Monday, March 18, 2013

09.මගේ ලෝකයේ උතුම් මිනිසා ..

(පප්පා :අම්මාගේ තාත්තා)
මම ඉස්සර මොන්ටිසෝරි යන්න හරි හොරා මට මොන්ටිසොරියේ ඉන්න හරිම බයයි මම අදටත් දන්නේ නෑ ඒ ඇයි? කියාලා. ඒ දවස් වල පප්පේ ඔයා මට පුට් සයිකලේ පැඩල් එකේ හිට ගන්න දිලා බයිසිකලේ තල්ලු කරන් 1km විතර දුර මොන්ටිසෝරි එක්කන් ගිහින් ඇරලා මන් අඩන නිසා මොන්ටිසොරි ඉවර වෙනකම් මට පේන දුරින් කට්ට අවුවේ ගහක් යට ඇන තියාගෙන සුරුට්ටුවකුත් පත්තු කරගෙන හිටිය මට අද ඊයේ වාගේ මතකයි,ඊට පස්සේ ගෙදර එද්දිත් මට පැඩල් එකේ හිටගන්න දිලා සෙරප්පු දෙකක් නැතිව කකුල් පිච්චි පිච්චි මාව පරිස්සමින් ගෙදර ගෙනත් ඇරිය ඔයාට මන් ජාති ජාතිත් ණයයි පප්පේ .
දක්ශ වඩුවෙක්,දඩයක් කාරයෙක් උන ඔයා අන්ත දුප්පත් තත්වෙට වැටුනේ බීමත් කමට වඩා මුදල් නොගෙන වැඩ කරපු නිසාලු මන් ඒ ගැන නොදන්නවා උනාට ඇත්ත වෙන්න ඇති පප්පේ,ඔයා මිනිස්සුන්ට නිකන් වැඩ කරලා දෙනවා මන් කිහිප විටක්ම දැකලා තියනවානේ. කෙල්ලෝ 7 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් උන ඔයා කොච්චර ආර්ථික අග හිගකම් තිබුනත් කවමදාවත් එයාලව බඩිගින්නේ තියලා නැතිලු අම්මා ඒ දවස්වල නිතරම කිව්වා,ගෙදර කන්න මොකුත් නැති දවසක ඔයා කොස් ගෙඩියක් ගහකින් කඩලා තම්බලා අම්මාලාට කන්න දුන්න කතාව,ඒ කතාව මතක් වෙන වාරයක් පාසා පප්පේ ඔයා ගැන් මගේ හිතේ තියන ආදරේ,ගරුත්වය තව තවත් වැඩි වෙනවා
90 දශකයේදි රුපියල් 5ක අරක්කු ටිකක් බීලා ආව ඔයාව ලොකු අම්මට(අම්මාගේ අම්මා) ඇනයක් උනාට මට එහෙම දැනුන් නැත්තේ ඔයාගෙන් කාටවත් කරදරයක් නැති නිසායි.සුදු සරමයි,කමිසෙයි ඇදගෙන හැම ඉරිදම පල්ලි ගිහින් ඔයා අපේ ගෙදර ඇවිත් අඩියක් ගහලා,නාලා කෑම එහෙමත් කාලා ඔයා තරුණකාලේ දඩයමේ ගිය හැටි ගොඩක් ආඩම්බරේන් මාත් එක්ක කියව කියවා හිටපු ඒ සුන්දර කාලේ ආයේ එන්නේ නෑ කියලා දැනෙද්දි හිතට දැනෙන දුක අනන්තයි අප්රමාණයි.
2005 දී ඔයා ගෙවල් ලග කෙනෙක්ට බඩු වගයක් ගේන්න කඩේට ගිය වෙලේ රේල් පාර මාරු වෙද්දි බයිසිකලය ගලක් උඩින් ගිහින් රේල් පිල්ලේ ඔලුව වැදුන දා ඉදන් ඔයා ඔත්පල වෙන්න ගත්තා,ඔයාට අමාරු වෙලා රෝහලකට ගෙනියන්න කවුරුත් හිටියේ නැති දවසක මම අම්මාවත් දාගෙන වාහනය ඩ්රයිව් කරේ ඔයා ගැන මගෙ හිතේ තිබුන අප්රමාණ ආදරයත්,හිතේ හයියත් නිසායි (මම රියදුරු බලපත්ර අරන් සතියයි)එදා ඔයාව රොහලේ නතර කරාම දොස්තරලා කිව්වේ ඔලුවේ ලේ කැටයක් හිර වෙලා කියලා.දවස් 2ක 3කින් ඔයාව ඔපරේෂන් කලා ඊට සතියකට පස්සේ මට ඔයාව බලන්න එන්න පුලුවන් වුනේ ....ඒ දවස් වල උ.පෙ. ලියන්න ක්ලාස් යන නිසයි., පප්පේ හැමෝම කිව්වා පප්පා පිස්සුවෙන් දොඩවනවා කියලා.එත් මන් විශ්වාස කලේ නෑ.එත් ඇදේ අත් දෙක බැදලා, මොනවාදෝ දෙඩෙව්ව ඔයාව දෑකලා සත්තයි මගේ කකුල් පන නැති වුනා.මුලු ලෝකෙම එක විනාඩියක් නැවතුනා වගේ දැනුනා.ඒදා පප්පාට කෑම කවන්න තරම් මම වාසනාවන්ත වුනා.ඒ අනපු හැම බත් කටකම තිබුනු ආදරේ වචන වලින් විස්තර කරන්න බෑ
2006 අවුරුද්දේ අවසානයේ ඔයා මගේ වෙඩින් එකට පහන පත්තු කරන්න කෙලින් කටින් හිටියා.ඇත්තටම මම වාසනාවන්තයි.පප්පේ ඔයාගේ ආශිර්වාදය මට ලැබුනා.මම අන්තිමෙට ඔයාව දැක්කේ 2007 මම ල0කාවෙන් පිට වෙන්න කලින්,,,,,,2008.06.02 මම ල0කාවට එන්න දවස් 22 කට කලින් ඔයා අවසන් හුස්ම හෙලුවා,කියලා
:::ඇයි පප්පේ මන් එනකම් තව පොඩ්ඩක් ඉන්න බැරි වුනේ?"
ඔයාගේ සොහොන් කොත බලන්න යන හැම පාරම මන් ඔයාගෙන් අහනවා එත් තාමත් උත්තරයක් නෑ.
ඉතින් මගේ ලෝකයේ උතුම් මිනිසා .....,සුදු පප්පේ......ඒ ඔයයි,ඔයා මේ ලෝකයේ කොහේ හරි ඉදන් මේ බ්ලොග් එක බලන් ඉන්නවා කියලා මන් හිතනවා,ඔයාගේ මතකය මේ වචන වලට වඩා නම් ලොකුයි .ඔයාගේ මතකය,ඒ අසීමිත ආදරය හැමදාම මා ලග තියේවි ....
************* පප්පේ ඔයාට නිවන් සුව පතමි!**************



Saturday, March 9, 2013

08.මව්පිය වරම් ලැබ නේක දුක් විද ......

මව් වරම් ලැබ නේක දුක් විද
මේ ලොවට බිහි කර
නිදා නොනිදා නේක ආදර පිරි හදින් මා හැදු වැදු
මා සදාදර මෑණියනි..................
පිය වරම් ලැබ නේක දුක් විද
ලේ දහඩිය වගුරුවා මා කුස පුරවා උස් මහත් කර
සැමදා සැපෙන් පිරි දිවියක් උදා කර දෙන්නට වෙහෙස වු
මා සදාදර පියාණෙනි...................
නාස් පුඩු වෙතින් ගිලිහෙන
හුස්ම වාරයක් පාසා
මා ණයගැති
ඒ උතුම් වු කරුණා ආදරයට............






Thursday, March 7, 2013

07.ඇන්ටනාව දිගේ වහලයට....

ශානුගේ විශ්මලන්තයේ තවත් අමතක නොවන සිදුවිමක දිග හෑරිමකි මේ ...........
ඔයාලා මගේ කලින් ලිපි කියෙව්වා නම් මතක ඇති ශානුට ගොඩක් හිටියේ පිරිමි යාලුවෝ කියලා,, 
ඔන්න ඉතින් ඉස්කෝලේ නිවාඩුව පටන් ගත්තා. මමයි, නෑදෑ මල්ලිලා කට්ටියකුයි, ඒ මල්ලිලාගේ යාලුවොයි ක්‍රිකට් ගහන්න සෙට් උනා. අපේ ගෙදර ඉස්සරහ ලොකු ඉඩක් තිබුනා සෙල්ලම් කරන්න ඒ නිසා හෑමෝම අපේ ගෙදරට එන්න පුරුදු වෙලා හිටියා.ඔන්න කට්ටිය සෙල්ලම් කරන්න පටන් ගත්තා කරුමෙක මහත කියන්නේ පළවෙනි පහරෙන්ම බෝලේ ගිහින් වහලේ උඩ හිර උනා.එදා ගෙදර හිටියේ අම්මා විතරයි , ඉනිමග ගෙනල්ලා වහලෙට නගින්න බෑ ,අම්මා දෑක්කොත් විසුමක් වෙන්නේ නැති නිසා අනික ඉනිමග බරත් වැඩි.....
දැන් ඔක්කොමල්ලා කල්පනා කලා කොහොමද?වහලේ උඩට යන්නේ කියලා. ඔය අතරතුරේ මට ඇන්ටනාව දිගේ වහලෙට යන්න පුලුවන්නේ කියල මතක් උනා.එතන හිටිය ලොක්කා මම නිසා මහාදෑන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ ඇන්ටනාවට කිට්ටු කලා. අම්මා එනවද? ඔත්තු බලන්න මල්ලිලා 2 නෙක් තියලා මම ඇන්ටනාවට නගින්න ලැස්ති උනා(ඔන්න මන් ඒ දවස් වල ඉදලම ගවුම්,සායවල් ඇන්දේ නෑ ඒ නිසා හොදට ගියේ නැත්තන් :ප්) ඇන්ටනාව තිබුනේ බාත් රූම් එකට ඇලි ගැලි,අනික බාත් රූම් එකේ වහලේ කොන්ග්‍රිට් ,ගෙදර වහලේ තරම් උසත් නෑ .
සියල්ල සුදානම්...... ඇන්ටනාව දිගේ කිසිම ආබාධයකින් තොරව වහලේ උඩට ගිහින් බෝලෙත් අරන් බහින්න හදනකොටම අම්මා කතා කරා මම බැනුම් අහන්න බය වෙච්ච පාර ග්‍රිස් ගහෙන් ලෙස්සනව වගේ බිමට ආව වේගයට මගේ කකුලේ ඇගිල්ලක් අඹරුනා වගේ දැනුනා. ඒ වෙලාවේ මල්ලිලා ඉස්සරහා විරයෙක් (පොරක්) වුන මට ලැජ්ජා වෙන්න බැරි නිසා ඇගිල්ලේ වේදනාව පෙන්නන්නේ නැතුව ( අම්මා කතා කරලා තිබුනේ තේ බොන්න) අයෙත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. විනාඩි 5ක් ගියෙත් නෑ ඇගිල්ල පුපුරන්න වගේ කෑක්කුම හිටගෙන ඉන්නත් බැරි තරම්, එදා තරග විනිසුරු වෙලා සෙල්ලම් නොකර ඉදගෙන හිටියා.
එදා නම් අම්මා ඉන්න තැන බයටම කෙලින් ඇවිද්දා. ඒත් වේදනාව එන්න එන්නම වැඩි උනා,රෑ නින්දෙදි අන්තිමෙට නොදැනුවත්වම කෙදිරි ගාන්න වුන නිසා අම්මටයි,තාත්තාටයි විස්තරේ කියන්න සිද්ද වුනා. ඒ වෙනකොටත් ඇගිල්ල හොදටම ඉදිමිලා. අම්මලා මාව ඉක්මනින්ම බෙහෙත් ගන්න එක්ක ගෙන ගියා. එස් රේ (x-රය්) එකේ තිබුනේ ඇගිල්ලේ අස්ථිය පලුදු වෙලා කියලයි. අම්මා දොස්තරට වැටුන විදිහ,වේලාව විස්තර කරද්දි ... දොස්තර මන් දිහා බලන් හිනා වෙවි.......
***ඔයා යක්ෂ බබෙක් නේ " කිව්වා ඊට පස්සේ ප්ලාස්ටර් ගහගෙන ගෙදෙර ආවා. ඒත් අම්මයි,තාත්තායි මට බැන්නේ නෑ එහෙම උන එකත් හොදයි. නැත්තම් : ගහෙන් වැටුනු එකට ගොනා ඇන්නා වගේ; නේ..................
ඉතින් මාස ගානක් කෙලින් ඇවිදින්න බැරුව,ඉස්කෝලේ යන්න සපත්තු දාන්න බැරුව දුක් වින්ද නිසා ආයේ කවදාවත් ශානු ඇන්ටනාව දිගේ වහලේට නැග්ගේ නෑ.....

ප.ලි. ඒ විතරක්ද මා විසින් ගස් උඩ අට්ටාල බැදගෙන පොඩි උන් එක්ක වැදි සෙල්ලම්  කරලා තියනවා ඒ එක්කම ,අපේ තාත්තාට පිසේන්දු වී අපේ ලිද ඉහන දවසක ලිදටත් බැහැලා තියනවා....තව ආ අපේ තාත්තා ගෙදර නැති දවස් වලට  මම වතුර ටැංකිය සුද්ද කරලා තියනවා,සමහරු කියනවා ගැණු ළමයි උනාම ඔහොම දගලලා බෑ තැම්පත්ව ඉන්න ඕනා කියලා...අච්චිගේ ඔළු ගෙඩිය මගේ තියරිය නම් කතන්දර කියන අයට ඕන දෙයක් කියා ගන්න කියලා  ඕනම වැඩකට ලෑස්ති පිට සිටිම.


Friday, February 1, 2013

06.නැවත හමුවිමට


                                                                           නෙත් නොපියා
                                                                    නුඹ දෙස බලන් ඉන්නට
                                                                            අර ඉස්සර වගේ
                                                                   රන්ඩු වේ වි යාලු වෙන්නට
                                                                මෙතුවක් කල් නුඹ වෙනුවෙන්
                                                                         ඉතුරු කරන් සිටි
                                                                           කදුලු සලන්නට
                                                                   පෙරුම් පුරමි නැවත හමුවිමට.......
          

Sunday, June 10, 2012

05.ඉස්සර ගරිල්ලා වෑඩ දෑන් බෑ

 ශානුට හීතුනා පොඩි කාලේ ගැන ටිකක් ලියන්න ඔන්න ඉතින් අපේ පවුලේ බඩ පිස්සි එහෙම නෑත්තන් බාලයා මමයි,,අම්මාගෙ,තත්තාගෙ,අක්කාගෙ ආදරය හුරතලේ මෑද තමයමගේ ජිවිතේ හෑඩ ගෑහුනේ
                                          කාලයත් එක්ක මට ඉස්කොලේ යන්න සිද්ද උනා මම එකටම ගියේ දුප්පත් අහිOසක ළමයි හිටිය ගමේ ඉස්කොලයට මම මොන්ටිසෝරි යද්දි ඉදන්ම පිරිමි ළමයි එක්ක තමයි පන්තියේ ඉදගත්තේ,සෙල්ලම් කලේ                                                                                                                                     එ විතරක් නෙමේ මොන්ටිසෝරි යන කාලෙ අපිට ඕන ඈදුමක් අදින්න පුලුවන් එ නිසා මන් ගොඩක් ඈන්දේ පොඩි  ඩෙනිම් කලිසමකුයි ,සුදු බෑනියමකුයි එ ඈදුම අම්ම මට ඈන්දුවෙ නෑත්තන්  මම බිම වෑටිල හොදටම අඩනවා......
                   ඔන්න ඉතින් 1 වසරට යද්දිනම් සුදු ගවුමක්,ටයි පටියක් එහෙම දාන්න උනා කෑලේ මාරු උනාට, කොටියගේ පුල්ලි ටින්ට් කරාට කොටියා කොටියාම කියන්නා වගේ පිරිමි ළමයි එක්ක තිබුන යාළුකම නම්  නෑති උනේ නෑ මට යාළුවෝ 2 දෙනෙකි හිටිය එයාලට පට බෑදි නම් වගෙකුත් තිබ්බා
                                ඈන්ටන්(ඈන්ට පෑන්ට පෑනි වෙළෙන්දා ) දිලිප්(පපඩම්*ඒ නම නම් තාමත් කියනවා) ඔන්න දවසක් අපි පොතෙන් කොල කඩලා රොකට් හදල පන්තිය පුරාම යෑව්වා ඒදා පන්ති බාර මිස්ට අහුවෙලා අපි 3 දෙනාව දන ගස්සලා තිබ්බා අපේ යාළුකම කොච්චරද කිව්වොත් අපි 3 දෙනාම එදා කෙරුවෙ වෑරද්දක් කියල පිළිගත්තා.....
               අපිට ඒ දවස් වල ඉස්කොලේ දාන්න සපත්තු තිබුනේ නෑ රබර් සෙරප්පු තමා දෑම්මේ ඔන්න ඉතින් ඉස්කොලේ ඈරුන ගමන් සෙරප්පුව අතට දාගෙන ගෙදර දුවගෙන එනවා හෑබෑයි ගෙදර එන අතර තුර පාර දිගේ තියෙන වතු වලට යාළුවො එක්ක රින්ගලා කජු,දිවුල්,පේර  එහෙමත් කඩන්න අමතක කලේ නෑ

                                    ඔන්න  ඔහොම මට 4 වසරට වෙන ඉස්කෝලෙකට  යන්න උනා
                 

                         මාස 2 විතර එ ඉස්කොලේ ඉදලා ආයෙත් ඉස්කොලේ මාරු කලා මෙදා පාරනම් මගේ කරුමෙද කොහෙද ඒක
බාළික ඉස්කෝලයක් දෑන් ඉතින් කරපු ගරිල්ලා වෑඩ හබක් වෙන්න යනවා වගේ දෑනුනා( ඒ දවස් වල ගෑණු ළමයි ඈලජික් නිසා එහෙම හිතුවට මොකද ගොඩාක් වටිනාකම් වලින් ජිවිතේ පරිපුර්ණ කර ගත්තේ මේ බාළිකා ඉස්කොලේ නිසයි )
                                 ඉතින් අලුත් ඉස්කොලේ නම් හරිම අමුතු ළමයි හිටියේ කෙනෙක් ප්‍රගති වර්තාව ඉල්ලලා බලනවා හරිම ඔලුවෙන් තමා එයාල හිටියේ මන් හරිම අහිOසක විදිහට තමා හිටියේ
                              ඔන්න දවසක් අපිට අත් වෑඩට ක්ලේ ගෙන්න කිව්වා බොරු කියන්නේ මොනාටද උළු මෑටි වලින් ගමේ ඉස්කොලේ අත් වෑඩ කරපු මට ක්ලේ දන්නවෑ.....................................................................+
                                                                                +
                                                                                  +
                                                                                   +
                                                                                 +                                              
                                                                                + 

                                   
                                                                                +
                                                                                  +
                                                                                   +
                                                                                 +                                              
                                                                                + ඕන් ශානු 5 වසරට ගියා ඉස්සර ගමේ ඉස්කොලේ යාළුවො එක්ක මේස වලට අතින් තට්ටු කර කර සින්දු කිව්ව මතකය නිසා ඒ අවුරුද්දේ විවිධ ප්‍රස0ගයට රබන් ගහන්න අවස්ථාව ලෑබුනා ඒදා අම්මයි තාත්තායි මන් දිහා බලලා සතුටු උන ඒ ඈස් වල තිබුන පුOචි කදුළු බි0දු අද වගේ මට මතකයි...................................................................................................
                                      ඔහොම වසරින් වසර ජිවිතේ ගොඩක් වෙනස් උනා ඉස්සර ගරිල්ලා වෑඩ දෑන් බෑරි බව මන් තේරුම් ගත්තා  තාමත් පු0චිකාලේ ඒ මතක මල් සුවද එහෙමයි

04.ගෑබ්බර අහස නුඹ ..

ගෑබ්බර අහස නුඹ ....
අඩන්නට සෑරසෙන  වි දුක් අපමණ....
අමතකද ආදරය ලග කිව්ව....
 හිනියට හිත බෑන්ද....
 ඒ හින ගෙන දෝතට...
 තවම හඩන්නට සෑරසෙන ....
ගෑබ්බර අහස ලග.......
 කදුලු දරන්නට සෑරසි ඉන්න....
 ඉරි තලා ගිය මහ පොලව මම...............

Wednesday, May 16, 2012

03.මමයි මගේ දඩබ්බර කෑමරාවයී ...




    •      ඈත්තේන්ම ඔව් මමත් මගේ කෑමරාවත් හරීම දඩබ්බරයි ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි මම ගෙදරීන් එලියට යන ඕනෑම අවස්තාවක මගේ තනි නොතනියට කෑමරාව මාත් එක්ක සිටිමත් මගේ ඈස් ගෑටේන ඕනම සිත් ගත් අවස්තාවක් සීරුවට මාරුවට කෑමරාවත් සටහන් කර ගෑනිමත් නීසාය.......
    •             මම නම් හොදට කෑමරා ශීල්පය ගෑන ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි ඒත් මට හීතෙන මට දෑනෙන දර්ශන කෑමරාව තුල සටහන් කර ගෑනිමට නම් හෑකියාවක් ඈත්තෙකි....
                       චාරිකාවක ආරම්භයේ සිට අවසානය දක්වා හෑම අවස්තාවක්මත්,උත්සවයක මුල සිට අග දක්වා පින්තුරු කෑමරාවේ සටහන්  කරගෑනිමේ පුOන්චි දඩබ්බර කමක් තිබුනත් කාටත් කරදරයක් නම් නෑ,, සිනහවට ලක්වන අපුරුතම කරුන නම් කව් රු කව් රුත් මුලදි මේ වෑඩේට අකමෑති උනත් අවසානයේ දි මා වීසින් කෑමරාවට හසු කරගත් පීන්තූර බෑලිමට නම්  තොර තෝOචීයක් නෑතිව දුරකතන ඈමතුම් හා කෙටි පණිවුඩ ලෑබිමය....