Thursday, November 21, 2013

28.හිට්ලර්ගේ නංගි

                         
                        ශානුගේ විශ්ම ලන්තයේ කතා එකතුවට හදිස්සියේ මතක් උන අපුරු කතාවක් ලියන්නට  වුයේ  එක පාසලේ ඉගෙනුම ලැබු බස්සිගේ මීට් විමෙන් පසුවය.මේ සිද්ධියට මුහුණ දෙන්ට සිදු වුයේ මීට අවු.11කට පෙර  මන් 10 වසරේ දීය(දැන් කස්ටිය 15+11 එකතු කරලා මහන්සි වෙන්න එපා ශානුට දැන් වයස 26 යි)ඔන්න ඉතින් අපි අලුත් පන්තියකට ගිය අලුත ,අලුත් ගුරුවරුත් මුන ගැහිලා ගෙවිලා යන දෙවෙනි  සතියෙදි අපේ ගණන් ගුරුතුමියගේ  අඩම්තේට්ටම් වලට අපි ලක්වන්නට විය.මෙලෙස අපි වන අහිංසක බාලිකාවන්  ගුරුමව්ගේ බඩ මිරිකීමකට,කන මිරිකීමකට,හුණු කොට්ට ප්රහාරයකට,චෝක් ප්රහාරයකට,පොත් ප්රහාරයකට, පුට් රූල් ප්රහාරයකට,හදිස්සියේ නොසිතු පරිදි දණ ගැසිමකට ලක් වුයේ ගෙදර වැඩ නොකිරිම,කලින් දා පාසැල් නොපැමිණිම නිසා අත පසු වු සටහන්  වලට පිටු හිස්ව තිබිම,හොරෙන් කෑම,ගණන් වැරදිම,පළමු කාල පරිච්ජේදයේ ගණන්  විෂයට, ස්කූල් වෑන් රථය පරක්කු විම නිසා පන්තියට පරක්කු වි පැමිණියොත්,හීන ලෝක වල සැරි සැරිම වැනි  අහිංසක  වැරදි වලටය.මේ සියල්ල දරාගෙන අවුරුදු දෙකක් ඇයගේ පාලනයට යටත් වු අපට ඇය පෙනුනේ හිට්ලර්ගේ එක කුස උපන් නැගණිය ලෙසය.මෙලෙස අවුරුදු දෙකක් අප පන්තියේ අවිහිංසක  බාලිකාවන් විදි දුක් ගැහැට ගැන මතක් වෙනකොටත්  හිරි ගඩු පිපෙන්නේ බයට නොව අප ගැනම ඇති ආඩම්බරයටය.
               වඩා දුක්බර  ඛේදවාචකය නම් දින පතා අපි සැමගෙන් එකෙක් හෝ ගණන් කාල පරිජේදයේදි පල් වි ලොල් වි චොර වි යැමය.කොටියා කෑම ඉවසිය හැකිය කොහිල කටු ඇනිම ඉවසිය නොහැකි කියලා කව්දෝ කෙනෙක් කියා තිබුනත් ඔය දෙකම ඉවසිමට තරම් ගටක් ඒ දවස් වල අපිට තිබ්බුනේය.ඒ මන්දයත් අපේ පන්ති එවකට ප්රධාන ශාලාවේ වෙන් නොකෙරු ඈතින් පිහිටා තිබු පන්ති නිසාවෙන් අපිට   සිදු වන්නාවු සියලු  පහර කෑම් 200 දෙනෙකුට ඔන්ලයින්  බලා ගැනිමට  හැකි විම හා උන්ගේ කොචොක් පාරවල්ද  අපට විද දරා ගැනිමටද සිදු විමය.එනමුත් 11 වසරේදිත් කොටියා නම් එක ලෙස කෑවේය.පන්ති වෙන් වෙන්ව කාමර වල තිබු නිසා කොහිල කටු ඇනිම නම් නතර විය.
                     මෙලෙස ගුරු මව් චෙස් කණ්ඩාය බාරව කටයුතු කලේය.ඒ කණ්ඩායමේ  බාලිකාවන්ට  බටර් ආලේපය ගුරු මව් විසින්  නොවඩුව කෙරු බව මා දන්නේ මාද චෙස් සාමාජිකාවක් වු නිසාවෙන්ය.එමෙන්ම  ක්රිඩා උත්සව කාලයට ගුරු මව් තමන්ගේ හවුසයට වැඩි ඇල්මක් පාමින් වැඩ කටයුතු කරන්නට විය .ඒ හවුස් එකේ ක්රිඩා කරන බාලිකාවන් මර බයෙන්  තරග දිනන්නට වුවත් අසාර්ථක බාලිකාවන්  චාටර් ලෙස ගුරු මව්ගෙන් බැනුම් අසන්නේය.2005 උදා වු සුබ නිමිත්තෙන් තිබු වාර්ෂික ක්රිඩා උත්සවේ මේ ගුරු  මව් හවුසය බාර ප්රධානියා විය .මා සිටියේ අවුරුදු ගණනාවක් එක දිගට පැරදුන හවුසියේය. එකල අපේ  නොමසුරු උත්සහයෙන් අපේ හවුසිය පළමු ස්ථානය ලැබුවේ හිට්ලර් ගුරු මව්ගේ වසරක් පාසා දිනන හව්සිය පරදාය.මම ඇතුලු බාලිකාවන් එදා සතුටු සිනා සැලුවේ  ඇයට හොද වැඩේ කියා සිතාය.(මේ එවකට  ළමා සිතක උපන් හැගිම්ය)
              දැන්නම් ගුරුමව් සැහෙන වයසය. ආරංචිය නම් විශ්රාම ලබා ස්වෙච්චාවෙන් ඉගැන්විමේ කටයුතු කරන බවය.මේ ගුරු මව් අපට කොච්චර ගැහැව්වත්  අපි ඒ කාලේ ඒ දේවල් වැරදි ඇසකින් දැක්කේ අපේ ළමා කමටය.දැන් නම් ඇය දුන් දඩුවම් මතක් වෙලා මෙහෙම අකුරු කරනකොටත් හිතේ ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්ය.ඇත්තටම දැන් හිතනකොට අපි කර ඇත්තේ වැරදි වැඩය.ඇගේ දඩුවම ඇයට ඇති බය අපේ ජිවිතේ අපි නොදැනුවත්ම හරි මගකට ගෙනත් අත හැරය.දැන් ආපසු හැරි බලන කල අපි ඒ ගුරු මව්ට වෙර කර නැත කර ඇත්තේ ඇයගේ ගුටි පහරවල් තුලින් ජිවිතයට යමක් ඉගෙන ගෙන ඇති කම පමණය.ඇයගෙන් දඩුවම් ලැබු මට ඒ දඩුවම් මතක් වු කල මුවගේ සිනාවක් හා ඇය කෙරෙහි ගරුත්වයක් මිස අබ මල් රේණුවකවත් කහටක් හිතේ නැත මන්දයත් ඇයගේ දඩුවම් අප හැදිමට මිස  අන් කිසිදු ඇය ලබා ගත් ඵල ප්රයෝජනයකට නොවන නිසා.
    *******ගුරු මව්නි,
          තෙරේසියන් වත්තේ තිබු මාර ,මැයි මල් සුවදට වඩා සුවදය නුබේ ගුණ,
          සිහි කරමි ගරු සිතින් අදටත් ඒ ගුණ සුවද,
         නුබේ දඩුවමින් දිවියට ලැබු පන්නරය  එදා නොදැනුනත්,
         අද විදින්නෙමි එක සිතින් අවබෝධයෙන්.....
          ඉතින් පතනෙමි නිරෝගි නිදුක් සුවය රැදි දිවියක්! ඔබට එක සිතින්....**********

     ප:ලි: මේ ලිපිය ගුරු මව්න්ට අගෞරව කිරිමට නොලිවෙමි.ඇයගේ දඩුවම් දුටු මාගේ ළමා සිතේ එවකට කැකෑරුන කරුනු  උපයෝගිකර තැබු සටහනක් පමණි.
         
      
               

42 comments:

  1. ඔන්න හාපුරා කියල කියෙව්වා,ළමා කාලෙ තිබුණු වැරදි වැටහීම් ටික ටික ලොකු වෙද්දී වෙනස් වෙනවා යතාර්ථය පෙනෙන්න ගන්නව.ඒක ලෝක ස්වභාවය.

    ReplyDelete
    Replies
    1. \\\\\ළමා කාලෙ තිබුණු වැරදි වැටහීම් ටික ටික ලොකු වෙද්දී වෙනස් වෙනවා යතාර්ථය පෙනෙන්න ගන්නව.ඒක ලෝක ස්වභාවය\\\\\ මේ වගන්තියට මම මාරම ලයික් හොදේ මට නම් අත්දැකිම් තියෙනවා.

      Delete
  2. ඉස්කෝලේ කාලේ හිතන්නේ ගුරුවරු තමයි ලෝකේ ඉන්න ජරාම ජාතිය කියලනේ!!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත අෆ්ෆා

      Delete
  3. මම ගුටිකාලා ඇති ශානු අම්බානක. කාගෙන්ද කෑවේ කියලා මතක නැහැ සමහර දවස්වලට. ඕගොල්ලෝ වගේ තමයි ...තාමත් ආදරෙයි ඒ හැමෝටම.

    ReplyDelete
    Replies
    1. මම නම් අම්බානෙට කෑවේ ඔය හිට්ලර් මිස්ගෙන් විතරයි අරු.....අනිත් පන්ති වල ඉද්දි මන් මගේ පාඩුවේ වැඩ ටික වෙලාවට කරගෙන ඉන්න හොද බාලිකාවක් ;)

      Delete
  4. ගුටි කාපුවා මතකත් නෑ දැන් විස්තර කරන්න..

    මෙයාටත් 26නම් මොකටද අෆ්ෆා මට මල්ලි කියන්නේ.. මම ඉගෙන ගත්තෙම 87 සෙට් එකත් එක්ක.. ඒ කාටවත් මම අක්කේ අයියේ කිවුවේ නෑනේ.. මම හිතුවා මට මල්ලි කියද්දී සෑහෙන වයසයි කියලා.. තද වෙනවනේ මේ වෙලාවට..

    ReplyDelete
    Replies
    1. අනේ යනවා. තාම 25ස ලොකු ටෝක්ස් තමයි හිකිස්

      Delete
    2. සංසුන් වෙන්න දරුවා.....හි..හි...හි.. මට වඩා ඔයියා අවුරුද්දක් බාලයිනේ අෆ්ෆා .....මටත් මල්ලිලා නෑනේ ඒ හින්දා ඔන්න ඔහේ මන් මල්ලිම කියන්නම් ඔයියට @ මදාරා නංගා කොල්ලෝ ඔහොම්මමයි ඇබිත්තියට ඉදලා ලොකු අයියලා වෙන්ට යනවා හිකිස්.....

      Delete
    3. අම්මපා කසාද ගෑණි එක්ක මුකුත් කරන්න බැහැනේ..

      Delete
    4. හු...හු... ඇද්ද ඇබිත්තියා මල්ලී

      Delete
  5. ඉස්කෝලේ යනකාලේ මතක් උනා ශානු ..අපිත් ඉංග්‍රීසි ටිචට ගොඩක් දේවල් කළා , ඒ ලෙවල් කාලෙදි ,, අවුරුදු 19 ක් කාලෙත් ගුරුවරයෙක්ට මොනාහරි කරලා හිනාවෙන්න තරම් හිත් අපිට තිබ්බද කියලත් හිතෙනවා අයියෝ

    ReplyDelete
    Replies
    1. සතුටුයි තව කෙනෙකුට ඉස්කොලේ කාලේ මතක් කරන්න පුලුවන් උන එක ගැන,ඉංග්‍රිසි කියද්දි මතක් උනේ අපිත් නොසැහෙන්ට බය වෙච්ච විශයක් එත් ඉතින් ඒ ගුරුවරු මේම මේම හිට්ලර් මිස් වගේ ගැහැව්වේ නෑ අයියෝ....ඇත්ත ඔමා ඒ කාලේ අපිට එහෙම හිත් තිබුනද කියලා හිතද්දිත් පුදුමයි තමා

      Delete
  6. ඇත්තටම ශානු ගුරුවරු කියන්නෙ දෙවිවරු වගේම තමා. විශේෂයෙන් අපේ පරම්පරාවෙ හිටපු ගුරුවරු. දැන් අතරින් පතර ඉන්න ගුරුහොරු නිසා ඒ ගුරුදෙවිවරුත් පල් වෙනවා.
    මම නම් පතන්නෙ අපේ දරුවන්ටත් අපේ ගුරුවරු වගේම අය හම්බ වේවා කියලයි.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන් නෑ ප්‍රියා අපේ දරුවන්ට අපිට ලැබුනා වගේ ගුරුවරු අනාගතේ ලැබෙයි කියලා.මොකද අද සමාජයේ ගුරුවරු ටික දෙනෙක් ඇරෙන්න බොහෝ ගුරුවරුන් උතුම් ගුරු වෘතිය බිස්නස් එකක් කරගෙන ඉවරයිනේ....

      Delete
  7. ටීචරුත් උඹලගෙ කෑම් සිහි කර කර ඉන්නව ඇති. ඒ මතකයන් තමා අවසානේ ජීවිතය..

    අපිත් නොකාපු කෑමක් නැහැ බං..

    ReplyDelete
    Replies
    1. හිට්ලර් මිස්ට අපිව සිහි වෙන්නේ නැතුව ඇති බොල ,මතකෙට ගන්නවා කියලා එහෙම කීදෙනෙක් මතකෙට ගන්නද ඉදගෙන....හි..හි... ඇත්ත බං සැමෝ ඒ මතකයන් විතරයි අවසානෙට ඉතුරු වෙන්නේ
      හැබෑට ලියමුකෝ දවසක ඔය කාපු කෑමවල් ටිකක්

      Delete
  8. හැම ඉස්කෝලේ ම ඔහොම ටීචර් කෙනෙක් ඉන්නවා ම තමයි, අෆ්‍ෆා. ඒ කාලේ හැමදාම බ්‍රහස්පතින්දා ප්‍රායෝගික තාක්ෂණික කුසලතාවලට ගියා මම ජයග්‍රාහී ලෙස මුළු ඉස්කෝලෙට ම පේන්න ඕපන් ස්ටේජ් එකේ දණ ගහගෙන ඉන්නවා. මට 7, 8, 9 අවුරුදු 3 ට හම්බ වුණේ එක ම ටීචර්. හිතා ගන්න පුළුවන්නේ ඇති වෙච්ච තත්ත්වය!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හැම ඉස්කොලෙම හිට්ලර් ටිචර් කෙනෙක් ඉන්නවා,අපේ ගමේ ඉස්කොලේ මන් 1 වසර ඉන්නකොට හිට්ලර්ගේ හිට්ලර් වෙච්ච ටිචර් කෙනෙක් හිටියා ඒ කාලේ අපි සූටිනේ මම දකින්න දෙතුන් දෙනෙක්ට මිස්ගෙන් ගුටි කෑවම මුත්‍රාත් පිට වෙනවා.මන් එක පාරක්වත් කාලා නෑ එත් අදටත් හීනෙන් දැක්කොත් බය වෙනවා...අපෝ මොකෝ බැරි වෙච්ච දේ මැවි මැවි පෙනේ හි...හි...හි..

      Delete
  9. අම්මෝ මට මතකයි වෙන කාලකන්නියෙක් හින්ද මම ඉකෝන් උගන්නපු මිස්ගෙන් හොද කනේ පාරවල් 02 ක් කෑව... අම්බෝ.... තව කාල තියෙනව අනන්තවත්.....

    ReplyDelete
    Replies
    1. අපි නම් වෙන කාලකණ්නින්ගේ වැරදි නිසා අම්මා මුත්තා සිහි වෙන්ට කාලා තියෙන්නේ විදුහල්පතිනියගෙන් විතරයි

      Delete
  10. මට මතක් උනේ මැටිල්ඩා... හි හි

    අනේ අම්මපා‌ මේ ඇත්තමයි කියන්නෙ 1 වසරෙදි අර මුරුමුස් ටීචර්ගෙන් ගුටි කාලා, 4 වසරෙදි අරැණසිරි සර්ගෙන් මීටර් කෝදු පාරවල් කෑවා ඇරෙන්න ජීවිතේට ටීචර් කෙනෙක්ගෙන් ගුටි කාපු නැති එකක් මං... හිතට වදින විදියට බැනුම් ඇහුවෙත් එකම එක පාරයි... ඒකෙන්ම පේනවනෙ කොච්චර සාන්ත දාන්න තීන්ත කූඩුවක්ද කියල මං... පන්තියෙ ඉන්නවද නැද්ද කියලා හොයාගන්න බෑ... පස්සෙ පුටුවක් අල්ලන් කොයි වෙලාවෙත් පොතක් බදං හිටිය මිසක් මගෙන් කාටවත් කරදරයක් තිබ්බෙ නෑ..

    දැං කල්පනා කරලා බලනකොට හිතෙන්නෙ ඒ ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ මේ අද ඉන්න මං මද කියල... හි හි.. දැං තමයි බැනුම් අහන්නෙ, ගුටි කන්‌ෙන, කණ රතුවෙනකං මිරිකවගන්න ඔක්කොම.. ඇයි ඉතිං මට ඉන්නවනේ හිටලර්ගේ අයියා වගේ හස්බන්ඩ් කෙනෙක්... හි හි

    ReplyDelete
    Replies
    1. මාත් බොහොම පාඩුවේ ඉගෙන ගන්න වැඩ කරන් හිටපු එකියක් බන් හිරුවෝ....හිට්ලර් මිස්ට අහූ උනායින් මුතුන් මිත්තන් සිහි වෙන්ට මදි නොකියන්ට සම්බුව ලැබුනා......
      හෑ.......මහත්තයා අයියා වසයද හි..හි... බොට හොද වැඩේ අපි වගේ ඉස්කොලේ කාලෙදි අම්බානෙට කෑව නම් අද මේම වෙන්නේ නෑනේ

      Delete
  11. ගුටි කන්නේ නලක ළමයි, අපි නම් ගුටි කාලා නා ටීතල්ලාගෙන් ....

    ReplyDelete
    Replies
    1. ඒ වගන්තියෙන්ම හිතා ගන්ට පුලුවන් තෝ කොච්චර ගුටි කාලා තියන එකෙක්ද කියලා.....ගෙම්බා...හි..හි....හි

      Delete
    2. ගෙම්බා ....ඈ ..ඈ ..ඈ ...තීත තීත මෙන්න මූ මත ගෙම්බා කීවා ...ඈ ..ඈ..

      Delete
    3. චික් විතරක් මේකගේ ඇඩිල්ලේ කැත විතරක්.....හොටු ගෙම්බා

      Delete

  12. මම මේකට දාන්න ලියපු කමෙන්ට් එක පෝස්ට් එකක් බවට පත් කරා නම් හොඳයි කියලා හිතුණා ශානු... බොහෝ දේවල් මතක් උනා ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මතක් උන ඔක්කොම ලියලා දාමු ඉක්මනින් බලන්න... සහන් කොච්චර කාලද බලන්න හි...හි...හි...

      Delete
  13. අපහු ඉස්කෝලේ ගියා වගේ... බැලුවහම හැම ඉස්කෝලෙකම ඉන්න ටීචර්ලා එක වගේ නේද ?

    ඒ කාලේ හරිම කරදරයක් වගේ වුනාට, එහෙම නැතිවුනානම් මෙහෙම රසබර මතකයන් ගොඩක් නෑනේ...

    අපි එහෙනම් එක වයසේ නේ.... මගේම වයසේ කෙනෙක් හදුනගන්න ලබීම හරිම සතුටුයි....

    ReplyDelete
    Replies
    1. ඔව් තුශා හැම ඉස්කොලෙම හිට්ලර් කෙනෙක් ඉන්නවාමයි.එත් ඉතින් මෙහෙම දේවල් ඒකාලේ නොවුනා නම් අද මට ලියන්ඩ දෙයක් නැති වෙනවා......මන් ඔයාගේ පැලටත් ගොඩවෙලා ආපු ගමන් මේ... එක වයසෙනම් මරු මරු

      Delete
  14. මමත් චෙස් කළා ශානු. ඔයා පාසල් කණ්ඩායමේ හිටියද? හිටිය නම් අපි මුණ ගැහිලත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට අපි මුණගැහිලා ඇති ඔයා කොහෙද ඉස්කොලේ? අපි 2003 විතර මලියදේව ගියා ටුනමන්ට් එකකට

      Delete
    2. මම විශාඛාවේ.

      Delete
  15. මටත් ඉන්නවා ඔයවගේ එක ගුරුවරයෙක් ප්‍රොෆෙසර් ඩේමියන්. උන්දැගේ අම්ම අප්පා නැතිව බැන්නට අද රස්සාව කරද්දී නම් උන්දැට පින් දෙනවා. ඔන්න මමත් ආව මේ පැත්තේ රවුමක් ගහල යන්න.

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා කෝරලේ මහත්තයෝ...මමත් නම් හිට්ලර් මිස්ට පින් දෙනවා ගණන් ගොඩ දැම්මට....

      Delete
  16. මේ පැත්තට අලුතෙනි........
    ගුරුවරයෙක් ළමයෙක්ට දඬුවම් කරන එක ගැලපෙන්නේ යම් වයසකට පමණයි(මගේ දැක්ම). ඔය වගේ පොඩි වයසෙදි නම් අවුලක් නෑ. ඒත් චුට්ට චුට්ට ලොකු වෙනකොට ඒ වගේ දඬුවම් නිසා වෛර බැඳගන්න ළමයි හැදෙනවට වඩා නරක් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

    ඒ වගේ වෙලාවල් වලදි ගැලපෙන්නේ(ලොකු ළමයින්ට) අපහසුතාවයට පත් වෙන විදියට නෝන්ඩි කිරීම. (මා එසේ අපහසුතාවට පත් වූ අයෙකි. දැන් මම ද එසේ අපහසුතාවට පත් කරමි. ගුරුවරයෙක් ලෙස :D )

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් මේ පැත්තට පිලිගන්නවා...
      දඩුවමකදි හැදෙන ළමයි කොහොමත් හැදෙනවා හැදෙන් නැති උන් මලාට හදන්න බෑ... \\\\ඔය වගේ පොඩි වයසෙදි නම් අවුලක් නෑ. ඒත් චුට්ට චුට්ට ලොකු වෙනකොට ඒ වගේ දඬුවම් නිසා වෛර බැඳගන්න ළමයි හැදෙනවට වඩා නරක් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ\\\\\.ඔයාගේ කතාවෙත් ඇත්තක් තියනවා ඉස්සර වගේ නෙවේ දැන්නම් ළමයිට දඩුවම් කරද්දි ගුරුවරු සැහෙන්න හිතලා බලලා දඩුවම් කරන්න ඕනා.
      \\\\\ ඒ වගේ වෙලාවල් වලදි ගැලපෙන්නේ(ලොකු ළමයින්ට) අපහසුතාවයට පත් වෙන විදියට නෝන්ඩි කිරීම. (මා එසේ අපහසුතාවට පත් වූ අයෙකි. දැන් මම ද එසේ අපහසුතාවට පත් කරමි. ගුරුවරයෙක් ලෙස :ඪ් )\\\\ මීට වඩ හොද නැද්ද? ආදරය තුලින් ළමයිව යහ මගට ගන්න පුලුවන් තරම් උත්සහ කරනවා නම්:D නොන්ඩි හිට්ලර් සර්

      Delete
  17. ඕකනම් හැම කෙනාටම පාසැල් කාලයේ පොදු දෙයක් කියලයි මටනම් හිතෙන්නේ.මොකද හැමෝම වගේ ඔය වගේ අද්දැකීම් වලට මුහුණපාලා ඇතිනේ...ගුරුවරු හදන්නේ හැමදාම ළමයි හොද මගකට ගන්න.ඒත් කලාතුරකින් ඒක නොකරන උදවියත් ඉන්නවා නොවැ..

    ReplyDelete
    Replies
    1. රොෂාන් සාදරයෙන් මේ පැත්තට පිලි ගන්නවා.
      හැම කෙනෙක්ම ඉස්කොලේ කාලෙදි දඩුවමක් ලබපු අද්දැකිමක් තියන ඈයෝ...බොහෝ ගුරුවරු ළමයි යහ මගට ගන්න උත්සහා කරනවා සමහරක් ගුරු හොරුත් ඒ අතර ඉන්න එක ගැන නම් දුකයි

      Delete
  18. //දැන් කස්ටිය 15+11 එකතු කරලා මහන්සි වෙන්න එපා ශානුට දැන් වයස 26 යි

    නාකියිනෙ :P
    ගුටිකෑම.... සිස්සත්තෙ ලිව්වට පසු අතිශය දුර්ලභ අත්දැකීමකි

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නද ආසා:D
      අනේ වාසනාවන්ත අලි පැංචා

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!