Sunday, June 30, 2013

13.රෑ සමනල් රැගුම



උන්නේ මහන්සියට අළුයම කාරය නවතා  ගෝල්ෆේසියේ                                   නින්දේ
තට්ටු කරපු සද්දය ටක් ටක්  ගා නින්දද                                                                බින්දේ
දුටුවෙමි  ලදක් ලිප්ස්ටික් ගා කාරය අසලින්  උන්, මා මන                                     බැන්දේ
ඇසුවෙ ලිෆ්ට් එකක්ය ගෙදරට ඇයගේ, කොටුවේ                                                 මැද්දේ

     

                  හිරි කඩලා  අඩ නින්දෙන් සිහි                                   කැදවුයේ
                   නගින්න මිස් කියා සුක්කානම කොටුවට                   කැරකුයේ
                  නොදිටිමි ලද සගයා පසු පස සිටීයේ වැතරි                 සිටියේ
                  ඇදලා ගත්තේ ඇය බෑගයකින් අරවා,මේවා මම          දිටියේ





 දහඩිය දමා එලොවත් පොල් පෙනුනා  වාගේ වැඞකි මට                 වුයේ
මට නම් ඇය මගේ ලොකු න0ගි මෙන්                                          වුයේ
හොද ගති ගුණ ඇති මනසක් මට                                                   වුයේ
එබැවින් තිරිසන් ගති නැත                                                            වුයේ

                           
                            
                                සගයා වෙරි මතින් දිගටම  නින්දේ                         උන්නේ
                               ඇය වෙනුවෙන් ඇයගේ මිල මට                            දුන්නේ
                               අකමැති වු මම මෙලෙසින් බස                               දුන්නේ
                               නුඹට නෙමෙයි ආත්මයට, නුඹ මිල                         දුන්නේ



කොටුව වෙතට කාරය මම තවමත්                                    පැදවුයේ
සමනළිය නෙත්  පියාන ඉකි බිද, නෙත් යුග                       හැඩවුයේ
සමාවෙන්න යැයි ඇය මා                                                 ඇමතුයේ
ඇගේ  කතාවයි මුව ඇයගේ හෙලි                                     කරවුයේ

                   

                         ගම්බද ඉදන් රැකියාවක් සොයමින් නගරෙට පේ             වුයේ
                        ටික කලෙකින් සන්නාලියක්,කටුනායක පුර ඇය            වුයේ
                        දෙමවුපියන්,න0ගි,මල්ලි වෙනුවෙන් දිගටම පේ              වුයේ
                         මෙලසින් ටික දිනකින් ඇ අත මිට සරු                           වුයේ



හමුදා  බැරියරයක අයියෙක් න0ගිට දවසක් ලියුමක්                                දුන්නේ
න0ගි ලියුම කියවා අයියට හිත                                                               දුන්නේ
ටික කලකින් අයියට න0ගි. ආත්මය                                                       දුන්නේ
අයියා න0ගිට තනියට කලලෙක ප්‍රාණියෙකුත්                                        දුන්නේ

                 

                       දැන ගත් කල දරු ගැබකින් ඇය සතු යැයි                        අයියා
                      න0ගිව මග හැර ගියේ ලෙස්සා ආදා මෙන්                       අයියා
                      අමාරුවෙන්  න0ගි මුණ ගැසුනත්                                    අයියා
                      කලලය නැති කර දමන්නැයි උපදෙස් දුන්නේ                  අයියා


 කගවේනෙකු මෙන් කාලය ගෙවි යන්නට                              වුයේ
ගමට යන්නටත්  ඈ ලැජ්ජා                                                     වුයේ
අන්තීමෙදි හිත මිතුරන් අත,හිත දෙන්නට                                වුයේ
උදුවප් මසක ලස්සන කොලු පැටවෙකු ඇය හට බිහි                 වුයේ


                         සන්නාලිය ඉපැයු මුදලුත් ඈ හට මදි                                         වුයේ
                        ටික කලකින් දන්න කියන  උන්ගේ අවලම් හිත් හමු                  වුයේ
                        කිරි සුවදම පිරිනු ගෙදරත් සමනල් රැගුමන්                                වුයේ
                         අත මිට සරු වි මෙලෙසින් ඇ රෑ සමනල් රැගුමට හුරු                වුයේ

                     

රෑ සමනළියන් ඉගිලෙයි කොලොම්පුරේ ගේ කරගෙන             උන්ගේ
දුටුවෙමි රතදර සිරියා දුක් නැති නෙත්                                      උන්ගේ
බලමින් හිදි දැලක් දමන්නට තනිකඩ,දරු පවුල් හිමි                 උන්ගේ
හිතුවට දැන් මම දන්නෙමි වැරදුන තැන්,දිවියේ බර                  උන්ගේ

Wednesday, June 12, 2013

12.ඩෙ0ගුවාගෙන් ලියුමක්


                                                  




            ඩෙ0ගුවා යනු ඩෙ0ගු උණට රෝග කාරක වන මදුරුවා නොවේය.ඩෙ0ගුවා යනු අපේ ගමේ ඩෙ0ගු උණ එකටම වැලදුන කොන්ඩය බොකුටු බොකුටු  බෲනෝ මාක්ස්ගේ  ලුක් එක හිමි යැයි මට පෙනෙන ,  අම්මා,තාත්තා නැති අයියා කෙනෙකි.ඩෙ0ගුවාගේ ඇත්ත නම අද වෙන තුරු මම දන්නේ නැත.ඒ නිසා ඩෙ0ගුවාම කියා අමතන්නට මම සිතුවෙමි. ඩෙ0ගුවා කදෝපැණියෙක්ය නමුත් උ හිත හොද කොල්ලෙක් යැයි මම දන්න කියන අය කියනවා කිහිප විටක්ම මට ඇසි තිබිනි.
              ඒ දවස් වල මිල්ටන් සර්ගේ ගග ලග පන්තියට මට යන්න සිද්ධ උනේ අපේ පරම්පරාවෙන්  බාගයක්ම ඔය පන්තියෙන් ඉගෙන ගෙන තියෙන නිසාය.අපේ ඒරියා එකේ  නයිනමඩමේ ගග ලග පන්තිය නොදන්නා එකෙක් නැති තරම්ය.මම ඔය පන්තියට යන අතර තුර මගේ ගමේ යාලුවෙකුත් පන්ති ආවේය.අපේ ගෙවල් ටිකක් ලග නිසා පොඩි ව0ගුවකදි ප්රියා මාත් එක්ක පන්ති යන්න මගේ පුටාර් එකට ගොඩ වදින්නේය.පන්ති යද්දි මම පුටාර් එක ඩ්රයිව් කරන අතර පන්ති ඇරිලා එද්දි ප්රියා පුටාර් එක ඩ්රයිව් කෙරුවේය.
               එදා පන්ති ඇරිලා ව0ගුව ලගදි ප්රියා පුටාර් එකෙන්  බැස පයින් ගෙදර ගියේය.මම පුටාර් එකේ ගෙදර ගියේය.ප්රියා ගෙදර යන අතර ඩෙ0ගුවා ලියුමක් දෙන්නට පස්සෙන් ඇවිත්ය.මු පස්සෙන් එනවා පාරේ මිනිස්සු දකි කියා .ප්රියා ලියුම ඉල්ල ගත්තා යැයි. පහු වෙනිදා ඉස්කූල් වෑන් එක ගන්න ඉද්දි කිවේය.නමුත් ප්රියා ලියුම තවම කියවා නැත...........................................
              ප්රියාගේ ආච්චි අම්මා අසනීපෙන් නිසා අපේ අම්මා නිතරම වාගේ ඇය බැලිමට යන්නේය.එදාත් අම්මා අච්චි බැලිමට යන්න මට කතා කලේය.එසේ කතා නොකලා නම්  මම තනියම ප්රියාලගේ ගෙදර යැමට සිතාගෙන සිටියෙමි.මගේ පුටාර් එකේ අපි ප්රියාගේ ආච්චි බැලිමට ගියෙමු.අම්මලා අච්චි එක්ක කතාවය.කරවල කෑල්ලක් ලැබුන හොර පුසියෝ දෙන්නෙක් මෙන් අපි එතැනින් පැන ගත්තේ  ප්රියාලගේ වත්ත පිටිපස්සෙන් ගලා යන මනරම් ගි0 ඔය  බැලිමට යනවා කියාය. .මම ගග ලගට ගිය අවුරුද්දකට උඩදිය .ගග වෙනදාට වඩා මනරම් යැයි  මට සිතුනේ  කුඩාවට තිබුන කඩොලාන විශාල කඩොලාන ශාඛ බවට පත්වි තිබුන නිසාය.අපි ගග ලගට ගියේ ඉදලා හිටලාය ඒ අපිට ගග තහනම් ප්රදේශයක් වු හෙයිනි,ස0චාරක බෝට්ටු ගග හරහා එහා මෙහා නිතරම යන නිසා එසේ වුනි.
                                ප්රියා මිටි මොලවා සිටි ඩෙ0ගුවාගේ ලියුම මට දුන්නේ කියවන්නය.අපි ප්රියාගේ ගේ නොපෙනෙන පරිදි කඩොලාන ගසක ඉදගෙන  ලියුම දිග හැරියෙමු.ලස්සන රෝස මලක් තියෙන කොලේක ඩෙ0ගුවාගේ ආදර කතාව ලියා තිබුනි.
 එය මෙසේය:--------------> 
     ම අදුර සදු වත,
                        මම මයට ගෙඩක අදුරයි................................. (මා ආදර සුදු වෙත, මම ඔයාට ගොඩක් ආදරෙයි.)
            අපිට බකස් ගා හිනා ගියේය.හිනාව නතර කරගන්න බැරි තරම්ය. අපේ හකු පනින්න තරම් හිනාව බලවත්ය .කොහොමින් කොහොම හරි පරනවිතාරණ මහතා නොගෙන්වා ඩෙ0ගුවාගේ සෙන් ලිපිය කියවා ඉවර කලෙමු.*************
      ඊලග දවසේ ඩෙ0ගුවා පස්සෙන් ආවේ ලියුමට උත්තරයක්  ඉල්ලාය.ඩෙ0ගුවා දැක්ක වේලාවේ ඉදන් අපිට හිනාය.අමාරුවෙන් හිනාව තද කරගෙන 
                      
                "මම මේවට අකමැති මම තාම ඉගෙන ගන්නවානේ"
                         
                 කියලා ප්රියා කිව්වත් මේකා අහන්නේ නැත.ඩෙ0ගුවා අපේ පස්සෙන් ඒම නතර වුයේ නැත. මිනිස්සුන්ගේ අඩුපාඩුකම්,බැරිකම් වලට හිනා විම නොසුදුසුය නමුත් ඩෙ0ගුවා පලවා හැරිමට උගේ ලියුමේ පොඩි පොඩි වචන කියා හිනා වුයේ ලැජ්ජා වි  පස්සෙන් ඒම නවති කියාය. නමුත් ඩෙ0ගුවා බොක්කෙන් ලව්ය.මේ ඩෙ0ගුවා පලවා හැරිමට මෝර්ටින්,බේගොන්,නින්ජා මදුරු දගර හරි යන්නේ නැත.
               අන්තිමෙට ඩෙ0ගුවා නතර කිරිමට ප්රියාගේ මාමා සමත් විය උන්දා ඩෙ0ගුවාට දත් නැතුව බත් කන්න සලස්වනවා කිව්වලු ආයේ ප්රියාගේ පස්සෙන් ගියොත්.... මාමා දත් දොස්තරයෙක් නොවේය.උන්දා හිත හොද පොරක්ය.දැන් ඒ කරදරෙත් ඉවරය .ඊට පස්සේ ඩෙ0ගුවා වැරදිලාවත් අපි ගිය පාරේ ගියේ නැත.
               
           මේ හැමදේම වුයේ දැනට අවු.11 විතර කලින්ය.ඩෙ0ගුවා තවම තනිකඩය.ප්රියා විවාහ වි  හස්බන්ඩගේ ගමේ ජිවත් වන්නෝය.
              
               ආයේ ඒ කාලේ එන්නේ නැති එකනම් දුකය.නමුත් ඒ මතක සටහන් හැමදාම හිතේ කොනක සුරක්ෂිතය.



     
                                      


Sunday, June 2, 2013

11.රාජකීය බත් එක

මේ තෝස දන්නවනේ
ඊයේ පෙරේදා දවසක ජනාධිපති තුමාට තෝස කන්න හිතිලා කොළඹ ඉදලා හෙලිකොප්ටරයක් නුවරට ඇරලා කන්න ආස තෝස හදන කෝකියව ගෙන්වලා තෝස හැදුවත් එතුමා කෑවේ තෝස 2 යි ලු.....මේ කතාව ඇත්තක්ද?ජොක් එකට හදපු කතාවක්ද? දැන ගන්න ඕනේ මේ කතාව ගමේ අතන මෙතන කිය කිය යන  ඔප දුප ඇන්ටිගෙන්ය.
                                  
                ඒ ජනාධිපති තුමා කෑ ජනධිපති තෝසයේ කතාවය.මේ රාජකීය බත් කතාවක්ය.

          මේ බත් එක රාජකීය වෙන්න රොස් චිකන්,හැම්,බේකන්,ඉන්දියන් හාල් බත් තිබුනේ නැත,තිබුනේ සම්බා හාලේ බතකුයි,ගෙදර පොල් ගහකින් කඩාගත් පොල් ගෙඩියකින් හදා ගත් සම්බෝල,මැටි මුට්ටියක  පදම් කරගත් ජාඩි කුරින්ගෙන් පිලියෙල කරගත් ජාඩි සම්බෝල විතරය.අමතක නොකල යුත්තේ මේ රාජකීය බතේ නිර්මාතෘ අපේ අම්මාය.
            ඕන් ශානු උ/පෙ කරන කාලයේ ඉස්කොලේ ඇරිලා අමතර පන්ති ගිහින් ගෙදර එද්දි පරක්කු වෙන හින්දා අම්මා හැමදාම වගේ රාජකීය ජාතියේ බත් මුල් 3 ක් බැන්දේය.ඒ ඉස්කොලේ ගිය ගමන් උදේට කන්න, ආයේ විවේක වේලාවට කන්න,අන්තිම බත් මුල පන්ති යන්න කලින් කන්ඩය :)   
රාජකීය බත නෙවෙයි



                       
   එ දවස්වල හාල් කිලෝ  1 (1/2) විතර මටම වෙනමම උයා දුන්නේය. උදේට කන බත් මුල පුංචි පහේ එකක්ය. එය මා විසින් තනියම කොටාබාන අතර පන්ති යන්න කලින් කන  බත් එකද පුංචි පහේ එකක් විය.විවේක කාලයේදි කොටාබාන බත් එක තරමක් ලොකු රාජකීය බත් එකය, මේකට වග කියන්න සෝමාලියාවේ කන්ඩ නැති හිගන සෙට් එකක් එකතු වන්නේය(එ මගේ පන්තියේ උන්).එ බව දැන ගෙනද කොහෙද අම්මා ලොකු බත් එකක් බැන්දේය.මේ බත්  එක කන්න මහත් ශ්‍රමයක් දැරිය යුතුය.ඉක්මන් වු එකාට වැඩිපුර බත් කටවල් ගානක් බඩට දා  ගත හැකිය,කෙහෙල් කොලයක බත් එක  ඔතලා තියෙන නිසා  කස්ටිය දේශසිමා වෙන් කරගෙන  බත් එකට පහර දෙන්නේය.මදි උනොත් අනිත් එකාගේ පැත්තට පනින්න දෙපාරක් නොහිතන්නේ හොරා කමින් කෑමේ කික් එක දන්න නිසාය.
            එ දවස්වල කෙහෙල් කොලේ බැදපු බත් එක අපිට රාජකීය බත් එකක්ම වුයේ බඩ පිරුනත් නැතත් හැමෝම හිනා වෙවි එක රවුමක හිටගෙන සහෝදරත්වයෙන් බුක්ති විදපු නිසාය.හැබැයි අද වෙනකොට රාජකීය බත් එකේ විදපු රස  එකෙක්ට ඇරෙන්න අනිත් උන්ට මතකයක් නැත.ඒ එකම එකා මේ ලියවිල්ල ලියන්නට අයිඩියා එක දුන් බව අමතක නොකල යුතුමය.

ඒ දවස් වල අපි හිතුවේ රාජකීය බත් එක මේ තරම් ලොකුවටය




Sunday, May 12, 2013

10.රත්තරන් අම්මාගේ දවස



                  ඉස්සර  ඉස්කොලේ යන්න උදේට නැගිටින්න කම්මැලි ඉතින් අම්මා කිරි එකත් හදාගෙන ඇද ලගට ඇවිත් මාව ඇහැරවලා කිරි එක මදුරු දැල  ඇතුලෙන් දාලා අල්ලන් ඉන්නවා මන් බොනකම් මාත් ඉතින් දතක්,කටක් මැදිල්ලක්  නෑ  එක හුස්මට කිරි කොප්පේ හිස් කරනවා ,,,,,, :)එ විතරක් නෙමෙයි උ.පෙළ ඉවර වෙනකම්ම සුදු ගවුම හේදුවේ,අයන් කෙරුවේ පවා අම්මා,මෙය  පු0චි සින් 2ක් පමණක් උනාට මගේ ජිවිතේ තදින්ම කා වැදිච්චම සින් 2කක්,ඒ අද ශානුට කිරි එකක් තියා කැද ටිකක් හදල දෙන්නට අම්මා ලග නැතිවිමය පුරුවේද?,පෝරුවෙද? මන්දා කරපු පවකට අම්මාගේ ආදරේට මුහුදු 7 ක බාදක වැටිලා.මේ හැම දේම සිද්ධ වෙලා  අ,වු. 7 ගියත් එ මතක මල් සුවද හරියට අද ඊයේ වගේම මගේ හිතට දැනෙනවා,,,,,,මගේ රත්තරන් අම්මේ,
          අම්මගේ ලගින් හැමුව දහඩිය සුවදට මන් ගොඩක් ආදරේ කලා,හැබැයි අම්මගේ ඇහෙන් වැටුන කදුලු වලට මගේ හිත කීරි ගැහෙන තරමට රිදුනා වගේම ඒ කදුලු වලට මන් ගොඩාරියක් බය වුනා.අම්මගේ අතින් අනපු බත් කටවල් රසම රස උනේ අම්මගේ ආදරය එකතු වෙලා තිබුන නිසා කියල මට හිතෙනවා,අදටත් ල0කාවට ආවම අම්මාගේ අතින් බත් කටක් නෙමෙයි බත් පිගානක්ම කවා ගන්නේ ඒ නිසාය.
ගිය අවුරුද්දේ ල0කාවේදි මගේ රත්තරන් අම්මාගේ අතින් මම ආසම සම්බොලයි,ජාඩි සම්බොලයි දාලා  හදපු බත් ගුලි  ගිලදැමු දවස

          අම්මා කියන්නේ මේ ලොකේ  තියෙන උතුම්ම වස්තුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ,මමත් ඔබත් මෙලොව එලිය දුටුවේ රත්තරන් අම්මා  කෙනෙකුගේ කුසෙන් බව අමතක නොකල යුතුම වේ,,මේ ලෝකයේ නොවෙනස්ම ආදරය පුදන්නේ අම්මා කෙනෙකු විතරමයි ....කවම දාකවත් ඔයාලගේ රත්තරන් අම්මගේ හිත රිද්දලා ඒ වටිනා ඇස් වලට කදුලු දෙන්න එපා, ඉතින්  අද දින සමරන්නා වු ලෝක මව් වරුන්ගේ දිනයේදි ඔයාලගේ අම්මාටත් සුබ පතන්න ඔයාලගේ හිතේ අම්මා ගැන තියන ආදරය කොච්චරද කියන්න,ඔයා අම්මගේ හිත රිද්දලා තියනවා නම් සමාව ඉල්ලන්න, අම්මලා අපෙන් ලොකු තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ නිසා වත්තෙන් කෑලෑ මලක් හරි කඩලා අම්මට දිලා සුබ පතන්න අම්මට ඒ දේ මහ මෙරක් තරම් වටින බවත් මතක තියා ගන්න,
                    මේ ලෝකේ හැම රත්තරන් අම්මෙක්ටම ආදරයෙන් සුබ පතමි!


                    අම්මේ නුඹයි මගේ රන් කද මේ                                          ලෝකේ
                    නොදැනුනේ ඇයිද නුඹ ලග ඇති කල මේ                            සෝකේ
                    පවසමි මගේ ආදරේ අහස වගේ  යැයි                                   මේකේ
                    තබනෙමි ආදර සටහනක් නුඹ ගැන මව් දිනයෙදි                  ලොකේ

               


                  


Monday, March 18, 2013

09.මගේ ලෝකයේ උතුම් මිනිසා ..

(පප්පා :අම්මාගේ තාත්තා)
මම ඉස්සර මොන්ටිසෝරි යන්න හරි හොරා මට මොන්ටිසොරියේ ඉන්න හරිම බයයි මම අදටත් දන්නේ නෑ ඒ ඇයි? කියාලා. ඒ දවස් වල පප්පේ ඔයා මට පුට් සයිකලේ පැඩල් එකේ හිට ගන්න දිලා බයිසිකලේ තල්ලු කරන් 1km විතර දුර මොන්ටිසෝරි එක්කන් ගිහින් ඇරලා මන් අඩන නිසා මොන්ටිසොරි ඉවර වෙනකම් මට පේන දුරින් කට්ට අවුවේ ගහක් යට ඇන තියාගෙන සුරුට්ටුවකුත් පත්තු කරගෙන හිටිය මට අද ඊයේ වාගේ මතකයි,ඊට පස්සේ ගෙදර එද්දිත් මට පැඩල් එකේ හිටගන්න දිලා සෙරප්පු දෙකක් නැතිව කකුල් පිච්චි පිච්චි මාව පරිස්සමින් ගෙදර ගෙනත් ඇරිය ඔයාට මන් ජාති ජාතිත් ණයයි පප්පේ .
දක්ශ වඩුවෙක්,දඩයක් කාරයෙක් උන ඔයා අන්ත දුප්පත් තත්වෙට වැටුනේ බීමත් කමට වඩා මුදල් නොගෙන වැඩ කරපු නිසාලු මන් ඒ ගැන නොදන්නවා උනාට ඇත්ත වෙන්න ඇති පප්පේ,ඔයා මිනිස්සුන්ට නිකන් වැඩ කරලා දෙනවා මන් කිහිප විටක්ම දැකලා තියනවානේ. කෙල්ලෝ 7 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් උන ඔයා කොච්චර ආර්ථික අග හිගකම් තිබුනත් කවමදාවත් එයාලව බඩිගින්නේ තියලා නැතිලු අම්මා ඒ දවස්වල නිතරම කිව්වා,ගෙදර කන්න මොකුත් නැති දවසක ඔයා කොස් ගෙඩියක් ගහකින් කඩලා තම්බලා අම්මාලාට කන්න දුන්න කතාව,ඒ කතාව මතක් වෙන වාරයක් පාසා පප්පේ ඔයා ගැන් මගේ හිතේ තියන ආදරේ,ගරුත්වය තව තවත් වැඩි වෙනවා
90 දශකයේදි රුපියල් 5ක අරක්කු ටිකක් බීලා ආව ඔයාව ලොකු අම්මට(අම්මාගේ අම්මා) ඇනයක් උනාට මට එහෙම දැනුන් නැත්තේ ඔයාගෙන් කාටවත් කරදරයක් නැති නිසායි.සුදු සරමයි,කමිසෙයි ඇදගෙන හැම ඉරිදම පල්ලි ගිහින් ඔයා අපේ ගෙදර ඇවිත් අඩියක් ගහලා,නාලා කෑම එහෙමත් කාලා ඔයා තරුණකාලේ දඩයමේ ගිය හැටි ගොඩක් ආඩම්බරේන් මාත් එක්ක කියව කියවා හිටපු ඒ සුන්දර කාලේ ආයේ එන්නේ නෑ කියලා දැනෙද්දි හිතට දැනෙන දුක අනන්තයි අප්රමාණයි.
2005 දී ඔයා ගෙවල් ලග කෙනෙක්ට බඩු වගයක් ගේන්න කඩේට ගිය වෙලේ රේල් පාර මාරු වෙද්දි බයිසිකලය ගලක් උඩින් ගිහින් රේල් පිල්ලේ ඔලුව වැදුන දා ඉදන් ඔයා ඔත්පල වෙන්න ගත්තා,ඔයාට අමාරු වෙලා රෝහලකට ගෙනියන්න කවුරුත් හිටියේ නැති දවසක මම අම්මාවත් දාගෙන වාහනය ඩ්රයිව් කරේ ඔයා ගැන මගෙ හිතේ තිබුන අප්රමාණ ආදරයත්,හිතේ හයියත් නිසායි (මම රියදුරු බලපත්ර අරන් සතියයි)එදා ඔයාව රොහලේ නතර කරාම දොස්තරලා කිව්වේ ඔලුවේ ලේ කැටයක් හිර වෙලා කියලා.දවස් 2ක 3කින් ඔයාව ඔපරේෂන් කලා ඊට සතියකට පස්සේ මට ඔයාව බලන්න එන්න පුලුවන් වුනේ ....ඒ දවස් වල උ.පෙ. ලියන්න ක්ලාස් යන නිසයි., පප්පේ හැමෝම කිව්වා පප්පා පිස්සුවෙන් දොඩවනවා කියලා.එත් මන් විශ්වාස කලේ නෑ.එත් ඇදේ අත් දෙක බැදලා, මොනවාදෝ දෙඩෙව්ව ඔයාව දෑකලා සත්තයි මගේ කකුල් පන නැති වුනා.මුලු ලෝකෙම එක විනාඩියක් නැවතුනා වගේ දැනුනා.ඒදා පප්පාට කෑම කවන්න තරම් මම වාසනාවන්ත වුනා.ඒ අනපු හැම බත් කටකම තිබුනු ආදරේ වචන වලින් විස්තර කරන්න බෑ
2006 අවුරුද්දේ අවසානයේ ඔයා මගේ වෙඩින් එකට පහන පත්තු කරන්න කෙලින් කටින් හිටියා.ඇත්තටම මම වාසනාවන්තයි.පප්පේ ඔයාගේ ආශිර්වාදය මට ලැබුනා.මම අන්තිමෙට ඔයාව දැක්කේ 2007 මම ල0කාවෙන් පිට වෙන්න කලින්,,,,,,2008.06.02 මම ල0කාවට එන්න දවස් 22 කට කලින් ඔයා අවසන් හුස්ම හෙලුවා,කියලා
:::ඇයි පප්පේ මන් එනකම් තව පොඩ්ඩක් ඉන්න බැරි වුනේ?"
ඔයාගේ සොහොන් කොත බලන්න යන හැම පාරම මන් ඔයාගෙන් අහනවා එත් තාමත් උත්තරයක් නෑ.
ඉතින් මගේ ලෝකයේ උතුම් මිනිසා .....,සුදු පප්පේ......ඒ ඔයයි,ඔයා මේ ලෝකයේ කොහේ හරි ඉදන් මේ බ්ලොග් එක බලන් ඉන්නවා කියලා මන් හිතනවා,ඔයාගේ මතකය මේ වචන වලට වඩා නම් ලොකුයි .ඔයාගේ මතකය,ඒ අසීමිත ආදරය හැමදාම මා ලග තියේවි ....
************* පප්පේ ඔයාට නිවන් සුව පතමි!**************



Saturday, March 9, 2013

08.මව්පිය වරම් ලැබ නේක දුක් විද ......

මව් වරම් ලැබ නේක දුක් විද
මේ ලොවට බිහි කර
නිදා නොනිදා නේක ආදර පිරි හදින් මා හැදු වැදු
මා සදාදර මෑණියනි..................
පිය වරම් ලැබ නේක දුක් විද
ලේ දහඩිය වගුරුවා මා කුස පුරවා උස් මහත් කර
සැමදා සැපෙන් පිරි දිවියක් උදා කර දෙන්නට වෙහෙස වු
මා සදාදර පියාණෙනි...................
නාස් පුඩු වෙතින් ගිලිහෙන
හුස්ම වාරයක් පාසා
මා ණයගැති
ඒ උතුම් වු කරුණා ආදරයට............






Thursday, March 7, 2013

07.ඇන්ටනාව දිගේ වහලයට....

ශානුගේ විශ්මලන්තයේ තවත් අමතක නොවන සිදුවිමක දිග හෑරිමකි මේ ...........
ඔයාලා මගේ කලින් ලිපි කියෙව්වා නම් මතක ඇති ශානුට ගොඩක් හිටියේ පිරිමි යාලුවෝ කියලා,, 
ඔන්න ඉතින් ඉස්කෝලේ නිවාඩුව පටන් ගත්තා. මමයි, නෑදෑ මල්ලිලා කට්ටියකුයි, ඒ මල්ලිලාගේ යාලුවොයි ක්‍රිකට් ගහන්න සෙට් උනා. අපේ ගෙදර ඉස්සරහ ලොකු ඉඩක් තිබුනා සෙල්ලම් කරන්න ඒ නිසා හෑමෝම අපේ ගෙදරට එන්න පුරුදු වෙලා හිටියා.ඔන්න කට්ටිය සෙල්ලම් කරන්න පටන් ගත්තා කරුමෙක මහත කියන්නේ පළවෙනි පහරෙන්ම බෝලේ ගිහින් වහලේ උඩ හිර උනා.එදා ගෙදර හිටියේ අම්මා විතරයි , ඉනිමග ගෙනල්ලා වහලෙට නගින්න බෑ ,අම්මා දෑක්කොත් විසුමක් වෙන්නේ නැති නිසා අනික ඉනිමග බරත් වැඩි.....
දැන් ඔක්කොමල්ලා කල්පනා කලා කොහොමද?වහලේ උඩට යන්නේ කියලා. ඔය අතරතුරේ මට ඇන්ටනාව දිගේ වහලෙට යන්න පුලුවන්නේ කියල මතක් උනා.එතන හිටිය ලොක්කා මම නිසා මහාදෑන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ ඇන්ටනාවට කිට්ටු කලා. අම්මා එනවද? ඔත්තු බලන්න මල්ලිලා 2 නෙක් තියලා මම ඇන්ටනාවට නගින්න ලැස්ති උනා(ඔන්න මන් ඒ දවස් වල ඉදලම ගවුම්,සායවල් ඇන්දේ නෑ ඒ නිසා හොදට ගියේ නැත්තන් :ප්) ඇන්ටනාව තිබුනේ බාත් රූම් එකට ඇලි ගැලි,අනික බාත් රූම් එකේ වහලේ කොන්ග්‍රිට් ,ගෙදර වහලේ තරම් උසත් නෑ .
සියල්ල සුදානම්...... ඇන්ටනාව දිගේ කිසිම ආබාධයකින් තොරව වහලේ උඩට ගිහින් බෝලෙත් අරන් බහින්න හදනකොටම අම්මා කතා කරා මම බැනුම් අහන්න බය වෙච්ච පාර ග්‍රිස් ගහෙන් ලෙස්සනව වගේ බිමට ආව වේගයට මගේ කකුලේ ඇගිල්ලක් අඹරුනා වගේ දැනුනා. ඒ වෙලාවේ මල්ලිලා ඉස්සරහා විරයෙක් (පොරක්) වුන මට ලැජ්ජා වෙන්න බැරි නිසා ඇගිල්ලේ වේදනාව පෙන්නන්නේ නැතුව ( අම්මා කතා කරලා තිබුනේ තේ බොන්න) අයෙත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. විනාඩි 5ක් ගියෙත් නෑ ඇගිල්ල පුපුරන්න වගේ කෑක්කුම හිටගෙන ඉන්නත් බැරි තරම්, එදා තරග විනිසුරු වෙලා සෙල්ලම් නොකර ඉදගෙන හිටියා.
එදා නම් අම්මා ඉන්න තැන බයටම කෙලින් ඇවිද්දා. ඒත් වේදනාව එන්න එන්නම වැඩි උනා,රෑ නින්දෙදි අන්තිමෙට නොදැනුවත්වම කෙදිරි ගාන්න වුන නිසා අම්මටයි,තාත්තාටයි විස්තරේ කියන්න සිද්ද වුනා. ඒ වෙනකොටත් ඇගිල්ල හොදටම ඉදිමිලා. අම්මලා මාව ඉක්මනින්ම බෙහෙත් ගන්න එක්ක ගෙන ගියා. එස් රේ (x-රය්) එකේ තිබුනේ ඇගිල්ලේ අස්ථිය පලුදු වෙලා කියලයි. අම්මා දොස්තරට වැටුන විදිහ,වේලාව විස්තර කරද්දි ... දොස්තර මන් දිහා බලන් හිනා වෙවි.......
***ඔයා යක්ෂ බබෙක් නේ " කිව්වා ඊට පස්සේ ප්ලාස්ටර් ගහගෙන ගෙදෙර ආවා. ඒත් අම්මයි,තාත්තායි මට බැන්නේ නෑ එහෙම උන එකත් හොදයි. නැත්තම් : ගහෙන් වැටුනු එකට ගොනා ඇන්නා වගේ; නේ..................
ඉතින් මාස ගානක් කෙලින් ඇවිදින්න බැරුව,ඉස්කෝලේ යන්න සපත්තු දාන්න බැරුව දුක් වින්ද නිසා ආයේ කවදාවත් ශානු ඇන්ටනාව දිගේ වහලේට නැග්ගේ නෑ.....

ප.ලි. ඒ විතරක්ද මා විසින් ගස් උඩ අට්ටාල බැදගෙන පොඩි උන් එක්ක වැදි සෙල්ලම්  කරලා තියනවා ඒ එක්කම ,අපේ තාත්තාට පිසේන්දු වී අපේ ලිද ඉහන දවසක ලිදටත් බැහැලා තියනවා....තව ආ අපේ තාත්තා ගෙදර නැති දවස් වලට  මම වතුර ටැංකිය සුද්ද කරලා තියනවා,සමහරු කියනවා ගැණු ළමයි උනාම ඔහොම දගලලා බෑ තැම්පත්ව ඉන්න ඕනා කියලා...අච්චිගේ ඔළු ගෙඩිය මගේ තියරිය නම් කතන්දර කියන අයට ඕන දෙයක් කියා ගන්න කියලා  ඕනම වැඩකට ලෑස්ති පිට සිටිම.