රැය පහන් වන තුරුම සිරිත් ,මහත්තයත් දියණිය සෙවිමට දැරු උත්සහය නිශ්පල විය.මහත්තයත්,මෙහෙකරුවනුත් සිරිව ගෙදෙර ඇරලා පිටත් උනේ නැවත් උදේ පාන්දරින් එන පොරොන්දුව පිටය.සිරිත්,මායියත් හිස් වෙච්ච හිත් ඇතුලේ පත්තු වෙන ගින්දර කදුලු ලෙස නිහඩව ඉවත දමමින් හිරු උදාවන තුරු මල මිනි දෙකක් ලෙස බලා ගත්ත අත බලාගෙන සිටියේ තම තමන්ගේ ලෝක වල තම තමන්ට නිහඩව දොස් පවර ගනිමින්ය.පුංචි පුතුගේ ඇඩිල්ලට පියවි සිහියට ආ මායියා.තම දරුවා නලවන්නට විය .හිරු උදාවත් සමගම ගමේ එකා දෙන්නා මොහුන්ගේ දුකට හවුල් විමට මෙන් ගෙදරට ඇදුනි.ඒ ගමේ මිනිසුන්ගේ මනුස්ස කමේ හැටිය.
ටික වේලාවකින් මහත්තයාගේ කාරය පසු පසින් ආ පොලිස් රථයෙන් බැස ගත් රාළහාමිලා දෙතුන් දෙනෙක් විය.එක් රාළහාමි කෙනෙක් අතේ සුනඛයෙක් ද විය .පැමිණිල්ල සටහන් කර ගත් රාළහාමි නැවතත් ඊයේ රාත්රියටත් වඩා ඕනෑ කමින් තොරතුරු සටහන් කර ගන්න විය.කඩේ මුදලාලිද මැද්දට පැන මීට මාස ගණනකට පෙර ගගෙන් වෙලට ආ කිඹුලෙකු වෙලේ සැරි සැරු බවත් හරක් කිහිප දෙනෙක් ලේ විලවල් ලග ශරිරයේ කොටස් අහිමිව මිය යා සිටි බවත් රාළහාමිට පවසන ලදි. ටිකක් රහසේ කතා බහ කෙරු රාළහාමිලාගෙන් කෙනෙක් සිරි අමතා ලබා ගත් දියණියගේ ඇදුම් කඩක් සුනඛයා හට ඉව කරන්නට දී පොලිස් නිලධාරි සුනඛයා පසු පස යන්නට විය .ඔහුන්ට අඩි කිහිපයක් දුරින් සිරිත් ,මායියත් ගමේ මිනිස්සුත් ගමන් කරන්නට විය.ටික දුරක් ඉව ඇල්ලු සුනඛයා පාර දිගේ ගොස් වෙලට පැන වෙලේ එක පැත්තක තිබු රුස්ස ගසක් යට නතර වී බුරන්නට විය.සියල්ලෝ දැන් එතන වට කර සිටියෝය.නමුත් පියවි ඇසට පෙනෙන්නට කිසිවක් නොතිබුනි.ගස අවටත්,ගසේ කදත් පරික්ෂා කල තවත් පොලිස් නිලධාරියෙක්ට දක්නට ලැබුනේ මිනිස් අඩි පාරවල් කිහිපයක් හා ගසට මඩ පිටින් එතන සිටි කවුරුන් හෝ බඩ ගා ඇති බවත්ය. ඒ අතරින් පතර ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට ලැබුනු නිසා වහා ක්රියාත්මක වු පැමිණිල්ල ලියු රාළහාමි මිනිසුන්ට එතැනින් ඈතට යන්න විදානයක් කර එතැන සිටි කොලු ගැටයෙකු යවා ලනු පටවල් කිහිපයක් ගෙන්වා ගස ලගට කාටත් කිට්ටු වෙන්නට නොහැකි වන පරිදි හරස් කර මුරයට නිලධාරියෙක් තබා.මෙතැන කුමක් හෝ බර පතල දෙයක් සිදු වි ඇති බව සිතා රාළහාමි නැවතත් සිරි හා මායියා ගෙන් ප්රශ්ණ කරන්නට විය.ඔහුන් ගමට පය තැබු දවසේ සිට දැන හදුන ගත් පුද්ගලයන් ඔහුන් ආ ගිය තැන් සියල්ල ගැන සොයා සපයා ගත් තොරතුරු අතර අප්පු නම් මිනිසා ගමේ නොමැති විම ටිකක් සැක සහිත නිසා අප්පු ගැන ගඩොල් පෝරණුව අයිතිකරුගෙන් ලබා ගත් තොරතුරුත් සටහන් කරගෙන පොලිස් ජිප් රිය නික්ම ගියේ නැවත පැමිණිමට අවශය බව පවසාය.එක් නිලධාරියෙකු වෙලේ ආරක්ෂාවට නතර වු අතර ගමේ පිරිමින් දෙතුන් දෙනෙක්ද ඔහු සමග විය.සිරිටත්,මායියාටත් මේ සියල්ල තෙරුම් ගැනිමට නොහැකි විය.දියණිය නැවත කරදරයකින් තොරව දැකිම ඔහුන්ගේ එකම බලාපොරොත්තුව විය.
සිරිත් ,මායියාත් වෙල අසල නියරේ වාඩි වි පාර දෙස නෙත් අයා සිටියේ නැවත කොයි මොහොතේ හෝ පොලිස් ජීප් රථයෙන් තම දියණිය නැවත රැගෙන ඒවි කියාය.මද්ධහන පසුවි යත්ම පොලිස් ජිපය සිතු විරු ලෙස වෙල ලග පාරේ නතර කලේය සිරිත් ,මායියාත් බලාපොරොත්තු සහිතව දැල් වු දැස් වලින් ජිපයෙන් තම දියණිය බලන්නට නොඉවසිල්ලෙන් සිටියද රියදුරු අසුනේ සිටි පොලිස් රාළහාමි හා අනිත් නිලධාරින් ජීපයෙන් ඇද එලියට දැම්මේ මාංචු දමා ගුටි බැට වලට මුහුන දි සිටි අප්පු නම් නරුමයාය.සිරිටත්,මායියාටත් සිදු වි ඇති දේ ඉවෙන් මෙන් සිතා ගන්නට හැකි විය.මායියා දිව ගොස්
උඹ මගේ කෙල්ලට මොකද කලේ කියා කෑ මොර දෙද්දි .....
අප්පු බිම බලාගෙන ඔහුට සිදු වි ඇති තුවාල වල වේදනාව විදිමින් සිටියහ.
සිරි ලග පාත තිබු පොල්ලක් ගෙන අප්පු වෙතට දිව ගියත් ,ගමේ පිරිමින් තුන් හතර දෙනෙක් ඔහුව මෙල්ල කර ගත්තේය.
පොලිස් රාළහාමින් විසින් තල්ලු කරමින් මේ නරුමයාව සුනඛයා ඉව ඇල්ලු ගස ලගට ගෙන ගියේය. රාළහාමි ඇසු යම් දෙයකට ගසේ තිබු බෙනයක් දෙසට අත දිගු කෙරු අප්පු වෙනත් නිලධාරියෙක්ගෙන් කම්මුල් පාරක්ද කන්නට විය, මේ සියල්ල සිරිත්,මායියාත් ගමේ අනිත් මිනිසුනුත් බලා සිටියේ ඈත සිටය.මෙවර පොලිස් ජීප් රථය සමග ආ සුදු වෑන් රථයෙන් පැමිණි නිලධාරියෙකු ගසට නැග බෙනය ඇතුලේ තිබි බුමිතෙල් බෝතලයත්,දියණිය එදා හවස ඇදගෙන සිටි පුංචි මල් ගවුමත් ගෙන පොලිතින් කවරයක දමා තවත් නිලධාරියෙක් අතේ තිබු පෙට්ටියක දමන ලදි.......නැවත අප්පු අත දිගු කලේ වේවැල් වලින් වැසි තිබු මඩ ගොහොරක් දෙසටය මෙවර නිලධාරින් දෙදෙනෙක් වේවැල් ඇතුලෙන් මඩ වගුර දෙසට ගොස් මඩ වගුර පාදන්නට විය.සියල්ලන්ගේම ඇස් මවිත කරමින් ,හිත් මහත් සේ කම්පා කරමින් මඩ වලින් නැහැවි තිබු පුංචි දියණියගේ නිරුවත් මෘත දේහය නිලධාරින් විසින් එලියට ගෙනැවිත් පොලිතිනයකට ඇසුරුම් කිරිමට පෙර විනාඩි කිහිපයක් සියල්ලන්ට පෙනෙන පරිදි තබා තවත් නිලධාරියෙක් පොතක සටහනක් ලියමින් සිටියහ.ඒ අතර තුර කම්මුල් වලට අත ගසා ගත් ගැමියන් මෘත දේහයේ එකිනෙකාට කොදුර ගනිමින් විස්තර කර ගත්හ.(ඇරුනු කට පුරා පිරි තිබු මඩ හා අව පැහැ ගැන්වුනු පුංචි ඇස් කිසිමදාක මෙහි සිටි කිසිවෙකුටත් අමතක නොවනවා නොඅනුමානය).ටික වේලාවකින් පොලිතින් අසුරනය වසා සුදු වෑන් රථයට දමාගෙන එහි පැමිණි නිලධරින් පිටත් විය.මායියා විලාපදි කිහිප විටක් සිහි නැති විය.ඒ වන විටත් සියල්ලන්ගේ නෙතට කදුලු උනා තිබිනි.
ගමේ මිනිසුන්ගේ කෙල පහරවල්,ගුටි අතරේ පොලිස් නිලධාරින් අප්පු නැමති වන මෘර්ගයා ජීපයට දමා පිටත් වුනි.******************* ***************** ***************** *****************
***************** ***************** ***************** ***************** මේ සියල්ල සිදුවි අවු.28 ගතවි හමාරය.අදටත් ගමේ මිනිසුන් මේ පාරෙන් යන විට මේ සිද්ධිය මතක් කරන්නේ මහත් කම්පාවෙන්ය.මායියා දියණියගේ මරණයට තමා වග කිව යුතු යැයි දොඩවමින් සිහි විකලෙන් සති කිහිපයකට පසු මිය ගිය අතර සිරි තවමත් බීමතින් හා හිගා කමින් ගමේ ජිවත් වන්නේය.පුංචි පුතු ගමේ අයගේ උපකාරයෙන් හැදි වැඩි වෙනත් පලාතක කුලී වැඩ කර ජිවත් වන්නේය.ලස්සනට ජීවත් වෙන්නට පෙරුම් පිරු පවුලක් මෙසේ සී සී කඩ වී විනාශ වුයේ නොසැලකිලිමත් කම නිසා නොවේද?*****************
ආදරණීය අම්මේ,තාත්තේ කොච්චර ලෞකික දේවල් පසුපස දිව්වත් වැඩක් නෑ තමන්ගේ දරුවෝ ගැන අවදානයෙන් ඉන්නේ නැත්තම්.මොන තානාන්තර ,මොන ලක්ෂරි පාටි වලට ගිහින් පම්පොරි ගහමින් සවුදි පිරුවට වැඩක් නෑ තමන්ගේ දරුවන් එක්ක එකතු වෙලා කතා බහ කරලා ඔවුන්ගේ ප්රශ්න වලට විසදුම් ලබා දුන්නේ නැත්තම්.ඔබට ඉන්නේ පිරිමි දරුවෙක් හෝ ගැහැණු දරුවෙක් හෝ වන්නට පුලුවන කෙසේ නමුත් දරුවන්ට නිසි අවදානය ලබා දෙන්න මන්දයත් ඔබට අතපසු වන නිමේශයකින් ඔවුන් ඔබට ජිවිත කාලයටම අහිමි වන්නට ඇති ඉඩ කඩ අද සමාජයේ බෙහෙවින් ඇති බැවිනි...
ප.ලි
මේ දවස් වල නිතර දකින්න ,අහන්න ලැබෙන ළමා අපහරන නිසා මතකයේ වැලලිලා ගිය මේ කතාව නැවත මතක් කරමින් සටහන් කර තබන්නට සිතුනේ යම් පණිවිඩයක් මේ කතාව තුලින් සමාජයට දිමටය.එමෙන්ම ඇයට නිවන් සුව පතමි!!!
*** නිමි***
ශානු

වැඩක් නෑ ශානු කතා කරල.... අපේ රටේ ඔය යන රැල්ල කොහොම නතර කරන්නද කියල හිතා ගන්න බෑ.....
ReplyDeleteගාලු අපිට ඔය රැල්ල නතර කරන්න උත්සහ කරනවට වඩා ලේසි අපේ මල් වගේ පුංචි දරුවන්ව හොදින් ආරක්ෂා කර ගන්න එක.
Deleteඊයෙ කියපු දේ ම යි කියන්න තියෙන්නෙ. මෙබඳු කතා අසන්නට නො වේවා!
ReplyDeleteඇත්ත දිලිනි මගේ හිතෙත් ඔය ප්රාර්ථනාවම තමා තියෙන්නේ
Deleteඇත්තටම දුකයි ශානු. මන් නම් දකින්නෙම ඔතන දෙමාපියන්ගෙ වැරද්දයි. අන්තිමට එයාලත් වන්දි ගෙවුවා.
ReplyDeleteඔයා හොද ආරම්භයක් ගත්තෙ ශානු අපි අපේ අත්දැකීම්, ඔහොම යට ගිය මිනිස්සුන්ට අමතක වුන සිදුවීම් මෙහෙම නිර්මාණාත්මක විදියට සමාජයට ඉදිරිපත් කල යුතුයි. එතකොට ඒවයෙන් සමාජයෙ එක් පුද්ගලයෙක් හරි ප්රයෝජනයක් ගත්තත් ඇති.
ඔහොම කතා ටිකක් ලියන්න මගෙත් බලාපොරොත්තුවක් තිබුනා. ඒකට ඔයා හොද ආරම්භයක් අරන් දුන්නෙ.
ඔයා කතාව ඉදිරිපත් කරපු විදියත් හොදයි. මේ වගේ කතා දිගටම ලියන්න (මෙහෙම සිදුවීම් නම් දිගටම නොවේවා!) එතකොට කවුරු හරි මේවයෙන් ප්රයෝජනයක් ගනී.
සුභ පැතුම්!
අර පුංචි දුවට මාත් නිවන් සුව පතනවා. ජාති ජාතිත් යලිත් මෙවන් අකල් මරණ සිදු නොවේවා!!
ඇත්ත ප්රියා මේ වගේ කතාවකින් කවුරු හරි ජීවිතේල දෙයක් ගන්නවා නම් එච්චරයි......මන් මේ කතාවේ පළමු
Deleteකොටස ලියලා පබ්ලිෂ් කරලා නින්දට ගිය රෑ මන් හිනෙන් හිටියේ අපේ ගමේ ඉස්කොලේ ඒ හීනේ තවත් ගොඩක් දේවල් මතක් කරා ලියන්න ඉදිරියට ලියන්නම්.ඔයත් ලියන්න ඔයාගේ අද්දැකීම් අනිවාර්යයෙන් මන් එනවා කියවන්න
\\\\\\\\\\මායියා දියණියගේ මරණයට තමා වග කිව යුතු යැයි දොඩවමින් සිහි විකලෙන් සති කිහිපයකට පසු මිය ගිය අතර\\\\\\\\\\\\
ReplyDeleteමෙන්න මේ දේ තමයි වළක්වා ගතම යුත්තේ ශානු... ඔයාට මතකද දැන් අවුරුදු 4 කට වගේ කලින් ....නෑ ඒක ඕනේ නැහැ එක්කෝ ...
වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට පුළුවන් බණ කතා කරන්න විතරයි දෙයක් උනාම ..
" අර අම්මා කියන ගෑණි පොල් ගෑවද දරුවව උස්සන් යනකම් "
" ඔහොමත් අම්මලා ඉන්නවද "
" මේ වගේ අම්මලා නිසා දරුවෝ මැරෙන එක අහන්නත් දෙයක්ද "
ඔය වගේ කීදාහක් කියන්න ඇතිද බොරු පඩ ෂෝ කාරයෝ ...ඒ මිනිස්සුන්ට වෙලා බලන්න ඕනේ කරන කියන දේවල්..කතා කරලා වැඩක් නැහැ ශානු ....
ඔව් සහන් සමාජයේ දැන් ඉන්නේ පඩ ෂෝ කාරයෝ විතරමයි.මොනා හරි උනාම අනේ අපෝයි හාස් හුස් ගාන එවුන්ටම ඒ අත්දැකීම් වලට මුහුන දෙන්න උනාම ක්රියාකරන විදිහ බලන්න ඕනේ.....මේවා ගැන ලියන්න ගියොත් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ.....
Deleteමේක හැමෝටම පේන්න ශෙයා කරන්න ඕනේ !
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහොම තැන්කියු වේවා! උතුමාණෙනි
Deleteහ්ම්ම්.. පිට මිනිස්සු පිට එවුන්මයි. ඕනැට වඩා විශ්වාසේ ඕනේ නැ මයි. සතා සිවුපාවට වඩා මිනිස්සු දරැණුයි. හ්ම්ම්
ReplyDeleteඅන්න කියමන " පිට මිනිස්සු පිට එවුන්මයි. ඕනැට වඩා විශ්වාසේ ඕනේ නැ මයි." මාත් මේ අවුරුද්දේ ඉගෙන ගත්ත පාඩම් නිසා ඔය තියරියමයි දැන් පාවිච්චි කරන්නේ
Deleteමම හිතුවා ටිකක් දිගට ලියවෙන එකක් කියලා මේක.. මිනිස්සු ගැනනම් කියන්න දෙයක් නෑ ශානු.. විශ්වාස කරන්න අමාරුම ජාතියක් තමයි කියලයි කියන්න වෙන්නේ..
ReplyDeleteඇත්ත අද කාලේ මිනිස්සුන්ව කොහොමටවත් විශ්වාස කරන්න බෑ
Delete:(
ReplyDelete:( :C
Deleteඅම්මා තාත්තාට මෙහි වරදට ඇඟිලි දිගු කරන්නන්ට හැමටම පහසුය. නමුත් අපහසුමදේ මිනිස් වේශයෙන් සිටින නොමිනිසුන් හඳුනාගැනීමය
ReplyDeleteපුංචි දරුවෙක්ට අවැඩක් උනොත් මොන දේකදි උනත් ඕනම කෙනෙක් දෙමව්පියන්ට ඇගිල්ල දික් කරනවා.ඒක කවදත් සිද්ද වෙන දෙයක්.මිනිස් වෙසින් ඉන්න යක්ෂයක් හදුන ගන්න මහන්සි වනවාට වඩා අපේ පුංචි කැකුලු අපිම හොද අවදානයෙන් රැක ගන්න එක තමා දැනට අපේ සමාජයේ මව්පියන්ට කරන්න තියෙන හොදම දේ...එහෙම උනොත් සැහෙන දුරකට මේ වගේ සිද්ධි මග හරින්න පුලුවන් වේවි..කියලයි මම හිතන්නේ
Deleteහැම තැනදිම හැමවෙලාවෙම ඇහැගහගන ඉන්න ඕන දරුවෝ ඒ තරමටම අනාරක්ෂිතයි
ReplyDeleteඅටම් උතුමාණෙනි සාදරයෙන් පිලිගන්නවා එහෙනම්.......එක ඇත්ත වෙනදට වඩා අපි දරුවෝ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනා
Deleteතමන්ගෙම උන් උනත් විශ්වාස කරන්න බැහැ අද කාලෙ, ඉතින් පිට උන් ගැන කවර කතාද :(
ReplyDeleteහෆ්ෆේ ඔව් ඉස්සර වගෙත් නෙමේ දැන් සමහර අම්මා,තාත්තා එක්ක උනත් ළමයි තියන්න බැරි කාලයක්
Deleteශානු.....අපි ජීවත් වෙන්නේ පිස්සන් කොටුවක. කාවවත් විශ්වාස කරන්න බැරි සමාජ වටපිටාවක. මීට අවුරුදු විස්සකට කලින් පවා මගේ වයිෆ්ගේ අම්මා කිව්වා...පොඩි එකීව බස් එකකදිවත් නාදුනණ කෙනෙකුගේ ඔඩොක්කුවට දෙන්න එපා කියලා. දැන් ඊට වඩා කුරිරුයි. ඔබලාගේ පරපුර වඩා විමසිලිමත් විය යුතුයි.
ReplyDeleteසහතික ඇත්ත අරු....අපේ දරුවෙක් ඉන්න කාලෙට නම් ලංකාවේ හිටියොත් දරුවව සැහෙන පරිස්සම් කරන්න වෙයි.
Delete