලා. එතනින් මං ලගට ආව පොඩි කිඳුරු පැට්ටෙක් මෙහෙම අහනවා.
"ඔයා නාන්න මුහුදට පනින් නැද්ද"
"නෑ"
"ඇයි යේ"
"මම බයයි"
"ඇයියේ බය"
දැන් ඉතින් දීපල්ලකෝ උත්තර,(ඇයි හත්වලාමේ පොඩිම කාලේ උස් වැවේ ගිලිලා මැරෙන්න ගිහින් යන්තම් පින් පෙට්ටියේ බර නිසා ජිවිතේ බේරුන මම පනීද මුදේ)
"ගිලෙයි කියලා"
"එහෙම වෙන්නේ නෑ,ඔයා අර ටයර් එකක් හරි,සේෆ් ජැකට් එකක් හරි දාගෙන පනින්න"
හ්ම්ම්ම් ,,,,,,මම හිනා උනා.....
"හරි එහෙනම් ඔයා ලෑස්ති වෙන්න අපි එක්ක මුහුදට පනින්න"
(හෑ මේ පොඩි උන් එක්ක ගණුදෙණු තියා ගන්න එපා කියලා අපේ ගෙදරින් නිතරෝම කිව්වා ඒ නාහපු එකේ ප්‍රතිඵල හයියෝ......)මම හිතද්දි පොඩි එකා තදියමේ
"කෝ ඉතින් ලෑස්ති වෙලා එන්න"
"මං කියන්නම් ඔයාල අදට යන්න මං හෙට එන්නම්"
"අනාආආආආආ ප්ලීස් එන්න"
(පොඩි උන් එක්ක ඉද්දි පොඩ්ඩක් කපටිස් වෙන්න ඕනා )ඔව් මන් හිතුවා
"හරි....ඔයාල අදට යන්න මන් ඔයාලට සප්‍රයිස් එකක් දෙන්න පොඩි වැඩක් කරනවා ඒක ඉවර කරන්න බැරි වෙනවා ඔයාලා එක්ක මම ආවොතින්"
කිඳුරු,කිඳුරි පැට්ටෝ දෙතුන් දෙනා ඇස් ලොකු කරලා මන් දිහා බැලුවා.....හරියට අහිංසක පූස් පැටව් රොත්තක් වගේ...හෙමිට මන් මේ අයගෙන් ගැලවිලා ආවා කියමුකෝ දැන් හිතහල්ලකෝ මුන්ට දෙන සප්‍රයිස් එක,මම දා හතේ ඉරට හැතැප්මයක් දුර තියලා බෝට්ටු පත්තක අන්තීම කොනේ ඉදලා මීටරේ පැයට සැතපුම් කෝටියට කරකවනවා...මේ කෙහෙල්මල් බෝට්ටුවේ මොනා දෙන්නද මුන්ට...බොරුවක් කියලා ගැලවුනත් මම අකමැතිම දේ තමා පොඩි එව්න්ව රවට්ටන එක ...හයියෝ.......රයිට් ආවා අයිඩියා එකක් කලා පොඩි වැඩක් දැන් පොඩි සෙට් එකට දෙන්න සප්‍රයිස් එක හරි......
දවල්ට හෙම කෑවා, මොනාද ඉතින්...හැමදාම වගේ වයසක සැට් එක බිලි බාපු ,දැල් දාපු මාළු ලුණු වතුරෙන් හෝදලා...(තුක් ඉතරක් මීට වඩා හොදයි නොකා ,නොබී ඉන්නවා)......හැමදාම කෑම කන වෙලාවට මට මතක් වෙන්නෙම ඉතාලියට බෝට්ටුවේ ආව මිනිස්සු කොහොම එන්න ඇද්ද කියලා,ඒ විතරක්ද ටික කාලෙකට ඉහතදි සෝමාලියන් කොල්ලකරුවන්ට අහු වුන ලංකාවේ ධීවරයෝ කොහොම පිටි ලුණු වතුරෙන් අනලා රොටි හදන් කෑවද කියලා,හෑ ඒ විතරක්ද කොලොම්බස්ගේ කාලේ මුහුද මැද කොච්චර සීන් වෙන්න ඇද්ද....හම්ම්මේ හිතපු දුර පඳුරක් තැලුවා රයිට්....අන්න හවස් අතේ පොඩි කිඳුරු පැට්ටා ආයෙත් මං ලගට ආවා.........
"කෝ,අපිට දෙනවයි කිව්ව සප්‍රයිස් එක"
"ආ මන් එහෙම දෙයක් කිව්වද"
"අනාආආආ කරුණා කරලා දෙන්නාආආආආආඅ"
"හ්ම්ම්ම්ම්, එහෙනම් අනිත් අයවත් එක්කගෙන මෙතන්ට එන්න ,මම ගිහින් ඒ දේ අරන් එන්නම්"
බෙල්ලේ එල්ලිගෙන හිටිය පොඩි කිඳුරු පැටියා දිව්වා.මම හෙමින් පඩි පෙළ බැහැලා,කැබින් එකට ආවා...සප්‍රයිස් එකට හදපු දේවල් ගෙනියන්න.....
මම කැබින් එකේ ඉදන් උඩට එද්දි පොඩි කිඳුරු,කිඳුරි පැටව් කට්ටියම ඇවිත් බලන් ඉන්නවා.......මගේ අතේ තිබුන උරේ මන් හංගගෙන......
"හරි දැන් ඔයාලා ඇස් වහා ගන්න"
පොඩි උන් ටික දඩස් ගාලා ඇස් වහා ගත්තා...මං හෙමිහිට උරේ ඇතුලේ තිබුන දේවල් ටික බිම දැම්මා...
"හරි පොඩ්ඩනේ ඇස් අරින්න"
පොඩ්ඩෝ ටික ඇස් ඇරියා... හැමෝම පුදුමෙන් වගේ පුංචියට හදලා තිබුන ඔරගාමි මාළු,ගෙබ්බෝ,බෝට්ටු,රොකට්,කුරුල්ලෝ අතට අරන් හරව ,හරව බලද්දි මං පැත්තක ඉදන් පොඩ්ඩන්ගේ ඒ ඇස් වල තිබ්බ සතුට දැක්ක......හැබයි ඉතින් අන්තීමෙට සේෆ් ජැකට් දාගෙන මුහුදට පනින්න නම් සිද්ධ උනා...මොනා උනත් ආයේ සමර් එකකට නම් මලාට වැඩ කරන්නේ නෑ කලින් අවුරුදු වල වගේ ලංකාවට එනවා මිස......ඔන්න ඔහොම ලු කිඹුලි සමර් එකේ වැඩ කලේ..
ප.ලි. කිඹුලි ගෙදර එද්දි කට්ට කරවල ගානට වේලිලා,වේලිලා ආවා කියමුකෝ කොණ්ඩේ නිකම් වේලිච්ච පොල් කොළ ගානයි පස්සේ ඉතින් ලාස්සනට වවාගෙන ආව කොණ්ඩේ කොටට කපන්නත් සිද්ධ උනා මේ මුහුදු ගමන නිසා....හැබැයි වැස්ස වලාවක දෙවියෝ මට අනුකම්පා නොකරන්න හදිස්සියේ ගෙදර එන්න වෙන්නෙත් නෑ එහෙනම් අනිවා කිඹුල් කරවල කන්න තිබුනා හැමෝටම මදි නොකියන්න... ඔව් :D
















